කිරි කවඩි සිනහා ….සදා මිළිනව 5 වසරක් සපිරේ – ආචාර්ය ගාමිණී කාරියවසම් මහා රෑ යාමේ, ඇල්හේන දෙසින් ඇසුණු සීපද රාවයෙන් මුසපත්ව,මෝරන සෙනෙහසින් ප්‍රමුදිතව,කිරි කවඩි සිනහ නගමින්    දයාරත්න රණතුංගයන් සොයා පැමිණි මෙම ගැමි  යුවතිය,දයාරත්නයන්  පමණක් නොව ,මුළු  ලොවින් ම , සදහට  ම සමුගෙන නික්ම ගොස් , ඔක්තෝම්බර් 16 වන දිනට පස් වසරක් සපිරේ.මෙරට ප්‍රථම සිංහල සංගීත මහාචාර්යවරියවූ අමරා රණතුංගයන් ගේ සෞන්දර්ය චාරිකාවේ පිය සටහන් ස්මරණය  කරමින් ,ඇයට උපහාර දැක්වීමේ  අරමුණ  ,මෙවන් ලිපියක් සැකසීම කෙරෙහි  ,මසිත් යොමුකරළීමට හේතු විය. 1939 අගෝස්තු 22 ගම්පහ බටුවත්තේ ජන්ම ලාභය ලද , දෝන අමරා කස්තුරිආරච්චි,එකොළොස් ද නෙකුගෙන් යුත් පවුලේ පස්වැන්නීය. ඇගේ පියා, දොන් වියෝලිස් කස්තුරිආරච්චි හංවැල්ල ප්‍රාථමික විද්‍යාලයේ මුල් ගුරුවරයා විය. මව දෝන අල්පිනෝනා මීගහපොළ ගෘහණියකි. අමරාවන්ට සිය  දෛවෝපගත සහකරු නෙත් ගැටෙන්නේ,ඇය 12 වන වියේ පසුවෙද්දීය.ඒ 1952 වසරයි.හේවුඩ්  සංගීත  ආයතනය ට,හා හාපුරා සෞන්දර්යය විෂය හැදෑරීමට සිසුන් බඳවා ගැනෙන්නේ  එම වසරේය.  දයාරත්න රණතුංග, අමරා  කස්තුරිආරච්චි,පී වී නන්දසිරි,ධනවතී හේවුඩ් සංගීත ආයතනයට ඇතුළත්වූ  මුල් ම සිසුන් සිවු දෙනා බව පැවසේ.එහිදී සංගීත විෂය  හදාරද්දී, අමරා සහ දයාරත්න අතර සෞන්දර්යාත්මක ලෙන්ගතු බැඳීමක් නිපන්නේ ආකාශ්මික ලෙසිනි.1964 ...

Read More →