අනුරපුර තලගුරු වෙහෙරේ – ඍද්ධි ප්‍රාතිහාර්යපෑ ධම්මදින්න මහරහතන් වහන්සේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. මෑතකදී මා අනුරාධපුරය බලා ගමන් කරමින් සිටි මොහොතක,ගල්කුලම ප්‍රධාන මාර්ගය අසබඩ පිහිටි පුරාණ රජ මහ වෙහෙරක් වෙත මගේ දැඩි අවධානයක් යොමු විය.ඒ අන්කිසිවක් නිසා නොව,එම රජ මහා වෙහෙරේ නාම පුවරුවේ සටහන්ව තිබූ වැකිය ,මා කුතුහලය දනවන සුළු වීම නිසාය. ඒ කිමෙක්දයත්, ”ධම්ම දින්න මහ රහතන්වහන්සේ වැඩ විසූ ,කිරි වවුලන් 500ක් රහත් බවට පත්,ඓතිහාසික තලගුරු රජ මහා වෙහෙර” යන වැකිය මා නෙත් ගැටීමයි. එම වැකිය ,මා නිරුත්සාහයෙන් ම, එම විහාරය වෙත කැදවන සුළු විය. හුදකලාව මම තලගුරු වෙහෙරේ ගිරි කුළු මුදුනේ ගල් ලෙන පිළිම ගෙය, ඇතුළු සියලු පුජනීය ස්ථාන,වැද පුදා , දැක බලා ගතිමි.ගල් ලෙන තුළ පිහිටි පිළිම ගෙය ,පෞරාණික කලාත්මක විහාර සිතුවම් රාශියකින් සමන්විතය. සිතුවම් අතර ගල් ලෙනෙහි වැඩසිටි ධම්ම දිනන මහරතන්වහන්සේ ගේ පිළිරුව ජීවමාන ස්වරූපයකින් යුක්තය. ධම්මදින්න මහරහතන් වහන්සේ. අනතුරුව විහාරස්ථ ලැගුම් ගෙය වෙත පිවිසියේ ,මෙහි ඓතිහාසික තොරතුරු විමසා බලා ,සනිටුන් කර ගැනීමේ අපේක්ෂාවෙනි. එම රජමහ වෙහෙරේ අධිපති ආචාර්ය මහනෙළුබෑව රතනසාර මහා නායක ස්වාමීන් වහන්සේ ,එහිදී බැහැදැක,ඉතා වැදගත් ඓතිහාසික තොරතුරු සම්භාරයක් එක්රැස් කර ගැනීමට මවෙත අවකාශය සැලැසිණි. ...