පුජ්‍ය එල්ලාවල විජිතානන්ද හිමි ඔස්ට්‍රේලියාවේ සදහම් චාරිකාවක. By ආචාර්ය ගාමිණී කාරියවසම්. Source : facebook මැද මාවත නිර්මාතෘ,අති පුජ්‍ය එල්ලාවල විජිතනන්ද මහා ස්වාමිපාදයානන් වහන්සේ,ඔස්ට්‍රේලියාවේ ධර්ම ප්රචාරක කටයුතු වෙනුවෙන් වැඩමවන බැව්, ELanka විද්‍යුත් සඟරාව ඔස්සේ ඔබ සැම වෙත සැළකර සිටින්නේ හෘදයාංගමවු පහන් සිතක් පෙරදැරිවය. 2025 නව වසරේ ජනවාරි 18 සිට මාර්තු 23 දක්වා,උන්වහන්සේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, වික්ටෝරියා,නිවු සවුත් වේල්ස්,බ්‍රිස්බේන්,කුවීන්ස්ලන්තය,පර්ත්,ඇඩිලේඩ් යන ප්රාන්තයන්හි සදහම්චා රිකාවේ යෙදීමට අපේක්ෂිතය. ඔබට අවශ්‍ය වැඩි තොරතුරු,ඒ ඒ ප්රාන්තයන්හි සම්බන්ධීකාරක සහෘදයින්ගේ දුරකථනයන් අමතා ලබා ගැනීමට අවකාශයක් පවතී. මෙම චාරිකා සැලැස්ම ලබා දීමට කාරුණිකවූ, මැද මාවත ප්‍රධාන සම්බන්ධීකාරක තුෂාරි ප්‍රනාන්දු මහත්මියට අපගේ නොමද කෘතවේදීත්වය හිමිවේ. මැද මාවත- මැදමාවත, අතිපුජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමිපාදයන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් ස්ථාපිත,බෞද්ධාගමික භාවනා ක්‍රම ප්‍රගුණ කරවීමේ විධිමත් මෙහෙයුමක නිමග්න බෞද්ධාගමික එකමුතුවකි. දිවයිනේ විවිධ ස්ථානවල භාවනාමය දේශනා වැඩමුළු සංවිධානයෙහිලා,මැද මාවත සාමාජික,සාමාජිකා පිරිස මහත් කැපවීමකින් ස්වේච්ඡාවෙන් ලබා දෙන අනුග්රාහකශීලීත්වය පැසසුම් කටයුතුය. බුදුරජාණන්වහන්සේ ගේ අනුශාසනා අතරින්, නිවැරදි ශික්ෂාවෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අවතීර්ණ වී නිවන සාක්ෂාත්කර ගන්නේ කෙසේද යන නිවැරදි දැක්ම ඔබ ...
Jan 16, 2025
Posted
Articles, Dr. Gamini Kariyawasam
Tagged ආචාර්ය ගාමිණී කාරියවසම්, පුජ්‍ය එල්ලාවල විජිතානන්ද හිමි, බෞද්ධාගමික භාවනා ක්‍රම, මැද මාවත නිර්මාතෘ