ශ්රී ලංකාව ඩිජිටල් යුගයක් කරා…. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : undp ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ තවත් ප්රධාන හවුල්කරුවන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් ,ශ්රී ලංකා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) සමුළුව,පෙබරවාරි 5 , 6 දෙදින තුළ ශ්රී ලංකාවේ පවත්වන්නට යෙදිනි. විවිධ අංශවල ගෝලීය නායකයින්, විශේෂඥයින්, නවෝත්පාදකයින් සහ පාර්ශවකරුවන් විසින් , මෙම සමුළුවේදී සිය හරාත්මක අදහස් ඉදිරිපත් කරනු ලැබිණි. ශ්රී ලංකා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) සමුළුවේ සජීවී දේශන. https://fb.watch/xFq5_BAQtk/ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කලේ , ඩිජිටල් ක්රමය මෙරට පුළුල් ලෙස ක්රියාත්මක කිරීම තුළින් කාර්යක්ෂම, උසස් තත්ත්වයේ සහ ඵලදායී සේවාවන් ලබා දීමෙන් ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණික දියුණුව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවයි. ඩිජිටල්කරණයෙන් සංස්කෘතික ජීවිතයේ පුනර්ජීවනයට පහසුකම් සැලසිය හැකි බවත්, නූතන ජීවිතයේ යාන්ත්රික ස්වභාවය නිසා ශ්රී ලාංකික ජනතාවට සංස්කෘතික ජීවිතය සමඟ තිබූ සබඳතා ක්රමයෙන් ගිලිහී ගොස් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය. ...