News & Community eLanka

eLanka

Tuesday, 21 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » නිවී ගිය පහන් සිළුවක , මතකයේ අරුණලු හිටපු ජනාධිපති ලේකම් දේශමාන්‍ය කේ. එච් . ජේ විජයදාස – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

නිවී ගිය පහන් සිළුවක , මතකයේ අරුණලු හිටපු ජනාධිපති ලේකම් දේශමාන්‍ය කේ. එච් . ජේ විජයදාස – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: August 24, 2023 8:09 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
9 Min Read
SHARE
Views: 22

නිවී ගිය පහන් සිළුවක , මතකයේ අරුණලු –  හිටපු ජනාධිපති ලේකම් දේශමාන්‍ය කේ. එච් . ජේ විජයදාස – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

k.h.j wijedasa

Dr.Gamini Kariyawasam.

හිටපු ජනාධිපති ලේකම් දේශමාන්‍ය කේ.එච්.‌‌ජේ.වි‌ජයදාස මැතිතුමා ඉකුත් අගෝස්තු දාහත් වන දින අභාවප්‍රාප්ත විය. මෙම ශෝක ජනක පුවත දින ගණනාවක් යන තුරා ජනමාධ්‍යයන් ද තුළින් ද රටට අනාවරණය නොවූයේ පැය විසි හතරක් ඇතුළත අවසන් කටයුතු  අප්‍රසිද්ධියේ සිදු කළ යුතු බවට එතුමාගේ අවසන් කැමති පත්‍රයේ සනිටුහන්ව තිබීම බැව්, ඔහුගේ සමීපතම ඥාතියෙක් වූ ලලිත් කන්නන්ගර මහතා වෙතින් දැනගන්නට ලැබිණි.

එතුමා සමීපයේ සේවය කළ රාජ්‍ය නිලධාරියෙක්  ලෙසින් එතුමන්ගේ දිවි පෙවෙත සහ උත්තරීතර ජන මෙහෙවර පිළිබඳව මෙවන් අනුස්මරණීය සටහනක් ගෙත්තම් කරන්නට මසිත් පෙළඹුණේ නිරායාසයෙනි. එම මොහොතේ මගේ මතකය වසර 30 ක දුරාතීතය වෙත විහිදි ගියේ නිතැතිණි. එම අපූර්ව සිදුවීම මෙපරිද්දෙන් අපූර්ව ලෙස සිත්තම් වන්නට විය.

“……… මා රාජකාරි කළ නිල කාමරයෙහි දොර වීදුරුව අතරින් ප්‍රධාන කාර්යාලයේ එක පෙළට පිහිටි සේවා කවුළු පැහැදිලිව දිස්වේ. ලිපි ගොනු අතර බොහෝ වේලාවක් නෙත් රඳවා සිටි මා දෙනෙතට මද අස්වැසිල්ලක් ලබාගැනීමේ රිසියෙන් ඈතින් නෙත් ගැටෙන  ස්වා කවුළු වෙත අවධානය යොමු කළෙමි. එහිදී වරිපනම්, වෙලඳ බලපත්‍ර, විදුලි, ජල බිල්පත් ගෙවන්නට විශාල ජනකායක් පෝලිමේ තෙරපෙමින් සිටින අයුරු දුටිමි. ඒ අතර උපැස් යුවලක් පැළඳි, වඩා උස් නොවූ තේජවන්ත පුද්ගලයකු කිසියම් බිල්පතක් ගෙවන්නට පෝලිමේ තෙරපෙමින් සිටිනු දිස් විය.හේ අන් කවරකුවත් නොව එවකට අග්‍රාමාත්‍ය ආර්.ප්‍රේමදාස මැතිඳුන්ගේ  ලේකම් කේ.එච්.ජේ.ව්ජෙදාස මහතා  බව සැනෙකින් මම හඳුනාගතිමි.මෙම දසුන මට අදහාගත නොහැක්කක් විය. කිසි ලෙසකින්වත් මෙම කාර්යාලයට නොපැමිණ තම අවශ්‍යතාව ඉටුකර ගත හැකි මෙවැන්නෙක් පෝලිමේ සිටීම නුසුදුසු බව වටහාගත් මා ක්ෂණිකව එතුමන් සිටි ස්ථානය වෙත පිය නැගීමි.එතුමන්ට මා කවරෙක්දැයි හඳුනාගත නොහැකි වූ සෙයක් මගේ ඇතුළ් සිතට දැනිණි.

