113 වන විය සපුරන – ටවර් රංග ශාලිකා -By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : thuppahis ජාතික රංගකලාව පෝෂණයේ කෙන්ද්‍රස්ථානය, ටවර් රඟහල පදනම් දිනය දෙසැම්බර් 16 වන දිනට යෙදී තිබිණි. ටවර් රගහළ ඉදිකර ,2024 දෙසැම්බර් 16 වන දිනට වසර 113 ක් සපිරේ.එම ඓතිහාසික සිදුවීම පාදක කොටගෙන,රජය මගින් සෑම වසරකම දෙසැම්බර් 16 ටවර් හෝල් රඟහල පදනම් දිනය ලෙසින් ප්‍රකාශයට පත් කළේය. ත්‍රාස හාසය මුසු නෙක නර්තන, මනෝ රම්‍ය නෘත්‍ය ගීත,සිංදු රාග පිළිරැව් දුන් ,ටවර් රංග ශාලිකාව මෙතෙක් පැමිණි ලාලිත්‍යමය ඓතිහාසික ගමන් මග පිළිබඳව විමසා බැලීම කෙරෙහි අපගේ අවධානය යොමු විය. හෙන්ද්‍රික් අප්පුහාමි සෙනවිරත්න නම්වූ ව්‍යාපාරිකයෙක් ,1907 සැප්තැම්බර් 27 දා පංචිකාවත්ත පාරේ අශ්ව ඉස්තාලයකට වෙන් කරන ලද ඉඩමක් රු. 2000කට මිල දී ගත් බැව් ඓතිහාසික ලේඛන සාක්ෂි දරයි. පර්චස් 68කින් යුත් ඒ ඉඩම හැඳින්වුණේ “මෙරෙඤ්ඤගේ වත්ත”නමිනි. එවකට බහුලව භාවිත වුණූ අශ්වකරත්තවල අශ්වයන් බැඳ තැබීමට මෙම බිම්කඩ භාවිතා විය.ප්‍රේක්ෂකයන් 800කට ඉඩකඩ සහිත ශාලාවක්, බැල්කනියක්, සහ නේපථ්‍යාගාරයක් සහිතව රංග ශාලාවක් ඉදිකිරීමට ඔහු සැලසුම් ශිල්පීය සහය ලබා ගති. රඟහලට මුල්ගල ...