මීරිගම මිහිරාවිය,සිය 85 වන ජන්ම දිනය සමරයි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. හෙළ ගැමි ස්ත්රීත්වයේ ප්රතිමුර්තියක් ලෙසින් සැළකිය හැකි පුණ්‍යා හීන්දෙණිය ,ජූලි 31වන දින සිය 85 වන ජන්ම දිනය සමරන්නීය. මෙම ‘ගැමි යුවතිය ’ විදෙස් පරිසරයක ජීවත් වුවද ,ගැමි ලක්ෂණ සහ සුන්දරතාවය එලෙසින්ම රඳවා ගනිමින්, දිවියේ වියපත් ඉසව්වට පිය නගන්නීය.පුණ්‍යාවන් දිවි මං තලාවේ දශක අටහාමාරක් සම්පූර්ණ කර ඇතැයි, ඇය වත දිසි කිසිදු .රසිකයෙක් අනුමාන නොකරනු නිසැකි. ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ ප්‍රධාන නළු හෙන්රි ජයසේන ‘ඩේලි නිවුස්’ පත්‍රයට ලිපියක් ලියමින් කළ හළි දරව්වකින් පුණ්‍යා හීන්දෙනිය පිලිබදව ලියවෙන මෙම ලිපිය ආරම්භ කිරීම අර්ථවත්වේ. “මෙක්සිකෝවේ මුණ්ඩියල් සිනිමා උළෙල 1965 නොවැම්බර් 21 සිට දෙසැම්බර් 4 දක්වා රටවල් 13 ක සහභාගීත්වයෙන් පැවැත්විණි. නොවැම්බර් 26 වෙනිදා ,අවසන් උත්සවයට කලින් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් කැදවීය. මෙම උළෙලේ පෙර සිට පැවතගෙන එන සම්ප්රදායක් ලෙසින් පුණ්‍යා ට ද නාන ඇඳුමකින් සැරසී වේදිකාවේ පෙනී සිටින ලෙස සංවිධායකයින් වෙතින් ඉල්ලීමක් ලැබිණි.ඇය එම ඉල්ලීම එකහෙළා තරයේ ප්‍රතික්ෂේප කළාය. මාධ්‍යවේදීන් තුෂ්නිම්භූත වුහ. ඔවුන්ට ඔවුන්ගේ දෑස් දෙකන් අදහාගත නොහැකි විය. බොහෝ තරු, සිය සිරුරේ අඩ නිරුවත ප්‍රදර්ශනය කර, සංවිධායකන් සහ ප්‍රේක්ෂකයින්ගේ වැඩි අවධානයක් යොමුකරවා ගන්නට,එකිනෙකා පරයා වේදිකාවේ පෙළ ගැසෙද්දී , ...
Jul 28, 2023
Posted
Articles, Dr. Gamini Kariyawasam
Tagged ආචාර්ය ගාමිණී කාරියවසම්., කලියුගය, කුරුළු බැද්ද, ගම්පෙරළිය, පුණ්‍යා හීන්දෙනිය, මීරිගම, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ, වෛද්‍ය මිල්රෝයි නානායක්කාර, හෙන්රි ජයසේන