News & Community eLanka

eLanka

Thursday, 28 May 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ලිවීමේ තාක්ෂනීය ගමන් මග විප්ලවීය වෙනසකට. – ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ලිවීමේ තාක්ෂනීය ගමන් මග විප්ලවීය වෙනසකට. – ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: November 4, 2023 9:42 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE
Views: 17

ලිවීමේ තාක්ෂනීය ගමන් මග විප්ලවීය වෙනසකට. – ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

ලිවීමේ තාක්ෂනීය ගමන් මග විප්ලවීය වෙනසකට. - ආචාර්ය ගාමිණී කාරියවසම්.

මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් ම මිනිසා සිය සිතුම්  පැතුම්, අදහස් පළ කර න්නට අංග  චලනය  සහ හඬ භාවිත කළහ.

භාෂණය සහ  සංකේත භාවිතය ආශ්‍රයෙන්  පසුකාලීනව  නිපන්  අක්ෂර උපයෝගී කරගෙන මානවයා සිය පාරම්පරික ඥානය, දැනුම, අවබෝධය ලේඛනගත කිරීමට පෙළඹිණි.ඒ තම අනාගත පරපුර වෙනුවෙනි.  ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ගේ මෙහෙයවීමෙන්  අනුරාධපුර පෞරාණික මහාපාලී  දානශාලාව සහ අනුරාධපුර ගෙඩිගේ ආශ්‍රිතව කළ  පුරාවිද්‍යා කැණීම්වලදී,බ්‍රාහ්මී අක්ෂර කෙටුම්පත් කළ මැටි භාජන සමූහයක්  හමුවිය.

1–බ්‍රාහ්මී අක්ෂර.

ලිවීමේ තාක්ෂනීය ගමන් මග විප්ලවීය වෙනසකට. - ආචාර්ය ගාමිණී කාරියවසම්.

ලිවීමේ තාක්ෂනීය ගමන් මග විප්ලවීය වෙනසකට. - ආචාර්ය ගාමිණී කාරියවසම්.

මෙම අක්ෂර ක්‍රිස්තු  පූර්ව හය වන  සියවසට  අයත්  වන බව ද එතුමා විද්‍යාත්මක ක්‍රමවේදයන් මගින් තහවුරු කරනු ලැබිණි.මහින්දාගමනයෙන් පසුව අපේ රජ දරුවන්, ගල් පර්වත යන්හි මුහුණත් සිය ප්‍රකාශ කෙටුම්පත් කිරීමට යොදා ගත්හ. . මෙරට මුලින්ම ගල් පව් මත ,බ්‍රාහ්මීය අක්ෂර උපයෝගි කරගෙන සෙල්ලිපි කෙටීම ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදීය. දේවානම්පියතිස්ස රජ දවස, මිහින්තලේ කණ්ඨක ෛචත්‍ය ආසන්නයේ  ලෙන් කටාරම්  අභිමුව කොටන ලද සෙල්  ලිපි රාශියක් වර්තමානයෙහි ද විද්‍යාමානිතය.

ලිවීමේ තාක්ෂනීය ගමන් මග විප්ලවීය වෙනසකට. - ආචාර්ය ගාමිණී කාරියවසම්.

ලිවීමේ තාක්ෂනීය ගමන් මග විප්ලවීය වෙනසකට. - ආචාර්ය ගාමිණී කාරියවසම්.

2-  කටාරම් සෙල් ලිපි අක්ෂර.

අපේ මුතුන් මිත්තෝ ක්‍රිස්තු  පූර්ව යුගවලදී පවා.සාක්ෂරතා ඥානයෙන් පිරිපුන් ජන  කොට්ඨාශයක් බැව්   මෙමගින් මැනවින් තහවුරුවේ.මහින්දාගමනයත්‍ සමග මෙරටට ගෙනෙන ලද මගධ භාෂාවෙ න් ලියන ලද බොදු අටුවා හෙළ බසට නගන ලදී. හෙළටුවා නම්වූ මෙම ග්‍රන්ථ අතරෙන් මුලින් ම ලියන ලද්දේ  මහා අට්ට කථා ,මහා පච්චරි අට්ට කථා ,කුරුන්දි අට්ට කථා යන ග්‍රන්ථ ත්‍රීත්වය බැව් සදහන්වේ.   එම කාර්ය සදහා අප මුතුන් මිත්තෝ පන්හිද සහ  පුස්කොල තීරු යොදා ගැනීමට නැණවත් වුහ. ( චායා රුපය 3)  සිංහල භාෂාව වත්මන් සිංහල භාෂාවට අනුරූපව හැඩගැසෙන්නේද අනුරාධපුර යුගයේ අවසාන භාගයේ දීය .

ලිවීමේ තාක්ෂනීය ගමන් මග විප්ලවීය වෙනසකට. - ආචාර්ය ගාමිණී කාරියවසම්.

