ජපන් සංස්කෘතියේ ,බළල් පරපුරේ අසිරිමත් භූමිකාව. – By ආචාර්ය ගාමිණී කාරියවසම් බළලුන් සහ ජපන් ජාතිකයින් අතර පවත්නා ආත්මීය සබඳතාව දිගු ඉතිහාසයකට උරුමකම් කියයි. වසර දහස් ගණනකට ඉහත සිට, බළලා ගේ උණුසුම ජපන් සමාජයට නැතිවම බැරිවූ මානසික අවශ්‍යතාවක් වූ සෙයකි. ජපන් සංස්කෘතියේ විශාල කාර්යභාරයක් සපුරන බළලුන්, ආරක්ෂාව,විචක්ෂණ භාවය සහ වාසනාව සංකේතවත් කරයි ශත වර්ෂ කිහිපයකට පෙර බළලුන් ඇති කිරීමේ අවසරය පැවැතියේ අධිරාජ්‍ය පවුලේ සාමාජිකයන් හෝ වංශවතුන් වැනි ඉහළ පෙළේ පුද්ගලයින්ට පමණි. පසු කාලයේදී බළලුන් සාමාන්‍ය මිනිසුන් අතර ද ජනප්‍රියත්වයට පත් විය. ජපානයේ කලාව, සාහිත්‍යය සහ සංස්කෘතිය තුළ බළලා නිතැතින්ම මහත් ඇඟයුමට බඳුන් වන සත්වයෙකි. විශේෂයෙන් එඩෝ යුගයේදී (1603-1868) ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ සිතුවම් සදහා මෙන්ම නවකතාවන් සදහා බළලා ප්‍රධාන තේමාවක් ලෙස යොදා ගැනිණි. නූතන ජපන් සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම ලේඛකයෙක් ලෙස සම්මානිත කෙන්ජි මියසාවා (1896 – 1933) නම් ලේඛකයා විසින් බළලෙකුගේ දෘෂ්ටිකෝණයෙන් සමාජයේ හැසිරීම් රටාවන් විමසුමට ලක් කෙරෙන “ මම පුසෙකි “ නමින් අපුර්වත්වයෙන් අනූන නවකතාවක් සහ “සිහින රාත්‍රී දහය සහ පුසාගේ සුසානය “ ...

Read More →