“ඇයි සර් …මෙහෙම පෝලිමේ ඔබතුමාගේ වටිනා කාලය අපතේ යවන්නේ …..ඔබතුමා ඇවිත් මගේ කාර්යාලයේ අසුන් ගන්න….මම කඩිනමින් අවශ්‍ය මුදල ගෙවා ඔබතුමා වෙත රිසිට් පත ගෙන එන්නම්…….”

“ඔබ කවුද  ?” සිය ගැඹුරු කටහඬින්, අග්‍රමාත්‍ය ලේකම් තුමා මගෙන් පෙරළා විමසුවේ , සිය තියුණු දෙනෙත් මා වෙත යොමු කරමිණි. මම මෙම මොරටුව නගර සභාවේ ලේකම් වරයා බවත් මගේ නමත් එතුමන්ට පැහැදිලි කළෙමි.

“බොහොමත්ම ස්තූතියි මිස්ටර් කාරියවසම් …මගේ පෞද්ගලික වැඩවලට මගේ නිලය …..තරාතිරම කිසිවිට පාවිච්චි කරන්නේ නැහැ….” 1983 වසරේ අග භාගයේ එක්තරා දිනක එතුමන් මගේ මුළු ජීවිතයටම අමතක නොවනසුළු අපූර්වතම  පාඩමක් ප්‍රායෝගිකව පසක් කර දුන් අයුරු අදත් මා සිහිපත් කරන්නේ අසීමිත ගෞරවයෙනි.

මිහිමත බොහෝදෙනෙක් තමන් දරන තනතුරු තානාන්තර නිසා බැබලෙති.ඇතැම් තනතුරු පුද්ගලයින් නිසා උද්දීප්තව බැබළෙන අයුරුද අපට කලාතුරකින් දුට හැකිය.රාජ්‍ය සේවයේ විවිධ තනතුරු හොබවා අවසානයේ රාජ්‍ය සේවයේ හිනිපෙත්ත  ලෙසින් සැලකෙන ජනාධිපති ලේකම් ධූරයට පත් වූ කේ.එච්.‌ජේ.වි‌ජයදාස මහතා තමන් දැරූ තනතුර බැබළ වූ එවන් ඉතා දුර්ලභ ගණයේ කීර්තිමත් රාජ්‍ය සේවකයෙක් ලෙසින් බුහුමනට බඳුන් වේ.

එතුමා‌ගේ ගමන් මග එතුමා සෘජු ලෙස සිය රාජකාරි ඉටුකළ ආකර්ෂණීය ශෛලිය වත්මන් රාජ්‍ය නිලධාරීන්ට කදිම ආදර්ශයක් වනු නිසැකි. කේ.එච්.‌‌ජේ.වි‌ජයදාස නොහොත් කන්දෙකුමාර හපුදොරගේ ජෝතියරත්න විජේදාස එතුමන්‌ගේ සම්පූර්ණ නාමයයි.එනමුදු කේ.එච්.‌‌ජේ.යන නමේ මුල් අකුරු තුනෙන් ගම්‍ය වන්නේ කඩිසර හෘදයාංගම ජනමෙහෙවරට කැපවීම යන එතුමා‌ගේ ජීවිතයෙහි කැපී පෙනෙන ලක්ෂණයන් යැයි අපට හැ‌ඟේ.

කෝට්ටේ තලපත්පිටිය ගම්පෙත නිජබිම කරගනිමින් එතුමා ජන්ම ලාභය ලබන්නේ 1936 වසරේ ජනවාරි 24 වන දිනය. හෙන්රි විජේදාස එමලින් ජයතුංග යන මධ්‍යම පාන්තික ගුරු යුවල එතුමන්ගේ දෙමාපියන්ය. ළදරු වියේ සිටම ඔහුට පවුලේ නායකත්වය හිමිවූ සෙයකි.ඒ බාල සොහොයුරියන් දෙදෙනෙකුට සහ බාල සොහොයුරන් දෙදෙනෙකුටහේ අයියන්ඩිය වීමයි.