3 – පුස්කොළ අක්ෂර

මහා කාශ්‍යප නිරිඳුන්ගේ සමයේ ( ක්‍රි.ව.473-491 ) සිංහල ලේඛන කලාවේ සුවිශේෂී කලාත්මක ලක්ෂණ, සීගිරි කැටපත් පවුරේ විද්‍යාමාන වන සීගිරි කුරුටු ගී වෙතින්  මැනවින්  ප්‍රකටවේ.

ලිවීමේ තාක්ෂනීය ගමන් මග විප්ලවීය වෙනසකට. - ආචාර්ය ගාමිණී කාරියවසම්.

4 – සීගිරි කුරුටු ගී අක්ෂර

මෙනයින්  ක්‍රමික විකාශනයට  පත්වූ දේශීය ලේඛන කලාව, නවීන විද්‍යාත්මක   නිපැයුම්  උපයෝගී කරගැනීමෙන් නැවුම් මඟකට අවතීර්ණ විය.

8 වන සියවසේදී චීනයේ කාඉ  ලුන්  ප්‍රථම වතාවට ලොවට  කඩදාසි හඳුන්වාදීමත්, 1439 ජර්මනියේ  ජොහැන්ස් ගැටන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දීමත් තුළින් ලේඛන කලා ප්‍රකාශනය  ලද දිරි ගැන්වීම සුළුපටු නොවේ.1736 දී ඕලන්ද ජාතික පාලකයන් විසින්,ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට සිංහල මුද්‍රණ යන්ත්‍රයක් හදුන්වා දෙනු ලැබිණි. 1821 දී චාර්ල්ස් බැබේජ් පරිඝනකය ද, 1867 දී ක්‍රිස්ටෝපර් ලැතම් ශෝලේස් යතුරු ලියනය ද, පෝල් බැරන් 1960 දී අන්තර් ජාලය ද ලෝකයට හදුන්ව දීමත් සමග  ලේඛන කලාව නව ප්‍රවේශයකින්   ලොව පුරා ව්‍යාප්ත වන්නට විය.

ක්‍රිස්තු පූර්ව යුගවල රාජ  ආඥාවන් කෙටුම්පත් කරලන්නට, ගල් වඩුවා ගල් කටුව අත දරමින්  මහත් ආයාසයක්  ගති. පසුකාලීනයන් පන්හිද,පැන්සල,පෑන, දෑඟිලි අතර තෙරපා  ගෙන අකුරු කළහ.අනතුරුව , නවීන විද්‍යාවේ අරුනැල්ලෙන් නිපන් යතුරු ලියනයේ  ,පරිගණකයේ  යතුරු පුවරු මත දෑගිලි තුඩු මෙහෙයවමින් දැඩි ආයාසයකින් තොරව  .ලේඛන සකසන්නට මානව  වර්ගයා භාග්‍යමත් වුහ.

ලේඛන කලාවේ විකාශනය පිළිබඳව  මෙවන්  තොරතුරු සමුදායකින් මෙම ලිපිය ආරම්භ කිරීමට අදහස් කලේ,. මිනිස් චින්තන ධාරාවන් දෑගිලිවලින්  ලේඛනගත කිරීම වෙනුවට,මිනිස් කට හඬින්  නික්මෙන වදන් කෙටුම්පත් කිරීමේ  නව්‍ය  මෘදුකාංගයක්  කලකට පෙර ,ජනගත වීමේ අසිරිමත් පුවත පාඨක ඔබ හමුවට ගෙන ඒමේ පුර්නිකාවක් ලෙසිණි.

භාෂණයෙන් (  කටහඬින් )  වේගවත්ව  ලිපි ටයිප් කරගැනීමට උපයෝගී වන, නව්‍ය-විශ්මිත මෘදුකාංගය.

ලේඛකයින්ට, පුවත්පත් කලාවේදීන්ට,මුළු මහත් රාජ්‍ය සේවයට,විශේෂයෙන්ම කළමනාකාර සේවයෙහි  ලිපි පරිගණක ගත කරන්නන්ට  අතිශයින්ම වැදගත්  වන,මෙම නව්‍ය  මෘදුකාංගය (Software) අන්තර්ජාලය ඔස්සේ හඳුන්වාදීමේ ගෞරවය නිතැතින්ම හිමි වන්නේ  google සමූහය වෙතය.

මෙම නව මෘදුකාංගයෙන්  භාෂා 120  කින් තමන්ට අවශ්‍ය භාෂාව තෝරා ගත හැකිය. අනතුරුව   තමන් විසින් පරිගණකය ඉදිරියේ වාචිකව ඉදිරිපත්  කෙරෙන අදහස් 100% ක් ම නිවැරදිව පරිගණකයෙහි ටයිප් කරගැනීමට සහ අවශ්‍ය පරිදි සංස්කරණය කර ගැනීමට  අවකාශ සැලසේ.

