News & Community eLanka

eLanka

Wednesday, 2 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » දේශජ භක්තිය පුබුදාලූ විජමු වියතානන් දැයෙන් සමුගෙන තෙවසක් සපිරේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්. .
ArticlesDr. Gamini Kariyawasam

දේශජ භක්තිය පුබුදාලූ විජමු වියතානන් දැයෙන් සමුගෙන තෙවසක් සපිරේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්. .

eLanka admin
Last updated: March 3, 2024 3:48 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE
Views: 27

දේශජ භක්තිය පුබුදාලූ විජමු වියතානන් දැයෙන් සමුගෙන තෙවසක් සපිරේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්. 

Dr.Gamini Kariyawasam.

vjamuwa lokubandara

Image Source : sundaytimes

විජමු යන අකුරු තුන නෙත් ගැටුණු සැණින්, අපගේ  මතකයේ  සජීවීමත් වන්නාවූ වීජමු ලොකුබණ්ඩාර ශූරීන්ය. එතුමා දැයෙන් සමුගෙන ඉකුත් පෙබරවාරිත් දාහතර වන දිනට තෙ වසරක් සපිරේ.

එතුමන් උපත ලබන්නේ 1941 අගෝස්තු 5 වැනිදා හපුතලේ යහලබැද්ද ගම්පෙත,  සොහොයුරන් තිදෙනෙක් සහ සොහොයුරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලකය.  ලොකු මැණිකේ සහ ගුණසේකර බණ්ඩාර යන දෙමහල්ලෝ  ,  මෙම බිලිඳාට  විජෙසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකුබණඩාර යන නම තැබුහ.

ඔහු අත් පොත් තබන්නේ යහල – බැද්ද පාසලෙනි. ද්විතීය අධ්‍යාපනය පිණිස මෙම දරුවා  බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය වෙත පා නගයි.

විජමු ශුරීන් සිය ළමා විය  සිහිපත් කළ සජීවී සංවාදයක්

සරසවි පිවිසුම ඉහලින්ම සමත් වන හෙතෙම ,පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්  ශාස්ත්‍රවේදී උපාධිය සමත් වේ. වැඩිදුර අධ්‍යාපනය කෙරෙහි මහත්  උනන්දුවක් දැක්වූ විජමු ,ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය සමත් වීමට ද භාග්‍යවන්ත විය.

තුරුණු වියේ ලොකුබණ්ඩාර වෘත්තියෙන් නීතිඥයකු වූ අතර සහකාර නීති කෙටුම්පත් සම්පාදකයකු ලෙසද කලක් සේවයෙහි නිරත විය.

1970  දශකය  උදාවන්නේ මෙම නව යොවුන් තරුණයාට වසන්තය කැන්දවමිනි. කෝට්ටේ බාලිකාවේ සංගීත ගුරුවරියක් වූ මාලතී සමග පෙම් සබැඳියාවක් ඇතිවන්නේ එම කාල වකවානුවෙහිය.මාලතිය ගේ මව  ජේ. ආර් .ජයවර්ධන පරපුරේ සමීප ඥාතිවරියකි. 1979 පෙබරවාරි 1 වන දින සංගීත ගුරුවරියක් වූ මාලතී සමඟ ඔහු යුග දිවියට පිවිසියේය.

විජමු මාලතී විවාහය පසුකාලයේ එම දෙපළගේ නිවහනෙහි  අනුපිළිවෙලින්  රශ්මින්, උදිත් සහ දමිත්.යන පුතුන් තිදෙනකුගේ උපත සිදුවන්නේ,ඔවුන්ගේ යුග දිවිය වඩාත් අර්ථවත් කරමිනි. දෙමහල්ලන්ගේ හුදකලාව දුරලමිනි.

අප දේශයෙහි ජනිත කෘතහස්ත දේශපාලඥයකු, සාහිත්‍යධරයකු මෙන්ම ,ගැමි දිවියේ සරල ප්‍රභාශ්වරය දසත  විහිදු   සොඳුරු  මිනිසකු ලෙසින් එතුමාගේ නාමය සදානුස්මරණීය වේ.එතුමන් පිළිබඳව මෙවන් අනුස්මරණ සටහනක්  තබන්නට මා පෙළඹෙන්නේ ,මගේ වෘත්තීය ජීවිතයේදී දීර්ඝතම  කාලයක් එතුමන් සමඟ පැවැති සමීපතම ඇසුර නිසා ම නොවේ.එම සමීප ඇසුරේදී, එතුමන්ගේ  ආශ්චර්යමත් ,මානව භක්තියෙන් පිරිපුන් චරිතයේ  විනිවිද  ස්වභාවය මැනවින් පසක් කර ගැනීමට හැකි වූ බැවිනි.එතුමාගේ ගුණ සුවද එදවස මෙන් ම වත්මනේ පවා මගේ හදවතට දැනෙන සුළුය.

