සිරිපා පියුමේ රොන් සුණු තැවරී ගිමන් නිවන පවන් හමා ඒ… By ආචාර්ය ගාමිණී කාරියවසම් මෙම වසරෙහි නොවැම්බර් 26 දින එළඹෙන උඳුවප් පුන් පොහෝ දිනයෙන් ,බුදුරජාණන් වහන්සේගේ වම් පාද ස්පර්ශයෙන් පුජනීයත්වයට පත්වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේ සමය ආරම්භවේ.සිරිපා පිනිපා කිරීම සහ ඒහා සබැදි සිරිත් විරිත් සිංහල බොදු ජන දිවිය හා ඉතා සමීපව බැදී පවතී. බෞද්ධ බැතිමතුන්ට මෙන්ම වෙනත් ලබ්ධිකයින්ටත් , සියැසින් දැක, නළලත තබා නැමදිය හැකි සිරි පතුලක් ජීවමානිතව පිහිටියේ අප දිවයිනේ පමණි. තිරුපති සහ මක්කම මුණි සිරිපා පහසින් පාරිශුද්ධවූ ස්ථානයන් බැව් පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු කෙරේ.මෙම මුණි සිරිපා වන්දනා සමයේ, මුණි සිරි පද ලස හා සබැඳි,අප්‍රකට, ආශ්චර්යමත්,පුරා විද්‍යාත්මක පර්යේෂණයන් මඟින් තහවුරු වූ, තථ්‍ය තොරතුරු සමුදායක් විමසා බැලීම කෙරෙහි මසිත යොමු විය. මෙම ශාස්ත්‍රීය ලිපිය සැකසෙන්නේ එම නිරීක්ෂනයන් ආශ්රයෙනි. “සමනොළ මුහුල සිරිපද තබන මගුලට නික සල මහ සඟන ගෙන වඩින මුනිදුට පැහැදුල සුනිල් මැණිකෙන් කළ මන ලෙසට මනදොල පිරෙයි ගඟ සිරි සර දුටු තොපට” – හංස සංදේශය සමනළ මුහුලස සිරි පද ...