5 -පරිඝනකය ඉදිරියේ භාෂණයෙන්  ලිපියක් ටයිප් කරන කළමනාකරණ සහකාරවරියක්.

ලිපියක් ටයිප් කරන කළමනාකරණ සහකාරවරියක්.

පහත දැක්වෙන පියවර කිහිපය ක්‍රියාත්මක කිරීමෙන් , මෙම නව්‍ය  යෙදුම ,ලේඛන කටයුතු සඳහා උපයෝගී කර ගැනීමට ඔබට ද නිසැක වශයෙන් ම අවස්ථාව  හිමිවේ.

ලිවීමේ තාක්ෂනීය ගමන් මග විප්ලවීය වෙනසකට. - ආචාර්ය ගාමිණී කාරියවසම්.

 

  1. chrome මගින් අන්තර්ජාල ගතව  ,ඔබගේ gmail ගිණුමට ප්‍රවේශ වීම මෙහි ආරම්භක පියවරවේ.
  2. ඔබ විද්‍යුත්  ගිණුම  විවෘතකළ විට මතුවන තීරයේ, ඉහළ දකුණු පසට  වන්නට පිහිටි තිත් 9  ක් සහිත සංකේතය click  කළ යුතුවේ.එවිට මතුවෙන රාමුවෙහි  දක්නට ලැබෙන සංකේත සමූහයන් අතුරෙන්  DOC  සංකේතය මත click කරන්න.ඒ සැණෙන් මතුවන  රාමුවේ වම්පස  දැක්වෙන වර්ණවත්  එකතු කිරීමේ ලකුණ(+ ) ක්ලික් කළ යුතු වේ.
  3. එම අවස්ථාවේදී, ඔබ පරිගණකයේ  මතුවන   පිටුවේ ඉහළ  පිහිටි  tools යන්න ක්ලික්  කළ යුතු වේ.
  4. තත්  රාමුවෙහි නමවෙනි   පෙළෙහි   දැක්වෙන Voice Typing මත  ක්ලික්  කිරීම ඔබ විසින් කළ යුතු මීළග කාර්යයයි.
  5. එකල්හි තිරයේ  දකුණු පසට වන්නට  කළු පැහැ මයික්‍රොෆෝනයක්  දිස්වනු ඇත.
  6. මයික්‍රෆෝනයට  ඉහළින් තීරුවේ   English යන පදය  ඉදිරියේ ඇති  ඊතල තුඩ ක්ලික් කළ විට,  අනුපිළිවෙළින් භාෂා ගණනාවක් දර්ශනයවේ.
  7. ඒ අතර වන සිංහල   ක්ලික් කළ  සැණෙකින්, සිංහල භාෂා මෘදුකාංගය පරිගණක යෙහි  ස්ථාපනය වූ බව මයික්‍රෆෝනය ඉහළ        සනිටුහන්වේ.
  8. කළු පැහැ යික්‍රොෆෝනය මත  ක්ලික් කළ විට  එය වදන් අකුරු බවට පත්ව, පරිගණක තිරයෙහි කදිමට ටයිප් වේ. ඕනෑම වේගෙකින් භාෂණය කළ ද ඒවා ඉතාමත් නිවැරදිව  ටයිප් වීම මෙම මෙවලමෙහි  ඇති විශේෂත්වයයි.
  9. කර්සර්  එක  කළු පැහැ මයික්‍රෆෝන  මතට ගෙන ගොස්,පරිගණකයේ මවුස්  එකේ දකුණු පස තෙරපූ විට  කුඩා රාමුවක් මතුවේ.  එහි තමන් ටයිප් කළ දෑ පරිගණකයෙහි ගබඩා කිරීමට හෝ  මුද්‍රිත පිටපතක්  ගැනීමට හෝ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ගැනීමට හෝ  අවශ්‍ය නම්, අදාල හැඳින්වීම ඉදිරියේ  ක්ලික් කළ විට, ඔබ අපේක්ෂිත  විධානය සැණෙකින්   ඒ අයුරින්ම ක්‍රියාත්මකවේ..
  10. ඔබට කිසියම් අතපසුවීමකින් ටයිප් කරන  ලද ලිපිය   ගබඩා කිරීමට අමතක වුවහොත්,   ස්වයංක්‍රීයව එය ඔබගේ gmail ගිණුමෙහි සංරක්ෂණය වේ. මෙම පහසුකම නිසා, ඔබට කාර්යාලයේදී අවසන් කර ගැනීමට නොහැකි වූ ලිපියක්, නිවසේ හෝ  වෙනත් තැනකදී ඔබ gmail ගිණුමට පිවිස කාර්ය  අවසන් කර ගැනීමේ පහසුකම්ද සැලසේ.