තම අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්  තනතුර භාර  න්නට, අනපේක්ෂිත මොහොතක මා කැඳවනු ලැබුවේ එතුමන් විසිනි. එතුමන්ගේ මූලික අභිලාෂයක් සපුරාලමින්,දිවයින මුළුල්ලේ,අඩු පහසුකම් සහිත ප්‍රදේශවල පාසල් දරුවන්නැ ණස  පාදාලන්නට,”ගුවන් තක්සලාව”මැයෙන් විශේෂ ගුවන්විදුලි අධ්‍යාපන විකාශනයක් අරඹන්නට මම එතුමන්ට මගේ පුර්ණ  නුග්‍රහයකත්වය ලබා දුනිමි. ගුවන් විදුලියේ දේශීය අනන්‍යතාවය ඔප් නංවන්නට එතුමාගෙන් ලැබුණු මගපෙන්වීම ප්‍රශස්තය. රස දීපනී නැමැති ගුවන් විදුලි වැඩ සටහන සැලසුම් කරමින් එය මෙහෙයවනු ලැබුවේ ද  ලොකුබණ්ඩාර ශූරීන්ය.

බුදු දහම පිළිබදව පැවති පුළුල් අවබෝධය ප්‍රකට කළ අවස්ථාවක්  >

එතුමන් දේශීය වෛද්‍ය අමාත්‍ය ලෙස සේවය කළ යුගයේ ආයුර්වේදී ක්ෂේත්‍රයේ නවෝදය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටු කරනු ලැබිණි. දේශීය වෛද්‍ය ක්‍රමය මගින් හෘද රෝග නිවාරණය පිණිස දේශීය වෛද්‍යවරුන් මෙහෙයවා පර්යේෂණ මාලාවක් ආරම්භ කළේය. සංගීත චිකිත්සාව මගින් රෝග නිවාරණය කිරීමේ,ගාන්ධර්ව අයුර්වේදය, ආයුර්වේද දෙපාර්තමේන්තුවට හඳුන්වා දීමට පුරෝගාමීත්වය දැරුවේ ද එතුමන් ය. දිවයින මුළුල්ලේ පාරම්පරික දේශීය වෛද්‍යවරුන් සතුව පැවැති පාරම්පරික ඥානය ගැබ් වූ  පුස්කොල පොත් එක්රැස්කර, ඒවා අභාවයට යානොදී “තල්පතේ පිළියම්” නමින් රන්ථ මාලාවක් සකසන්නට ආයුර්වේද දෙපාර්තමේන්තුව යොමුවූයේ එතුමාණන් ගේ  උපදෙස් මතය.

ජාතියේ මතකයෙන් ඈත්ව ගොස් තිබුණු ඔසුපැන්, කොළ කැද වැනි හරිත  පානයන්,හෙළයේ සුවතා වැඩුමට ලබාදෙන අනුබලය, මහිමය   ජනගත කරන්නට එතුමා ගත් ප්‍රයත්නය බෙහෙවින් ම සාර්ථක විය.පාර්ලිමේන්තුවේ පමණක් නොව රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලත්,නගරයේ මෙන්ම  ගම්බද ප්‍රදේශවලත් කොළකැඳ අලෙවි  සල් විවෘත වීමෙන් ජනතාව  කොල කැඳ පානයට දැඩිසේ හුරුවිය.

පාර්ලිමේන්තුවේ 18 වැනි කතානායකවරයා ලෙසින් පත්වූ එතුමා ,  සංස්කෘත පාලි ,  සාහිත්‍යය දැනුම පමණක් නොව නීතිය පිලිබදව විශාරධත්වය ද ප්‍රකට කරවමින් සිය වාග්  චතුරත්වයෙන්  ,මහජන නියෝ ජිතයින් මෙහෙයවූ විලාශය හෘදයාංගමවේ.

එදිනෙදා සාමාන්‍ය කතාබහේදී එතුමා වෙතින්,තමන්ටම ආවේනිකවූ භාෂා ශෛලියක් දිස්විය. ඔහු සිය ලබැඳියන් ඇමතුවේ මචං යන සූදාශීලී වදනිණි.එතුමන් සිය ශාස්ත්‍රීය දේශනයන්හීදී  , සිංහල භාෂාවේ ගැබ් වූ, අර්ථ හා ධ්වනි ගුණ විවිධත්වය හා රසෝත්පාදන උද්දීපනය වන සේ සිය වාග් චාතුර්ය ප්‍රකට කළේය.

