ගිරි කුළු මහිම. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. 11 වන දිනට යෙදෙන   ජාත්‍යන්තර කදුකර දිනය නිමිත්තෙන් තබන සටහනකි . වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් , සෑම වසරකම දෙසැම්බර් 11 වන දින ජාත්‍යන්තර කදුකර දිනය ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබිණි. ජාත්‍යන්තර කදුකර දිනය සංකේතවත් කිරීම උදෙසා සුවිශේශී ලාංඡනයක්ද නිර්මිතය. එකිනෙක හා යාවූ කළු පැහැ ත්‍රීකෝණ තුනකින්, කදු වැටී සංකේතවත් වන අතර ,පළමු කදු සිරස නීල දියමන්තිය පිරිසිදු දිය උල්පත් සංකේතවත් කරයි.දෙවැනි කදු සිරස තැබිලි පැහැය බල ශක්තිය සහ ඛනිජ සම්පත් නියෝජනය කෙරේ. තෙවන කදු වැටියේ කොල පැහැය අහර සහ සමතුලිත දේශගුණයක් සපත කරවයි. මෙම දිනය සැමරීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් කඳුවැටිවල තිරසාර සංවර්ධනය උදෙසා, වසරින් වසර කිසියම් නව තේමාවක් ප්‍රකාශයට පත් කිරීම ද සම්ප්‍රදායක් ව පවතී. “කඳුකර පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම” යන්න 2023 වසරේ ජාත්‍යන්තර කදුවැටි දින තේමාව ලෙසින් ප්‍රකාශිතය. විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා කදු මතුපිට වන වැස්ම විනාශයට පත් වීමෙන්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රවණතාවක් මතුවේ. මෙමගින් අහිතකර ...

Read More →