Dr. Gamini Kariyawasam

ලිවීමේ තාක්ෂනීය ගමන් මග විප්ලවීය වෙනසකට. – ආචාර්ය ගාමිණී කාරියවසම්. මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් ම මිනිසා සිය සිතුම්  පැතුම්, අදහස් පළ කර න්නට අංග  චලනය  සහ හඬ භාවිත කළහ. භාෂණය සහ  සංකේත භාවිතය ආශ්‍රයෙන්  පසුකාලීනව  නිපන්  අක්ෂර උපයෝගී කරගෙන මානවයා සිය පාරම්පරික ඥානය, දැනුම, අවබෝධය ලේඛනගත කිරීමට පෙළඹිණි.ඒ තම අනාගත පරපුර වෙනුවෙනි.  ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ගේ මෙහෙයවීමෙන්  අනුරාධපුර පෞරාණික මහාපාලී  දානශාලාව සහ අනුරාධපුර ගෙඩිගේ ආශ්‍රිතව කළ  පුරාවිද්‍යා කැණීම්වලදී,බ්‍රාහ්මී අක්ෂර කෙටුම්පත් කළ මැටි භාජන සමූහයක්  හමුවිය. 1–බ්‍රාහ්මී අක්ෂර. මෙම අක්ෂර ක්‍රිස්තු  පූර්ව හය වන  සියවසට  අයත්  වන බව ද එතුමා විද්‍යාත්මක ක්‍රමවේදයන් මගින් තහවුරු කරනු ලැබිණි.මහින්දාගමනයෙන් පසුව අපේ රජ දරුවන්, ගල් පර්වත යන්හි මුහුණත් සිය ප්‍රකාශ කෙටුම්පත් කිරීමට යොදා ගත්හ. . මෙරට මුලින්ම ගල් පව් මත ,බ්‍රාහ්මීය අක්ෂර උපයෝගි කරගෙන සෙල්ලිපි කෙටීම ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදීය. දේවානම්පියතිස්ස රජ දවස, මිහින්තලේ කණ්ඨක ෛචත්‍ය ආසන්නයේ  ලෙන් කටාරම්  අභිමුව කොටන ලද සෙල්  ලිපි රාශියක් වර්තමානයෙහි ද විද්‍යාමානිතය. 2-  කටාරම් සෙල් ලිපි අක්ෂර. ...

Read More →

දේශය හා ආත්මීයව බැදුණු මහා ගාන්ධර්වයා නික්ම ගොස් සත් වසරක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. දේශීයේ සංගීත ක්‍ෂේත්‍රය දිග්  විජය කළ , හෙළ  ගීත අඹරේ සදා දිදුළන මහා පහන් ටැඹ පණ්ඩිත් අමරදේව ශුරින්ගේ 07  වන ගුණානුස්මරණය  නොවැම්බර් 03 වන දිනට  යෙදේ . අඩ සියවසකට අධික කාලයක්  ගායන මාධුර්යයෙන් ,  වාද්‍ය  මිහිරියාවෙන්  මෙන්ම අරුත් බර , නිර්මාණශීලී පද සංයෝජනයෙන් රසික මනෝභාවයන් උද්දීපනය කළ ඔහු සිය සංගීත දිවිය ආරම්භ කලේ වයලීන් වාදකයෙකු ලෙසිණි . වඩු කාර්මිකයෙකු වූ වන්නකුවත්තවඩුගේ දොන්        ජිනෝරිස් පෙරේරා සහ ඔහුගේ භාර්යාව වූ බලපුවාවඩුගේ මැගී වෙස්ලියානා මෙන්ඩිස් දෙමහල්ලන්ගේ බාල පුතනුවන් ලෙසින් ,   වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා   (අමරදේව )  ජන්ම ලාභය ලබන්නේ  1927 දෙසැම්බර් මස 05 වැනිදාය. ඒ මොරටුවේ කොරලවැල්ල නම්  ගම්පියසෙහිය.ඔහු හැදී වැඩුනේ   සහෝදරයන් හතර දෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු ගේ ඇසුරෙහිය.  ඇල්බට්ගේ වැඩිමහල් සහෝදරයා වූ ඩබ්ලිව්. ඩී. චාල්ස් පෙරේරා සංගීතය ප්‍රගුණ කළ  අයෙකි..ඔහු ඇසුරින්,කුඩා ඇල්බට්  සරිගම අත්පොත් තැබීය. ඔහුගේ පියා ,ජිනෝරිස්  වඩු බාස් උන්නැහේත්  වයලින් වාදනයට සමතෙක්. මෙතෝදිස්ත ...

