වජිරාරාම වාසී ඥානසීහ හිමිපාණන්ගේ – (ඕල්කොට් ගුණසේකර )- 9o වන ජන්ම සංවත්සරය සැමරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. ඥානසීහ හිමිපාණන් Image Source : fctc.org වසර 1957 වසරේ පැවති සිවිල් සේවා විභාගයෙන් සමත් වූ තරුණ මානවකයින් හය දෙනෙකි. සිවිල් සේවයේ කීර්තිමත් නිලධාරියකු වූ ඕල්කට් ගුණසේකර මහතා එම දක්ෂයින් අතර සුදක්ෂයෙකි. මෙම සුදක්ෂයා 2025 පෙබ.18 දින , සිය 9o වන ජන්ම දිනය සමරන්නේ ඕල්කට් ගුණසේකර ලෙසින් නොව, වජිරාරාම වාසී ඥානසීහ හිමිපාණන් ලෙසිනි. මෙම උත්තරීතර ජීවන කියවීම,ගිහි දිවියෙන් පැවිදි දිවියට පියමං කිරීමේ මග සලකුණු වලින් ආරම්භ කිරීම වඩාත් අර්ථාන්විතවේ යැයි හැඟේ. දිනය 2015 පෙබරවාරි 18.ශාන්ත පෙනුමෙන් අනූන,සන්සුන් ඉරියව් ඇති ප්‍රඥාවන්ත,පුද්ගලයෙක් මා මනසෙහි සිත්තම්වේ. හෙතෙම සුදු වතින් සැරසී,සියල්ල අත්හැර ,හිස් අතින්,එනමුදු සැහැල්ලු සිතින් මෙම අභිනිෂ්ක්‍රමණය කරන්නේ බම්බලපිටියේ වජිරාරාමය වෙතය.සෙනෙහෙබර බිරින්දෑ අනුලාවන්,ලබැඳි පුත් අශෝක් සහ දියණි ඖෂධී ඇතුළු පවුලේ සියලු දෙන, එතුමා පෙරටු කොට ගමන් ගත්හ. ඒ, එතුමාගේ ජීවිතයට අතිශයින්ම වැදගත්වූ දිනයකි.එතුමන් ගේ දිවි ගමනේ 80 වන ඉසව්ව සනිටුහන් වන්නේත්, එතුමන් පැවිදි දිවියට එළඹෙන්නේත් එදිනය. ...
Feb 16, 2025
Posted
Articles, Dr. Gamini Kariyawasam
Tagged ආචාර්ය ගාමිණී කාරියවසම්, ඕල්කට් ගුණසේකර, වජිරාරාම වාසී ඥානසීහ හිමිපාණන්