Dr. Gamini Kariyawasam

ගුවන්විදුලිය එකළු කළ – නන්දා ජයමාන්නයන් දිවියෙන් සමු ගනී. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : silumina                   නන්දා ජයමාන්න නොහොත් රීටා නන්දා එගොඩගේ ,  ශ්‍රී ලංකා ගුවන් විදුලියේ දෙවැනි සිංහල නිවේදිකාව ලෙසින් මෙන් ම ,ස්වාධීන රුපවාහිනිය බිහිකර ලන්නට තේවිස් ගුරුගේ මහතාගේ සෙවනැල්ල ලෙසින් කටයුතු කළ කුළුණුබර මාධ්‍යවේදිනියකි.මෙරට සහසක් ශ්‍රාවකයින්ගේ  ගෞරවයට,ආදරයට පාත්‍රවූ ,  නන්දාවන් ,  සිය දිවි සැරිය  ජනවාරි 26 වන දින මැදියම් රැයේ   ,නිම කළ බව අසන්නට ලැබුණු මොහොතේ, ඇයගේ  ජීවනය සබැදි මෙවන් සටහනක් තැබීමට මා සිත් පෙළැඹිණි.  දකුණු පළාතේ  අම්බලන්ගොඩ  හීනැටියන ග්‍රාමය ඇය  උපත ලබන් 1930  ජනවාරි 11 වැනිදාය. රාගල සිංහල විද්‍යාලයෙන් සිය  ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කරන ඇය  උසස් අධ්‍යාපන කටයුතු  සදහා  නුවරඑළිය යහපත් එඩේරාගේ කන්‍යාරාමයට පිවිසෙන්නීය.දොන් ඇලෝෂියස් ජයමාන්න හා යුගදිවි ප්‍රාප්ත නන්දාවන්,ප්‍රියන්ත සහ පණ්ඩුක යන  සෙනෙහෙබර පුතනුවන්  දෙදෙනාගේ  ගේ දයාබර මෑණියන්ය.            දැනට වයෝවෘද්ධව සිටින ගුවන්විදුලි මහගෙදර ඇත්තන් ගේ සුවදුක් බැලීමට,ඉදහිට හෝ   යොමු වන කෘතවේදීමය  සිරිතක් මගේ ...

Read More →

දොම්පේ ගම්පෙත ජනගත පුරාවෘත්ත – By ආචාර්ය ගාමිණී කාරියවසම්. කොළඹ සිට කිලෝමීටර් තිහකට ආසන්න දුරකින් පිහිටි   දොම්පෙ සියනෑ කෝරලයට අයත් ගම් ප්‍රදේශයකි.අත්තනගල්ල උතුරු දෙසින් ද,නැගෙනහිර දෙසින් මහර සහ බියගම ද,බටහිර දෙසින් හංවැල්ල ද දොම්පේ ප්‍රදේශය ට මායිම්ව පිහිටියේය. Image Source : researchgate   දොම්පේ ආශ්‍රිත ප්‍රා ලේ කොට්ටාශ  සහ   අවට ගම්මාන  දොම්පේ දීර්ඝ ඉතිහාසයකට උරුමය ඇති ග්‍රාමීය ප්‍රදේශයකි.   සිරිසඟබෝ රාජ්‍ය සමයේ  අනුරාධපුර ජනතාව භීතියට පත් කළ රතාක්ෂියා     ( රත්  ඇස් ඇති යක්ෂයා)  රජතුමා තම ශීල තේජසින් ප්‍රදේශයෙන් පළවා හරි බැව් පැවසේ.භීතියට පත් යක්ෂයා අනුරාධපුරයෙන් පළා අවුත් දොම්පේ  පාළුගම  වන ගහනයක  සැඟව සිටි බවට ප්‍රකට  ජනප්‍රවාදයක් අසන්නට ලැබේ. එම ගම් පියස ලන්ඳ දෙසින්,ගොම්මන් යාමයේ,  යක්ෂයා දොම්නසින් විලාප නැගීම මුල් කොට එම ගම්වරය දොම්පේ යනුවෙන් නම් ලද බව කියැවේ.දොම්පේ නිම්නයෙනහි  උස්ව නැගී සිටිනා   යක් ඔළුවාගල නමින්  හඳුන්වන ගල්  පර්වතය යක්ෂයා නිදා ගැනීමේදී කොට්ටයක් සේ භාවිත කොට ඇති  බව ද ජනප්‍රවාදයේ සදහනි. Image Source : facebook දොම්පෙ ප්‍රදේශය තුළ ...

