News & Community eLanka

eLanka

Sunday, 16 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » සිරිපා පියුමේ රොන් සුණු තැවරී ගිමන් නිවන පවන් හමා ඒ… By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

සිරිපා පියුමේ රොන් සුණු තැවරී ගිමන් නිවන පවන් හමා ඒ… By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: November 23, 2023 5:19 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
20 Min Read
SHARE
Views: 132

සිරිපා පියුමේ රොන් සුණු තැවරී ගිමන් නිවන පවන් හමා ඒ… By ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.

Adam's Peak

මෙම වසරෙහි නොවැම්බර් 26  දින එළඹෙන උඳුවප් පුන් පොහෝ  දිනයෙන් ,බුදුරජාණන් වහන්සේගේ වම් පාද ස්පර්ශයෙන් පුජනීයත්වයට පත්වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේ  සමය ආරම්භවේ.සිරිපා  පිනිපා කිරීම සහ  ඒහා සබැදි සිරිත් විරිත් සිංහල බොදු ජන දිවිය හා ඉතා සමීපව බැදී  පවතී. බෞද්ධ බැතිමතුන්ට මෙන්ම වෙනත් ලබ්ධිකයින්ටත් , සියැසින් දැක, නළලත තබා නැමදිය හැකි සිරි පතුලක් ජීවමානිතව   පිහිටියේ අප දිවයිනේ  පමණි.

Adam's Peak

තිරුපති  සහ මක්කම මුණි සිරිපා පහසින් පාරිශුද්ධවූ ස්ථානයන්  බැව්  පුරාවිද්‍යාත්මක සාධක මගින්  තහවුරු කෙරේ.මෙම මුණි  සිරිපා  වන්දනා සමයේ, මුණි   සිරි පද ලස හා සබැඳි,අප්‍රකට, ආශ්චර්යමත්,පුරා විද්‍යාත්මක පර්යේෂණයන් මඟින් තහවුරු වූ,  තථ්‍ය තොරතුරු සමුදායක් විමසා බැලීම කෙරෙහි මසිත යොමු විය. මෙම  ශාස්ත්‍රීය ලිපිය සැකසෙන්නේ එම නිරීක්ෂනයන් ආශ්‍රයෙනි.

“සමනොළ මුහුල සිරිපද  තබන මගුලට

නික සල මහ සඟන ගෙන  වඩින මුනිදුට

පැහැදුල සුනිල් මැණිකෙන් කළ මන ලෙසට

මනදොල පිරෙයි ගඟ සිරි සර   දුටු තොපට”

– හංස සංදේශය

සමනළ මුහුලස සිරි පද ලස තඹර මත ,  සැදැහැතියන් අතුළ, නන් වන්  පුෂ්පයන්  මද පවන් වැද ලෙළ දෙන සෙයකි.එහි  සුගන්දණීය මකරන්දය පිස ගත් පවන් රොද,සමනළ  කදු බෑවුම සිසාරා හමායේ. සුවද හා සිහිලස කැටිවූ ඒ  සුළං රල ,  සමනළ හිමේ සිරිපා කරුණාවේ නියැළි සෙසු  වන්දනා කරුවන්ගේ  සරතස නිවාලන සුළුය. මෙම  ආශ්චර්යාත්මක  මහිමය ,   මහගම සේකර ශුරීන් සිය  පන්හිදෙන්,  අපුර්වත්වය මුසු වදන්   සිත්තමකට නැගීය.  තත්  මන බන්දනීය  ගී මුතු වැල,තුන් සරණේ නාද රටාවට අනුගතව, ශාන්ත රසය කුළු ගන්වමින් අමරදේව මහා ගන්දර්වයා සිය ,ද්වනි  පුර්ණ සුගායනයෙන්  ජාතියේ අධ්‍යාත්මය පුබුදුවාලයි. සම්බුදු සිරිපා වත පිළිබදව ලියවෙන මෙම විමර්ශනාත්මක ලිපියෙහි මුඛ්‍යාර්ථය  වර්ණවත් ලෙසින් පාඨක අවධානයට යොමුකරලීමේ  අධ්‍යාශයෙන් ,ලිපියේ මාතෘකාව ලෙසින් තත් ගී දෙපදය යොදා ගැන්මට පෙළඹුණු බැව්,  සඳහන් කරනු රිසියෙමි.

