මහාචාර්ය දයා ඉදිරිසිංහ ශුරීන් – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : facebook දැයෙන් සමුගෙන සිවු වසරක් සපිරේ. අඩ සියවසකට ආසන්න කාලයක්, විශ්වවිද්‍යාලයන් කිහිපයක විද්‍යාර්ථීන් ගේ නැණස දල්වන්නට සුවිසල් මෙහෙවරක් ඉටු කළ,ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා එදිරිසිංහ මහතා අභාවප්‍රාප්තවී ,2025  පෙබරවාරි 12  වන දිනට සිව්  වසරක් සපිරේ. මා සමග එකම පංතියේ පාසල් අධ්‍යාපනය නිමාකොට , එකටම විදුදය සරසවියට (ජයවර්ධනපුර) පිවිසි මෙම විද්වත් සුමිතුරා ගේ ගුණ  සුවඳ, මානව හිතවාදී ගති ලක්ෂණ, කුෂාග්‍ර බුද්ධි මහිමය  පිළිබඳව සුවිසල් අවබෝධයක් මගේ  සන්තානයෙහි නිබදවම  නිධන්ගතව පවතී. දයා ඉදිරිසිංහයන් සිය කුඩා අවධිය පිළිබඳව,සරසවි සෙවනේදී ,සිය  ජීවන තොරතුරු සමුදායක් මා හමුවේ හෙළිදරව් කළ අයුරු මෙහිදී මට නිතැතින්ම සිහිපත් වේ. දකුණු වෙරළබඩ තීරයේ,තලල්ල දයා උපත ලද ගම්පෙතය.1947 ඔක්තෝම්බර් 23 වන දින , සරාලිස් එදිරිසිංහ සහ ප්‍රේමවතී ද සිල්වා දෙමහල්ලන්ගේ සිව් වන දරුවා ලෙසින් හෙතෙම ජන්ම ලාභය ලැබීය. සහෝදරයින්  හය දෙනෙකුගේ සහ සහෝදරියන් දෙදෙනෙකුගේ සෙනෙහස ඔහුට උරුම විය.ගන්දර මහා විද්‍යාලය දයා ශිල්පග්‍රහණය කළ මුල්ම  පාසලයි.  පාසැල් විය මතක සටහන්. වැඩි දුර අධ්‍යාපනය සඳහා ඔහු යොමු  වන්නේ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලය වෙතය. එවකට එහි අධිපති ...

Read More →