පිරුණු කුසක්- පිරුණු හිසක්. – By Kiloshini Hendawitharana   මහගල්කන්දේගම තියෙන්නෙ කහටගස්දිගිලිය ටවුම චුට්ටක් පහුවෙනකොට හොරොව්පොතාන පාරෙන් හැරිලා ඇතුලට යනතැන කෙලවරම . ලමයි 50ක් ඉන්නවා ඒකෙ. මෙයාලටත් කරන්ට් නෑ.ඉතින් එයාලත් අපේ කරන්ට් නැති ගොඩට එකතු වෙනවා. එයාලා එනවා. අදුරෙන් එලියට කියන්නෙ ලොකු අරමුණකින් කරන වැඩක්. ගිය වතාවෙ සෝලාර් ලයිට් දීපු ගාන වගේ දෙගුනයක් පවුල් මේ වතාවෙ ප්‍රතිලාබ ගත්තා. මීට කලින් දෙවතාවෙ සෝලාර් ලාම්පු දීපු පවුල් 75 ක කතාවලට වඩා ටිකක් වෙනස් නිසා මේක මම කියන්න ඕන. පුලුවන් නම් මේ වීඩියෝ එක අහන්න. ලයිට් නැත්නම් මෙයාලා පාඩම් කරේ කොහොමද? ගේ ඇතුලෙ ගිනි මැලයක් ගහගෙන! ඇයි කුප්පි ලාම්පු වලින් කරතෑකිනෙ. කටුමැටි ගෙවල් ඩොක්ටර්! සුලගට නිවෙනව. කුප්පි ලාම්පුව නිවන්න මේකෙන් පුලුවන් වෙයි කියලා හිතුවට එයාලා කුප්පි ලාම්පුව පත්තු කරගෙන නෑ. කටුමැටි බිත්ති, ඒ හරහා එන හුලග මේ මින්ස්සුන්ට කුප්පිය වත් පත්තු කරගන්න ඉඩක් දීලා නෑ. අද එයාලා එන්නෙ එයාලගෙ සෝලාර් ලයිට් අරන් යන්න. මන් මෙච්චර කල් හිතාන උන්නෙ කරන්ට් නැති හැමෝම පාඩම් කරන්නෙ ...

Read More →