දළදා මැදුරේ රන්කොත මුදුනේ – මිනි කිරණින් මුළු රටම අවදිවේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : culture.cp.gov.lk Image Source : dailymirror.lk එළැඹෙනඅප්‍රේල් මස 18වනදා ‘සිරි දළදා දැක්ම’  ආරම්භවේ. අප මුළු මහත් දේශයට සෙත කැන්දන,අසිරිමත්  දළදා ප්‍රදර්ශනයක් පැවැත්වෙන්නේ වසර 16 කට පසුවය.අප්‍රේල්  12 වන දින බක් පුර පසළොස්වක පොහොය උදාවේ .එම පොහොය  ගෙවී ගොස්, සතියකින් සිරි දළදා දැක්ම ආරම්භ කිරීමට සැළසුම් කිරීම  අතිශයින් ම කාලෝචිතය. ඒ මන්ද යත්,බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුව  ඇත්තේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයක වීම නිසාවෙනි. වංස කථාවන්හි දැක්වෙන ආකාරයට බුද්ධත්වයෙන් පස්වන වසරේ බක් මස අමාවක පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේ දඹදිව ජේතවනාරාමයේ සිට ලක්දිව නාගදීපයට වැඩම කළේ චූළෝදර මහෝදර  දෙපිරිස් අතර , මිණි පළඟ හේතුකොට ගෙන ඇති වූ කලහය දැක නාගයන් කෙරෙහි අනුකම්පාවෙනි. බොදුනුවන්ට, ශාන්ති නායකයාණන්ගේ අසූහාර දහසක් ශ්‍රී ධර්මස්කන්ධය ස්පර්ෂිත දළදා  සමිඳුන්,සියසින් දැක ,වැඳ පුදා ගැනීමට අවස්ථාවක් ලැබීම,ජීවිතයේ ලද හැකි පරම භාග්‍යයකි. මෙම කාල වකවානුවේ ,සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව, සිව් දන්ත ධාතුන් වහන්සේලා  සබැඳි අතීත ...

Read More →