යුග යුග වින්දනීය ගී උල්පත – සරත් විමලවීර අනුස්මරණය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. මුළු මහත් ජාතියේම ළමා පරපුර නිවැරදිව සිතන්නට, ඔවුන් මනස  පුබුදාලන්නට “හිතන්නකෝ අයියේ …” ආදරේ ඇයි  පොඩි හද මාමේ…” වන් හරවත් ගී සමුදායක්  දැයට දායාද කළ, ආනන්ද සරත් විමලවීර ශුරීන් දැයෙන් සමු ගෙන මෙම දෙසැම්බර  11 වෙනි දිනට 30 වසරක් සපිරේ.ආනන්ද සරත් විමලවීර ශුරීන් අභාවප්‍රාප්තවුයේ ,1993  වසරේ දෙසැම්බර් 11 වන දිනය. සරත් ආනන්ද  විමලවීර ශුරීන් ,1927 නොවැම්බර් 27 වැනි දින ජන්ම ලාභය ලබන්නේ  කඩුවෙල හංවැල්ලේ  ග්‍රාමයේදීය.කැළණිය ගුරුකුල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන සරත් විමලවීරයන් ස්වකීය ද්වීතියික අධ්‍යාපනය ලැබීමට යොමු වන්නේ  කොළඹ ආනන්ද විදුහල වෙතය. ඔහු 1948 වසරේදී හාපුරා  සිය වෘත්තීය ජීවනය  අරඹන්නේ ලේක්හවුස් ආයතනයෙහි භාෂා පරිවර්තකයෙක් ලෙසිනි.හේ 1951 නොවැම්බර්  07 දින ගුවන්විදුලියේ  නිවේදකයෙක් ලෙස පත්වේ.ඔහු විවාහ ප්‍රාප්ත වන්නේ,මාලණී ධනවලවිතාන සමගය.ඔවුනගේ විවාහ මංගල්‍යයේ දෙවන මනාලයා වුයේ,ඔහුග සමකාලීන නිවේදකයෙක්වූ කරුණාරත්න අබේසේකර මහතාය. තම  එකම පුත් ජනක රිය අනතුරකින් අකාලයේ මිය යාම නිසා , සරත් සිය අභාවය දක්වා  දිවිය ගත කලේ මහත් කනස්සල්ලෙනි. විවාහ මංගල්‍යය චායා රූපයේ,වම් පස දෙවන  මනාලයා ලෙස පෙනී සිටින්නේ කරුණාරත්න  අබේසේකරයන්ය. ඔහුගේ සහජ නිපුණතා විමසා බැලීමේදී ,ගුවන්විදුලි ළමා ගීත සාහිත්‍යයක් නිර්මාණය කිරීමෙහිලා ...

Read More →

පරිකල්පනයෙන් හා මානව භක්තියෙන් පිරිපුන් ලීල් ගුණසේකර – By ආචාර්ය ගාමිණී කාරියවසම්. දෙසැම්බර් 09 වන දින සිය 91 වන ජන්ම දිනය සමරණ ලීල් ගුණසේකර ශුරීන්ගේ දිවි මං තලාවේ පියසටහන් ආවර්ජණයට බඳුන් කෙරෙන විශේෂ සටහනකි. විසිවන සියවස මැද භාගයේදී  පළාත් නවයේ පරිපාලනය  දිසාපති නිලය  දැරූ සිවිල් සේවකයන් නව දෙනෙකු වෙත පැවරී පැවතිණි. ඒ යුගයේ  රජරට අගනුවර වූ අනුරාධපුරයෙහි මහා දිසාපති ධුරය හොබවන ලද්දේ  ලීල් ගුණසේකර මහතාය. යොවුන් , කඩවසම් දිසාපති වරයා , තම ජීප් රිය  කලාවැව බැම්ම දිගේ පදවාගෙන යමින් සිටියදී , දිය රෙද්දෙන් සැරසී සුරූපී  ගැමි ළදක් වැවේ නිල් දියේ තනිවම නාමින් සිටිනු ඔහු නෙත් ගැටිණි. එම දසුන  තරුණ නිලධාරියාගේ සිත කුල්මත් කරනා සුළු විය.  තාරුණ්‍යයේ  හදවත නිපන්  ස්වභාවික ආවේගය පාලනය කර ගැනීමට හේ  සමත් විය, පරිපාලකයාගේ පරිකල්පන ශක්තිය පුබුදුවා ලීමට මෙම දසුන සමත්වූ සෙයකි. අපුර්ව කාව්‍යමය සංකල්පනාවක්  ඔහු සිය දින පොතේ  සටහන් කළේය. පනහ හැට  දශකයන්හී  සිවිල් සේවා සංස්කෘතියේ පැහැදිලි වෙනසක් ඇති කිරීමට පුරෝගාමීවූ නව සිවිල් සේවකයන් අතරෙන් ලීල් ගුනසේකරයන්ට ප්‍රමුඛස්ථානයක් හිමිවේ.ලංකා සිවිල් සේවයේ පැරණි බළකාය ඉංග්‍රීසි පන්නයෙහි ගැලී සිටියහ. කථාව,ලිවීම කලේ ඉංග්‍රීසි බසිනි.ඔවුහු නිති  ඇසුරු කලේ ඉහල පැලැන්තියේ පුද්ගලයින්ය. පැරණි සිවිල් සේවකයින්  පොදු ...

