Dr. Gamini Kariyawasam

මන නන්දණීය,නන්දා මාලිණිය , 80 වන වියට පිය තබන්නී…. By ආචාර්ය ගාමිණී කාරියවසම්. අලුත්ගම ලෙවන්දූවේ ගැමි පවුලක  මිරිහාන ආරච්චිගේ වින්සන්ට් පෙරේරා සහ  ලියනගේ එමිලි පෙරේරා දම්පතීන් ගේ  නව දෙනකු‍ගෙන් යුත් පවුලේ හතර වැනියා ලෙසින් බිළිදියක ජන්ම ලාභය ලබන්නීය. දින වකවානුව ,1943 අගෝස්තු 23 වැනිදාය.  පියා  සන්නාලි වෘත්තිකයෙකි. මව දරුවන්සු රැකි ආදර්ශමත් ගෘහණියක වුවාය.අලුත උපන් බිළිදිය  නන්දා මාලිනියයි. කුඩා වියේ ඇය හැදී වැඩුනේ සහෝදරයන් හතර දෙනෙක් හා සහෝදරියන් හතර දෙනෙක් ගේ උණුසුම නොඅඩුව ලබමිනි. නන්දා මාලිනිය ඉකුත් අගෝස්තු  23 වැනි දින ,සිය පරිනත 8 වන දශකය වෙත පියමන් කළාය. සිය සංගීත  කුසලතාවය, ගායන චාතුර්යය   වෙනුවෙන් ,සරසවිය සම්මාන 12 ක් හා ජනාධිපති සම්මාන 10 ක් හිමිකර ගන්නට ඇය සමත් වූවාය. ඇය   වෙනුවෙන් හෘදයාංගමවූ   සමරු  සිත්තමක් පෙළ ගස්වන්නට ගත් ,නොතිත් උත්සාහයක් ලෙසින් මෙම ලිපිය සැකසිණි. තම උපන් ගම අලුත්ගම අතැර , කොළඹ කොටහේනට පදිංචියට පැමිණි නන්දා මාලනී ළදැරිය,සිප්සතර හදාළේ  කොටහේනේ ශ්‍රී ගුණානන්ද විද්‍යාලයෙනි.එහි දී ඇය ගේ ආචාර්ය වරිය වූ මාග්‍රට් පෙරේරා මහත්මිය, දැරියගේ කුසලතා හදුනා ගෙන ,ඇගේ දිශානතිය සංගීත ක්ෂේස්ත්‍රය වෙත යොමු කළාය. තම ගුරුතුමිය වෙතින් ලද ...

Read More →

අකුණු සරින් ශාප ලද – දේශයේ ඇතුන් දහස් ගණන් නැසූ බ්‍රිතාන්‍ය පාලකයෝ – By ආචාර්ය ගාමිණී කාරියවසම් ඇතැම්  දාර්ශනික සහ ආගමික සම්ප්‍රදායික විශ්වාසයන්ට  අනුගතව , විශ්වය පාලනය කරන පුළුල් විශ්වීය අනුපිළිවෙලක් , මූලධර්ම පද්ධතියක්  ,මුළු මහත් විශ්වය වෙළාගෙන ක්‍රියාත්මකය. මෙම  පාරභෞතික , අධ්‍යාත්මික සන්දර්භය ,සාමාන්‍ය ව්‍යවහාරයේ       හැඳින්වෙන්නේ  “ස්වභාව ධර්මයේ යුක්තිය ” යනුවෙනි . මෙම විශ්වීය න්‍යායයේ සනාතන සත්‍ය පසක් කරදෙන සුළු , අප මව්බිමේ අතීත සැබෑ සිදුවීම් මාලාවක් ,අතිශෝක්තියෙන් බැහැරව ,ඔබ මනසෙහි සිත්තම් කරන්නට ගත් ප්‍රයත්නයකි මෙම ලිපිය. ඇතුන්ගේ නිජබිම ලෙසින් සැලකියහැකි මෙරට ඇත් පරපුර වෙත,  විදේශිකයන් මෙරට යටත් කරගැනීමෙත් සමග  අභාග්‍ය සම්පන්න කාලයක් උදාවිය. වෙසෙසින් ම  බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ දී සුදු ජාතිකයෝ තේ, කෝපි ආදී වැවිලි භෝග වගාව පිණිස  , මෙරට කැලෑ එළිපෙහෙළි කරන්නට උත්සුක වුහ.මෙම ප්‍රයත්නයෙන් අපේ ඇත්  පරපුරට සිය වාසභුමි  අහිමි විය.එතැන්  පටන් සද්දන්තයන්  ගම් වදින්නට වීම ආරම්භ විය. ගම් වැදී ඇතුන් වැනසීම සුදු ජාතිකයින් සිය වික්‍රමාන්විතය ප්‍රදර්ශනය සහ හුදු විනිදාස්වාදය පිණිස යොදා ගත්හ. මෙරට ඇත් දඩයමේ නිරතවූ සුදු ජාතිකයින් අතරෙන් ප්‍රමුඛයා වන්නේ තෝමස් ...

