යුග යුග වින්දනීය ගී උල්පත – සරත් විමලවීර අනුස්මරණය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. මුළු මහත් ජාතියේම ළමා පරපුර නිවැරදිව සිතන්නට, ඔවුන් මනස  පුබුදාලන්නට “හිතන්නකෝ අයියේ …” ආදරේ ඇයි  පොඩි හද මාමේ…” වන් හරවත් ගී සමුදායක්  දැයට දායාද කළ, ආනන්ද සරත් විමලවීර ශුරීන් දැයෙන් සමු ගෙන මෙම දෙසැම්බර  11 වෙනි දිනට 30 වසරක් සපිරේ.ආනන්ද සරත් විමලවීර ශුරීන් අභාවප්‍රාප්තවුයේ ,1993  වසරේ දෙසැම්බර් 11 වන දිනය. සරත් ආනන්ද  විමලවීර ශුරීන් ,1927 නොවැම්බර් 27 වැනි දින ජන්ම ලාභය ලබන්නේ  කඩුවෙල හංවැල්ලේ  ග්‍රාමයේදීය.කැළණිය ගුරුකුල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන සරත් විමලවීරයන් ස්වකීය ද්වීතියික අධ්‍යාපනය ලැබීමට යොමු වන්නේ  කොළඹ ආනන්ද විදුහල වෙතය. ඔහු 1948 වසරේදී හාපුරා  සිය වෘත්තීය ජීවනය  අරඹන්නේ ලේක්හවුස් ආයතනයෙහි භාෂා පරිවර්තකයෙක් ලෙසිනි.හේ 1951 නොවැම්බර්  07 දින ගුවන්විදුලියේ  නිවේදකයෙක් ලෙස පත්වේ.ඔහු විවාහ ප්‍රාප්ත වන්නේ,මාලණී ධනවලවිතාන සමගය.ඔවුනගේ විවාහ මංගල්‍යයේ දෙවන මනාලයා වුයේ,ඔහුග සමකාලීන නිවේදකයෙක්වූ කරුණාරත්න අබේසේකර මහතාය. තම  එකම පුත් ජනක රිය අනතුරකින් අකාලයේ මිය යාම නිසා , සරත් සිය අභාවය දක්වා  දිවිය ගත කලේ මහත් කනස්සල්ලෙනි. විවාහ මංගල්‍යය චායා රූපයේ,වම් පස දෙවන  මනාලයා ලෙස පෙනී සිටින්නේ කරුණාරත්න  අබේසේකරයන්ය. ඔහුගේ සහජ නිපුණතා විමසා බැලීමේදී ,ගුවන්විදුලි ළමා ගීත සාහිත්‍යයක් නිර්මාණය කිරීමෙහිලා ...

Read More →

කිරි කවඩි සිනහා ….සදා මිළිනව 5 වසරක් සපිරේ – ආචාර්ය ගාමිණී කාරියවසම් මහා රෑ යාමේ, ඇල්හේන දෙසින් ඇසුණු සීපද රාවයෙන් මුසපත්ව,මෝරන සෙනෙහසින් ප්‍රමුදිතව,කිරි කවඩි සිනහ නගමින්    දයාරත්න රණතුංගයන් සොයා පැමිණි මෙම ගැමි  යුවතිය,දයාරත්නයන්  පමණක් නොව ,මුළු  ලොවින් ම , සදහට  ම සමුගෙන නික්ම ගොස් , ඔක්තෝම්බර් 16 වන දිනට පස් වසරක් සපිරේ.මෙරට ප්‍රථම සිංහල සංගීත මහාචාර්යවරියවූ අමරා රණතුංගයන් ගේ සෞන්දර්ය චාරිකාවේ පිය සටහන් ස්මරණය  කරමින් ,ඇයට උපහාර දැක්වීමේ  අරමුණ  ,මෙවන් ලිපියක් සැකසීම කෙරෙහි  ,මසිත් යොමුකරළීමට හේතු විය. 1939 අගෝස්තු 22 ගම්පහ බටුවත්තේ ජන්ම ලාභය ලද , දෝන අමරා කස්තුරිආරච්චි,එකොළොස් ද නෙකුගෙන් යුත් පවුලේ පස්වැන්නීය. ඇගේ පියා, දොන් වියෝලිස් කස්තුරිආරච්චි හංවැල්ල ප්‍රාථමික විද්‍යාලයේ මුල් ගුරුවරයා විය. මව දෝන අල්පිනෝනා මීගහපොළ ගෘහණියකි. අමරාවන්ට සිය  දෛවෝපගත සහකරු නෙත් ගැටෙන්නේ,ඇය 12 වන වියේ පසුවෙද්දීය.ඒ 1952 වසරයි.හේවුඩ්  සංගීත  ආයතනය ට,හා හාපුරා සෞන්දර්යය විෂය හැදෑරීමට සිසුන් බඳවා ගැනෙන්නේ  එම වසරේය.  දයාරත්න රණතුංග, අමරා  කස්තුරිආරච්චි,පී වී නන්දසිරි,ධනවතී හේවුඩ් සංගීත ආයතනයට ඇතුළත්වූ  මුල් ම සිසුන් සිවු දෙනා බව පැවසේ.එහිදී සංගීත විෂය  හදාරද්දී, අමරා සහ දයාරත්න අතර සෞන්දර්යාත්මක ලෙන්ගතු බැඳීමක් නිපන්නේ ආකාශ්මික ලෙසිනි.1964 ...

Read More →