Read More →

ගීත සාහිත්‍ය ප්‍රභාශ්වර කළ සෞන්දර්යවේදියාණෝ. – By ආචාර්ය ගාමිණී කාරියවසම් සසර වසන තුරු, රන් දහදිය බිංදු බිංදු , නිවහල් සිතුවිලි, උඩගු ලියන් ගොතා බදින, නීල  වරල නිල් චාමර පවන් සලන්නී, එගොඩහ යන්නෝ, අවසන් ලියුමයි වන්, අර්ථ පුර්ණ ,අපුර්ව ගීත දාමයකින් සිංහල  සංගීත වංශය එකළු  කළ, ගීත නිබන්ධකයෙක් පන්හිද සදා නිහඩව ගොස්  අගෝස්තු 1 දිනට 35 වසරක්  සපිරිණි මෙම දෙසැම්බර් 07 වන දින ඔහුගේ 95 වන ජන්ම සංවත්සරය යෙදී ඇත. ගුවන්විදුලි මහගෙදර අපහා එකට සේවය කළ,එවකට අප කව්රුත් ඩෝලේ නමින් ඇමැතූ   හේ   ඩෝල්ටන් අල්විස් ශුරීන්ය.වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම  අවිහිංසක ,නිහතමානී මෙම සොදුරු මිනිසා පිළිබදව,මෙම ජන්ම සංවත්සර දිනයේදී  සැමරුම් සටහනක් තබමින් කෘතවීදීත්වය දැක්වීම අප සතු පරම යුතුකමක්  සේ හැගේ. දේවගේ දොන් රිචඩ් ඩෝල්ටන් අල්විස්, උපත ලබන්නේ වර්ෂ 1928 දෙසැම්බර් 07 වනදා බෙන්තර පිටිසර ගම් පියසකය. පසුව සිදාදියට එන හෙතෙම, දෙමටගොඩ අනුරුද්ධ විදුහලෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හදාරයි. අනතුරුව රජයේ ලලිත කලායතනයදී චිත්‍ර කර්මය හැදෑරීමට ඔහු යොමු වෙයි.ඒ අතර බොරැල්ල තරුණ බෞද්ධ සමිති පුස්‌තකාලයේ පුස්‌තකාලයාධිපති ලෙස  ...