Read More →

පෙරදිග ඥානය සහ බටහිර ඥානය එකාත්මිකවූ පෞරාණික ගන්ධාරය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : newsnow Image Source : earlyworldhistory ක්‍රිපූ 3 වන සියවසේ සිට දළ වශයෙන් ක්‍රි.ව .1200 දක්වා බුදු දහම ගාන්ධාරයේ  ව්‍යාප්තව  පැවතිණි. බුදු දහම  ආශ්‍රිතව නිපන් සුවිශේෂී  සංස්කෘතික හා කලා  සම්ප්‍රදායක් මෙම   කලාපය පුරාවට  ප්‍රබල ලෙස ජන ගතව පැවති  සෙයක්  පුරාවිද්‍යාත්මක ගවේෂණයන් ගෙන හැර දක්වයි. ගාන්ධාරය පිහිටියේ ,වත්මන් උතුරැ දිග පාකිස්ථාන‍යේ හා නැගෙනහිර ඇෆගනිස්ථානය අතර පැතිරී පෙෂාවර් නිම්න භූමි ප්‍රදෙශහිය.  බුදු සමය හා සබැදි  අධ්‍යාත්මික දර්ශනය විවිධ පැතිකඩ ,දිශාවන් ඔස්සේ ගාන්ධාර දේශයේ මුල් බැස ගෙන තිබිණි..පැරණි  ගාන්ධාරයේ  අගනුවර වූයේ සුප්‍රසිද්ධ තක්ෂිලා නගරයයි. ඉපැරණි තක්ෂිලා බොදු සරසවිය පිහිටියේ මෙම නගරය කේන්ද්‍රිතවය. image Source :   quora ත්කක්ෂිලාවේ  නටබුන් Image Source : twitter ආර්. සීතාරම් පණ්ඩිත් ගේ රාජතරංගිණී කෘතියෙහි සදහන් වන පරිදි  ගන්ධාරයේ රාජවංශ ඉතිහාසය ආරම්භ වන්නේ ඉෂ්‍වාකූ රජු මාන්ධත (ක්‍රි.පූ. 6200) ගේ මුලිඛත්වයෙනි.   අංගුත්තර නිකායේ  ගන්ධාරය සොළොස් මහා ජනපදයන් ගෙන් එකක් බැව් සදහනි.  වේද ග්‍රන්ථයන් , රාමායනය සහ මහා භාරතය ගෙන හැර දක්වන අන්දමට ,පැරණි ඉන්දියානු-පර්සියානු ...