Read More →

අගමැතිවරුන් හත් දෙනෙකුගේ පෙර ගමන්කරු – බ්‍රෑඩ්මන් වීරකෝන්, 93 වන ජන්ම දින සමරයි . – By ආචාර්ය ගාමිණී කාරියවසම්. ඔස්ට්‍රේලියානු  ජාතික ක්‍රිකට් ක්‍රීඩක ඩොන් බ්‍රැඩ්මන් ඕස්ට්‍රේලියානු අළු බඳුන එංගලන්ත සංචාරයේදී වාර්තාගත, ත්‍රිත්ව ශතකයක් ලබා ගනිමින් එංගලන්තයේ සිට ආපසු එන අතරතුර 1930 ඔක්තෝම්බර් 30 වන දින ,කොළඹට පැමිණියේය.  ( ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සර් ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන් (1908 – 2001) විශිෂ්ට පිතිකරුවෙකු ලෙස 99.94 සීමාව ඉක්මවා දුර ප්‍රමාණයක සාමාන්‍ය වේගයක් පවත්වා ගෙන ගිය ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි.)  එම සැපත්වීම  සැලකිල්ලට ගෙන ,එදින  උපත ලද තම    කුඩා බිළිදාට   එම නම තැබීමට ක්‍රිකට් ක්‍රීඩා ලෝලී ඔහුගේ පියා එඩ්මන්ඩ් ආර්. වීරකෝන් සැලකිලිමත්වූ බව පැවසේ.         රයිගම් කෝරළයේ කළු ගංගා නිම්නයේ  පයාගල ආර්.( රොබින් )බ්‍රැඩ්මන් වීරකෝන් ශුරීන්  ගේ නිජ ගම් පියසය. පියාගේ  ගම කළුතර වූ අතර මව නුගේගොඩ පදිංචිකාරියක් වුවාය.  පියා සහකාර පොලිස් අධිකරීවරයෙකි.මව එඩිත් මැතිනිය  මොරටුව  වේල්ස් කුමරි  විදුහලේ ගුරු මාතාවක් ලෙසින් සේවහි නිරතව සිටියාය. දෙමාපියන් ඇන්ග්ලිකන් භක්තිකයන් විය.එනමුදු බ්‍රැඩ්මන්  18 වන වියේදී බුදු සමය වැළද ගත්තේය. ඔහු ඉගෙනුම ලැබුවේ කළුතර ශුද්ධවූ ක්‍රිස්තු  විද්‍යාලයෙනි. ...

Read More →

නාවික සෙන්පතියෙක් , පරෙවියක් තුඩඟ, දියවන්නාවට එවූ සන්දේශය. – By ආචාර්ය ගාමිණී කාරියවසම් . පුස්තකාලයේ පොත් රාක්කයක් අසල පොත් තෝරමින් සිටි අවස්ථාවක, අපුර්ව සංදේශ කාව්‍ය ග්‍රන්ථයක් මා නෙත් ගැටිණි. සන්දේශයක් පිලිබදව අසන්නට ලැබුණු සැනින් අප මනස දිවයන්නේ කෝට්ටේ යුගය වෙතය. ඒ සමගම තොටගමුවේ සිරි රහල් හිමි ප්‍රතිරූපය  ,අප මනසේ සිත්තම්වේ.  පරෙවි සංදේශය ,කෝට්ටේ යුගයේ දී , තොටගමුවේ සිරි රහල් යතිවරයාණන් විසින් ජාතියට දායාද කළ රසාලිප්ත කාව්‍ය නිර්මාණයක් බව අප දනිමු. රහල් සමිදුන් ,සිරි පැරකුම්බා නිරිඳුන්  රැක දෙන ලෙසත්, චන්ද්‍රාවතී  රාජ දූ  කුමරියට සුදුසු හිමියෙකු ලබා දී, මතු රජවන පිණිස පුත් රුවනක් ද ලබාදෙන ලෙස අයැදිමින්  දෙවිනුවර උපුල්වන් දෙවිදුන් වෙත යැවීමට සැකසු කාව්‍යමය අස්න  පරෙවි පක්ෂියා තුඩග රදවයි. තත්කාලීන සමාජය නව මානයකින් දකින නුතන පරෙවි සංදේශය. පුස්තකාල පොත් රක්කයේ   මා දෑස ගැටුණු , නුතන පරෙවි සංදේශය කාව්‍ය ග්‍රන්ථය සංදේශ කාව්‍යක් වුවද,එය ලියැවී ඇත්තේ උතුරේ  පශ්චාත්  යුද්ධ ගැටුම් පැවති සමයේය.එහි කතුවරයා යතිවරයාණන් කෙනෙකුන් නොවේ. නාවික සෙන්පතියෙකි. වත්මන් පරෙවි සදෙස් කව නීර්මානය  වන්නේ 20 වන සියවසේ අග භාගයේ , කන්කසන්තුරේ මහා සමුදුර පාවෙන නැවක ,රට රැකීමේ කාර්ය භාරය ...