Read More →

සිරිසේන කුරේ මැති දැයෙන් සමු ගෙන දෙ වසරක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. ලොව දේශපාලන චරිත සම්මානයට පත්‍ර වෙයි.ලොව ඇතැම් දේශපාලන චරිත ජනතා ගැරහීමට බදුන් වෙයි.ලොව  බොහෝ දේශපාලන චරිත තේරුම් ගත නොහෙන සේ අති සංකීර්ණය.යථෝක්ත දේශපාලන චරිත අතරෙන් අතලොස්සක් තමන් වෙත පැවරුණු වගකීම මැනවින් ඉටුකර ,නිහඩ දිවි පෙවෙතකට පිවිසෙති. එවන් දේශපාලන චරිත අතරෙන් සිරිසේන කුරේ මැතිතුමා අප අවසාන වශයෙන් සදහන් කළ විරළ  ගණයට අයත්  වන උදාර චරිතයකි. සිරිසේන කුරේ මහතා දැයෙන් සමුගෙන ,මෙම නොවැම්බර් 30 වන දිනට දෙවසරක් සපිරේ. “මේ කවුද? මොනවද කරන්නෙ ?”  මැයෙන්  සිරිසේන කුරේ චරිතාපදානයේ සුවිශේෂීතා කේන්ද්‍රිතව අප විසින් ලියන ලද,ග්‍රන්ථයේ, අසත්‍ය ජනගත වීමේ ප්‍රවණතාවය මැයෙන් , ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා ලබාදී ඇති ප්‍රකාශනයෙන් මෙම ලිපිය ආරම්භ කිරීම බෙහෙවින්ම කාලෝචිත යැයි හැඟේ. “ ප්‍රේමදාස ජනපතිදුගේ අභාවයෙන් පසුව ,ජනාධිපති පදවි ප්‍රාප්ත ඩී .බී .විජේතුංග මැතිදුන් අග්‍රාමාත්‍ය පදවිය සිරිසේන  කුරේ මහතාට භාර ගන්නා ලෙස ආරාධනා කළා. එහෙත් කුරේ මැතිදුන් තමන්ට පිරිනැමූ අගමැතිධුරය ප්‍රතික්ෂේප කර ඒ බන්දේසියක තබා වෙනත් ...

Read More →

ශ්‍රී ලංකාවේ දමිළ ළදකට පෙම් බැදි – නොබෙල් සම්මානලාභී, ෆැබ්ලෝ නෙරූඩා . – By ආචාර්ය ගාමිණී කාරියවසම් ෆැබ්ලෝ නෙරූඩා යන ආරූඪ නාමයෙන් ලොව සුපතළ,ඔහුගේ සැබෑ නම  නෙෆ්ටාලි   රිචාර්ඩෝ  රෙයිස්  බාසෝල්ටෝ ය.ෆැබ්ලෝ  නෙරූඩා   යන අන්වර්ථ නාමයේ  අරුත ජනතාවගේ, පීඩිතයන්ගේ සහ සමාජයෙන් කොන්  වූවන්ගේ කවියා යන්නය. ඔහු විශ්ව සාහිත්‍යයේ නොමැකෙන සලකුණක් තැබූ  චිලි ජාතික ලේඛකයෙකි. 1927 සහ 1935 අතර කාල වකවානුවේ  ඔහුට  බුරුමය, ශ්‍රී ලංකාව, ජාවා, සිංගප්පූරුව, බුවනෝස් අයර්ස්, බාසිලෝනා සහ මැඩ්රිඩ් යන රටවල  රාජ්‍යතාන්ත්‍රික කොන්සල් ජනරාල් වරයෙක් ලෙසින් රාජකාරියේ  නිරත වන්නට අවස්ථාව  උදාවේ. බුරුමයේ රැන්ගුන් හි චිලී කොන්සල්වරයා ලෙස රාජතාන්ත්‍රික සේවයට පත් වන විට හේ 24 වන වියේ පසුවිය. බුරුමයේදී  ඇතිකර ගන්නා ලද ප්‍රේම සබදතාවක් ,අවසානයේදී ඔහුගේ ජීවිතයට පවා දැඩි තර්ජනයක් එල්ලවූ බව පැවසේ.  1973 දී ඔහුගේ මරණයට ආසන්න සමයේ නිම කරන ලද ඔහුගේ මතක සටහන් පොතේ නෙරූඩා මෙසේ ලිවීය: “රාත්‍රියේ මා මුහුණට එල්ලවූ දැඩි  ආලෝකයෙන් මා දෑස නිලංකාර වුණා. මා නිදා සිටි යහන අසළට   වතාරයක් පියමන් කරන අයුරු   දුටුවා. රාත්‍රී කිමෝනාවකින්  සැරසුණු , තියුණු පිහියක් දෑතින් දිගු කරමින් බුරුම භාෂාවෙන් ඇය කෝපයෙන්  මිමිණුවා . එදින රාත්‍රියේ, කෝපයෙන්  පිහියක් ...