එතුමා  හමුවූ සෑම  අවස්ථාවකම,අපගේ දැනුම් සම්භාරය පුළුල් වන සුළු නව අත්දැකීමක් හෝ ශාස්ත්‍රීය අවබෝධයක් ලබා ගැනීමේ අවකාශය අපට නිතැතින්ම හිමි විය. විටෙක සංස්කෘත බස මැනවින් හසුරුවමින් ශ්ලෝකයක් ශබ්ද නගා කියා එහි අරුත අපට කියා දුන්නේ ,බැතිබර ගුරුපියෙක් විලාශයෙනි. තවත් විටෙක හේ තම අතීත අත්දැකීමක්, රස මුසු ලෙසින් අප හමුවේ පවසයි.එතුමා මා හා පැවසූ ,එතුමාගේ එවන් අත්දැකීමක් මෙහිදී  මගේ මතකයට නැගේ.

“ ගාමිණී , ඔය කරවටේ දවටගෙන ඉන්න ටයි පටිය ,නිලධාරී සනුහරේ ට ,රාජකාරියේ දී අනිවාර්යයෙන්ම පළඳින්නට,හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්තයා චක්‍රඛණයක් නිකුත් කරන්නට මුල්වූ සිද්ධිය උඹ  දන්නවද?

මා නිහඬව එතුමන් මුව මඩල වෙත දෑස් දල්වාගෙන සිටියේ එම පුවත දැන ගැනීමේ රිසියෙනි.හේ හඬ නගා  සිනා සලමින් අප අතීතය වෙත ගෙන යයි.

“බුත්තල ගම් උදාවේ ප්‍රගතිය හොයා බලන්න ,ප්‍රේමදාස ජනාධිපති තුමා , 1992 අවුරුද්දේ බුත්තල චාරිකාවකට මාවත් ඇන්න ගියා.ගම් උදා වැඩබිමේදී,එහි ප්‍රගතිය විස්තර කළේ, කමිසය කලිසම අපිළිවෙලකට හැඳ සිටි, රබර් සෙරෙප්පු කුට්ටමක් දාගත්තු පුද්ගලයෙක්.

ඔහුගේ පැහැදිලි කිරීම අසා  සිටි ජනාධිපතිතුමා  “හොදයි බාස් උන්නැහ ,ඉතිරි වැඩ ටිකත් ඉක්මනින් අවසන් කරන්න ඕන “, කියල ජනාධිපතිතුමා එම  පුද්ගලයට කිව්වා….

අප වාහනයට නගිද්දී මං ජනාධිපතිතුමාට කිව්වා, “ ජනාධිපතිතුමෝ, ඔබතුමාට ගම්උදාවේ ඉදිකිරීම් ගැන විස්තර කිව්වේ බාස්උන්නැහැ කෙනෙක් නෙමෙයි,මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්තුමා …. ප්‍රේමදාස මහත්තය ඒ මොහොතේම, දුර කථනයෙන්  තම ලේකම් අමතා විධායක මට්ටමේ සියලුම රාජ්‍ය නිලධාරීන් ,පිළිවෙලකට ඇඳිය යුතු බවත්, අනිවාර්යයෙන්ම , ටයිපෙටියක් පැළඳිය යුතු බවත් දැක්වෙන  චක්‍රලේඛයක් නිකුත් කිරීමට අවැසි පියවර ගන්නා ලෙස දැන්වුවා…”

හිටපු කතානායක තුමා ගේ කෘතහස්ත දේශනයක්

 ඔහු සංස්කෘතික අමාත්‍යවරයා ලෙසින්  ,දේශීය සංස්කෘතියේ අභාවයට යමින් පැවැති සිරිත් විරිත්, සාර ධර්ම නගාලන්නට කැපවිය.ඉපැරණි සිංහල සාහිත්‍ය කෘති නැවත මුද්‍රණය කරලන්නට හෙතෙම ප්‍රශංසනීය ව්‍යාපෘතියක් සැලසුම් කළේය. එමඟින් සුභාෂිතය, ලෝකෝපකාරය, අමාවතුර, වදන් කවි කවි පොත, සකස් කඩය වන් ග්‍රන්ථ රාශියක්  විද්‍යාර්ථීන්ගේ පරිශීලනයට .අවස්ථාව සැලසිනි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්   ඉංග්‍රීසියෙන් රචිත සීගිරි ගී , සිංහල භාෂාවට පරිවර්තනය කර,සිංහල පාඨකයන් අතට පත්කළේය.එතුමන් සීගිරිය පිළිබදව සැගවුණු තොරතුරු නිරීක්ෂනයෙහි ලා  විශේෂ උනන්දුවක් දැක්වීය. සීගිරියේ අභිරහස, The Mystique of Sigiriya  යන සිංහල හා ඉංග්‍රීසි කෘතීන් ද්වය එතුමා අතින් ලියවෙන්නේ එහි  පලයක් ලෙසිනි.