Read More →

ජගත් වැඩිහිටි දිනය – By ආචාර්ය ගාමිණී කාරියවසම් වැඩිහිටි පරපුරේ මෙහෙවර,  ප්‍රඥාව සහ අත්දැකීම් ඇගයෙන  : ජාත්‍යන්තර වැඩිහිටි දිනය මේ වසරේ ඔක්තෝම්බර් 1 වන දිනට යෙදේ. “  මානව හිමිකම්  විශ්ව ප්‍රකාශනයේ,වැඩිහිටි ප්‍රජාවේ ප්‍රතිඥා ඉටු කිරීමට කැපවෙමු” යන්න , 2023 ජාත්‍යන්තර වැඩිහිටි දිනයේ තේමාව ලෙසින් ප්‍රකාශයට පත්වේ. මෙදින  ලොව පුරා විසිරි  වැඩිහිටි ප්‍රජාවේ  වටිනා දායකත්වය සහ ජයග්‍රහණ ඉහලම  ඇගයුමට බදුන්වේ.සමාජ ප්‍රගමනය උදෙසා  ඔවුන් ඉටු කළ මෙහෙවර හා  වැදගත් කාර්යභාරයට  ගෞරවය,උපහාරය පිදෙන මෙම දිනයේ  භූමිකාව  පිළිබදව තුලනාත්මකව විමසා බැලීම අතිශයින් ම වැදගති. දුරාතීතයේ සිට,   වැඩිහිටි පරම්පරාව සෙනෙහසින් ඇපවී,කැපවී රැක බලා ගැනීම උදෙසා,  අපේ දේශයේ ජනතාව  අනුගතව සිටි සාර ධර්මයන්ගෙන් පිරිපුන් ජීවන රටාව පිලිබදව විමංසනයකින්  මෙම ලිපිය ආරම්භ කිරීම අර්ථාන්විත වනු නිසැකි. වයෝවෘද්ධ භාවයට පත් වීම කාලයත් සමඟ සිදු වන ක්‍රියාදාමයකි.මෙලොව උපන් සෑම  සත්ත්වයෙක් ම වයස්ගත වීම ස්වභාවික සංසිද්ධියකි.එය වළක්වාලිය නොහැකි ධර්මතාවකි.මව් කුස කලලයක් ලෙසින් ප්‍රතිසන්ධිය ලබන මිනිසා, එවක් පටන් මරණය දක්වාම කාලීනව වෙනස් වෙමින් ක්‍රමිකව පරිණාමය වන බව සංයුක්ත නිකායේ ඉන්දක සූත්‍රයේ සදහනි.එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ජාත්‍යන්තර වැඩිහිටි දිනයක් ප්‍රකාශයට පත්කරමින් ,වැඩිහිටියන්ට සැලකීමේ ප්‍රවනතාවය කෙරෙහි වත්මන්  බටහිර ...