Read More →

ජපානයේ මරණයේ වන පෙත- මතක සටහන්. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. ජපානයේ හොන්ෂු දිවයිනේ  මිසාකා  කදුකරයෙහි පිහිටි ඔකිගහරා ජුකායි වනාන්තරය ජපානයේ සිය දිවි නසා ගන්නන්ගේ  වන පියස ලෙසින් ලොව ප්‍රචලිතය.එහි  පිවිසුම් ද්වාරයෙහි ,ජපන් රජය විසින් ස්ථාපිත කර ඇති  දැවැන්ත දැන්වීම් පුව‍රුවෙහි  දක්වා ඇති සටහන කෙරෙහි ඔබ අවධානය යොමු කරලමින් මෙම ලිපිය ආරම්භ කිරීමට අදහස් කළෙමි . “ජීවිතය ඔබේ දෙමාපියන් ඔබට දුන් වටිනා දායාදයක් . දිවි තොර කර ගැනීමේ ඒකායන  අභිලාෂයෙන්, මෙම වන පෙතට  පිවිසි  ඔබටයි මේ සංවේදී  ආයාචනය.  වන වදුලේ  සිසිලසින්   ප්‍රමුදිතව, දැඩි ආත්ම  විශ්වාසයක් වඩවා ගෙන  නොපමාව  යළි   නිවසට   පියමන් කරනු මැන දරුව.     ”මෙම වන පියස වෙත පියමං කරන්නන්ගේ මානසික අපේක්ෂාවන්හි   ස්වභාවය,මෙම දැන්වීම් පුවරුවෙන්  මැනැවින් ප්‍රකටවේ. ෆූජි කදුවැටියට වයඹ දෙසින්,යමානෂි ප්‍රාන්තයේ,සයිකෝ විල සමීපයේ  පිහිටි ඔකිගහරා වනය.රුක් සයුර ලෙසින් ද හැදන්වෙන,අක්කර 7400ක්පුරාපැතිරි මෙම වනාන්තරය පිහිටියේ ෆූජි කදුවැටියට වයඹ දෙසින්,යමානෂි ප්‍රාන්තයේ,සයිකෝ විල ආසන්නයෙහිය. විද්වතුන් පෙන්වා දෙන්නේ සියදිවි නසා ගැනීම “ගෞරවනීය” යැයි සැලකෙන ජපානයේ  ඉපැරණි සමුරායි  සංස්කෘතිය, ඔකිගහරා වනාන්තරය වෙත ජපන් ජාතිකයින් ආකර්ෂණය කර ගැනීමට අනියම් වශයෙන්  බලපෑම් සිදු කර ඇති බවයි. වසර කිහිපයකට ඉහත,ශීත ර්තුවේමැද භාගයේ දී ජපානයේ සංචාරයක  නිරත අවස්ථාවක, දිවි තොරකර  ගන්නන්ගේ වනාන්තරයට පිවිස, එහි   තථ්‍ය ස්වරූපය රිසි සේ  දැක බලා ගැනීමට ...

Read More →

ලිවීමේ තාක්ෂනීය ගමන් මග විප්ලවීය වෙනසකට. – ආචාර්ය ගාමිණී කාරියවසම්. මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් ම මිනිසා සිය සිතුම්  පැතුම්, අදහස් පළ කර න්නට අංග  චලනය  සහ හඬ භාවිත කළහ. භාෂණය සහ  සංකේත භාවිතය ආශ්‍රයෙන්  පසුකාලීනව  නිපන්  අක්ෂර උපයෝගී කරගෙන මානවයා සිය පාරම්පරික ඥානය, දැනුම, අවබෝධය ලේඛනගත කිරීමට පෙළඹිණි.ඒ තම අනාගත පරපුර වෙනුවෙනි.  ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ගේ මෙහෙයවීමෙන්  අනුරාධපුර පෞරාණික මහාපාලී  දානශාලාව සහ අනුරාධපුර ගෙඩිගේ ආශ්‍රිතව කළ  පුරාවිද්‍යා කැණීම්වලදී,බ්‍රාහ්මී අක්ෂර කෙටුම්පත් කළ මැටි භාජන සමූහයක්  හමුවිය. 1–බ්‍රාහ්මී අක්ෂර. මෙම අක්ෂර ක්‍රිස්තු  පූර්ව හය වන  සියවසට  අයත්  වන බව ද එතුමා විද්‍යාත්මක ක්‍රමවේදයන් මගින් තහවුරු කරනු ලැබිණි.මහින්දාගමනයෙන් පසුව අපේ රජ දරුවන්, ගල් පර්වත යන්හි මුහුණත් සිය ප්‍රකාශ කෙටුම්පත් කිරීමට යොදා ගත්හ. . මෙරට මුලින්ම ගල් පව් මත ,බ්‍රාහ්මීය අක්ෂර උපයෝගි කරගෙන සෙල්ලිපි කෙටීම ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදීය. දේවානම්පියතිස්ස රජ දවස, මිහින්තලේ කණ්ඨක ෛචත්‍ය ආසන්නයේ  ලෙන් කටාරම්  අභිමුව කොටන ලද සෙල්  ලිපි රාශියක් වර්තමානයෙහි ද විද්‍යාමානිතය. 2-  කටාරම් සෙල් ලිපි අක්ෂර. ...

