Dr. Gamini Kariyawasam

අප්‍රකට ඓතිහාසික වෘතාන්තයක් රිදී තිරයට – ” ශ්‍රී සිද්ධා “ -By ආචාර්ය ගාමිණී කාරියවසම් ක‍්‍රි. ව. 1082. පොලොන්නරු රජ මැදුරේ  මහා විජයබාහු  රජු සිංහාසනාරූඪව සිටි මොහොතෙකි. වියපත් එහෙත් ප්‍රතාපවත් මිනිසෙක් ආචාර කරමින්  රජු අබිමුවට පැමිණේ. ඔහුගේ දෑස දෙස මද වේලාවක් බලා සිටි රජුන්  එකවරම  සිහසුනෙන් නැගිට ඉදිරියට දිව ගොස් මහත් ලෙන්ගතු ලෙසින් මහළු මිනිසා සිය දෑතින් වැළද ගනී. හාත්පස ඇමැතිවරු සිදුවන්නේ කුමක්දැයි විශ්මිතව  බලා සිටිති. වසර විසි හතකට පසු රජු හමුවට පැමිණ ඇත්තේ අති ගෞරවනීය පුද්ගලයෙකි.රජුගේ සිත ඈත අතීතය වෙත හඹාගිය  සෙයකි. මෙම අමුත්තා,කුඩා කල සිට  තමන් පසුපස නිරතුරු   සෙවණැල්ලක් ලෙස රැදෙමින්  රැකවරණ සැලසු,  තමන්ට යුද්ධ උපක්‍රම සහ සටන් ශිල්පය අත පොත් තැබූ  බුදල්නා සෙනෙවි  බැව්  හදුනා ගැනීමට රජතුමන්ට  එතරම් වේලාවක් ගත නොවීය. කීර්ති කුමරුවන් ලෙස සිටි තමන්, මහා විජයබාහු ලෙසින්  කිරුළු පැළඳිමෙන් පසු බුදල්නාවෝ සිය මහා මෙහෙය අවසන් කොට ආපසු  තම ගම පියස වෙත ගොස් අප්‍රකට දිවියක් ගත කර ඇති බව ද  රජුට දැනගන්නට ලැබෙයි. විසි හත් වසරකට ...

Read More →

ගුවන්විදුලි ප්‍රවෘත්ති මාධ්‍යවේදී හිල්ටන් පෙරේරා – දිවි සැරිය නිම කරයි. – By ආචාර්ය ගාමිණී කාරියවසම් ජාතික ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අංශයේ සහ ප්‍රාදේශීය සේවාවන්හි දීර්ඝ කාලයක් සේවයෙහි නිරතව සිටි හිල්ටන්පෙරේරා මහතා  ඔක්තෝම්බර් 29 වන දින මහනුවර, පේරාදෙණියේ දී අභාවප්‍රාප්ත විය.  ගුවන් විදුලි මහ ගෙදර මගේ සමකාලීන නිලධාරියෙකුවූ ඔහු පිළිබඳව, මෙවන් මතක සටහනක් තැබීමට අදහස් කළේ, ඔහු වෙනුවෙන් දක්වන ලබැඳි උපහාරයක් ලෙසිනි. 1934 වසරේ ඊ.එස්.ටී.ප්‍රනාන්දු දෙමහල්ලන්ට දාව ජන්මලාභය  ලද හිල්ටන්,තමන්  පාසල් කිහිපයකින්  අධ්‍යාපනය ලද බව වරක් මා සමග පැවසීය. තම පියා දුම්රිය ස්ථානාධිපතිවරයෙක් වූ බැවින්, විටින් විට ලද ස්ථාන මාරු නිසා, මෙසේ පාසල් කිහිපයක අධ්‍යාපනය ලබන්නට යොමු වූ බැව් ද හේ  පවසා තිබිණි.ඒ අතර ,කොළඹ ශාන්ත ජෝසප් සහ පන්නිපිටියේ ධර්මපාල  විද්‍යාලය ඔහු සිප් සතර හදාළ  විද්‍යාස්ථානයන්ය. හිල්ටන් සෙනෙහෙබර දරුවන් සිව්  දෙනෙකුගේ පියෙකි. ශ්‍රීනාත් ,ශාවන් ,චන්දිමාල් පුතුන් තිදෙනා සහ අයේෂිකා දියණිය එම  දරුවන් සිවු දෙනාය.   හිල්ටන් සිය බිරිද සහ දරුවන් සිව් දෙනා සමග  හිල්ටන් පේරාදෙණි සරසවි සිසුවකු ලෙසින්  පේරාදෙණියේ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද හිල්ටන් පෙරේරා මහතා සිය  වෘත්තීය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ  ලේක් හවුස් ආයතනයෙනි. 1963 වසරේ හෙතෙම ගුවන් විදුලි මහ ගෙදර වෙත පියමං කළේය.ඒ ඉංග්‍රීසි සේවයේ  සහකාර සංස්කාරක ලෙසිනි.  ඔහුගේ කාර්යක්ෂමතාව සහ වෘත්තිය කෙරෙහි දැක් වූ ...