Read More →

මහා උළුගෙදර අරුම අත් දුටුවෙමි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. ශ්‍රීලංකාවේ බන්ධනාගාරය, නිරන්තරයෙන් ම  ආන්දෝලනාත්මක පුවත් මවන රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇත. එම ආයතනය පිලිබදව විවිධ විවේචන ඉදිරිපත් වේ. බන්ධනාගාරය පිලිබදව පොදු මහ ජනතාව තුළ පවත්නේ දැඩි කුතුහලාත්මක හැගීම් ය. මා භාවිතා කළ පැරණි රාජකාරි දිනපොතක, මගේ අත්දැකීම් සටහන්ව තිබු තොරතුරු ආශ්‍රය කරගෙන , වැලිකඩ සිපිරි ගෙය පිලිබදව මෙවන් ලිපියක් සැකසීමට මා සිත් පෙලැඹිණි.සිරකරුවන් ඔවුනට ම ආවේනික බසින් බන්ධනාගාරය හදුන්වන්නේ මහා උළුගෙදර ලෙසිණි.  අදින් වසර  23  කට පමණ පෙර, සිරකරුවන් රදවා තබා ගන්නා මේ මහා උළුගෙදර, මට ද රැදෙන්නට සිදු විය. ඒ නිකන් ම නොව බරපතල වැඩ සමුදායක් ද සහිතවය. කාලය දෙසතියකි. දිනය 2000 ජුලි 7 වන දිනය. මා වැන්නෙකුට මේ සිපිරි ගෙයි ලගින්නට සිදුවූ හේතුව ,මම මේ ලිපිය අවසානයේ ඔබට හෙළි කරලන්නට අදහස් කරමි. බන්ධනාගාරය උස් දැවැන්ත තාප්පයකින් කොටුවූ ,පියවි ලොවින් සහමුලින් ම වෙන්වූ අමුතුම ලොවක් ලෙස මට හැගිණි. ඔබ දිවියේ කිසි දා මෙහි යාමට නොපතාවී ,මෙහිදී මා ලද අත් දැකීම් කියවන්නට ...

Read More →

ජපන් සංස්කෘතියේ අනන්‍යතාව – ගීෂා ළදුන් – By ආචාර්ය ගාමිණී කාරියවසම්. ජපන් සංස්කෘතියෙහි   සජීවී සංකේතයක් ලෙස සැලකිය හැකි ගීෂාවන් පිලිබදව කලකට ඉහත , ජපානයේ සරද්දී  මවිසින්  සියැසින් ස්පර්ශිත තොරතුරු සමුදායක්  මගේ මතකයට නැගිණි. සෑම වසරකම  මැදභාගයට ආසන්නව එළඹෙන වසන්ත සමය,  ජපානයට ගෙන එන්නේ අති ප්‍රබෝධමත්  අසිරිමත් කාල පරිච්ඡේදයකි.  වසර කිහිපයකට පෙර එවන් අසිරිමත් සමයක ජපානයේ  කියොතෝහි ගීෂා ගම්මානයක් වන  හනාමචි ( මලින් ගැවසී නගරය ) වෙත පිවිසීමට අපට අවස්ථාවක් උදා විය.එම අවස්ථාවේ නෙතින්  ස්පර්ශ කළ,සවනින් අසා සිතින් ග්‍රහණය කළ අතීත ස්මරණයන් සජීවීමත් කරන්නට ගත් ප්‍රයත්නයක් ලෙසින්  මෙම ලිපිය සැකසිණි. ගීෂා සුන්දර යුවතියන්   මෙම මල් ගම්මානයේ පමණක් නොව,මුළු මහත් ජපානයෙහිම  ජීවමාන ප්‍රතිරූපය බැව් මෙහිදී විශේෂයෙන් සනිටුහන් කිරීම යෝග්‍යවේ. ජපාන සංස්කෘතිය තුළ ගීෂාගේ භූමිකාව වසර සිය ගණනක් තිස්සේ විකාශනය වී ඇති අතර,වර්තමානයේ  ගීෂා ජීවන රටාව  සුවිශේෂී සංස්කෘතියක් බවට  පත්ව  ඇත . කියොතෝහි ගීෂා ගම්මානයක් වන  හනාමචි  ( මලින් ගැවසී නගරය ) හනාමිචි  ගම්මානය ජපානයේ පවත්නා සම්ප්‍රදායික  ගීෂා ගම්මාන අතර ඉපැරණිම,ප්‍රකට ගම්මානය සේ සැලකේ. කියෝතෝවේ ,සජිගාටා නම් රමණීය කදුකරයේ සිට ගලා බස්නා  කමෝ ගංගා දෑළ ඇසුරු කොට මෙම සුන්දර  පුෂ්පිත මල් නගරය පිහිටියේය.ඒ වන විට  ගං දෑළ පැතිරී, සකුරා තුරු පෙළ සිරස, රෝස ...