Read More →

මළ හිරු බස්නා සැන්දෑ යාමේ …දැයෙන් සමුගත් සේකර – By ආචාර්ය ගාමිණි කාරියවසම් Image Source : dailynews මෙම ජනවාරි 14 වන දිනට මහගමසේකර ශූරින් දැයෙන් සමුගෙන  වසර 48ක් සපිරේ. ඒ නිමිතිකර එතුමා සහ එතුමා අතින් නිර්මාණය වූ ගීත සාහිත්‍ය යේ සජීවී ආත්මීය ශක්‍යතා පිළිබඳවත්සැ මරුමක නිමග්න වීම මෙම ලිපියේ අරමුණය. “මහගමසේකරයන් සමඟ අල්ලාප සල්ලාපයෙන් ගත කල එම සැදෑයාමය පිළිබඳව වූමතකය, මා හදවත්හි සදාතනිකව නිදන්ව පවතී. සොබාදහම , සෞන්දර්ය, දිවියේ අනියතතාවය වන් අපූර්වතම මාතෘකා කිහිපයක් ම එදින අපගේ සංවාදයට බඳුන් විය. එම විරාමයේ කාමරයේ රැදී සිටියේ ඔහුත් මාත් පමණි.එනමුදු අප අතර තෙවැන්නක්ද සැඟවී රැදී සිටි බව මට පසක් වූයේ පසුදින (1976 ජනවාරි 14) උදෑසන ගුවන් විදුලි  ප්‍රවෘත්ති විකාශනයට සවන් දුන් මොහොතෙහිය. ඒ අන් කිසිවකු නොව මාරයාය.  අප සල්ලාපයේ යෙදී සිටි මුළු කාලය පුරාවට, මාරයා සේකරගේ සුලැඟිල්ලේ එල්ලී සිටියාට සැක නැත. සේකරයන් මිය යාමට හෝරාවකට පෙර, ඔහු ඇසුරේ සිටි එකම පුද්ගලයා මා විය හැකිය.“ මහාචාර්ය ජෝතිය ධීරසේකර විද්වතුන්, පෙර දින සන්ධ්‍යා  භාගයේ තමන් හමුවූ සේකරයන්පි ළිබඳව තබා ඇති මෙවන් මතක ...

Read More →

ගොළු හදවතින් යොවුන් සිත් විරහවෙන් මුසපත් කළ ජයලත් ( කරුණාසේන ජයලත් 96 වන ජන්ම සංවත්සරය ජනවාරි 10 දිනට යෙදේ ) – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : songhub ළමා වියත් යොවුන් වියත් අතර එළඹෙන පරිවර්තනශීලී කාල පරාසය අප හැම දෙනෙක්ම අත්විඳ ඇති සොඳුරුතම යුගයකි. මෙම අසිරිමත් අවධිය පෑන් තුඩින් කදිමට චිත්‍රණය කරමින්, ජන හදවත්හි සදාතනික සොඳුරු සමරුවක් සටහන් කළ ලේඛකයෙකු ලෙසින් කරුණාසේන ජයලත්ට සිංහල සාහිත්‍ය මංතලාවේ අද්විතීය ස්ථානයක් හිමිවේ. හෙතෙම අප තෙවන පරම්පරාව දක්වා වූ සුවහසක් පාඨකයන්ගේ අප්‍රමාණ භක්තියට ප්‍රසාදයට පත් වූ ලේඛකයෙකි. ඔහුගේ දිවි පෙවෙත පිළිබඳවත්, ඔහුගේ ළබැඳි නිර්මාණයන් පිළිබඳවත් ස්මරණයක නිමග්න වෙන්නට මා පොළඹවනු ලැබීම ඔහු කෙරෙහි මා හද උපන් අප්‍රමාණ භක්තියයි. Image Source : facebook නුහුරු නුපුරුදු රහස පිළිබද මිහිර ආදරයයි කියා … කරුණාසේන ජයලත් නාමය පාඨකයින් අතර විශේෂයෙන්ම යොවුන් පරපුර අතර බෙහෙවින් ජනාදරයට පත් වූයේ 1962 වසරේදී ගොළු හදවත  මුද්‍රණ ද්වාරයෙන් බිහිවීමත් සමඟය. සුවහසක් පාඨක ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වූ ගොළු හදවත රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද ඇගයුමට බඳුන් විය. ...

