මනෝ රම්‍ය නෘත්‍ය ගීත උල්පත සදා වියැකී යයි – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : divaina ටවර් රංග ශාලිකාවේ පෙර දවස නිපන් නාඩගම් නෘත්‍ය ගීත,වාදන ආශ්‍රිත යශෝරාවය වත්මන් පරපුරේ හද ගැස්මට මුසු කළ, නූර්ති ගායන සහ වාදන ශිල්පී විල් ආරච්චිගේ ලයනල් විජේසිංහ ගුණතිලක මහතා,ඉකුත් දෙසැම්බර් 01 දින සිය දිවි සැරිය නිම කළේය.එතුමා මියයන විට 92 වන වියේ පසු විය. ලයනල් ගුණතිලක මහතා නාඩගම් යුගය මුර්තිමත් කළ ,ප්‍රතිභා පුර්ණ,ප්‍රවීන ගායන හා වාද්‍ය විශාරදයෙකි. ලයනල් ගුණතිලක යන නම ඇසු පමණින් නාඩගම් යුගය අප මතකයට නැගෙන්නේ නිතැතිනි.ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නිරිඳුන්ගේ ඉන්දියානු බිසව සමග මේ රටට පැමිණි අලග නායිදු නම් ද්‍රවිඩ සංගීත ශිල්පියාණන් නාඩගම් කලාව ,අප දේශයට හදුන්වා දීමට මුල් විය.දක්ශිණ භාරතීය කර්ණාටක සංගීතයෙන් පෝෂිත ,නාඩගම් ගැමි නාටක ශෛලිය,වත්මන් පරපුර වෙත හඳුන්වා දීමේ පූර්ණ ගරුත්වය හිමිවන්නේ ලයනල් ගුණතිලක ශූරීන් වෙතය. ගුණතිලක ශූරීන්ගේ දෙමාපියන් , නූර්ති කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකළ, ඩී. ජේ. ඩබ්ලිව්. ගුණතිලක නාට්‍යවේදියා සහ කළුතන්ත්‍රී දෝන මාග්‍රට් ජයවීර දෙමහල්ලන්ය.සීතා ගුණතිලක,එතුමාගේ එකම සොහොයුරියයි. ලයනල් ගුණතිලක ශුරීන් ජන්ම ලාභය ලබන්නේ ...
Dec 6, 2024
Posted
Articles, Dr. Gamini Kariyawasam
Tagged ආචාර්ය ගාමිණී කාරියවසම්, ජාතික ගුවන්විදුලිය, ටවර් රගහල, නූර්ති ගී, නෘත්‍ය ගීත, ලයනල් ගුණතිලක