විජේදාස මානවකයා ශාස්ත්‍රෝද්ග්‍රහණය සඳහා පන්නිපිටිය ධර්මපාල විදුහල වෙත පා තබන්නේ 1946 වසරේ දී ය. හෙතෙම දීප්තිමත් ශිෂ්‍යයකු ලෙසින් සිය පාසල් දිවියට සමුදෙන්නේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ ලබමිණි.1955 වසරේ දී පේරාදෙණිය සරසවියට පිවිසෙන තරුණ විජේදාසයන් සිව් වසරක් ඇවෑමෙන් තම දෙමාපියන් වෙත පියමන් කරන්නේ පන්ති සාමාර්ථයක් සහිත උපාධිධාරියෙකු විලසිණී. 1960 වසර ඔහුගේ ජීවිතයේ සන්ධිස්ථානයක් සේ සැලකේ.සිවිල් සේවා විවෘත තරඟ විභාගයෙන් සමත්ව හේ රාජ්‍ය පරිපාලන ප්‍රවාහයට සබැඳෙන්නේ එම වසරෙහිය. අනතුරුව අධ්‍යාපන සහ ගුවන්විදුලි අමාත්‍යාංශයේ සහකාර ලේකම් වරයෙක් ලෙස ඔහු සිය වෘත්තීය ජීවිතය අරඔයි.

1962 සැප්තැම්බර් 08 වන දින විජේදාස මහතා රාජ්‍ය ගුවන්විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂවරයා ලෙසින් පත්වීම් ලබයි. විජේදාස ආගමනයෙන් ගුවන් විදුලි සේවයේ නවතම පිබිදීමක් ඇති වූ බව ගුවන්විදුලියෙහි පැරැන්න් අද පවා සිහිපත් කරන්නේ අසීමිත  සතුටකිනි. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්, මඩවල එස්. රත්නායක, මහගම සේකර, දයානන්ද ගුණවර්ධන වන් ප්‍රබුද්ධ වියතුන් පිරිසක් වැඩසටහන් නිෂ්පාදනය සඳහා කැඳවා ගන්නේ එම කාල පරාසය තුළය.එම පිරිසේ දායකත්වයෙන් සොඳුරු, ජන ආකර්ශනය  දිනාගත් වැඩසටහන් පෙළක්  නිෂ්පාදනය වූයේ නව සිංහල සේවා අධ්‍යක්ෂවරයාගේ සමීප අධීක්ෂණයෙනි.

ධම්ම චින්තා ආගමික වැඩසටහනෙන් අනතුරුව දේශානුරාගී ගීත ප්‍රචාරය, විකාශනයට එක්වන්නේ එතුමා‌ගේ උපදෙසිනි. “ මේ සිංහල අපගෙ රටයි, රත්නදීප ජන්මභූමි…” වන් සදා අනුස්මරණීය ජාතිකානුරාගී ගීත පටිගත කිරීම සිදුන්නේ ද  මෙම යුගයේ දී ය.ග්‍රාමීය සේවය තුළින් කෘෂිකාර්මික ගැටළු සදහා විසඳුම් ලබා දීමත්, ගොවි ජනතාව ගේ නිර්මාණාත්මක හැකියාවන් රටට හඳුන්වා දීමත් සඳහා එතුමා පුරෝගාමීව කටයුතු කළේය. කිවුලේගෙදර. කුරුළුබැද්ද,  මුවන්පැලැස්ස වන් ජනාදරය දිනූ නාට්‍ය ගුවන්විදුලියට එක්වන්නේද  එතුමානන් ගුවන්විදුලි සේවයේ නිරතව සිටි වසර පහමාරක කාල පරා සයෙහිය.ගුවන් විදුලියේ දේශීය හැඩතල සකසන්නට,එතුමන් ලබාදුන් අනුපමේය සහාය ගුවන්විදුලි වංශ කථාව තුළින් අපේ අනාගත පරපුර දැනුවත් කරනු නියති.