Read More →

දැයේ මනෝභාවයන් පුබුදාලු අමරසර මිළිනව වසර 8 ක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. “ බිම් කරුවල විත් නිම්නයෙ  වැතිරී පාණ්ඩු පාටින් අඳුරු වෙවී කඳු මුදුනෙන් බැස සීතල ගඟදිය කණ කොක්  පැහැයෙන් දිගට ඇදේ  මා  මළ   දවසේ  නිදනා තණ බිම  ගඟ එගොඩහින් යන්නන්ට පෙනේ …..”  ( අමරදේව ශුරීන්ගේ  අවසන් ගායනයේ පද වැල් ) සිංහල සංගීතයේ,ගීත සාහිත්‍යයේ නව ගමන් මගක් නිර්මාණය කළ  පණ්ඩිත  අමරදේව යුග පුරුෂයාණන්, 2016 නොවැම්බර් මස 03 වන දින, ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේදී සිය දිවි සැරියෙන් සමු ගත්තේය.මෙම මහා ගාන්ධර්වයාගේ 8 වන මරණ සංවත්සරය යෙදෙන මෙම අවස්ථාවේ, එතුමන්ට උපහාරයක් ලෙසින්, එතුමන්ගේ දිවි මංතලාවේ විසිතුරු පියසටහන්, වදන් වියමනකින්  සිත්තම් කරන්නට මා විසින් ගත් ප්‍රයත්නයක ප්‍රතිඵලයක්  ලෙසින් මෙම ලිපිය.සලකා ගැනීම යෙහෙකි. එම වදන් සිත්තම සජීවීමක් කිරීම පිණිස ,එතුමන් මියැඳීමට ආසන්න සමයේ ගැයූ, හංස ගීතය  රසාස්වාදනයෙන් අනතුරුව, මෙම අනුස්මරණ ලිපිය කියවීමට සහෘද ඔබට ඇරයුම් Image Source : aiartshop අඩ සියවසකට අධික කාලයක්  ගායන මාධුර්යයෙන් , වාද්‍ය  මිහිරියාවෙන්  මෙන්ම අරුත් බර , නිර්මාණශීලී පද සංයෝජනයෙන් රසික මනෝභාවයන් උද්දීපනය කළ ඔහු සිය සංගීත දිවිය ආරම්භ කලේ වයලීන් වාදකයෙකු ලෙසිණි . Image ...