Read More →

දේශයට ශාප කරමින් අහිමි පෙමට දිවි පිදූ – By ආචාර්ය ගාමිණී කාරියවසම් කුවේණිය සිංහල සමාජයෙහි අප කවුරුත් අසා ඇති. අපේ දේශයේ වෘතාන්ත ගත අද්විතීය කාන්තාවකි .එපමණක් ද නොව කුවේණිය යනු ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික මතකයේ විචිත්‍රවත් චරිතයකි. හෙන්රි ජයසේන කලා ශිල්පියා කුවේණිය වේදිකා නාට්‍යය තුළින් ඇය පිළිබඳව මතකය ලාංකේය සන්තානහි අමරණීයත්වයට පත් කිරීමට සමත් විය.  කුවේණිය පිළිබඳ ඉතිහාසයේ දැරූ සමාජ ආකල්ප,හෙන්රි ජයසේනයන්ගේ  කුවේණි නාට්‍ය තුළින්,මානෙල් ජයසේනයන් ගයන මෙම ගීතයෙන්  මැනවින් පිළිඹිබු වේ.  “මන්ත්‍ර මායා ජප කරන්නිය – සක්වලින් මාරුත ගෙනෙන්නිය   භූත වෙස් ගෙන සැරිසරන්නිය – සයුරු නැව් ගිල්වා මුහුදු දිය කළඹා   රත් නුවන් අහසට බමන්නිය – රන් මලින් සියොළඟ සදන්නිය   රන් දළින් නරයන් බුදින්නිය – නොදන්නෝ කවුරු කුවේණිය රුදුරු “   ජනප්‍රවාද, මුඛ පරම්පරාගත වෘතාන්ත සහ විවිධ සාහිත්‍ය කෘතීන් ඇසුරෙන් මතුවන කුවේණියගේ කුතුහලය දනවන සුළුවූ තොරතුරු සමුද‌ායක් කාලයාගේ වැලි තලාවෙන් වැසී යමින් පවතී. වසර ගණනාවකට ඉහත මා මහනුවර සහ රත්නපුරය ප්‍රදේශයේ  රාජ්‍ය සේවයෙහි නිරතව සිටි අවදියේ සති අන්තයේ ඓතිහාසික වැදගත්කමක් සහිත ස්ථාන පිහිටි ප්‍රදේශ දැක බලා ගන්නට සංචාරයේ යෙදෙන්නට ...