Read More →

සිවු සරකට පෙර සදා නිහඩවු රන් සර – By ආචාර්ය ගාමිණී කාරියවසම් (ඉන්ද්‍රානි සේනාරත්න දිවියෙන් සමු ගෙන , ගෙවී ගිය ජුනි 23 දිනට සිව් වසරක් සපිරේ. ඒ නිමිත්තෙන්,පමා  වී හෝ  තැබෙන සමරු සටහනකි.) ඇය දිවියෙන් සමු ගෙන  ඉකුත්  ජුනි 23 දිනට  සිව් වසරක් සපිරිණි.සිය මධුර සරින් යුගයක් මහත්අ මන්දානන්දයට පත් කළ ඇය ,ඉන්ද්‍රානි සේනාරත්නයන්ය. බාල වියේ සිට යොවුන් විය පසු කරමින් වියපත් බවේ එළිපත්තට පියමන් කරන නිමේෂයේ  පවා,ඇය සුගායනය කළ ,  ප්‍රේමයේ විරහව ද්වනිත කෙරෙන ගී පද වැල්, සදාතනිකව අපේ  සන්තානයේ නින්නාද වෙමින් පවතී. වියෝගයේ  සැගවුණු හුදකලා   සෞන්දර්ය ද්වනිත කෙරෙන , “ගයා ගීතයන් ගමේ වෙල් එළියේ …” ගීතය සවනත වැකෙද්දී,   මැකී ගිය  නිර්මල ප්‍රේමයේ  රම්‍යතාවය හා සබැදි වියෝගයේ තීව්‍ර රස භාවයන් උද්දීපනය වන්නේ ඉන්ද්‍රානි සිසිර රූපකාය ද අප මනසෙහි සිතුවම් කරමිනි.  මෙම අමරණීය ගීතයේ පද මාලාව සහ සංගීතය නිර්මාණය වුයේ  ද සිසිර සේනාරත්නයන් අතිනි. ඔබටත්  අමරණීය විරහ ගීතය පහත යොමුවට පිවිසීමෙන් ,ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ,මෙම ලිපිය කියවීමට නෙත්යො මු කිරීම  වඩාත් යෝග්‍ය වනු නිසැකි. “ගයා ගීතයන් ගමේ වෙල් එලියේ……. දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ ඈ සමගින් එදා ඒ මා තමා අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ…//”   එම්.එම්.ඩබ්ලිව්.විජයබණ්ඩාර සහ ලිලියන් විජයබණ්ඩාර දම්පතීන්ගේ පවුලේ වැඩිමල් ...

Read More →

කොළඹ කනත්තේ සැගවුණු මහා යුග පුරුෂයකුගේ පුරාවෘත්තය – By ආචාර්ය ගාමිණී කාරියවසම්. හිතවත් මිතුරෙකුගේ අවසන් කටයුතු සදහා සහභාගී වීම පිණිස කොළඹ කනත්තට පිවිසි අවස්ථාවක ,චිතකයට ගිණි දැල්වීමෙන් අනතුරුව,සුසාන භුමියෙහි ඔබ මොබ ඇවිදීම කෙරෙහි මසිත කිසියම් ගුප්ත ලැදියාවක් පිළිසිදිණි.එහිදී ,එවකට කොළඹ කනත්ත භාරකරු චානක පෙරේරා මහතා වෙතින්,කිසියම් සුවිශේෂ පුද්ගලයකුගේ භෂ්මාවශේෂ ද කොළඹ කනත්තේ තැන්පත් කර ඇති බව දැනගන්නට ලැබිණි. ඒ අන්කවරෙකුගේවත්නොව,මුළු මහත් බෞද්ධ ලෝකයම නිද්‍රාවෙන්  අවදි කළ අභිමානවත් ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂයි.  ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් , කොළඹ කනත්තේ හුදකලාවූ  දම්පල්  වෙහෙර  ගෙය. මෙම ඓතිහාසික ස්මාරකය පිහිටියේ කොළඹ කනත්තේ හින්දු භක්තිකයන්ගේ සුසානයට යාබද ය. ඉන්දියාවේ සාංචි සම්ප්‍රදායට අනුකූලව කළු ගලින් එය නිමවා තිබුණි. ඉතා අලංකාර, ප්‍රතාපවත් නිමැවුමක් වූ දම්පල් වෙහෙර  ගෙය  අප යන අවස්ථාවේ ලදු කැලෑ වලින් වැසි තිබිණි. සොහොන් කොත පාදමෙන් ඓශ්චර්යයක් ලෙස කුඩා බෝ අංකුරයක් මතු වී තිබිණි. සොහොන් කොත මධ්‍යයේ වූ පීඨීකාව මත දම්පල්තුමන් ගේ භෂ්මාවශේෂ තැන්පත් මංජුසාව සහිත  කුඩා දාගැබක් දැකගන්නට ලැබිණි. මෙවන් යුග පුරුෂයකුගේ භෂ්මාවශේෂ තැන්පත් කළ වෙහෙරගෙය අතිශය හුදකලා වූ කොළඹ කනත්තේ , වල් බිහි වී තිබෙන්නට හැරීම ජාතික ...