Read More →

නීති රෙගුලාසි අතික්‍රමණය කළ , ශ්‍රී ලංකාවේ ඉකුත් රාජ්‍ය නායක පිළිවෙත – By ආචාර්ය ගාමිණී කාරියවසම්.     “සර් කිවූ ලෝ” (Circular – “සර්කියුලර්” )  Image Source : clker තමන් විසින්  වාචිකව දෙනු ලබන නියෝග, රටේ පවත්නා ලිඛිත නීතිය හා චක්‍රලේඛන සැළකිල්ලට නොගෙන ,  රාජ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ යුතුය යන  අමනෝඥ ප්‍රතිපත්තියක්,  ශ්‍රීලංකාවේ ඉකුත්  රජයන්  මගින්  ක්‍රියාත්මක කරනු ලැබිණි. එම අහිතකර ප්‍රවණතාව , පසු ගිය පාලන සමයේ  මාධ්‍ය ඔස්සේ අපට නිරන්තරයෙන් කියවන්නට,අසන්නට, දැකගන්නට ලැබිණි.  දේශයේ යහ රාජ්‍ය පාලනයක් ස්ථාපිත කිරීම උදෙසා, නව රාජ්‍ය නායකයින්, පක්ෂ නායකයින් මෙන් ම, රාජ්‍ය නිලධාරීන් ද දැනුවත් කිරීමෙහිලා  මෙවන් මාතෘකාවක් යටතේ ශාස්ත්‍රීය ලිපියක් ලිවීම කෙරෙහි  මසිත් පෙළෙඹිණි. Image Source : cleanpng Source : flexiconsultancy ගම සමග පිළිසඳරක්” නැමැති වැඩසටහන ගෝඨාභය රාජපක්ෂ මහතා  ජනාධිපති වීමෙන් පසුව ආරම්භවූ අයුරු ඔබට මතක ඇතැයි  සිතමි. එහි පළමු ප්‍රගති සමාලෝචනය 2021 අප්‍රේල් 26 වන දින හපුතලේ වෙලන්විට ග්‍රාමයේ දී පැවැත්වීය. එහි දී පැමිණ සිටි ගැමියෙක් වෙතින්  ජනාධිපතිට පැමිණිල්ලක් ඉදිරිපත් වෙයි. “සර් ඔබ තුමා ගිය ...

Read More →

ඓතිහාසික සංස්කෘති ශාස්ත්‍රීය පහන යළි දැල්වෙයි – By ආචාර්ය ගාමිණී කාරියවසම් Image Source : Sinhala ape de – සිංහල අපේ දේ Facebook ඓතිහාසික “සංස්කෘති ” ශාස්ත්‍රීය සඟරාව, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ,2024  ඔක්තෝබර් 06 වන ඉරුදින පෙරවරුවේ  දොරට වැඩමවීම සිදුවේ. ඒ දිගු නිහඩ විරාමයකින් අනතුරුවය. සඟරාව දොරට වැඩමවීමේ උත්සවයේදී, චන්දිම විජයබණ්ඩාර, නිර්මාල් රංජිත් දේවසිරි, ශ්‍රීනාත් ගණේවත්ත, සඳගෝමි කෝපරහේවා, චූලානන්ද සමරනායක, චින්තක රණසිංහ, අයෝමි ඉරුගල්බණ්ඩාර ආදී විද්වතුන් විසින්, මෙම  ශාස්ත්‍රීය සංග්‍රහය පිළිබඳව අදහස් දැක්වීමට නියමිත ය.   සංස්කෘති සඟරාව,අප  දේශයේ සාහිත්‍ය, පුරා විද්‍යාව,ඉතිහාසය වන් ජාතියේ අභිමාණවත් උරුමයන් පිළිබඳව විචාරාත්මකව විමසා බැලෙන ශාස්ත්‍රය ලිපිවලින් අනූන සාර සංග්‍රහයකි.  පාසල් සිසුන්,විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථීන් පමණක් නොව සාමාන්‍ය පාඨකයින් ගේත් දැනුම් නිම් වළලු පුළුවන් කරන සුළු අයුරින් මෙම  ශාස්ත්‍රීය සංග්‍රය මෙවර    සංස්කරණය කර ඇත්තේ විද්වත් සංස්කාරක මඩුල්ලක් විසිනි.  ‘සංස්කෘති’ සඟරාව ආරම්භ කිරීම කෙරෙහි මුලින් ම  උනන්දුවක් දල්වන ලද්දේ,ලංකාවේ ප්‍රථම සිංහල මහාචාර්ය ධර්මසිරි රත්නසූරිය මහතා  විසින් බැව් පැවසේ.සිංහල භාෂා සන්දර්භයයෙහි එතෙක් බහුලව භාවිත, සභ්‍යත්වය, ශිෂ්ටාචාරය යන භාවම ය වදන් ...

