පොලිස් පති ධුරයෙන් සමුගන්නා – දේශයේ ප්‍රෞඩ පුරාවෘත්ත ගවේශකයා. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පති,චන්දන දීපාල් වික්‍රමරත්න මහතා , නොවැම්බර් මස අවසන් සතියේ විශ්‍රාම දිවියේ වරම් හිමිකර ගැනීමට නියමිතය. එතුමා විසින්  ඉටුකළ අනුපමේය ජාතික මෙහෙවර පිළිබදව කෘතවේදිත්වය දැක්වීමේ  ප්‍රයත්නයක් ලෙසින්, මේ මොහොතේ, මෙවන් සටහනක් තැබීමට මා සිත් පෙළඹිණි. පොලිස්පති ධුරයට සමු දෙන , චන්දන දීපාල් වික්‍රමරත්න මහතා පිළිබදව ලියැවෙන මෙම ලිපියේ මාතෘකාව ලෙසින්  “දේශයේ ප්‍රෞඩ පුරාවෘත්ත ගවේශකයා”ලෙසින් ඔහු හදුන්වා දීම පිළිබදව,පාඨක ඔබ සිත්හී කිසියම් කුහුලක් ඇතිවූවා නිසැකි.ඒ මන්ද යත්,ඔහු ගේ රාජකාරී ක්ෂේස්ත්‍රය අපරාධ ගවේෂණයන් හා පරීක්ෂණයන් සදහා පොලිසිය මෙහෙය වමින් රටේ සාමය ස්ථාපිත කිරීම විනා ,පුරාවෘත්ත ගවේෂණය හඹා යාම නොවන බැවිනි. අනෙක් අතින් ඔහු  කොළඹ විශ්ව විද්‍යාලයෙන් සන්නද්ධව  ඇත්තේ සමාජ විද්‍යා හෝ පුරාවිද්‍යා විෂයයන්  හා සබැදි උපාධියකින්නොව ඊට හාත්පසින් ම වෙනස්  B.Sc (භෞතික විද්‍යාව)පිළිබදවවූ උපාධියක් වීම ද අපගේ විමතියට හේතුවේ. එතුමා  වසර ගණනාවකට පෙර මට ජීවිතයේ මුල්වරට හමුවන්නේ ,දේශයේ ප්‍රෞඩ පුරාවෘත්තයක් පිලිබදව වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට ,මා හමුවීමට මගේ නිවසට පැමිණි ...

Read More →