අනතුරුව එතුමා පත්වීම ලබන්නේ, අම්පාර දිස්ත්‍රික්කයෙහි අතිරේක දිසාපති ලෙසිනි.ජනතා ප්‍රශ්න මැනවින් අවබෝධ කරගෙන, කඩිනමින් ඒවාට සාධනීය විසඳුම් ලබා දීමට නව අතිරේක දිසාපතිවරයා ගත් ප්‍රයත්නයන් ගැමිජනතාවගේ මහත් අමන්දානන්දයට හේතුවක් විය.එතුමාගේ කාර්යක්ෂම රාජකාරි විලාශය කෙරෙහි පැහැදුණූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය 1967 වසරේ දී එතුමන් වෙත, පොළොන්නරු දිස්ත්‍රික්කයට ස්ථාන මාරුවක් ලබාදුන්නේ මහ දිසාපති තනතුරට උසස් වීමක් ද ලබා දෙමිනි. කෘෂිකාර්මික ප්‍රදේශයක් වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට, විශේෂයෙන් ම ගොවි ජනතාවට පොදු ගැටළු විසඳාලීමට නව දිසාපතිවරයාගේ මෙහෙයවීමෙන් සුවිශේෂි යාන්ත්‍රයක් සැකසිනි.වාරිමාර්ග කඩිනමින් මැනවින් ප්‍රතිසංස්කරණය වන්නට විය. බිත්තර වී, පොහොර සහනාධාරය ගොවීන් අතට පත් වූයේ නියමිත කන්නය ඇරඔීමට පෙරාතුවය. එම කාල වකවානුවේ කෘෂි නිෂ්පාදනයන්ගේ කැපීපෙනෙන වර්ධනයක් දිස්විය. කෘෂි නිෂ්පාදනය අලෙවිය සඳහා ද නිසි ක්‍රමවේදයක් සැකසීමට එතුමා පුරෝගාමී විය.

        පොලොන්නරුව මහ දිසාපති ලෙසින් රාජකාරියෙහි නියැලී සිටි මුල් භාගයේ දීම, අප කතානායකායාගේ දිවිගමනට වසන්තය උදාවිය. හේ 1968 ජනවාරි 24 වන දින නිමල්කා වීරසූරිය හා  යුගදිවියට එළැඔිණි. එම විවාහයෙන් විජයදාස දම්පතීන්ගේ කැදැල්ලෙහි චාමලී සහ උදිත යන දරු දෙදෙනා ජන්මය ලබන්නේ පවුලට ආලෝකයක් ලබාදෙමිණි.1970 වසරේ දී විජයදාස ශූරින් වෙත ස්ථාන මාරුවක් ලැබෙන්නේ කෑගල්ල මහ දිසාපති ලෙසිනි. පළපුරුදු අත්දැකීම් සම්භාරයක් සහිත මෙම රාජ්‍ය නිලධාරියා කෑගලු දිස්ත්‍රික්කයෙහි ද ජනතාව වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කළ බව වාර්තාගතය.

හිටපු ජනාධිපති ලේකම් දේශමාන්‍ය කේ. එච් . ජේ විජයදාස - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

හිටපු ජනාධිපති ලේකම් දේශමාන්‍ය කේ. එච් . ජේ විජයදාස - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් පශ්චාත් උපාධිය ලද විජේදාස මහතා, 1972 ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ කෘෂිකාර්මික සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙසින් රාජකාරි භාර ගත්තේය.

1975 වසරේ හෙතෙම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති ධූරයට පත් විය.එම වකවානුවේ දේශීය සහ විදේශීය සමාගම් සතු වතු රජයට පවරා ගැනීමේ අති භාරධූර කාර්ය ඉටු කරනු ලැබූවේ මෙතුමාගේ අධීක්ෂණය යටතේය.එතුමා ට 1977 වසරේ දී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සංචිතයේ නිසොල්මන් රාජකාරි අත්දැකීමක් ලබන්නටද අවස්ථාවක් හිමි විය.1977 අග භාගයේදී පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ජේයෂ්ඨ සහකාර ලේකම් ලෙසින් ද ,අනතුරුව එම වසරේ දී ස්ථාපිත, පරිසර අධිකාරියේ ප්‍රථම සභාපතිවරයා වීමේ භාග්‍යයද ,පරිසර හිතකාමියෙක් වූ එතුමාට හිමි විය. එම අවධීයේ දී  එතුමා ජාතික පරිසර පනත සකසා සම්මත කරගැනීම පිණිස පුරෝගාමීව කටයුතු කළ අයුරු ප්‍රශංසනීය වේ. 1989 වසරේ දී එතුමා රාජ්‍ය සේවයේ ඉහලම හිනිපෙත ලෙස සැලකෙන ජනාධිපති ලේකම් පදවියට පත්විය.1994 දක්වා පුරා වසර 05 ක රාජකාරි කාලය තුළ එතුමන්ගෙන් දේශයේ අභිවෘද්ධිය පිණිස සැලසුණු මෙහෙවර අති ප්‍රශස්ත බව ජනතා පිළිගැනීමයි.