Read More →

දේශයට ශාප කරමින් අහිමි පෙමට දිවි පිදූ – By ආචාර්ය ගාමිණී කාරියවසම් කුවේණිය සිංහල සමාජයෙහි අප කවුරුත් අසා ඇති. අපේ දේශයේ වෘතාන්ත ගත අද්විතීය කාන්තාවකි .එපමණක් ද නොව කුවේණිය යනු ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික මතකයේ විචිත්‍රවත් චරිතයකි. හෙන්රි ජයසේන කලා ශිල්පියා කුවේණිය වේදිකා නාට්‍යය තුළින් ඇය පිළිබඳව මතකය ලාංකේය සන්තානහි අමරණීයත්වයට පත් කිරීමට සමත් විය.  කුවේණිය පිළිබඳ ඉතිහාසයේ දැරූ සමාජ ආකල්ප,හෙන්රි ජයසේනයන්ගේ  කුවේණි නාට්‍ය තුළින්,මානෙල් ජයසේනයන් ගයන මෙම ගීතයෙන්  මැනවින් පිළිඹිබු වේ.  “මන්ත්‍ර මායා ජප කරන්නිය – සක්වලින් මාරුත ගෙනෙන්නිය   භූත වෙස් ගෙන සැරිසරන්නිය – සයුරු නැව් ගිල්වා මුහුදු දිය කළඹා   රත් නුවන් අහසට බමන්නිය – රන් මලින් සියොළඟ සදන්නිය   රන් දළින් නරයන් බුදින්නිය – නොදන්නෝ කවුරු කුවේණිය රුදුරු “   ජනප්‍රවාද, මුඛ පරම්පරාගත වෘතාන්ත සහ විවිධ සාහිත්‍ය කෘතීන් ඇසුරෙන් මතුවන කුවේණියගේ කුතුහලය දනවන සුළුවූ තොරතුරු සමුද‌ායක් කාලයාගේ වැලි තලාවෙන් වැසී යමින් පවතී. වසර ගණනාවකට ඉහත මා මහනුවර සහ රත්නපුරය ප්‍රදේශයේ  රාජ්‍ය සේවයෙහි නිරතව සිටි අවදියේ සති අන්තයේ ඓතිහාසික වැදගත්කමක් සහිත ස්ථාන පිහිටි ප්‍රදේශ දැක බලා ගන්නට සංචාරයේ යෙදෙන්නට ...

Read More →

පතිවත වෙනුවෙන් දිවි පිදූ – රූමත් රූප්මතී දේවිය –  By ආචාර්ය ගාමිණී කාරියවසම්. භාරත දේශයෙහි සුපතළ   රාමා සීතා – රාධා ක්‍රිෂ්ණා –  ෂා ජහාන්  මුම්ටාෂ්  වන්  ප්‍රේම වෘතාන්ත ඔබ අනන්තවත් අසා ,කියවා ඇති බව නිසැක. ඒ  අතරට එක්වන, එහෙත්  පාඨකයින්  වැඩි පිරිසක් අසා හෝ කියවා නොමැති,   ඓතිහාසික  සත්‍ය  සොඳුරු  පෙම් පුවතක්  ඔබ  හමුවේ සිත්තම්  කිරීමේ ප්‍රයත්නයකි    මෙම පෙළගැස්ම . ප්‍රේමයේ  නාමයෙන් මරණය වැළඳ ගත් රැජිනියක් සම්බන්ධ මෙම  කතා පුවත, අප  අසල්වැසි ඉන්දීය ඉතිහාසයට එක් වන්නේ පහලොස් වෙනි සියවසේ දීය. මුලින්ම මෙහිදී අපගේ අවධානය  ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි වින්ධ්‍යා කඳුවැටියට උතුරින් පිහිටි මල්වා  ප්‍රාන්තය  වෙත යොමුවේ. මල්වා ප්‍රාන්තය, ක්‍රි. පුර්ව 6 වන සියවසේ සොළොස් මහා ජනපදයන්ගෙන් එකක්වූ අවන්ති ජනපදය ලෙස  පුරා  විද්‍යාඥයින් මේ වන විට හඳුනාගෙන ඇත. වින්ධ්‍යා කඳුවැටිය මල්වා ප්‍රාන්තය පාලනය කළ   සුල්තාන්වරයා වූයේ බයාසිඩ් බාස් බහදූර් ඛාන් ය.හේ ස්වභාව  ධර්මයට,  සෞන්දර්යයට,සංගීතයට  බෙහෙවින් ඇලුම් කළේ ය. දිනක් ඔහු නර්මදා නදිය අසබඩ වන පෙතට පිවිසියේ වන අසිරිය විඳිමින්, සිය ධනු ශිල්පීය  අභ්‍යාසයන්   මුවහත් කර ගැනීමේ  අපේක්ෂාවෙනි. වන පෙත  ඔබ මොඹ සැරි සරද්දී , වන වදුල දෙසින් නිකුත් මිහිරි සංගීත නාදයක් ඔහු සවන් වැකිණි. සුල්තාන් සෙමෙන්  සංගීත රාවය නැගුණු  දිශාවට පියමං කළේය. විසල්රුක් සෙවණක, ...