මෙම සටහන ටයිප් කරන  ලද්දේ ද, අදාල මෙවලම උපයෝගි කරගෙන, කටහඬ භාවිතයෙනි. ඒ සඳහා ගත වූයේ විනාඩි 10 කටත් අඩු  කාල පරාසයකි. කාලය ඉතිරි කර ගැනීමට සහ ඉතාමත් පහසුවෙන්  ලිපි ටයිප් කර ගැනීමට මෙමගින් සැලසෙන මෙහෙවර ප්‍රශස්තය. ලේඛන කාර්යයෙහි නිමග්න විද්වතුන්ට මෙම නව මෘදුකාංගයෙන් අනල්ප පහසුවක් සැලසෙනු ඇත.

මිනිස් සිතෙහි මැවෙන  සිතිවිලි,චින්තන ධාරාවන් පරිඝනක තිරයෙහි ස්වයංක්‍රීයව ලියවෙනසුළු මෘදුකාංගයක් ඉදිරි දශකය තුළ පරිඝනක ඉංජිනේරුවරුන් විසින් හදුන්වා දෙන දිනය ද වැඩි ඈතක නොවනු නිසැකය.

 

ආචාර්ය ගාමිණී කාරියවසම්.               

gaminee@gmail.com 

පහත වීඩියෝවෙන් ,මේ පිලිබදව වැඩිදුරටත් ඔබට පුළුල් අවබෝධයක් ලද හැකිය.

ලිවීමේ තාක්ෂනීය ගමන් මග විප්ලවීය වෙනසකට. - ආචාර්ය ගාමිණී කාරියවසම්.

TAGGED:Writingආචාර්ය ගාමිණී කාරියවසම්කටාරම් සෙල් ලිපි අක්ෂරදැනුමපුස්කොළ අක්ෂරබ්‍රාහ්මී අක්ෂරමහා කාශ්‍යප නිරිඳුන්සීගිරි කුරුටු ගී
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article sugarcane industry-eLanka 02 The Sweet Prospects of the Sugar Industry in Sri Lanka-by Kalani-eLanka
Next Article Health And Views - eLanka Health & Views – NOVEMBER 2nd issue 2023 – By Dr harold Gunatillake
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read
TBS 1

The 90s are calling: The Body Shop announces the return of cult classic, Dewberry

Today – Tasha Marikkar, Vesak Lights, Cannes & more!

Today – Tasha Marikkar, Vesak Lights, Cannes & more!

Blue Ocen

Eid uI Adha Mubarak

හදගැස්ම - THE UNPLUGGED CONCERT -18th September ( New Zealand Event )

හදගැස්ම – THE UNPLUGGED CONCERT -18th September ( New Zealand Event )

Gampola’s Ambuluwaawa Biodiversity Complex

Ambuluwaawa Magic: Sri Lanka’s First Ever Vesak Cultural Zone

Related News
SEO Keywords: Ocean Lanka rainforest restoration, Sinharaja Forest Reserve restoration, Sri Lanka rainforest conservation, Ocean Lanka sustainability project, Sinharaja biodiversity restoration, rainforest restoration Sri Lanka, native tree planting Sri Lanka, ecological conservation Sri Lanka, Sinharaja buffer zone restoration, sustainable corporate initiatives Sri Lanka, Ocean Lanka environmental project, biodiversity conservation Sri Lanka, Dilmah Conservation Restoration Project, Greenwood Growers Sri Lanka, University of Colombo environmental project, Waddagala rainforest restoration, Delwala conservation project, Sri Lanka native flora restoration, endemic species conservation Sri Lanka, rainforest biodiversity Sri Lanka, habitat restoration Sri Lanka, environmental sustainability Sri Lanka, corporate social responsibility Sri Lanka, Sinharaja rainforest protection, tropical rainforest restoration, ecological recovery Sri Lanka, Sri Lanka environmental news, Ocean Lanka Phase 02, Sri Lanka conservation initiatives, sustainable development Sri Lanka
Articles

Nature Wins Ocean Lanka Successfully Restores Rainforest Buffer Near Sinharaja

Institute of Chartered Accountants of Sri Lanka , Sri Lanka sustainability summit , CA Sri Lanka Sustainability Summit 2026 , ESG Sri Lanka , sustainable business Sri Lanka
Articles

Leading the Way: CA Sri Lanka’s Inaugural Sustainability Summit

Chola Copper Plates of Leiden and connections to Buddhism
Articles

Chola Copper Plates of Leiden and connections to Buddhism- by Admiral Ravindra C Wijegunaratne

Dry mouth-eLanka
Articles Dr Harold Gunatillake

Saliva is like a gentle protector, keeping our mouths feeling nice and comfortable throughout the day-by Harold Gunatillake

Centre of Excellence honours six graduates 01
Articles

Centre of Excellence honours six graduates

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.