ප්‍රේමදාස ජනාධිපතිතුමන් දීවංගතවී 32 වසරක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම් Image Source : srilankaguardian 2025 මැයි 01 දිනට, ජනාධිපති  රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්  දිවංගතවී  32 වසරක් සපිරේ. එතුමා  තැලෙන පොඩිවන  ජනතාවගේ යහ පැවැත්ම වෙනුවෙන්   සුවිසල් ජන මෙහෙවරක්  ඉටුකළ ,මානව   හිතවාදී ජන නායකයෙකි. වත්මන් පරපුරට එම ජන මෙහෙවර  සිහිපත් කිරීම පිණිස, එතුමා සමීපයෙහි දිගු කාලයක් රාජකාරියෙහි නියැළි  සිටි රාජ්‍ය නිලධාරියෙක් ලෙසින් මෙවන් සටහනක් තබන්නේ මහත් කෘතවේදීත්වයෙන් යුක්තවය. මට එතුමානන් මගේ රාජකාරි දිවියේදී මුලින්ම හඳුනා  ගන්නට ලැබෙන්නේ,අහඹු  සිදුවීමක් පාදක කරගෙනය.ඒ ,1988 වසරේ  මා,කොළඹ මහ නගර සභාවේ පුණ්‍ය කොමසාරිස් ලෙසින් සේවය කරමින් සිටි අවධියෙහිය.එම වසරේ පෙබරවාරි පළමුවැනි දින සිට, කොළඹ නගරයේ සියළුම පාසල් සිසුන්  සඳහා නොමිලයේ දිවා ආහාර වේලක් සැපයීමේ කාර්යභාරය ඉටු කරන ලෙසට, ප්‍රේමදාස ජනපතිඳුන් ගෙන්,කොළඹ එවකට සිටි නගරාධිපති සිරිසේන  කුරේ මහතා වෙත ජනවාරි 15 දින  ඉල්ලීමක් යොමුවේ. එය අනිවාර්යෙන්ම පෙබරවාරි 01 වන දින සිට ආරම්භ කළ යුතු බව ද අවධාරණය කර  තිබිණි.දෙසතියක් වැනි සුළු කාලයක්තුළ, එම කාර්ය සංවිධානය කර ගත නොහැකි බව, නගර සභා දෙපාර්තමේන්තු ප්‍රධානීන් සියලු දෙනාගේම අදහස විය. මම එම අභියෝගය භාරගතිමි. 1988 පෙබරවාරි ...

Read More →

ශ්‍රී දළදා වහන්සේ සුරැකි රන් වියන – By ආචාර්ය ගාමිණී කාරියවසම් Image Source : sridaladamaligawa නුවර වැව් තෙර පියමන් කරද්දී , දුටු දුටු දනන් සිත් දැහැන් ගන්වන සුළුවූ ,මනෝරම්‍යවූ දසුනක් වෙත නෙත් සිත් බැදේ. ඒ අන්කිසිවක් නොව අති පුජනීය වූ ශ්‍රී දළදා මැදුරයි. පත්තිරිප්පුව පෙරටු කොට, උඩවත්ත හරිත වන තුරු හිස් මතින් මතුව ,හිරු රැස් පතිත තටාකයක රන් පැහැ  තරංග  ලෙසින් ඇතට දිස්වන රන් වියන දළදා මාලිගාවේ දිවමන් සංකේතය ලෙසින් හැදින්විය හැකිය. රන්වියන සංකල්පයේ නිර්මාතෘ ,අභාවප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිදුන්ය  එවකට අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ , රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතුන්. 1986 දී,  දළදා වහන්සේ වැඳපුදා ගැනීමට  ගියේය. එම අවස්ථාවේදී , එවකට මල්වතු නාහිමි ලෙසින් වැඩ විසූ පුජ්‍ය ,  සිරිමල්වත්තේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමට යාමට අමතක නොකළේය.. උන්වහන්සේ අග්‍රාමාත්‍යතුමන්,දළදා වහන්සේ වැඩ සිටින කුටිය වෙත කැඳවාගෙන ගොස්, එම කුටිය තුළට  වහළයෙන් ජලය කාන්දු වන බව පෙන්වා දුන් සේක. උඩවත්ත වනපෙතේ වඳුරු රෑන්,නිරන්තරයෙන් මෙම වහල මත දුව පැන ඇවිදීම, වහලය අබලන් වීමට හේතුවක් වන බැව් උන්වහන්සේ ,ප්‍රේමදාස මහතාගේ ...

Read More →

ජනසවියේ නියමුවාණන් දැයෙන් සමුගෙන දෙවසරක් සපිරේ . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.   1965 ජුනි 15 වන දින, රාජ්‍ය  පරිපාලන  ‍අමාත්‍යංශයේ ලේකම් කාර්යාලය තුළ එම්.ජේ.පෙරේරා, වින්සන්ට් පණ්ඩිත යන මහතුන්  ශ්‍රී ලංකා පරිපාලන සේවයට සුදුස්සන් බඳවා ගැනීමේ  සම්මුඛ පරීක්ෂන මණ්ඩලයයේ අසුන් ගෙන සිටිති.එක් අපේක්ෂකයෙක් සම්මුඛ  පරීක්ෂණයට පෙනී සිට පිටතට පැමිණේ.  මීලඟ අපේක්ෂකයා කැඳවීමට සිණුව නාදවේ. රෙද්දෙන් බැනියමෙන් සැරසුණු ,පන් මල්ලක් අතැති පුද්ගලයෙක් කාමරයට පියමනී. පරීක්ෂණ මණ්ඩලය එම පුද්ගලයා කාර්යාල කාර්ය සහයකයෙක් යයි සිතා , ” ගිහිල්ල සුසිල් සිරිවර්ධන මහත්තයට එන්න කියනවා….” කාමරය දෙසින්වි ධානයක් නිකුත්වේ. ඇතුල්වූ පුද්ගලයා  මුවඟ සියුම් සිනහවක් පාමින්    “මම තමයි සුසිල් සිරිවර්ධන..”යනුවෙන් පිළිවදන් දෙමින් කාමරය  ඇතුළට පිවිසේ.  සුදු දිග දොතියකින් , සැහැල්ලු සුදු සරමකින්  දෙපා රැදී හම් සෙරෙප්පු ජෝඩුවකින් සැරසී සිටි ඇදුමේ විලාශයෙන් හා අමුත්තාගේ  නිහතමානී පෙනුමෙන් සම්මුඛ  පරීක්ෂණ මණ්ඩලයට හැගී ගියේ ,සීනුවේ නාදය ඇසී කාර්යාල කාර්ය සහයකයෙක් අවශ්‍යතාව  විමසීමට කාමරයට එබිකම් කළ සෙයකි. යථෝක්ත සිදුවීම අප හා පැවසුවේ, මෙම සම්මුඛ පරීක්ෂණයට ම ,එදවස  පෙනී සිටීමට පෙළ ගැසී සිටි  ,ශ්‍රී ලංකා පරිපාලන සේවයෙහි ජේෂ්ඨතමයෙක්වූ කේ.ජී.කීර්තිරත්න මහතාය.       ශ්‍රීලංකා පරිපාලන සේවයේ ...

Read More →