Read More →

ජර්මනියේ සුරංගනා වෘතාන්ත සැණකෙළිය – By ආචාර්ය ගාමිණී කාරියවසම්. හිම පතනය අවසන්ව , ශීත සමීරය පහව ගොස් ,හිරු කිරණ මිහිතලය සිප ගන්නා ග්‍රීෂ්ම ඍතුව, ජර්මන් දේශය කරා පියමන් කරන්නනේ ජර්මන් ජනතාව තුළ සතුට ප්‍රමොදය විකසිත කරමිනි. එම කාල පරාසය ජර්මනියේ සැණකෙළි සමය සේ සැලකේ. සාහිත්‍ය, සංගීතය, චිත්‍රපට,නාට්‍ය,ආහාර පාන ආදී විවිධ විෂයයීක තේමාවන් කේන්ද්‍ර කර ගනිමින් සැණකෙළි පවත්වන රටවල් අතරෙන් ජර්මනියට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. මෙම සැණකෙළි අතරෙන් 18 වන සියවසේදී ආරම්භ වී, සෑම වසරක් පාසාම අඛණ්ඩව පැවැත්වෙන විශිෂ්ඨතම කලා උළෙලක් වූ සුරංගනා වෘතාන්ත සැණකෙළිය පිලිබදව,නෙතින් දුටු දෑ පිලිබදව සටහනක් තැබීම මෙම ලිපියේ අරමුණවේ. මෙම ජාත්‍යන්තර සැණකෙළිය කුඩාවුන් පමණක් නොව වියපත්වුවන් ද සුරංගනා පරාදීසයකට කැදවා ගෙන යන සුළුය. සෑම වසරකම ග්‍රීෂ්ම ඍතුව එළඹෙන මැයි මස සිට අගෝස්තු මස අවසානය දක්වාවූ කාල පරාසය තුළ සුරංගනා වෘතාන්ත සැණකෙළිය මුළු දෙන්නේ ජර්මනියේ,නැගෙනහිර රයින් ප්‍රාන්තයේ පිහිටි හනව් ග්‍රාමීය නගරයෙහි ය. එම ගම් පෙත ජර්මනියේ සුරංගනා වෘතාන්ත නිර්මාතෘන් සේ බුහුමන් ලබන ග්‍රීම් දෙසොහොයුරන් ගේ නිජ බිම ලෙස සැලකේ. ...