Read More →

ගීතයේ සහ නර්තනයේ නිපුනතාව එකාත්මික වූ ජපන් කබුකි නාට්‍ය කලාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : kimonoonlinelesson ජපානයේ අති පෞරාණික නගරය  සේ සැලකෙන කියෝතෝ පුරවරයේ උතුරු දෙස සජිකිගතාකේ කදු වැටියේ සිට දේශය සශ්‍රීකත්වයට පත් කරමින් කමෝ නදිය ගලා බසියි. චෙරි සහ සකුරා තුරු අතරින් ගලා බස්නා මෙම නදියේ  මංතලාව  වංගු සහිත වීම නිසා ගග ගලා බසින්නේ  හැඩකාර රිද්මයානුකුල ස්වභාවයකිනි. මේ නිසා දුරාතීතයේ සිට  දේශීය ජනතාව මෙම  ගංගා දේහිනිය තාරා නදිය ලෙසින් ද හදුන්වනු ලැබුහ. Image Source : commons ඉසුමෝ දෙවොල  ජපන් කබුකි රංග කලාවේ නිර්මාතෘ , නෝ ඔකුණි,ඉසුමෝ දේවාලයේ දේව කන්‍යාවියක  ලෙසින් තේවාවේ නිරතව සිටි නිසා , පසු කාලයේ  ඉසුමෝ දේවතාවියගේ නම ද ඇගේ නමේ කොටසකට එක්වූ බවට ජන  විශ්වාසයක් පවතී. ඉසුමෝ දෙවියන් සාම්ප්‍රදායිකව විවාහය, වාසනාව සහ කෘෂිකර්මාන්තයේ දිව්‍යාංගනාව ලෙස,එරට ජනතා ගෞරවාදරයට පාත්‍රවේ. Image Source : pinterest 1603 වසරේ ගිම්හානයේ එක්තරා සැදෑ යාමයක කියෝතෝහී යථෝක්ත  කමෝ ගංගා තීරයේ ඉසුමෝ දෙවොල දෙසින් මන බන්දනීය සංගීත රාවයක්ගම් වැස්සන්ට අසන්නට ලැබිණි. ඒ ළදුන් සමුහයකගේ හැඟුම්බර ලයාන්විත  ගායන විලාශයකි. ගායනය  පසුබිමේ ජපන් බෙර රිද්මය  මුසු බටනළාවේ  ඉමිහිරි නාදය පිස ගත් ...

Read More →

අකාලයේ ඝාතනයවූ – විද්‍යා පුනරුදයේ අභීත කාන්තාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : etsy Image Source : fineartamerica ඇය කරත්තයක නැගී යමින් සිටියේ විද්‍යාර්තීන් පිරිසකට ගණිතය පිලිබදව දැනුවත් කිරීමේ දේශනයකටය.අනපේක්ෂිත මොහොතක උග්‍ර ක්‍රිස්තියානි අන්ත  වාදී    ගල් මුගුරු රැගත්,හැදී දැඩි පිරිසක් ඇයගේ ගමන අවහිර කළහ .ඔවුහු ඇය කරත්තයෙන් ඉවතට ගෙන බිම දිගේ සිසරීන් දොවොල තුළට ඇදගෙන ගියහ.එහිදී කාන්තාව  සමිපූර්ණයෙන් ම   නිරුවත් කරනු ලැබිණි.පිරිස කුරිරු ලෙසින් ඇයට පහරදී , යළි බිම දිගේ ඇදගෙන ගොස්   ඇය   කණුවකට තබා බැද , පණ පිටින් ගිනි තබා   පුලුස්සා දැමූහ. Image Source : fineartamerica 1866 නාඳුනන කලාකරුවෙකු විසින් නිර්මිත  ඇලෙක්සැන්ඩ්‍රියාවේදී හයිපතියා බිම දිගේ ඇදගෙන යාම  Image Source : english.elpais Image Source : wikipedia ලුවී ෆිගුයර් (  Louis Figuier, )  විසින්  1866 දී ලියන ලද “Death of the philosopher Hypatia, in Alexandria”- කෘතියෙහි යථෝක්ත සත්‍ය සිදුවීම සනිටුහන් කරන්නේ සජීවී ආකාරයෙනි.  හයිපතියා උපත ලැබුවේ ක්‍රි.ව. 355 දී පමණ ඇලෙක්සැන්ඩ්‍රියා දේශයෙහිය.නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ ඊජිප්තු ප්‍රාන්තයේ ඇලෙක්සැන්ඩ්‍රියාව පිහිටියේය.     Image ...

