පෙරදිග ඥානය සහ බටහිර ඥානය එකාත්මිකවූ පෞරාණික ගන්ධාරය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : newsnow Image Source : earlyworldhistory ක්‍රිපූ 3 වන සියවසේ සිට දළ වශයෙන් ක්‍රි.ව .1200 දක්වා බුදු දහම ගාන්ධාරයේ  ව්‍යාප්තව  පැවතිණි. බුදු දහම  ආශ්‍රිතව නිපන් සුවිශේෂී  සංස්කෘතික හා කලා  සම්ප්‍රදායක් මෙම   කලාපය පුරාවට  ප්‍රබල ලෙස ජන ගතව පැවති  සෙයක්  පුරාවිද්‍යාත්මක ගවේෂණයන් ගෙන හැර දක්වයි. ගාන්ධාරය පිහිටියේ ,වත්මන් උතුරැ දිග පාකිස්ථාන‍යේ හා නැගෙනහිර ඇෆගනිස්ථානය අතර පැතිරී පෙෂාවර් නිම්න භූමි ප්‍රදෙශහිය.  බුදු සමය හා සබැදි  අධ්‍යාත්මික දර්ශනය විවිධ පැතිකඩ ,දිශාවන් ඔස්සේ ගාන්ධාර දේශයේ මුල් බැස ගෙන තිබිණි..පැරණි  ගාන්ධාරයේ  අගනුවර වූයේ සුප්‍රසිද්ධ තක්ෂිලා නගරයයි. ඉපැරණි තක්ෂිලා බොදු සරසවිය පිහිටියේ මෙම නගරය කේන්ද්‍රිතවය. image Source :   quora ත්කක්ෂිලාවේ  නටබුන් Image Source : twitter ආර්. සීතාරම් පණ්ඩිත් ගේ රාජතරංගිණී කෘතියෙහි සදහන් වන පරිදි  ගන්ධාරයේ රාජවංශ ඉතිහාසය ආරම්භ වන්නේ ඉෂ්‍වාකූ රජු මාන්ධත (ක්‍රි.පූ. 6200) ගේ මුලිඛත්වයෙනි.   අංගුත්තර නිකායේ  ගන්ධාරය සොළොස් මහා ජනපදයන් ගෙන් එකක් බැව් සදහනි.  වේද ග්‍රන්ථයන් , රාමායනය සහ මහා භාරතය ගෙන හැර දක්වන අන්දමට ,පැරණි ඉන්දියානු-පර්සියානු ...

Read More →