Read More →

කිරි කවඩි සිනහා ….සදා මිළිනව 5 වසරක් සපිරේ – ආචාර්ය ගාමිණී කාරියවසම් මහා රෑ යාමේ, ඇල්හේන දෙසින් ඇසුණු සීපද රාවයෙන් මුසපත්ව,මෝරන සෙනෙහසින් ප්‍රමුදිතව,කිරි කවඩි සිනහ නගමින්    දයාරත්න රණතුංගයන් සොයා පැමිණි මෙම ගැමි  යුවතිය,දයාරත්නයන්  පමණක් නොව ,මුළු  ලොවින් ම , සදහට  ම සමුගෙන නික්ම ගොස් , ඔක්තෝම්බර් 16 වන දිනට පස් වසරක් සපිරේ.මෙරට ප්‍රථම සිංහල සංගීත මහාචාර්යවරියවූ අමරා රණතුංගයන් ගේ සෞන්දර්ය චාරිකාවේ පිය සටහන් ස්මරණය  කරමින් ,ඇයට උපහාර දැක්වීමේ  අරමුණ  ,මෙවන් ලිපියක් සැකසීම කෙරෙහි  ,මසිත් යොමුකරළීමට හේතු විය. 1939 අගෝස්තු 22 ගම්පහ බටුවත්තේ ජන්ම ලාභය ලද , දෝන අමරා කස්තුරිආරච්චි,එකොළොස් ද නෙකුගෙන් යුත් පවුලේ පස්වැන්නීය. ඇගේ පියා, දොන් වියෝලිස් කස්තුරිආරච්චි හංවැල්ල ප්‍රාථමික විද්‍යාලයේ මුල් ගුරුවරයා විය. මව දෝන අල්පිනෝනා මීගහපොළ ගෘහණියකි. අමරාවන්ට සිය  දෛවෝපගත සහකරු නෙත් ගැටෙන්නේ,ඇය 12 වන වියේ පසුවෙද්දීය.ඒ 1952 වසරයි.හේවුඩ්  සංගීත  ආයතනය ට,හා හාපුරා සෞන්දර්යය විෂය හැදෑරීමට සිසුන් බඳවා ගැනෙන්නේ  එම වසරේය.  දයාරත්න රණතුංග, අමරා  කස්තුරිආරච්චි,පී වී නන්දසිරි,ධනවතී හේවුඩ් සංගීත ආයතනයට ඇතුළත්වූ  මුල් ම සිසුන් සිවු දෙනා බව පැවසේ.එහිදී සංගීත විෂය  හදාරද්දී, අමරා සහ දයාරත්න අතර සෞන්දර්යාත්මක ලෙන්ගතු බැඳීමක් නිපන්නේ ආකාශ්මික ලෙසිනි.1964 ...

Read More →

Characteristics of German federalism – By Dr. Gamini Kariyawasam A scene from Bonn, Germany Federalism is the organisational principle of the Federal Republic of Germany which has grown and developed over the years and decades. It is based on the former independent dukedoms and free towns which until 1860 composed the “Holy Roman Empire of the German Nation”.  “Holy Roman Empire of the German Nation”. Two hundred years ago, Emperor Franz II abdicated the imperial throne of the Holy Roman Empire of the German Nation. This act brought about the dissolution of a political structure that had played a decisive role in the history and development of Europe from the year 962 up to 1806. The history of the Holy Roman Empire of the German Nation is the heritage not only of Germany and Austria but of the whole of Central Europe. Territories that had once been joined together in ...

Read More →

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල – By ආචාර්ය ගාමිණී කාරියවසම්. මම ,වසර ගණනාවකට පෙර  රත්නපුර අතිරේක දිසාපති ලෙසින්  රාජකාරියෙහි  නියුක්තව  සිටි කාල වකවානුවේ ,මා ලද අපූර්ව  අත්දැකීමක් පාඨක ඔබගේ ද අත්දැකීමක් බවට  පත් කරලන්නට අදහස් කළෙමි. එදවස  එක්තරා රාජකාරී කටයුත්තක් සඳහා මට ඇඹිලිපිටිය බලා  යෑමට සිදුවිය. ආපසු එන ගමනේ දී බොහෝ රෑ බෝවිය. අතර මගදී  මා ගමන් ගත් රියේ විදුලි පහන්ස ම්පුර්ණයෙන්  අක්‍රියව ගියේය.අලුත්වැඩියා කර ගැනීමට අසල ගරාජයක් සොයා ගැනීමට ද අවකාශයක් නොවීය. පාර වැටී තිබුනේ  මහා ගන වනයක් මැදිනි. පේනතෙක් මානයක නිවසක් හෝ මිනිසකු දැකිය නොහැකි විය. වෙනත් වාහනයක් ගෙන්වා ගැනීමේ රිසියෙන් ජංගම දුරකථනය ක්‍රියාත්මක කළෙමි. දුරකථන සංඥා ළඟා  නොවන දුරස්ථ ප්‍රදේශයක් වූ හෙයින් එම වෑයම ද අසාර්ථකය. රැය පහන් වන තුරු රථයේ රැදී සිටීමට අප  තීරණය කළෙමු. නිසල, නිහඬ පරිසරය බිඳිමින් විටින් විට ශ්‍රවණය වූ වන සතුන්ගේ හඬ අප තුළ තිගැස්මක් ඇති නොකළාම නොවේ. අඩ හෝරාවක් පමණ ගතවෙද්දී ඈතින් ඈත කිසියම්  එළියක් දිස් විය.  ආලෝක පුංජය ...

Read More →