Read More →

සොඳුරු සාහිත්‍යධර,මඩවල එස්.රත්නායක – 27 වන ගුණානුස්මරණය . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.   තණ්හා ආශා ඔලොගු කරේ ලා මඟ තොට නොබලා වගතුග නොසොයා එළිය දකින්නද මේ යන්නේ ඒ… සැපත සොයන්නද මේ… පණ්ඩිත්  අමරදේව ශුරීන්ගේ භාවාත්මක සර ඔබ මතකයට නංවමින් මෙම සමරු සටහන ආරම්භ කිරීම මැනවයි මට  හැඟීණි . සසර සරණ පුහුදුන් මිනිසුන්ගෙන් තත් පැනය විමසූ ,එවන් අර්ථ පුර්ණ ,හෘදයාංගම ගීත රැසකින්  ගීත සාහිත්‍යය පැහැසර කළ සාහිත්‍ය වේදියෙක් ,දිවියෙන් සමු ගෙන 2024 ජනවාරි 08  දිනට 27 වසරක් සපිරේ. හේ මඩවල රත්නක අච්චිලාගේ  සිරිසේන  නොහොත් මඩවල එස්.රත්නායක  ප්‍රඥාවන්ත සාහිත්‍යධරයාය. අපට ඔහු මුලින්ම හමුවන්නේ,60 දශකයේ අග භාගයේදී ,ගුවන්විදුලි මහගෙදර ටිකිරි සිනා රැළි  ළමා වැඩසටහන තුළිනි. ප්‍රියශීලී ,අහිංසක සිනා රැල්ලෙන් සිය නිහතමානීත්වය ප්‍රකට කළ ,වඩා උස නොවූ මේ විශිෂ්ට සුන්දර  මිනිසා ළමුන් අතර මහත් සම්භාවනාවට පත්ව සිටි අයුරු මගේ මතකයට නැගේ. Image Source : sundayobserver 1950 වසරේදී  ඔහු වෘත්තීය දිවියට පාතබන්නේ ලේක්හවුස් ආයතනයේ, දිනමිණ පත්‍රයේ කතුවරයෙක් ලෙසිනි. අනතුරුව 1952 දී ලංකාදීප පුවත් පතට සම්බන්ධවේ.තමන් වෙත සහජයෙන් උරුමවූ නිර්මානාත්මක හැකියාවන් මුවහත් කර ගැනීම පිණිස,1954 වසරේ ඔහු පත්තර රස්සාවෙන් සමුගන්නේ,.ගුවන්විදුලියේ සංගීත වැඩසටහන් අංශයේ පැවති  පුරප්පාඩුවකට ඔහු තෝරා ගැනීම නිසාය. ගුවන් විදුලියේ ජන ගී පර්යේෂණ වැඩසටහන් ආරම්භ කිරීමේ ගෞරවය මොහුට හිමිවේ.. ...

