ලිවීමේ තාක්ෂනීය ගමන් මග විප්ලවීය වෙනසකට. – ආචාර්ය ගාමිණී කාරියවසම්. මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් ම මිනිසා සිය සිතුම්  පැතුම්, අදහස් පළ කර න්නට අංග  චලනය  සහ හඬ භාවිත කළහ. භාෂණය සහ  සංකේත භාවිතය ආශ්‍රයෙන්  පසුකාලීනව  නිපන්  අක්ෂර උපයෝගී කරගෙන මානවයා සිය පාරම්පරික ඥානය, දැනුම, අවබෝධය ලේඛනගත කිරීමට පෙළඹිණි.ඒ තම අනාගත පරපුර වෙනුවෙනි.  ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ගේ මෙහෙයවීමෙන්  අනුරාධපුර පෞරාණික මහාපාලී  දානශාලාව සහ අනුරාධපුර ගෙඩිගේ ආශ්‍රිතව කළ  පුරාවිද්‍යා කැණීම්වලදී,බ්‍රාහ්මී අක්ෂර කෙටුම්පත් කළ මැටි භාජන සමූහයක්  හමුවිය. 1–බ්‍රාහ්මී අක්ෂර. මෙම අක්ෂර ක්‍රිස්තු  පූර්ව හය වන  සියවසට  අයත්  වන බව ද එතුමා විද්‍යාත්මක ක්‍රමවේදයන් මගින් තහවුරු කරනු ලැබිණි.මහින්දාගමනයෙන් පසුව අපේ රජ දරුවන්, ගල් පර්වත යන්හි මුහුණත් සිය ප්‍රකාශ කෙටුම්පත් කිරීමට යොදා ගත්හ. . මෙරට මුලින්ම ගල් පව් මත ,බ්‍රාහ්මීය අක්ෂර උපයෝගි කරගෙන සෙල්ලිපි කෙටීම ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදීය. දේවානම්පියතිස්ස රජ දවස, මිහින්තලේ කණ්ඨක ෛචත්‍ය ආසන්නයේ  ලෙන් කටාරම්  අභිමුව කොටන ලද සෙල්  ලිපි රාශියක් වර්තමානයෙහි ද විද්‍යාමානිතය. 2-  කටාරම් සෙල් ලිපි අක්ෂර. ...

Read More →