Read More →

පතිවත වෙනුවෙන් දිවි පිදූ – රූමත් රූප්මතී දේවිය –  By ආචාර්ය ගාමිණී කාරියවසම්. භාරත දේශයෙහි සුපතළ   රාමා සීතා – රාධා ක්‍රිෂ්ණා –  ෂා ජහාන්  මුම්ටාෂ්  වන්  ප්‍රේම වෘතාන්ත ඔබ අනන්තවත් අසා ,කියවා ඇති බව නිසැක. ඒ  අතරට එක්වන, එහෙත්  පාඨකයින්  වැඩි පිරිසක් අසා හෝ කියවා නොමැති,   ඓතිහාසික  සත්‍ය  සොඳුරු  පෙම් පුවතක්  ඔබ  හමුවේ සිත්තම්  කිරීමේ ප්‍රයත්නයකි    මෙම පෙළගැස්ම . ප්‍රේමයේ  නාමයෙන් මරණය වැළඳ ගත් රැජිනියක් සම්බන්ධ මෙම  කතා පුවත, අප  අසල්වැසි ඉන්දීය ඉතිහාසයට එක් වන්නේ පහලොස් වෙනි සියවසේ දීය. මුලින්ම මෙහිදී අපගේ අවධානය  ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි වින්ධ්‍යා කඳුවැටියට උතුරින් පිහිටි මල්වා  ප්‍රාන්තය  වෙත යොමුවේ. මල්වා ප්‍රාන්තය, ක්‍රි. පුර්ව 6 වන සියවසේ සොළොස් මහා ජනපදයන්ගෙන් එකක්වූ අවන්ති ජනපදය ලෙස  පුරා  විද්‍යාඥයින් මේ වන විට හඳුනාගෙන ඇත. වින්ධ්‍යා කඳුවැටිය මල්වා ප්‍රාන්තය පාලනය කළ   සුල්තාන්වරයා වූයේ බයාසිඩ් බාස් බහදූර් ඛාන් ය.හේ ස්වභාව  ධර්මයට,  සෞන්දර්යයට,සංගීතයට  බෙහෙවින් ඇලුම් කළේ ය. දිනක් ඔහු නර්මදා නදිය අසබඩ වන පෙතට පිවිසියේ වන අසිරිය විඳිමින්, සිය ධනු ශිල්පීය  අභ්‍යාසයන්   මුවහත් කර ගැනීමේ  අපේක්ෂාවෙනි. වන පෙත  ඔබ මොඹ සැරි සරද්දී , වන වදුල දෙසින් නිකුත් මිහිරි සංගීත නාදයක් ඔහු සවන් වැකිණි. සුල්තාන් සෙමෙන්  සංගීත රාවය නැගුණු  දිශාවට පියමං කළේය. විසල්රුක් සෙවණක, ...

Read More →

ජර්මනියේ සුරංගනා වෘතාන්ත සැණකෙළිය – By ආචාර්ය ගාමිණී කාරියවසම්. හිම පතනය අවසන්ව , ශීත සමීරය පහව ගොස් ,හිරු කිරණ මිහිතලය සිප ගන්නා ග්‍රීෂ්ම ඍතුව, ජර්මන් දේශය කරා පියමන් කරන්නනේ ජර්මන් ජනතාව තුළ සතුට ප්‍රමොදය විකසිත කරමිනි. එම කාල පරාසය ජර්මනියේ සැණකෙළි සමය සේ සැලකේ. සාහිත්‍ය, සංගීතය, චිත්‍රපට,නාට්‍ය,ආහාර පාන ආදී විවිධ විෂයයීක තේමාවන් කේන්ද්‍ර කර ගනිමින් සැණකෙළි පවත්වන රටවල් අතරෙන් ජර්මනියට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. මෙම සැණකෙළි අතරෙන් 18 වන සියවසේදී ආරම්භ වී, සෑම වසරක් පාසාම අඛණ්ඩව පැවැත්වෙන විශිෂ්ඨතම කලා උළෙලක් වූ සුරංගනා වෘතාන්ත සැණකෙළිය පිලිබදව,නෙතින් දුටු දෑ පිලිබදව සටහනක් තැබීම මෙම ලිපියේ අරමුණවේ. මෙම ජාත්‍යන්තර සැණකෙළිය කුඩාවුන් පමණක් නොව වියපත්වුවන් ද සුරංගනා පරාදීසයකට කැදවා ගෙන යන සුළුය. සෑම වසරකම ග්‍රීෂ්ම ඍතුව එළඹෙන මැයි මස සිට අගෝස්තු මස අවසානය දක්වාවූ කාල පරාසය තුළ සුරංගනා වෘතාන්ත සැණකෙළිය මුළු දෙන්නේ ජර්මනියේ,නැගෙනහිර රයින් ප්‍රාන්තයේ පිහිටි හනව් ග්‍රාමීය නගරයෙහි ය. එම ගම් පෙත ජර්මනියේ සුරංගනා වෘතාන්ත නිර්මාතෘන් සේ බුහුමන් ලබන ග්‍රීම් දෙසොහොයුරන් ගේ නිජ බිම ලෙස සැලකේ. ...

Read More →