ශ්‍රී ලංකාවේ දමිළ ළදකට පෙම් බැදි – නොබෙල් සම්මානලාභී, ෆැබ්ලෝ නෙරූඩා . – By ආචාර්ය ගාමිණී කාරියවසම් ෆැබ්ලෝ නෙරූඩා යන ආරූඪ නාමයෙන් ලොව සුපතළ,ඔහුගේ සැබෑ නම  නෙෆ්ටාලි   රිචාර්ඩෝ  රෙයිස්  බාසෝල්ටෝ ය.ෆැබ්ලෝ  නෙරූඩා   යන අන්වර්ථ නාමයේ  අරුත ජනතාවගේ, පීඩිතයන්ගේ සහ සමාජයෙන් කොන්  වූවන්ගේ කවියා යන්නය. ඔහු විශ්ව සාහිත්‍යයේ නොමැකෙන සලකුණක් තැබූ  චිලි ජාතික ලේඛකයෙකි. 1927 සහ 1935 අතර කාල වකවානුවේ  ඔහුට  බුරුමය, ශ්‍රී ලංකාව, ජාවා, සිංගප්පූරුව, බුවනෝස් අයර්ස්, බාසිලෝනා සහ මැඩ්රිඩ් යන රටවල  රාජ්‍යතාන්ත්‍රික කොන්සල් ජනරාල් වරයෙක් ලෙසින් රාජකාරියේ  නිරත වන්නට අවස්ථාව  උදාවේ. බුරුමයේ රැන්ගුන් හි චිලී කොන්සල්වරයා ලෙස රාජතාන්ත්‍රික සේවයට පත් වන විට හේ 24 වන වියේ පසුවිය. බුරුමයේදී  ඇතිකර ගන්නා ලද ප්‍රේම සබදතාවක් ,අවසානයේදී ඔහුගේ ජීවිතයට පවා දැඩි තර්ජනයක් එල්ලවූ බව පැවසේ.  1973 දී ඔහුගේ මරණයට ආසන්න සමයේ නිම කරන ලද ඔහුගේ මතක සටහන් පොතේ නෙරූඩා මෙසේ ලිවීය: “රාත්‍රියේ මා මුහුණට එල්ලවූ දැඩි  ආලෝකයෙන් මා දෑස නිලංකාර වුණා. මා නිදා සිටි යහන අසළට   වතාරයක් පියමන් කරන අයුරු   දුටුවා. රාත්‍රී කිමෝනාවකින්  සැරසුණු , තියුණු පිහියක් දෑතින් දිගු කරමින් බුරුම භාෂාවෙන් ඇය කෝපයෙන්  මිමිණුවා . එදින රාත්‍රියේ, කෝපයෙන්  පිහියක් ...

Read More →