ගොළු හදවතින් යොවුන් සිත් විරහවෙන් මුසපත් කළ ජයලත් ( කරුණාසේන ජයලත් 96 වන ජන්ම සංවත්සරය ජනවාරි 10 දිනට යෙදේ ) – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : songhub ළමා වියත් යොවුන් වියත් අතර එළඹෙන පරිවර්තනශීලී කාල පරාසය අප හැම දෙනෙක්ම අත්විඳ ඇති සොඳුරුතම යුගයකි. මෙම අසිරිමත් අවධිය පෑන් තුඩින් කදිමට චිත්‍රණය කරමින්, ජන හදවත්හි සදාතනික සොඳුරු සමරුවක් සටහන් කළ ලේඛකයෙකු ලෙසින් කරුණාසේන ජයලත්ට සිංහල සාහිත්‍ය මංතලාවේ අද්විතීය ස්ථානයක් හිමිවේ. හෙතෙම අප තෙවන පරම්පරාව දක්වා වූ සුවහසක් පාඨකයන්ගේ අප්‍රමාණ භක්තියට ප්‍රසාදයට පත් වූ ලේඛකයෙකි. ඔහුගේ දිවි පෙවෙත පිළිබඳවත්, ඔහුගේ ළබැඳි නිර්මාණයන් පිළිබඳවත් ස්මරණයක නිමග්න වෙන්නට මා පොළඹවනු ලැබීම ඔහු කෙරෙහි මා හද උපන් අප්‍රමාණ භක්තියයි. Image Source : facebook නුහුරු නුපුරුදු රහස පිළිබද මිහිර ආදරයයි කියා … කරුණාසේන ජයලත් නාමය පාඨකයින් අතර විශේෂයෙන්ම යොවුන් පරපුර අතර බෙහෙවින් ජනාදරයට පත් වූයේ 1962 වසරේදී ගොළු හදවත  මුද්‍රණ ද්වාරයෙන් බිහිවීමත් සමඟය. සුවහසක් පාඨක ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වූ ගොළු හදවත රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද ඇගයුමට බඳුන් විය. ...

Read More →