Dr. Gamini Kariyawasam

The River of Time Flows – By Dr Gamini Kariyawasam The concept of time permeates our entire existence. Standing on a slightly elevated ground across the river, I gazed at the sky, overwhelmed by a mysterious feeling. The river flows forward, changing moment by moment, almost imperceptibly. This extraordinary sight revealed a profound truth: time, which we cannot grasp or measure, ages us and flows from distant origins, ever onward. The lyrics of a poignant song came to mind, deepening the melancholy of the tranquil surroundings:     “කොළොම්තොට නැත මහලු වී  අවන්හල නැත පැරැණි වී  එදා හඳමයි අදත් යෞවනයේ  එහෙත් අප දෙන්නා  බලන් කැඩපත සොඳුරියේ – පාට වත්සුණු දෙකොපුලෙන් පිසදා  පෙරුම් පුරමින් හමුවෙලා – උනුන් රහසින් බැන්ද ආදර පෙම්  බලන් කැඩපත සොඳුරියේ – කුමන අරුමද  නර කෙසක් නැගිලා…”  (You can listen to this song by clicking the excerpt below.)  This song, sung by the legendary Amaradeva with lyrics by Lucian Bulathsinhala, beautifully captures the sorrow of time’s relentless march. Amaradeva’s voice, rich with emotion, resonates deeply within the heart, creating a subtle vibration that words cannot describe. It feels as if we, too, ...

Read More →

ශ්‍රී දළදා වහන්සේ සුරැකි රන් වියන – By ආචාර්ය ගාමිණී කාරියවසම් Image Source : sridaladamaligawa නුවර වැව් තෙර පියමන් කරද්දී , දුටු දුටු දනන් සිත් දැහැන් ගන්වන සුළුවූ ,මනෝරම්‍යවූ දසුනක් වෙත නෙත් සිත් බැදේ. ඒ අන්කිසිවක් නොව අති පුජනීය වූ ශ්‍රී දළදා මැදුරයි. පත්තිරිප්පුව පෙරටු කොට, උඩවත්ත හරිත වන තුරු හිස් මතින් මතුව ,හිරු රැස් පතිත තටාකයක රන් පැහැ  තරංග  ලෙසින් ඇතට දිස්වන රන් වියන දළදා මාලිගාවේ දිවමන් සංකේතය ලෙසින් හැදින්විය හැකිය. රන්වියන සංකල්පයේ නිර්මාතෘ ,අභාවප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිදුන්ය  එවකට අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ , රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතුන්. 1986 දී,  දළදා වහන්සේ වැඳපුදා ගැනීමට  ගියේය. එම අවස්ථාවේදී , එවකට මල්වතු නාහිමි ලෙසින් වැඩ විසූ පුජ්‍ය ,  සිරිමල්වත්තේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමට යාමට අමතක නොකළේය.. උන්වහන්සේ අග්‍රාමාත්‍යතුමන්,දළදා වහන්සේ වැඩ සිටින කුටිය වෙත කැඳවාගෙන ගොස්, එම කුටිය තුළට  වහළයෙන් ජලය කාන්දු වන බව පෙන්වා දුන් සේක. උඩවත්ත වනපෙතේ වඳුරු රෑන්,නිරන්තරයෙන් මෙම වහල මත දුව පැන ඇවිදීම, වහලය අබලන් වීමට හේතුවක් වන බැව් උන්වහන්සේ ,ප්‍රේමදාස මහතාගේ ...

Read More →

ග්‍රන්ථ නිර්මාණයේ නව හැරවුම් ලක්ෂය – ඩිජිටල් – By Dr. Gamini Kariyawasam ග්‍රන්ථ නිර්මාණයේ  නව හැරවුම් ලක්ෂයක්  ලෙසින්, ඩිජිටල්   ශ්‍රව්‍ය ග්‍රන්ථකරණය, වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන්  නොමඳ සැලකිල්ලට බඳුන්වෙමින්  පවත්නා භාවිතයකි.  ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම, මිනිසා  නානාවිධ තත්වයන්ට අනුවර්තනය වීම උදෙසා , විවිධ තාක්ෂණයන් දියුණු කිරීමෙහි ලා  නිතැතින් ම පෙළඹී ඇත.  මෙම ලිපිය ,  ලේඛන කලාව අක්ෂර භාවිතයෙන් තොරව, ශ්‍රව්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමේ ප්‍රවනතාව පිළිබදව    විමසා බැලීමේ ප්‍රයත්නයකි.   මෙම ශාස්ත්‍රීය ලිපියට පූර්විකාවක් ලෙසින්, ලේඛන කලාවේ විකාශනය පිළිබඳව විමංසනයකින්  ආරම්භ කිරීම යෙහෙකැයි  හැඟිනි.               අක්ෂර භාවිතය තුළින් නිපන් ලේඛන කලාව  හුදෙක් දෘශ්‍ය ප්‍රකාශනයක් පමණක්  නොව සහස්‍ර ගණනාවක්  විකාශනය වූ ගැඹුරු සංස්කෘතික භාවිතයකි. ගල් පුවරු මත කැටයම් කරන ලද පැරණි අක්ෂරවල සිට නූතන කලාත්මක අකුරු දක්වා, අකුරු ලිවීමේ ඉතිහාසය මානව නිර්මාණශීලීත්වය, සන්නිවේදනය සහ සංස්කෘතික හුවමාරුව පිළිබඳ සිත් ඇදගන්නාසුළු වෘත්තාන්තයකි . ලේඛනය යනු කිසියම් අරමුණක් සහිතව ලිවීමයි. එබැවින්  ලේඛන කලාවේ ආරම්භය අධ්‍යයනය කිරීමේ දී ආරම්භක චිත්‍ර  හා රූ  සටහන් ද අවධානයට යොමුවේ.            ලිවීමේ  ක්‍රමයක් මුලින් ...

Read More →

මාගම යටාලතිස්ස දාගැබේ  – By Dr. Gamini Kariyawasam  දන්ත ධාතුන්වහන්සේ නමක් වැඩ සිටින බැව් රණකෙළිය සහ යටාල සෙල් ලිපි වලින් තහවුරු කෙරේ..                             කන්ද උඩරට  ශ්‍රී දළදා මාලිගාවේ වැඩවසන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වෙත   පූජෝපහාර ලෙසින් වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර මංගල්‍යයේ,   රන්දෝලි මහ පෙරහැර 2024 වසරේ අගෝස්තු මස 19 ,  නිකිණි පුන් පොහෝ දින වීදී සංචාරයෙහි යෙදීමට නියමිතය.මෙම අනුස්මරණීය අවස්ථාවේ, දළඳා වහන්‍සේ නමක් මාගම යටාලතිස්ස වෙහෙරේ වැඩවසන බව තහවුරු කෙරෙන බෙහෙවින් ම අප්‍රකටව පවත්නා පුවත් සංනීතයක් ජනගත කිරීමේ කාලීන අවශ්‍යතාව කෙරෙහි මගේ අවධානය යොමුවිය. (චායාරුපය – ඉරිදා ලංකාදීප 2021 ජනවාරි 02 අනුග්‍රහයෙනි) යටාල දාගැබ >    යටාල වෙහෙරේ පැරණි ඇත් පවුර  >   නන්වන් කුසුම් සුවඳ ගෙනැ බුදු මුවින් දේශිත සියලු සූත්‍ර ධර්ම දේශනා අසූහාර දහසක් ශ්‍රී ධර්මස්කන්ධය ස්පර්ශිත සතර දළඳාවන් අතරින් දළඳා වහන්‍සේ තෙනමක් ම මේ දිවයිනෙහි වැඩවසන බව පුරාවිද්‍යා සාක්ෂි මඟින් තහවුරු වේ.මේ පුවත ශ්‍රී ලාංකිය බෞද්ධ ...

Read More →

මි විතින් ගි පොත පෙරලු ලලනාව ඇසුරේ මිහිර සෙවූ ඔමාර් ඛය්යාම් – By Dr. Gamini Kariyawasam   එන්න පුරවන්න  මි විත ඔබ සිසිර වත – දමන්න වසත්  සමයේ ගින්නට කාල විහඟාගේ පියඹුම ලඟයි නිමවන්න පියාපත් සලා -අන්න ඌ ඉගිලෙයි ජිවතය පිළිබඳ අපුර්වතම ආකල්පයක් සහෘද සන්තානගත කිරීමේ  ප්‍රයත්නයක  නිරත  මොහු දාර්ශනිකයෙක්,ලෝකායත වාදියෙක් හා විශිෂ්ඨ ගණිතඥයෙක් ලෙසින් ද ප්‍රකටය. එහෙත් අප වැඩි දෙනෙක් ඔහු හඳුනන්නේ ප්‍රතිභාපුර්ණ,සෞන්දර්යවා දී  කවියෙකු විලසිනි. ඔහු – ඔමාර් ඛය්යාම් මුළු නමින් හඳුන්වෙතොත් – ඔමාර් ඉබ්න් ඊබ්‍රාහිම් ඛය්යාම් ඔමාර් ඛයියාම් ගේ ජීවන දර්ශනයවූ නුරාව,සුරාව සහ සංගීතය මුර්තිමත් කෙරෙන ඉපැරණි කැටයමක්. කූඩාරම් තනන්නෙකු වන ඊබ්‍රාහිම්ගේ පුත්‍ර යන අරුත්  දෙන ඊබ්‍රාහිම් ඛයියාම් යන සදහනින්  ඔහුගේ පියාගේ නමත්  ජිවන වෘත්තියත් හෙළි වේ  ක්‍රි.ව 1048 මැයි 18 වන දින පර්ෂියාවේ නිශාපූර් නගරයේදි මොහු ජන්ම දායාදය ලැබිය.  ඔහු අතින් පැබැඳුනු, ගුප්ථාර්තයන් කැටිවූ  රුබය්යාට් කාව්‍ය මෙන්ම ඛය්යාම්ගේ දිවි පෙවත ද ගුඩ අද්භූත  එකක් වු බව,ඔහුගේ දිවිපෙවෙත තුළින් විද්‍යමානවේ.  නිශාපුර්හි ඉමාම් මොව්වාක් නැමති ආචාර්‍යවරයා යටතේ හෙතෙම  ...

Read More →

අභිමානණීය දළදා පුරාණය. – By Gamini Kariyawasam                                                           කන්ද උඩරට   වාර්ෂික දළදා පෙරහැර ,මේ දිනවල රාත්‍රී යාමයේ  ( 2024 අගෝස්තු  දෙවන සතියෙහි) ,දළදා මාළිගා පරිශ්‍රයෙහි වීදි සංචාරයෙහි යෙදේ. . චාරිත්‍රයක් ලෙසින් ,දළදා පෙරහැර පැවැත්වීමට ඇසළ පොහෝ සමය යොදා ගැනීමට  , කිසියම් වැදගත් සාධකයක් මුල්වී ඇති බැව් විද්වතුන්ගේ නිගමනයයි.ලෝකයට සම්‍යක් දර්ශනය පහළ වූයේ ඇසළ පොහෝ දිනකය. මිගදායේදී බුදුන් වහන්සේ පස්වග  මහණුන් වෙත මධ්‍යම ප්‍රතිපදාව නම් වූ උසස් ජීවන පිළිවෙත දේශනය කළේ ඇසළ පොහෝ දිනක බැවින් ශාන්ති නායකයාණන්ගේ අසූහාර දහසක් ශ්‍රී ධර්මස්කන්ධය ස්පර්ෂිත දළදා  සමිඳුන් වෙනුවෙන් එසමයෙහි පෙරහැර පවත්වා පූජෝපහාර දැක්වීම අගය කළ යුතුය.  දාඨා වංශයෙන් හෙළිවන පරිදි ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එක් දළදාවක් ශක්‍රයා විසින්ද, සෙසු දන්තයන් , ගන්ධාර දේශයේ හර්ෂවර්ධන රජු හා නාලොව නාග රජුන් විසින්ද ලබා ගෙන පුද පෙළහර පවත්වනු ලැබීය. සිවු දළදාවන්ගෙන් ඉතිරි දළදාව ඛේම නම් මහරහතන් වහන්සේ ක්‍රි.පු. 433 දී කලිඟු රට දන්ත පුර බ්‍රහ්මදත්ත රජුන් වෙත පිරිනැමූ සේක. බ්‍රහ්මදත්තයන් රන් රුවනින් අලංකාර වූ අනගි සුවිසල් ධාතු ...

Read More →

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකා සුමනාවන් දිවි සැරියෙන් සමු ගනී – By Dr Gamini Kariyawasam ශ්‍රී ලාංකීය නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රථම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකා, සුමනා නෙල්ලම්පිටිය මහත්මිය, අගෝස්තු 08 වන දින , සිය දිවියෙන් සමු ගත්තාය.   ( දසත අනුග්‍රහයෙනි) ඇයගේ දිවිසැරියේ විචිත්‍රවත් අවස්ථාවන් සහ ඇය වෙතින් මාධ්‍ය ක්‍ෂේත්‍රයට ඉටු වූ අනූපමේය මෙහෙවර පිළිබදව මෙවන් අනුස්මරණීය සටහනක් තැබීම කෙරෙහි මා සිත් යොමුවුයේ, ඇය වෙත උපහාර දැක්වීමේ පරම අධ්‍යාශයෙනි.. කොහුවල ප්‍රකට ව්‍යාපාරික යුවළක්වූ දාස නෙල්ලපිටිය දම්පතීන් ගේ වැඩිමහල් දියණිය ලෙසින් සුමනා ජන්ම ලාභය ලබන්නේ 1944 මැයි 23 වන දිනදීය. ඇය සුමති,සමරා,රංජනී,සරා,නිංගී යන සහෝදර සහෝදරියන් පිරිසගේ සෙනෙහිබර අක්කණ්ඩිය වූවාය.ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයෙහි නියුක්තව සිටි,හේමචන්ද්‍ර ගුණතිලක ඇයගේ දයාබර සැමියාය. හේ වසර ගණනාවකට පෙර කල්පා දියණිය , පුත් මහේෂ සහ සුමනාවන් තනිකර දිවියෙන් සමුගත්තේය. පොල්ගස්ඕවිට සිරිපති විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය අවසන්කර ඇය උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා යොමුවන්නේ නුගේගොඩ සුජාතා විද්‍යාලය සහ . ගෝතමී බාලිකා විද්‍යාලයෙන් වෙතය. සුමනාවන්ට. මාධ්‍යය ක්ෂේත්‍රයට පිවිසෙන්නට අවැසි පන්නරය ලබා දෙන්නේ ගෝතමී ...

Read More →

Meerigama “ Mihiraavya” Punya, Celebrates Her 86th Birthday – Dr. Gamini Kariyawasam Punya Heendeniya, who can be considered an embodiment of village femininity, is celebrating her 86th birthday on July 31. Although this ‘village girl’ lives in a foreign environment, she retains her village features and beauty as she steps into old age. Punya has completed eight and a half decades of her life, and no fan who sees her would guess it. It makes sense to start this article about Punya Heendeniya with a quote made by Henry Jayasena, the lead actor of the movie ‘Gamperaliya,’ while writing a letter to the ‘Daily News’: “The Mundial Film Festival in Mexico was held from November 21 to December 4, 1965, with the participation of 13 countries. On November 26, a press interview was called before the closing ceremony. Punya received a request from the organizers to appear on stage wearing ...

Read More →

Vijamu: The Pilot of a Great Public Mission – 83rd Birth Anniversary – By Gamini Kariyawasam.  As soon as we see the three letters VIJMU, Vijamu Lokubandara Champions come vividly to our memory. His 83rd birthday is on the 3rd of August. He was born on August 3, 1941, in Haputale Yahalabedda village, in a family of three brothers and three sisters. The parents, Loku Menike and Gunasekara Bandara, named this baby VIJesinha Jyaweera Mudyanselage Lokubandara. Later, this great man got used to using his name as Vijamu, by combining the initials of the trinity of his names.    A lively conversation where Wijamu  recalls his childhood Yahala Bedda School was the school he attended. This child went to Bandarawela Madhya Maha Vidyalaya for secondary education. He passed the university entrance exam with flying colors and obtained his Bachelor of Arts degree from the University of Peradeniya. Vijamu, who was very ...

Read More →

කඩොලාන පරිසර සංරක්ෂණ ජාත්‍යන්තර දිනය – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : dailynews එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) මගින් සෑම වසරකම ජුලි 26 දිනය කඩොලාන පරිසර සංරක්ෂණ ජාත්‍යන්තර දිනය ලෙසින්  ප්‍රකාශයට පත් කර ඇත. Image Source: weforum මිහිතලයේ තිරසාර පැවැත්ම කෙරෙහි කඩොලාන පරිසර පද්ධතියෙන් ඉටුවන ප්‍රශස්ත මෙහෙවර සැලකිල්ලට ගෙන එය ආරක්ෂා කර ගැනීමෙහිලා සමස්ත ලෝකයේම ජනතාව පෙළ ගැස්වීම හා පෙලඹවීම, කඩොලාන පරිසර සංරක්ෂණ ජාත්‍යන්තර  දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධානතම අරමුණ ලෙසින් සැලකේ. කඩොලාන තුරු පියස පාරිසරික යහ පැවැත්මට මෙන්ම ජනතාවගේ ආර්ථිකය කෙරෙහිද ප්‍රබල ලෙස බලපාන සාධකයකි. ගොඩබිම් හා ජලය එක්වන මායිම ලෙස සැලකෙන අන්තර් උදම් කලාපය ,කඩොලාන තුරුයායේ නිජ බිමය. ගංගා මෝය හා කලපුවල කිවුල් දිය ආශ්‍රිතව සැඳෑ යාමයේ සිදුවන වඩදියට යටවී උදෑසනේ බාදියට නිරාවරණය වන එම බිම් පෙත් හි වැඩෙන ආශ්චර්යමත් ශාක විශේෂයක් ලෙසින් කඩොලාන ශාක පද්ධතිය හැඳින්විය හැකිය.එය සාමාන්‍ය ශාකවලට ඔරොත්තු දීමට, ජීවත් වීමට අසීරු, ලවන සහිත ශුෂ්ක පරිසර සාධක හමුවේ කටුක පරිසරයට අනුවර්තනය වෙමින් වර්ධනය වේ. ...

Read More →