Read More →

International Elderly Day – By Dr. Gamini Kariyawasam Image Source : shine2 Valuing the mission, wisdom, and experience of the older generation: The 34th International Day of Older Persons falls on October 1, 2024. The importance of enabling dignified aging and strengthening care and support systems for older people around the world has been announced as the theme of the 2024 International Day of Older Persons. Population aging is a major global trend reshaping societies worldwide. Life expectancy at birth now exceeds 75 years in half of the world’s countries, and by 2030, older people are predicted to outnumber young people globally, with this increase occurring most rapidly in developing countries. As the population ages, the demand for comprehensive healthcare, and social support services has grown significantly. On this day, the valuable contributions and achievements of the elderly community around the world are highly appreciated. It is extremely important to have ...

Read More →

මහනුවර බහිරව කඳු මුදුනේ දැහැන් ගත බුදු පිළිම වහන්සේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : Sri Lankan Heritage Facebook Page මහනුවර නගරයට පිවිසෙන අවස්ථාවන්හිදී,නගරයට ඉහලින් කඳු සිරසක වැඩ හිඳිනා  බහිරව කන්ද  බුදු පිළිම වහන්සේ ,අප සිත් සතන් බැතිබර සිතිවිලි සමුදායකින් සනහාලයි. රන් වියනෙන් සෙවණිත ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා පත්තිරිප්පුව අසල පිය ගැට පෙළ පියමන් කරන බැතිමතුන් නෙත් ,නිතැතින් ම යොමුවන්නේ  ද,බහිරව කන්දේ වැඩ හිදිනා   බුදු පිළිම වහන්සේ වෙතින් ගලනා  මෙත් සිළිලාර වෙතය. Image Source : expedia මහනුවර නගරයට පමණක් නොව, මුළු මහත් සෙංකඩගල පුරවරයටම ශාන්තිය උදාකරලන සුළු බහිරව කන්දන් බුද්ධ ප්‍රතිමා පුරාණය පිළිබඳව කිසියම් සටහනක් තැබීම කෙරෙහි, මසිත් යොමු වූයේ, පිළිම වහන්සේ ඉදිකිරීම කෙරෙහි,එදවස  කිසියම් දායකත්වයක් ලබා දීමට මම ද භාග්‍යවත් වූ හෙයිනි. 1992 ජනවාරි 6 වන දින හවස් වරුවේ ප්‍රේමදාස ජනපතිදුන් මහනුවරට සම්ප්‍රාප්ත වන බැව්, ජනාධිපති ලේකම් කේ.එච්.ජේ.විජේදාස මහතා  විසින් මා වෙත දැනුම් දෙනු ලැබිණි. ඒ , මම මහනුවර නාගරික කොමසාරිස් ලෙසින් සේවයෙහි නිරතව  සිටි කාල වකවානුවකි. මගේ  සමකාලීනයෙක්වූ  මධ්‍යම පළාතේ ජේෂ්ඨ ...

Read More →

The River of Time Flows – By Dr Gamini Kariyawasam The concept of time permeates our entire existence. Standing on a slightly elevated ground across the river, I gazed at the sky, overwhelmed by a mysterious feeling. The river flows forward, changing moment by moment, almost imperceptibly. This extraordinary sight revealed a profound truth: time, which we cannot grasp or measure, ages us and flows from distant origins, ever onward. The lyrics of a poignant song came to mind, deepening the melancholy of the tranquil surroundings:     “කොළොම්තොට නැත මහලු වී  අවන්හල නැත පැරැණි වී  එදා හඳමයි අදත් යෞවනයේ  එහෙත් අප දෙන්නා  බලන් කැඩපත සොඳුරියේ – පාට වත්සුණු දෙකොපුලෙන් පිසදා  පෙරුම් පුරමින් හමුවෙලා – උනුන් රහසින් බැන්ද ආදර පෙම්  බලන් කැඩපත සොඳුරියේ – කුමන අරුමද  නර කෙසක් නැගිලා…”  (You can listen to this song by clicking the excerpt below.)  This song, sung by the legendary Amaradeva with lyrics by Lucian Bulathsinhala, beautifully captures the sorrow of time’s relentless march. Amaradeva’s voice, rich with emotion, resonates deeply within the heart, creating a subtle vibration that words cannot describe. It feels as if we, too, ...