කීර්තිමත්, ජෝතිමත්, කන්දෙකුමාර හපුදොරගේ ජෝතියරත්න  විජේදාස පරිපාලන වේදියානන් ඉකුත් අගෝස්තු මස 17 වන දින සිය දිවිසැරිය නිමා කළ මොහොතේ හේ සිය දිවියේ 87 වන වියේ පසු විය. මෙම සදානුස්මරණීය සහෘදයා වෙත අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු. එතුමානන් වසර කිහිපයකට ඉහත අප පරිපාලන වෘත්තීය වේදීන්  පිරිසක්  හමුවූ අවස්ථාවක තෙපළු හර්දයාංගම ආවර්ජනයකින් මෙම අනුස්මරණ ලිපිය නිමාකිරීම මැනවැයි හැඟිණී.

“මා  බොහෝ දුරට සාර්ථක මිනිසෙකු බව විශ්වාස කරමි.ඉතා කුඩා අවධියේ සිටම ප්‍රශ්න කර, ඇසින් දැක, කනින් අසා, තර්ක කර, අත්හදා  බැලීමෙන් බොහෝ දේ සාක්ෂාත් කර ගැනීම ඊ‌ට හේතුවක් වූවා විය හැකියි.ජනතාවට ඇහුම්කන්දෙමින්, ඔවුන් ගේ අවශ්‍යතාවයන් සපුරා දෙමින්, මම දැඩි විනය පාලනයකින් යුතුව රාජකාරි කළෙමි. විශේෂයෙන් කාල කළමනාකරණය පිළීබඳවත්, සැලසුම් සහ සූදානම පිළීබඳවත්, මම සැම විටම දැඩි අවධානය යොමු කළෙමි. ප්‍රතිපත්ති ගරුක බව, නීතිගරුක බව, මෙන්ම අදීන චින්තනයෙන් යුක්ත වීමද මගේ ජීවිතය ශක්තිමත් කළ, කුමන ගැටළුවකදී හෝ නොසැලී සිටීමේ පන්නරය ලබා දුන් සාධනීය  සාධකයන්  බව මම තරයේ විශ්වාස කරමි”

 

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

TAGGED:Govermance Heritage and Sustainabilityආචාර්ය ගාමිණී කාරියවසම්කිවුලේගෙදර. කුරුළුබැද්දදයානන්ද ගුණවර්ධනමඩවල එස්. රත්නායකමහගම සේකරමුවන්පැලැස්සහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්හිටපු ජනාධිපති ලේකම්
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Tributes to Popular Personalities by banker turned journalist Sunil Thenabadu Tributes to Popular Personalities by banker turned journalist – By Sunil Thenabadu
Next Article  Nostalgic and Historical Images of Jaffna – Captured by Dr. Gamini Goonetilleke in 1994 Nostalgic and Historical Images of Jaffna – Captured by Dr. Gamini Goonetilleke in 1994
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
AI banking Sri Lanka

Sri Lanka Deploys AI-Powered ‘Horizontal Lending Rail’ to Democratise Credit Access

Sea cucumber aquaculture Sri Lanka

New Sea Cucumber Farming Project Launches in Jaffna to Boost Northern Fishing Communities

Sri Lanka Medical Association of North America Western Region Community Webinar (on line) Sunday, 26th July, 2026 5.00 pm to 7.00 pm (Click on link below to join

Sri Lanka Medical Association of North America Western Region Community Webinar (on line) Sunday, 26th July, 2026 5.00 pm to 7.00 pm (Click on link below to join)

TBS

The Body Shop Sri Lanka Brings Back Its Highly Anticipated Mid-Season Sale with Upto 50% Off on Customer Favourites

Evolution towards the Sinhala language, transitioning from an English-based educational system in our homeland-by Harold Gunatillake

Related News
eLanka Newsletter
Articles eLanka Newsletters

eLanka Newsletter – 19th July 2026 – 3rd Edition – Sri Lankans In Australia

sanjiiwa-wirawansha
Articles

Dr. Sanjiva Weerawarana , The Sri Lankan Tech Pioneer Behind WSO2, Trusted by Global Giants

Buddhi Wickramanayake Executive of the Year
Articles

Mahanama Old Boy Buddhi Wickramanayake Named Executive of the Year at Capital Maharaja Group Convention 2026

Madura-Ratnayake-300x190
Articles

Madura Ratnayake Wins Double Gold for Sri Lanka at Maldives Masters Athletics Championship

Gateway Students IESO 2026
Articles

Gateway Students to Represent Sri Lanka at International Earth Science Olympiad 2026

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.