Read More →

හඬ පෞරුෂයෙන් ,නිර්මාණශීලීත්වයෙන් සහ මනුෂ්‍යත්වයෙන් සපිරි – බණ්ඩාර කේ.විජේතුංග – By ආචාර්ය ගාමිණී කාරියවසම්. 2024 ජනවාරි 03 දිනට, බණ්ඩාර කේ.විජේතුංග කෘතහස්ථ ගීත නිබන්ධකයා  දැයෙන් සමු ගෙන වසර 34 ක් සපිරේ.ගුවන්විදුලි මහගෙදර ,අපේ සමකාලීනයෙක්වූ  ඔහු අනුස්මරණය උදෙසා, ඔහු නිර්මාණ රසාස්වාදනය කරමින් මෙවන් සමරු සටහනක් තබන්නට මා සිත් පෙළැඹිණි. පුංචි බණ්ඩා විජයතුංගය සහ බණ්ඩාර මැණිකේ හේරත් දෙමහල්ලන් 1939 ක් වූ ජනවාරි මස 28වැනි දින පුත් රුවනක් ලදහ.ඔහු ජන්ම ලාභය ලද්දේ  කුරුණෑගල පල්ලේගම වැලිගන්වත්ත ග්‍රාමහිය.දෙමාපියන්  සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක විජයතුංග නමින් දරු උපත ලියා පදිංචිකරනු ලැබිණි.පියා වෘත්තීයෙන් ගුරුවරයෙකි. චින්තා පද්මිණීය,මෙම දරුවා ගේ එකම සොහොයුරිය වුවාය. පසු කාලයේ ‘බණ්ඩාර කේ. විජයතුංග  නමින් කලා ක්ෂේස්ත්‍රයේ දිදුලන්නේ මෙම දරුවා  බව දන්නේ සමාජයේ අතලොස්සකි. බණ්ඩාර විජයතුංග මූලික අධ්‍යාපනය ලබන්නේ ,බදුල්ල සාන්ත බීඩ් විද්‍යාලයෙනි.1953 වසරේ මොහු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනීම ආරම්භ කරන්නේ  ඉංග්‍රීසි මාධ්‍යයෙනි. 1964 වසරේ ආනන්ද විදුහලේ සිසුන් අතර පැවැත්වූ සාහිත්‍ය තරගාවලියේ කෙටිකථා,නාට්‍ය,ගීත සහ පද්‍ය යන තරග ඉසව් හතරෙන් ම හේ ප්‍රමුකයා වුයේ ඔහු සහජයෙන් ලද නිපුනතා මැනවින්ප්‍රකට කරවමිනි.මහාචාර්ය ජේ. බී.දිසානායක ,ඩී. බී. නිහාල්සිංහ, මහාචාර්ය සුනන්ද ...

Read More →

සිනිමාව දිග් විජය කළ එච්.ඩී.ප්‍රේමරත්න. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. එච්.ඩී.ප්‍රේමරත්න-හපුආරච්චිගේ දොන් ප්‍රේමරත්න – දිවි සිනිමාවෙන් නික්ම ගොස් මෙම දෙසැම්බර් 26 වන දිනට 18 වසරක් සපිරේ. හෙතෙම  කැලණිය ගුරුකුල විද්‍යාලයේ එකම පන්තියේ මා සමග එකට සිප් සතර හැදෑරීය. ඔහු පිළිබදව මෙවන් සටහනක් තැබීම කෙරෙහි මා සිත් නිරායාසයෙන් ම යොමුවූයේ ,හෙතෙම මගේ පාසල් මිතුරෙක්වූ නිසාම නොවේ.  ඔහු වෙතින් ලංකේය සිනිමාවට ඉටුවූ අනල්පවූ මෙහෙවර ඇගයීම උදෙසාය.ගුරුකුලයේ  මාලණී ෆොන්සේකා ,විමල් කුමාර් ද කොස්තා, පතිරාජ දයානන්ඳ ,ඩොනල්ඩ් කරුණාරත්න වන් සිංහල සිනිමාව එකළු කළ ශිල්පීන් එච්.ඩී.ප්‍රේමරත්න සිනිමා වේදියාගේ සමකාලීන සගයන්ය. එච්.ඩී. ප්‍රේමරත්නයන් කදුළු අතරින් සිනාසුනු කලාකරුවෙකි. 1944 ජනවාරි 27  දින ප්‍රේමරත්න ජන්ම ලාභය ලබන්නේ වත්තල තෙලගපාත ගම් පියසෙ හිය. එච්.ඩී. එලෝසිඤ්ඤෝ සහ ඩබ්.කේ. මැඩ්ලින් නෝනා  ඔහු දෙමාපියන්ය. කුඩා විය ගුරුකුල විදුහලට සමු දෙන  ඔහු උසස් අධ්‍යාපනය සදහා පිවිසෙන්නේ මරදාන ශ්‍රීලංකා විද්‍යාලය වෙතය.උසස්පෙළ  සමත්වීමෙන් පසුව හේ ,සිය ප්‍රථම වෘත්තීය දිවිය ටයිම්ස් පත්තර කන්තෝරුවෙන් ආරම්භ කරයි. විවාහ දිනයේ  එච්.ඩී ,සිය භාර්යාව පද්මිණි,දෙදරුවන් වන රේඛා දිලානි සහ රංග ...

Read More →