Read More →

ශ්‍රී දළදා වහන්සේ සුරැකි රන් වියන – By ආචාර්ය ගාමිණී කාරියවසම් Image Source : sridaladamaligawa නුවර වැව් තෙර පියමන් කරද්දී , දුටු දුටු දනන් සිත් දැහැන් ගන්වන සුළුවූ ,මනෝරම්‍යවූ දසුනක් වෙත නෙත් සිත් බැදේ. ඒ අන්කිසිවක් නොව අති පුජනීය වූ ශ්‍රී දළදා මැදුරයි. පත්තිරිප්පුව පෙරටු කොට, උඩවත්ත හරිත වන තුරු හිස් මතින් මතුව ,හිරු රැස් පතිත තටාකයක රන් පැහැ  තරංග  ලෙසින් ඇතට දිස්වන රන් වියන දළදා මාලිගාවේ දිවමන් සංකේතය ලෙසින් හැදින්විය හැකිය. රන්වියන සංකල්පයේ නිර්මාතෘ ,අභාවප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිදුන්ය  එවකට අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ , රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතුන්. 1986 දී,  දළදා වහන්සේ වැඳපුදා ගැනීමට  ගියේය. එම අවස්ථාවේදී , එවකට මල්වතු නාහිමි ලෙසින් වැඩ විසූ පුජ්‍ය ,  සිරිමල්වත්තේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමට යාමට අමතක නොකළේය.. උන්වහන්සේ අග්‍රාමාත්‍යතුමන්,දළදා වහන්සේ වැඩ සිටින කුටිය වෙත කැඳවාගෙන ගොස්, එම කුටිය තුළට  වහළයෙන් ජලය කාන්දු වන බව පෙන්වා දුන් සේක. උඩවත්ත වනපෙතේ වඳුරු රෑන්,නිරන්තරයෙන් මෙම වහල මත දුව පැන ඇවිදීම, වහලය අබලන් වීමට හේතුවක් වන බැව් උන්වහන්සේ ,ප්‍රේමදාස මහතාගේ ...

Read More →

ග්‍රන්ථ නිර්මාණයේ නව හැරවුම් ලක්ෂය – ඩිජිටල් – By Dr. Gamini Kariyawasam ග්‍රන්ථ නිර්මාණයේ  නව හැරවුම් ලක්ෂයක්  ලෙසින්, ඩිජිටල්   ශ්‍රව්‍ය ග්‍රන්ථකරණය, වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන්  නොමඳ සැලකිල්ලට බඳුන්වෙමින්  පවත්නා භාවිතයකි.  ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම, මිනිසා  නානාවිධ තත්වයන්ට අනුවර්තනය වීම උදෙසා , විවිධ තාක්ෂණයන් දියුණු කිරීමෙහි ලා  නිතැතින් ම පෙළඹී ඇත.  මෙම ලිපිය ,  ලේඛන කලාව අක්ෂර භාවිතයෙන් තොරව, ශ්‍රව්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමේ ප්‍රවනතාව පිළිබදව    විමසා බැලීමේ ප්‍රයත්නයකි.   මෙම ශාස්ත්‍රීය ලිපියට පූර්විකාවක් ලෙසින්, ලේඛන කලාවේ විකාශනය පිළිබඳව විමංසනයකින්  ආරම්භ කිරීම යෙහෙකැයි  හැඟිනි.               අක්ෂර භාවිතය තුළින් නිපන් ලේඛන කලාව  හුදෙක් දෘශ්‍ය ප්‍රකාශනයක් පමණක්  නොව සහස්‍ර ගණනාවක්  විකාශනය වූ ගැඹුරු සංස්කෘතික භාවිතයකි. ගල් පුවරු මත කැටයම් කරන ලද පැරණි අක්ෂරවල සිට නූතන කලාත්මක අකුරු දක්වා, අකුරු ලිවීමේ ඉතිහාසය මානව නිර්මාණශීලීත්වය, සන්නිවේදනය සහ සංස්කෘතික හුවමාරුව පිළිබඳ සිත් ඇදගන්නාසුළු වෘත්තාන්තයකි . ලේඛනය යනු කිසියම් අරමුණක් සහිතව ලිවීමයි. එබැවින්  ලේඛන කලාවේ ආරම්භය අධ්‍යයනය කිරීමේ දී ආරම්භක චිත්‍ර  හා රූ  සටහන් ද අවධානයට යොමුවේ.            ලිවීමේ  ක්‍රමයක් මුලින් ...

Read More →