ශ්‍රී දළදා වහන්සේ සුරැකි රන් වියන – By ආචාර්ය ගාමිණී කාරියවසම් Image Source : sridaladamaligawa නුවර වැව් තෙර පියමන් කරද්දී , දුටු දුටු දනන් සිත් දැහැන් ගන්වන සුළුවූ ,මනෝරම්‍යවූ දසුනක් වෙත නෙත් සිත් බැදේ. ඒ අන්කිසිවක් නොව අති පුජනීය වූ ශ්‍රී දළදා මැදුරයි. පත්තිරිප්පුව පෙරටු කොට, උඩවත්ත හරිත වන තුරු හිස් මතින් මතුව ,හිරු රැස් පතිත තටාකයක රන් පැහැ තරංග ලෙසින් ඇතට දිස්වන රන් වියන දළදා මාලිගාවේ දිවමන් සංකේතය ලෙසින් හැදින්විය හැකිය. රන්වියන සංකල්පයේ නිර්මාතෘ ,අභාවප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිදුන්ය එවකට අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ , රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතුන්. 1986 දී, දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ගියේය. එම අවස්ථාවේදී , එවකට මල්වතු නාහිමි ලෙසින් වැඩ විසූ පුජ්‍ය , සිරිමල්වත්තේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමට යාමට අමතක නොකළේය.. උන්වහන්සේ අග්‍රාමාත්‍යතුමන්,දළදා වහන්සේ වැඩ සිටින කුටිය වෙත කැඳවාගෙන ගොස්, එම කුටිය තුළට වහළයෙන් ජලය කාන්දු වන බව පෙන්වා දුන් සේක. උඩවත්ත වනපෙතේ වඳුරු රෑන්,නිරන්තරයෙන් මෙම වහල මත දුව පැන ඇවිදීම, වහලය අබලන් වීමට හේතුවක් වන බැව් උන්වහන්සේ ,ප්‍රේමදාස මහතාගේ ...