ළමා පරපුරේ චරිත සංවර්ධනය වෙනුවෙන් වැදගත් වූ, ජාතික වීරවරයන්ගේ චරිතාපදාන පොත් පෙළක් ප්‍රකාශයට පත් කරලන්නට ද එතුමා මුල්  විය.

බුදු දහම පිලිබදව  එතුමා තුළ පැවති මුළුල් ඥාන ප්‍රභාවය ප්‍රකට වන සාකච්ඡාවක්. 

එතුමා, 2010 සිට 2015 දක්වා සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් ,එම පළාතේ පෞරාණික ස්ථාන සංරක්ෂණය කෙරෙහි තිරස්සාර වැඩපිළිල්ලක් ,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහකත්වයෙන් ක්‍රියාවට නැංවිය.

දේශය වෙනුවෙන් මෙවන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ විජමු ලොකුබණ්ඩාර ශූරීන් ,බෝවන රෝග මර්දන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් සංකූලතා හේතුවෙන් 2021 පෙබරවාරි 14 වන දින  වයස අවුරුදු 79 දී අභාවප්‍රාප්ත වන්නට යෙදිනි.

විජමු ලොකුබණ්ඩාර මැතිතුමාගේ අභාවය.

විජමු ලොකුබණ්ඩාර මැතිතුමාගේ අවසන් කටයුතු.

එතුමා දැයෙන් සමු ගෙන ,තෙවසරක් සපිරෙන මොහොතේ ,එතුමා ඉටුකළාවු සුවිසල්ජා තිකමෙහෙවර  මහත් කෘතවේදීත්වයෙන් සිහිපත් කරමින් ,එතුමන්ට අප සැම  අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු. දුර්ලභ සේයා රූ කිහිපයක් ලබාදීම වෙනුවෙන් මාලතී ලොකුබණ්ඩාර මැතිනියට අපගේ ස්තුතිය හිමි වේ.

 

 ආචාර්ය   ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

TAGGED:වීජමු ලොකුබණ්ඩාර
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Famous, forgotten players of Ceylon-Sri Lanka hockey-By Dennis de Rosayro
Next Article 2 First Runners Up Cygnus House Clinches Championship at Lyceum Kurunegala Athletic Meet 2023/24
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Sri Lanka Debuts at Fine Food Australia 2026 - eLanka

The Sri Lanka Export Development Board (EDB), in collaboration with the Consulate General of Sri Lanka in Melbourne organized first-ever Sri Lanka Pavilion at “Fine Food Australia 2026”- Photos and write up thanks to Johann Dias Jayasinha

175th Anniversary Thomian Ball in Melbourne - on Saturday 29 August 2026 - Sofitel Melbourne on Collins - Photos thanks to MC Duke

175th Anniversary Thomian Ball in Melbourne – on Saturday 29 August 2026 – Sofitel Melbourne on Collins – Photos thanks to MC Duke

PROMISe Sri Lanka e-procurement platform

Sri Lanka’s PROMISe Platform Approaches Rs. 42 Billion in Digital Procurement Transactions

TBWA Sri Lanka Dragons of Sri Lanka 2026

TBWA\Sri Lanka Named No. 1 Industry Leader at Dragons of Sri Lanka 2026 with Seven Awards

The Emotion AI NVIDIA Inception

Gerald Sathiyasiva’s Sri Lankan AI Startup Joins NVIDIA Inception Programme

Related News
Sri Lanka Welcomes Largest-Ever Japanese Tourist Group with Kandyan Dance and Ceylon Tea
Articles

Sri Lanka Welcomes Largest-Ever Japanese Tourist Group with Kandyan Dance and Ceylon Tea

Sri Lankan Army veterans India Sri Lanka friendship cycling journey
Articles

Sri Lankan Army Veterans Complete 1,400-Kilometre India–Sri Lanka Friendship Cycling Journey

Good News From Jayam 
Articles Jayam Rutnam

Good News From Jayam September 1, 2026 – By Jayam Rutnam

Michael Roberts
Articles Michael Roberts

In Praise of Michael Roberts & His Scholarship-by Richard Koenigsberg

Sri Lanka’s Proposed 22nd Constitutional Amendment-eLanka
Articles Dr Harold Gunatillake

Sri Lanka’s Proposed 22nd Constitutional Amendment: A Comprehensive and Structured Analysis of the Issues, Confusions, and Democratic Risks that the Global Sri Lankan Public Needs to Understand-by Harold Gunatillake

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.