සිරිපා පියුමේ

Adam's Peak

යං නම්මදාය නදියා පුලිනේච තීරේ

යං සච්ච බද්ධ ගිරිකේ සුමනා චලග්ගේ

යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං

තං පාද ලාංඡන මහං සිරසා නමාමි

තත් ශ්‍රීපාද වන්දණීය  ගාථාවෙන් මෙන්ම , ත්‍රීපිටක අටුවාවන් සහ මහා වංශය, පුජාවලී වන් ඉපැරණි බෞද්ධ සාහිත්‍ය කෘතීන් ගෙන් ද පැහැදිළි වන්නේ, සම්බුදු  සිරිපා පහසින් සමනළ මුහුලස පමණක් නොව ඉන්දියාවේ සැවැත් නුවර නර්මදා ගං තෙර , සච්චබද්ධ කදු සිරස  සහ යෝනක දේශය  ද  පාරිශුද්ධත්වයට පත්වූ සංසිද්ධියයි.

Adam's Peak

නර්මදා නදිය

භාග්‍යවතුන් වහන්සේ , සම්බුද්ධත්වය ලැබ අටවන වසර , නර්මදා නදී තීරයේ විසූ නා රජුන්  ගේ ආරාධනාව පිළිගෙන එහි වැඩි සේක.   උන්වහන්සේ, නා රජුටත්, ඔහුගේ පිරිවරටත්   ධර්මය දේශනා කිරීමෙන් අනතුරුව, එම පිරිසට වන්දනාමාන  කිරීම පිණිස , නර්මදා නදී තීරයේ සිරිපා සටහන පිහිටවූ අයුරු ඉපැරණි සම්භාව්‍ය ග්‍රන්ථයන් ගෙනහැර දක්වයි. උතුරු ඉන්දියාව සහ දකුණු ඉන්දියාව මධ්‍යයේ පිහිටි  සත්පුර කදු පද්ධතිය මුදුනේ සිට ගලා බස්නා නර්මදා නදිය බටහිර සමුදුරෙන් සිය ගමනේ නිමාව දක්නා සොදුරු ගංගාවකි. එම  නදී තෙර  පිහිටවූ ,සම්බුදු සිරිපා සටහන විවිධ දේශගුණික ව්පර්යාසයන්  නිසා මිහි මත සැගව ගොස් මිනිස් ඇසට අදෘශ්‍යමානිතය.

සච්චබද්ධ ගිරි මුදුනත පිහිටවූ සිරිපා පියුම් ලාංජනය ආශ්‍රිත බිම්තීරුව, ශතක ගණනාවකට පුර්වයෙහි සිට   හින්දු භක්තිකයින්ගේ අනුහස් සහිත කෝවිලක් බවට පත්ව ඇත. එය තිරුපති දෙවොල නමින් ප්‍රකටය.

යෝනක දේශයේ පාරිශුද්ධත්වයට පත්කරමින් බුදුන් වහන්සේ මකුලාරාමයේ  පිහිටවූ සිරිපා පියුම, මුස්ලිම් ජාතිකයින් තම අල්ලා දෙවිදුන්ගේ   පා සලකුන පිහිටවූ මක්කම   සේ සලකා පැදකුණු කරති.

මෙවන් පසුබිමක් යටතේ , බොදුනුවනට සිය නළලත තබා නමදින්නට, දෑත් නගා සිරස නමා  වන්දනයට විද්‍යමානව පවත්නේ  සමනළ කදු පියස ,ජීවමානිත මුනි සිරිපා පියුම පමණි.

සමන්තකූට පර්වත මස්තකයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින්  අසිරිමත්  සිරිපා ලකුණ පිහිටවුයේ,උන්වහන්සේගේ තෙවන ශ්‍රී ලංකාවතරණයේදීය. ඒ සුමන සමන් දෙවිදුන්ගේ බැතිබර ආරාධනය පිළිගනිමිනි. සිංහල රජ දවස මෙරට සිහසුන දැරූ බොහෝ රජ දරුවන් සිරිපා වන්දනාවේ යෙදුනු බවත්,  ශ්‍රීපාද ස්ථානයේ අභිවර්ධනය වෙනුවෙන් මුල්වී ක්‍රියා කළ බවත් මහාවංශ කතුවරයා සදහන් කරයි.පාලි අටුවාචාරීන් පැහැදිලි කරන පරිදි, බුදුන්වහන්සේ සාමාන්‍යයෙන්   පා ගමනින් වඩිනා සද  උන්වහන්සේගේ පා සටහන් දෙරණ මත ස්ථාවරව  නො පිහිටන බැව් අවධාරණය කෙරේ. එවැන්නක් සිදුවන්නේ උන්වහන්සේ අධිෂ්ඨාන කළහොත් පමණක් බව ද පාලි අටුවාවේ වැඩිදුරටත් සදහනි.

Adam's Peak

භගවා ලෙන්  ගුහාව

ශ්‍රී පාද කඳු මුදුනට පහළින් මීටර් 100ක් ක් පමණ දුරින් ,ඝණ කැලෑවේ සැඟවී ඇති භගවා ලෙන ගුහාව වන්දනාකරුවන්ට සමීප විය නොහෙන දුෂ්කර ස්ථානයකි. පොළොන්නරු රාජධානියේ නිශ්ශංක මල්ල රජු (1187-1196) විසින් තැන්පත් කරන ලද පැරණි සෙල්ලිපිය සහ රජුගේ රේඛා සටහන සහ කුඩා අරාබි සෙල්ලිපියක් මෙහි දැකිය හැකිය. මෙම  භගවා ලෙන සෙල් ලිපියෙහි එතුමා සිරිපා කරුණා කරන ලද බවත්, ශ්‍රීපාදය වෙනුවෙන් පිරිනමන ලද ප්‍රදානයන් පිළිබදවත්  සඳහනි.

Adam's Peak

භගවා ලෙන, නිශ්ශංක මල්ල රජු (1187-1196) විසින් පිහිටුවන ලද පැරණි සෙල්ලිපිය

දඹදෙණියේ දෙවැනි පැරකුම්බා රජු සමනොළ ගිර වෙත පැමිණ සිරිපා  නැමැදි  බැව් වංශ කථා සනාත කරයි.ශ්‍රී පාදය  පිළිබඳව  තොරතුරු සපයන සෙල්ලිපි මූලාශ්‍ර  අතරෙන්  මහ විජයබා රජු පිහිටුවා ඇති අඹගමු සෙල්ලිපියෙහි, ශ්‍රීපාද පුද බිමට   පුදා ඇති ගම්වර පිළිබඳ සඳහන් කර තිබේ.

Adam's Peak

අබගමුව  සෙල් ලිපිය

සාහිත්‍ය මූලාශ්‍රය රාශියකම ශ්‍රීපාදස්ථානය පිළිබඳ වර්ණනාත්මක තොරතුරු ඇතුළත්ය. සමන්තකූට වර්ණනාව, මනෝරථපූරණිය, සිංහල බෝධිවංශය, සමන් සිරිත මෙන්ම ගිරා , හංස, සැළලිහිණි  සංදේශයන්  ඒ අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී.මුණි සිරිපා සටහන සිංහල බෞද්ධ ජන ජීවිතය හා ඉතා සමීපව බද්ධව පවතී.මවුවරුන් සිය කිරිකැටි බිලිදුන් නලවන නැළවිලි ගීයෙන් පවා ,මුනි සිරිපා මහිමය සිහිපත් කරනු ,එස්. මහින්ද හිමියන් ලියු පහත දැක්වෙන නැළවිලි  ගීයෙන් සනාථවේ.

මුනි සිරිපා සිඹිමින්නේ

සමනොළ ගිරි පෙදෙසින්නේ

මද සුළ`ගයි මේ එන්නේ

මගේ පුතා නිදියන්නේ

සිංහල අට්ඨකතාවේ  සිරි පා යුගලයේ මංගල ලකුණු දෙසිය සොළසක් ගැන කියැවේ.ඒ, ස්වස්තිකය , ශ්වේතොත්ඵල ,රක්තොත්පල,ශ්වේතපද්ම,රක්ත පද්ම,පුර්ණ පත්ර,පුර්ණ ගටය,නීලෝඵල, නදවට, පුන්කලස යනාදී වශයෙනි.

Adam's Peak

Adam's Peak

චීන ජාතික ෆාහියන් හිමි,හියුංසාන් වන්  විදේශිකයන් පවා සමන්ගිර පිළිබඳ විවිධ තොරතුරු වාර්තා කර ඇත. මාර්කෝ පෝලෝ නම් දේශ ගවේශකයා මෙන්ම  රොබෙයිරෝ, ක්වේරෝස් යන පෘතුගීසි ලේඛකයන්ද, රොබට් නොක්ස්, ජෝන් ස්ටීල්, විලියම් ස්කීන් යන පඬිවරුන්ද ශ්‍රී පාදස්ථානය පිළිබඳව තබන ලද  ඓතිහාසික සටහන් ගණනාවකි

මුනි සිරි පිනිපා කිරීමේ උත්තරීතර අරමුණෙන් සැදී පැහැදී  එම පාරිශුද්ධ සලකුණ ස්ථාපිත සමනළ මුහුලස වන්දනය,දේශීය ජන දිවිය හා ඉතා සංවේදී ලෙසින්  බැදී පවතී. ලක්දිව දස දෙස ග්‍රාමීය ප්‍රදේශයන්හී ජනතාව ,වසරේ වැඩි කාලයක්  කමතේ,හේනේ කෘෂිකර්මාන්තයේ නියැළී  අස්වනු නෙලා ගත සැනින්  , උදුවප් පොහොය උදාවත් ම ,නෑ හිතවතුන් පිරිවරා සිරිපා කරුණා කිරීමට පෙළ ගැසීම මෙරට සමාජ ගත සම්ප්‍රදායකි.

ජනකවියා සමනොළ සිරිපා වැනුමට දැක්වූයේ අසීමිත  රුචිකත්වයකි. පුරාණ හිම ගත වර්ණනාව ,සමනළ හෑල්ල, සමන්තකූට වර්ණනාව සහ තුන්සරණය, එවන් ජන කාව්‍ය එක්රැස් කර සැකසූ කෘති කිහිපයකි..

“සුදු රෙදි ගෙන ගොස් පතුල වසනවා

රන් ද රිදි මල් වලින් පුදනවා

සුවඳ සදුන් පිනි දියෙන් පුදනවා

නිවන් පතා සිරි පතුල වඳිනවා”(පුරාණ සමන්තකූට වර්ණනාව)

සාමුහිකව සිරිපා වන්දනයට ගිය ,බැතිමත් අහිංසක ගැමි වන්දනා නඩයන්  ,සුදු පිරුවටයකින් සිරිපා පතුල වසා වැඳීමේ සිරිත මෙම ජනකවියෙන් හුවා දැක්වේ.

ශ්‍රී පාදය වන්දනාවේදී ,එයටම  ආවේණික වූ සිරිත් විරිත් ,ආචාර ධර්ම පද්ධතියක් සහ වාග් මාලාවක්  ජන ගතය. එය සිරිපා වන්දනා උප සංස්කෘතියක් ලෙසින් ද හැදින්විය හැකිය. තම උරහිසෙහි රැඳුනු ගමන් මල්ල හැදින්වෙන්නේ  සැහැල්ලුව විලසිනි.නඟින බහින වචන වෙනුවට “කරුණා කරන”යන සුනම්‍ය  ඉතා ළබැඳි ආමන්ත්‍රණය නිබදවම භාවිතයෙහි යෙදේ .  විඩාව නිවාලන්නට  වන්දනා කරුවෝ තුන්සරණේ කියති.සිරිපා කරුණා කර පැමිණෙන පිරිස සිරිපා කරුණා කරන්නට යන පිරිස සඳහා“නගින්න යන මේ නඩේට සුමන් සමන් දෙවි පිහිටයි.” යනුවෙන්  සමන් සුරිදු පිහිට පතති.

ශ්‍රී පාද වන්දනාවේ මුල්  අදියර ආරම්භ වන්නේ නල්ල තන්නිය නම් ස්ථානයෙනි. සීත ගගුලෙන් ජල ස්නානය කර ,හිසෙහි දෙහි ඉස්ම ගල්වා  පේවීම මෙහිදී සිදුවේ. අනතුරුව පිරුවට ඇඳ ,බුදුන් වැද, දේවාශිර්වාදය ලබා සිරිපා  මළුව කරුණා කිරීම ඇරැඹේ. මේ සියල්ලට උපදෙස් ලැබෙන්නේ නඩේ ගුරා වෙතිනි.

මුල් වතාවට වන්දනාවේ යන තරුණයා “කොඩුකාරයා” නමිනුත්, වැඩිහිටියා “දඩුකෝඩු” නමිනුත්, කුඩා දරුවා  “කිරිකොඩු” නමිනුත් හැඳින්වේ.කෝඩු කාරයින්  ඉඳිකටුපානේ සිට ඉඳිකටුවක් ඇමිණු  නූල් බෝලයක් අවසන් වන තෙක් සමනළ කඳු මුදුනට රැගෙන යාම කළ  යුතුවේ.

පෙර දවස සිරිපා ගමන් මග අති දුෂ්කර විය. ඇතැම් අවස්ථාවන්හි ගමන් මග දෙපස  කටු පදුරු ,හැදි වත දැවටී ඉරී ගිය අවස්ථාවන්හි ,ඉරුණු  රෙදි අණ්ඩ දමා පිළිසකර කොට ගත්තේ ඉඳිකටුපාණ හෙවත් ගෙත්තම්පාණේදීය.මසා ඉතිරිවන නූල් සහ ඉඳිකටු තවත් වන්දනා නඩයකට තමන් හැදි වත පිළිසකර කර ගැනීම පිණිස  ගෙත්තම්පාණේ  මග දෙපස ගස්වල දවටා යෑම ඉපැරණි චාරිත්‍රයකි. ගෙත්තම්පාණෙන් පසුව හමුවන වැදගත් ස්ථානය වන්නේ  “හැරමිටිපාණය”.

මෙම ඉසව්වේදී  කෝඩුකාරයන් විසින් හැරමිටිය අධාරයෙන් සිරිපා  කරුණා කරන  වියපත් වන්දනාකරුවන්ට මාර්ගයේ දෙපස  කැළයෙන්  දණ්ඩක්  කපා සැරයටියක් ලෙසින් පූජා කිරීම  කළ යුතුය. ආධාර අවශ්‍ය වන්දනා කරුවකු හමු නොවුනහොත් , එය මතු අවැසි අයෙකුට ලබා ගත හැකි වන පරිද්දෙන් මග අද්දර තබා යා යුතුවේ. හැරමිටිපාණ පසු කළ සැනින් , ඇහැළ කණුවත්, සුළං කපොල්ලත් හමුවේ. සිරිපා  කරුණාවේ අවසන් ඉම මහ ගිරි දඹයයි. එය තරණය කරත්ම  උඩ මළුව දිස්වේ.

අපගේ මීළග අවධානය යොමු  වන්නේ තිරුපති සහ මක්කම ස්ථාපිත පා සටහන් පිළිබදව තොරතුරු  විමංශනය කෙරෙහිය.

තිරුපති සහ මක්කම නියත වශයෙන්ම සම්බුදු ශ්‍රීපාද ලාංජනය පිහිටවූ ස්ථානයන් ලෙස තහවුරු කෙරෙන පුරාවිද්‍යාත්මක ලේඛණ ආශ්‍රිත  සාක්ෂි  ගණනාවක් විද්වතුන් විසින් අනාවරණය කරනු ලැබ ඇත.

සච්චබද්ධ  මුහුලස පිහිටවූ සිරි පතුල

තිරුපති පිහිටියේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙහිය. අඩි 3200 ක උසින් යුත් තිරුමාල කදුකරයෙහිය.එය ගිරි කුළු සමුහයක්  පිරිවරා නැගී සිටිනා හිමෙන් වැසි  කදුකරයක් ලෙසින් දිස්වේ.  තිරුපති පිහිටි උස් බිම ශේෂාචලම් යනුවෙන් ද හැදින්වේ. ආන්ද්‍ර ප්‍රදේශ වාසීන්,එම සප්ත ගිරි කුළු සමුහය ශේෂාද්‍රි, නීලද්‍රි, ගරුදාද්‍රි, අංජනද්‍රි, වෘෂබද්‍රි, නාරායනද්‍රි සහ වෙන්කටද්‍රි  යන නම් වලින් හදුන්වති.

Adam's Peak

සච්චබද්ධ කදු වැටි සප්තකය

Adam's Peak

තිරුපති නොහොත් ශ්‍රී වෙන්කටේෂ්වර දේවාලය වෙන්කටද්‍රි(ශේෂාචලම්) නම්වූ සත්වන ගිරිකුළ කේන්ද්‍රිතව පිහිටියේය. වේද ග්‍රන්ථ  සහ හින්දු පුරාණයන්ට අනුව වෙන්කටේශ්වර නොහොත් විෂ්ණු දෙවිදුන් ප්‍රථමයෙන් ,සප්ත ගිරි කුළු අතරින් ,හත්වන කදු ශිඛරයෙහි පය තැබූ ස්ථානය “ශිවාරි පාදලු “ලෙසින් හැදින්වේ.

Adam's Peak

සච්චබද්ධ කදු සිරස පාද ලාංජනය

මෙම පාද ලාංජනය පිහිටියේ, වර්තමානයේ තිරුපති දෙවොල පිහිටි අඩවියේම ,ඊට  බොහෝ දුරින්වූ උස්  කදු මස්තකහිය.හින්දුන් මහත් බැතියෙන් වන්දනා මාන කෙරෙන මෙම ස්ථානය ,පාරිශුද්ධත්වයට පත්වුයේ බුදුන් වහන්සේ මෙහි සිය සිරි පද ලස පිහිටුවීමෙන් පසුව බව ඉපැරණි මුලාශ්‍ර පරිශීලනයේදී මැනවින් පසක්වේ.සච්චබද්ධ තවුසාගේ ආරාධනය පරිදි බුදුන් වහන්සේ   සච්ච බද්ධ පර්වත මස්ථකයෙහි උන්වහන්සේගේ දකුණු  සිරි  පතුලෙහි ලාංජනය පිහිට වූ බව ද අටුවාවේ සදහනි.

මෞර්ය රාජවංශය අවසන් වීමෙන් පසු බ්‍රාහ්මණයෝ බෞද්ධ සිද්ධස්ථානවලට පහර දීමට පටන් ගත්හ එපමණකින්  සෑහීමකට පත් නොවූ හින්දුන් , සහමුලින් විනාශ නොවූ බොදු පුද බිම් බ්‍රාහ්මණ දෙවියන්ගේ  හැඩතලට අනුහුරු වන ස්වරුපයෙන් ,ව්‍යාජ පරිවර්තනයක්  සිදු කරනු ලැබිණි. මෙසේ බ්‍රාහ්මණයන් සච්චබද්ධ  බෞද්ධ සිද්ධස්ථානය තිරුපති බාලාජි  දේවාලය බවට පත් කළහ

මජ්ජිම නිකායේ අටුවා කතාවක   බුද්ධඝෝෂ හිමියන්  සඳහන් කර ඇත්තේ මෙම පර්වතයෙහි වැඩ  වාසය කළ  සච්ච බද්ධ  නම් වූ සිල්වත් තවුසෙක් බුදුන් වහන්සේ වෙතින් සද්ධර්මය ශ්‍රවණය කොට  අර්හත් භාවයට පත් වූ බව ය. වර්තමානයේ තිරුපති කෝවිල පිහිටි  කඳුවැටිය  සච්චබද්ධ තවුසාණන් ජීවත් වූ අඩවිය වන බැවින් එම කඳුවැටිය ද බුදුන් දවස  එනමින් හැඳින්වුණු බව පැවසේ.සප්ත බද්ධ යනුවෙන්  කදු සතක් යාව  පිහිටි කදුකරය යන අරුතින්  සච්ච බද්ධ යන නම භාවිතයට පත්ව ඇති බවට ද ජනප්‍රවාදයක්  පවතී,  .

සියවස් ගණනාවක සිට හින්දු භක්තිකයින් විසින් , මෙම අඩවියෙහි පිහිටි තිරුපති දේවාලයෙහි වෙන්කටේශ්වර විෂ්ණු දේව පිළිමයට   නිති පුජෝපාහාර පවත්වති.එනමුදු මෙම පුද බිම පෙර  බෞද්ධ විහාරස්ථානයක් බවත්, විෂ්ණු දෙවිඳුන් ලෙසින් ඔවුන් පූජෝපහාර දක්වනු ලබන්නේ බුදුපිළිමයකට බවත්  විද්වතුන් ගණනාවක් විසින් පුරාවිද්‍යාත්මක සාධක ආශ්‍රයෙන්  අනාවරණය කර ඇත. එවන් මතයක් ජනගත කළ වියතුන් අතර, බී.ආර්.අම්බෙඩ්කාර්, කේ. ජමන්දාස්,පර්සි බ්‍රවුන්,ජී.එස්.ගුරේ , එල්.එම් .ජෝෂි,ඩී .ඩී .කොසැම්බි,කාන් සාස්ත්‍රී,  කේ.ආර් .වෛද්‍ය නාදන්  යන මහතුන්ට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ..

එම විද්වත් පිරිස අතරින් ප්‍රමුඛයා ලෙසින් සැලකෙන  භීම්රාඕ  රාම්ජි අම්බෙඩ්කාර් මහතා උපතින්ම හින්දු භක්තිකයෙකි. එනමුදු , එතුමා විසින් සිදු කරන ලද නිරීක්ෂණ තුළින් මතුවූ සාධක මත පිහිටා  , තිරුපති දේව අඩවිය බුදුන් දවස බෞද්ධ විහාරයක් බවට ප්‍රකාශයට පත් කිරීමට තරම් හේ  අදීන විය.  අම්බෙඩ්කාර්  භාරතයේ ජවහල් ලාල් නේරු අග්‍රාමාත්‍ය  තුමාගේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් ලෙසින් ද දීර්ඝ කාලයක් සේවය කළ ,ග්‍රන්ථ සියයකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කළ පඩි රුවනකි.

Adam's Peak

අම්බෙඩ්කාර් මහතා නේරු අගමැතිතුමා ඉදිරියේ අමාත්‍ය ධුරයෙහි දිව්රුම් දීම

ආචාර්ය කේ. ජමනදාස් විසින් රචිත “තිරුපති බාලාජි බෞද්ධ සිද්ධස්ථානයක්” ( Tirupati Balaji was a Buddhist Shrine) නම් ශාස්ත්‍රීය  කෘතියෙහි  තිරුපති බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස පිළිගත හැකි බැව්හේතු සාධක සහිතව පෙන්වා දී ඇත.

Adam's Peak

Adam's Peak

ආචාර්ය කේ ජමනදාස මහතා ,

තිරුපති බොදු විහාරස්ථානයක් බව සනාථ කරමින් රචිත ග්‍රන්ථය.

ආචාර්ය ජමනදාස් ද උපතින්ම හින්දු භක්තිකයෙක් බව ද අප මෙහිදී සිහි තබා ගැනීම යෙහෙකි. මුල් යුගයේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව බොදුනුවන් ජීවත්වූ බව ද මෙම කෘතිය තහවුරු කරයි. තිරුපති දේවාලයේ විෂ්ණු ප්‍රතිමාව ලෙසින් හින්දු භක්තිකයින්ගේ වන්දනා මානයට පාත්‍ර වන්නේ, බුදුන් වහන්සේ  ජීවමාන සමයෙහි ,එහි පැවති බෞද්ධ ආරාමයෙහි පිහිටුවා තිබූ බුද්ධ ප්‍රතිමාවකට බව හේ පෙන්වා දෙයි. බුදු පිළිමයේ ශීර්ෂය හින්දු දේවාලවල දේව හිස් ආවරණයට යොදා ගන්නා සම්ප්‍රදායික ඔටුන්නකින් සහ  සළුවකින් ආවරණය කර ඇති බව ද ආචාර්ය ජමනදාස් අවධාරණය කරයි.එම ආවරණ  ඉවත් කළ විට, එය බුදු පිළිමයක ශීර්ෂය  ලෙසින් දිස්වන බව හේ  පැහැදිලි කරයි.

Adam's Peak

කතුවරයා සිය  කෘතියෙහි  පිටකවරයට යොදා ඇත්තේ එම  පිළිමයෙහි ශීර්ෂ වසා තිබූ සළුව මදක් ඉහලට ඔසවා ,බුද්ධ සිරසක  ස්වරූපය මතුවන ආකාරයේ චිත්‍රයකිනි. පැරණි බුදු පිළිමය සළු පිළි ,මල් ලියකම්වලින් සරසා, එය   විෂ්ණු දේව පිළිමයක් ලෙසින් වෙස් ගන්වා ඇති ආකාරය ඔහු සිය කෘතියෙහි සවිස්තරව සදහන් කර ඇත. තිරුපති හි පැවැත්වෙන ශ්‍රවණ මංගල්‍ය  සම්ප්‍රදායිකව බෞද්ධ සංසිද්ධියක් බව ද ආචාර්ය ජමනදාස් පවසයි.  ප්‍රතිමාවට නව   සළු පිළි  පැළද වීම කිසි විටෙක ප්‍රසිද්ධියේ සිදු නොකිරීමත්, ප්‍රතිමාවේ ගුණාංග විවෘතව සහ ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමට ඉඩ නොතැබීමත් තුළින් තමන් අවධාරණය කරන  කරුණු සනාථ වන බවත් , ආචාර්ය ජ්මනදාස් ගේ මතයයි. පහත දැක්වෙන සාධක ද තහවුරු කරන්නේ ,තිරුපති විෂ්ණු පිළිමය ,ඉපැරණි බෞධ ප්‍රතිමාවක් වන බවය.

Adam's Peak

තිරුපති ප්‍රදේශය අශෝකගේ අධිරාජ්‍යයාගේ පාලනය යටතේ  පැවති අතර මූර්ති බිහි වූයේ බෞද්ධ පාලනය යටතේ වන බැවින් , එය බෞද්ධ පිළිමයක් බව සනාථ වේ. පිළිමය අජන්තා ගුහාවේ පද්මපානි   බෝධිසත්වයන් හා සමාන බව ද නිරීක්ෂිතය.

Adam's Peak

විෂ්ණුගේ ප්‍රතිමාවක් නම් ,ඒ  ආසන්නයේ ගරුඩකුගේ  මුර්තියක් ද  ප්‍රතිමාවට බද්ධව දර්ශනය විය යුතුවේ.ආසන්නයේ  දිස්වන්නේ සිංහ ලාන්ජනයකි.සිංහ රූප  නෙලා ඇත්තේ  බෞද්ධ සිද්ධස්ථානවල පමණි.මෙහි  ඉස්මතුව දර්ශනය වන නෙළුම් පුෂ්පය ද  බෞද්ධ සංකේතයකි. පිළිමයෙහි  බෞද්ධ අභය   මුද්‍රාව මුර්තිමත්වේ.

Adam's Peak

“යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං” යනුවෙන් සිරිපා වන්දනා ගාථාවෙහි දැක්වෙන යෝනක පුරයෙහි පිහිටුවන ලද සිරිපා සටහන පිළිබදව  ඝවේෂණාත්මකව කරුණු විමසා බැලීම කෙරෙහි  මීළගට අපගේ අවධානය යොමුවේ.

ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායට අයත් ‘පුණ්ණෝවාද සූත්‍රයෙන් ‘   , බුදුන් වහන්සේ යෝනක පුරයට වැඩමවා , උන්වහන්සේගේ ශ්‍රීපාද ලාංජනය පිහිටුවීමේ සිද්ධි දාමය මැනවින් විස්තර කෙරේ.

Adam's Peak

යෝනක දේශයේ මක්කම

භාග්‍යවතුන් වහන්සේ විසින් සමථ විපස්සනා භාවනා කමටහනක් ලෙස ‘පුණ්ණෝවාද සූත්‍රයෙ දේශනා කරන ලද්දේ සුණාපරන්ත ජනපදයෙන් පැමිණ පැවිද්ද ලද  පුණ්ණ නම්වූ  යෝනක  භික්ෂුනමකට ය.

බුදුන් ජීවමානව වැඩ සිටි ක්‍රිස්තු පූර්ව සවන සියවසේ  ‘සීනායි‘ නමින් හඳුන්වනු ලබන පෙදෙස ඇතුළු මුළු අරාබි අර්ධද්වීපයත් ඉන් ඔබ්බෙහි පිහිටි ජනපද සියල්ලත් ‘සුණාපරන්ත ජනපදය ‘ නමින් හැදින්විණි.බෞද්ධ  ග්‍රන්ථවල “සුන”- සුනාපරන්තය, සහ පුරාණ බයිබලයේ මