සොඳුරු සාහිත්‍යධර,මඩවල එස්.රත්නායක – 27 වන ගුණානුස්මරණය . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.   තණ්හා ආශා ඔලොගු කරේ ලා මඟ තොට නොබලා වගතුග නොසොයා එළිය දකින්නද මේ යන්නේ ඒ… සැපත සොයන්නද මේ… පණ්ඩිත්  අමරදේව ශුරීන්ගේ භාවාත්මක සර ඔබ මතකයට නංවමින් මෙම සමරු සටහන ආරම්භ කිරීම මැනවයි මට  හැඟීණි . සසර සරණ පුහුදුන් මිනිසුන්ගෙන් තත් පැනය විමසූ ,එවන් අර්ථ පුර්ණ ,හෘදයාංගම ගීත රැසකින්  ගීත සාහිත්‍යය පැහැසර කළ සාහිත්‍ය වේදියෙක් ,දිවියෙන් සමු ගෙන 2024 ජනවාරි 08  දිනට 27 වසරක් සපිරේ. හේ මඩවල රත්නක අච්චිලාගේ  සිරිසේන  නොහොත් මඩවල එස්.රත්නායක  ප්‍රඥාවන්ත සාහිත්‍යධරයාය. අපට ඔහු මුලින්ම හමුවන්නේ,60 දශකයේ අග භාගයේදී ,ගුවන්විදුලි මහගෙදර ටිකිරි සිනා රැළි  ළමා වැඩසටහන තුළිනි. ප්‍රියශීලී ,අහිංසක සිනා රැල්ලෙන් සිය නිහතමානීත්වය ප්‍රකට කළ ,වඩා උස නොවූ මේ විශිෂ්ට සුන්දර  මිනිසා ළමුන් අතර මහත් සම්භාවනාවට පත්ව සිටි අයුරු මගේ මතකයට නැගේ. Image Source : sundayobserver 1950 වසරේදී  ඔහු වෘත්තීය දිවියට පාතබන්නේ ලේක්හවුස් ආයතනයේ, දිනමිණ පත්‍රයේ කතුවරයෙක් ලෙසිනි. අනතුරුව 1952 දී ලංකාදීප පුවත් පතට සම්බන්ධවේ.තමන් වෙත සහජයෙන් උරුමවූ නිර්මානාත්මක හැකියාවන් මුවහත් කර ගැනීම පිණිස,1954 වසරේ ඔහු පත්තර රස්සාවෙන් සමුගන්නේ,.ගුවන්විදුලියේ සංගීත වැඩසටහන් අංශයේ පැවති  පුරප්පාඩුවකට ඔහු තෝරා ගැනීම නිසාය. ගුවන් විදුලියේ ජන ගී පර්යේෂණ වැඩසටහන් ආරම්භ කිරීමේ ගෞරවය මොහුට හිමිවේ.. ...

Read More →

නිවී ගිය පහන් සිළුවක , මතකයේ අරුණලු –  හිටපු ජනාධිපති ලේකම් දේශමාන්‍ය කේ. එච් . ජේ විජයදාස – By ආචාර්ය ගාමිණී කාරියවසම්. හිටපු ජනාධිපති ලේකම් දේශමාන්‍ය කේ.එච්.‌‌ජේ.වි‌ජයදාස මැතිතුමා ඉකුත් අගෝස්තු දාහත් වන දින අභාවප්‍රාප්ත විය. මෙම ශෝක ජනක පුවත දින ගණනාවක් යන තුරා ජනමාධ්‍යයන් ද තුළින් ද රටට අනාවරණය නොවූයේ පැය විසි හතරක් ඇතුළත අවසන් කටයුතු  අප්‍රසිද්ධියේ සිදු කළ යුතු බවට එතුමාගේ අවසන් කැමති පත්‍රයේ සනිටුහන්ව තිබීම බැව්, ඔහුගේ සමීපතම ඥාතියෙක් වූ ලලිත් කන්නන්ගර මහතා වෙතින් දැනගන්නට ලැබිණි. එතුමා සමීපයේ සේවය කළ රාජ්‍ය නිලධාරියෙක්  ලෙසින් එතුමන්ගේ දිවි පෙවෙත සහ උත්තරීතර ජන මෙහෙවර පිළිබඳව මෙවන් අනුස්මරණීය සටහනක් ගෙත්තම් කරන්නට මසිත් පෙළඹුණේ නිරායාසයෙනි. එම මොහොතේ මගේ මතකය වසර 30 ක දුරාතීතය වෙත විහිදි ගියේ නිතැතිණි. එම අපූර්ව සිදුවීම මෙපරිද්දෙන් අපූර්ව ලෙස සිත්තම් වන්නට විය. “……… මා රාජකාරි කළ නිල කාමරයෙහි දොර වීදුරුව අතරින් ප්‍රධාන කාර්යාලයේ එක පෙළට පිහිටි සේවා කවුළු පැහැදිලිව දිස්වේ. ලිපි ගොනු අතර බොහෝ වේලාවක් නෙත් රඳවා සිටි මා දෙනෙතට ...

Read More →