Read More →

මහා විජයබාහු නිරිදුන් සිහසුනෙහි රැන්දූ – බුදල්නා සෙනවි – By ආචාර්ය ගාමිණී කාරියවසම්. සිය ජන්ම භූමියට  දිවි දෙවෙනි කොට ඇළුම් කළ, ඔටුන්න හිමි කිත්ති කුමරුවා කුඩා කල, ඔහු පසුපස නිරතුරු   සෙවණැල්ලක් ලෙස රැදෙමින්  රැකවරණ සැලසු, බුදල්නා වන්   රණ ශූර සෙනෙවියෙක් පහළ නොවන්නට, චෝලයන්ගේ ග්‍රහණයට නතුවූ  පොළොන්නරු  රාජධානිය  සිංහල නිරිදෙක් යටතේ  මුදා ගන්නට අවස්ථාවක් යළි කිසි දින නොඑළඹෙනු නිසැක.    ඓතිහාසික මූලාශ්‍රවලට අනුව,පණ්ඩුකාභය රජු විසින් ක්‍රි.පූ. 474 වසරේදී  ස්ථාපනය කෙරෙන අනුරාධපුර රාජධානිය     .එවක් පටන්  සිංහල රජවරුන් 17 දෙනෙක් යටතේ දැහැමින්  පාලනය විය. 5 වන මිහිඳු  රජ දවස අනුරාධපුර මහා රාජධානියේ  පිරිහීම ආරම්භ විය. ඔහුගේ පාලන ව්‍යුහයේ දුර්වලතා මධ්‍යයේ අභ්‍යන්තර ගැටුම්නිර්මාණය වේ.. මේ අතර චෝල අධිරාජ්‍යයා වූ රාජරාජ ක්‍රි. ව. 993 දී  දිවයිනේ  උතුරු ප්‍රදේශය යටත් කර ගැනීමට සමත්වේ.. ක්‍රි. ව. 1017 දී උතුරේ රාජරාජගේ පුත් රාජේන්ද්‍ර, සිංහල  රාජධානියේ අභ්‍යන්තරික වියවුල් පවතිද්දී, අනුරපුරවරයට  ප්‍රහාරයක් එල්ල කළේය.  චෝල සහ සිංහල රජවරුන් අතර ඇති වූ කුරිරු සටනේ ප්‍රතිඵලයක් ලෙස අනුරාධපුර රාජධානිය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වේ. චෝළයන් විසින්අ නුරාධපුර රාජධානියේ අවසන් රජු වූ  v වන මහින්ද රජු ඉන්දියාවට රැගෙන යන්නේ වහලෙකු ලෙසනි.  .චෝල රජු ...

Read More →

ජපානයේ කමකුරා දේශයේ සෞන්දර්යාත්මක යශෝරාවය – By ආචාර්ය ගාමිණී කාරියවසම්. ෆුජියාමා කදු පියස ඔබ්බෙන්වි හිදි කඳුපෙළ ආශ්‍රිතව නිම්නයක පිහිටි,කමකුරා ඉපැරණි නගරය කලකට  පෙර, අපව  ටෝකියෝවේ සිට කවාසකි යොකොහොමා නගර   පසු කරමින් විදුලි දුම්රියෙන් ජපානයේ කමකුරා ඉපැරණි නගරය  වෙත ළඟා වීමේ අවස්ථාවක් උදාවිය‍‍. මෙම ලිපිය, එහිදී අප සියැසින් දුටු කමකුරාවේ අති ආකර්ෂණීය ඉසව් කිහිපයක් පිලිබඳව පාඨක මනසෙහි කිසියම්  සිත්තමක්  නිමැවුම සඳහා ගත් ප්‍රයත්නයක පිළිබිඹුවකි. මෙමගින්, ලෝක ප්‍රකට කමකුරාවේ බුදු පිළිම වහන්සේ සහ ඒ ආශ්‍රිත වැදගත් ස්ථානයන්හි  අසිරිය පාඨක පිරිසට මනසින් ස්පර්ශ කිරීමට අවස්ථාවක් සැලසෙනු නියති.ආචාර්ය අනුරාධ වික්‍රමසිංහයන් සහ  එවකට ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතුන් මා සමග  මෙම අසිරිමත් සංචාරයට එක්  විය.  කමකුරාව හා සබැඳි ඓතිහාසික තොරතුරු ,අප්‍රකට තොරතුරු ,පැහැදිලි කරමින් ජපන් ජාතික විද්වතෙකුද  අපේ සංචාරයට  එක් වීම ,අපට සුවිසල්අ නුබලයක් වූවා සේ හැ‌ඟේ.හේ ජපානයේ ශුකෝතොකු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තත්සුරු  අකිමෝටෝ මහතාය. ජපන් ඉතිහාසයේ කමකුරා යුගයට සුවිශේෂි ස්ථානයක් හිමිවේ.මිනාමෝටෝ යොරිටෝමෝ සමුරායිවරයා සිය පාලන කේන්ද්‍රස්ථානය කර ගත්තේ කමකුරා නගරයයි. ජපන් මුහුදු තීරය ආශ්‍රිතව විහිදි කඳුපෙළට ඔබ්බෙන් වූ රමණීය නිම්නයක   කමකුරා ඉපැරණි නගරය පිහිටියේය. කඳුයායෙන් මතුවූ  , නගරය මැදිකර පැතිරුණු වනපෙත නගරයේ ...

Read More →

ජනසවියේ නියමුවාණන් දැයෙන් සමුගෙන දෙවසරක් සපිරේ . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.   1965 ජුනි 15 වන දින, රාජ්‍ය  පරිපාලන  ‍අමාත්‍යංශයේ ලේකම් කාර්යාලය තුළ එම්.ජේ.පෙරේරා, වින්සන්ට් පණ්ඩිත යන මහතුන්  ශ්‍රී ලංකා පරිපාලන සේවයට සුදුස්සන් බඳවා ගැනීමේ  සම්මුඛ පරීක්ෂන මණ්ඩලයයේ අසුන් ගෙන සිටිති.එක් අපේක්ෂකයෙක් සම්මුඛ  පරීක්ෂණයට පෙනී සිට පිටතට පැමිණේ.  මීලඟ අපේක්ෂකයා කැඳවීමට සිණුව නාදවේ. රෙද්දෙන් බැනියමෙන් සැරසුණු ,පන් මල්ලක් අතැති පුද්ගලයෙක් කාමරයට පියමනී. පරීක්ෂණ මණ්ඩලය එම පුද්ගලයා කාර්යාල කාර්ය සහයකයෙක් යයි සිතා , ” ගිහිල්ල සුසිල් සිරිවර්ධන මහත්තයට එන්න කියනවා….” කාමරය දෙසින්වි ධානයක් නිකුත්වේ. ඇතුල්වූ පුද්ගලයා  මුවඟ සියුම් සිනහවක් පාමින්    “මම තමයි සුසිල් සිරිවර්ධන..”යනුවෙන් පිළිවදන් දෙමින් කාමරය  ඇතුළට පිවිසේ.  සුදු දිග දොතියකින් , සැහැල්ලු සුදු සරමකින්  දෙපා රැදී හම් සෙරෙප්පු ජෝඩුවකින් සැරසී සිටි ඇදුමේ විලාශයෙන් හා අමුත්තාගේ  නිහතමානී පෙනුමෙන් සම්මුඛ  පරීක්ෂණ මණ්ඩලයට හැගී ගියේ ,සීනුවේ නාදය ඇසී කාර්යාල කාර්ය සහයකයෙක් අවශ්‍යතාව  විමසීමට කාමරයට එබිකම් කළ සෙයකි. යථෝක්ත සිදුවීම අප හා පැවසුවේ, මෙම සම්මුඛ පරීක්ෂණයට ම ,එදවස  පෙනී සිටීමට පෙළ ගැසී සිටි  ,ශ්‍රී ලංකා පරිපාලන සේවයෙහි ජේෂ්ඨතමයෙක්වූ කේ.ජී.කීර්තිරත්න මහතාය.       ශ්‍රීලංකා පරිපාලන සේවයේ ...

Read More →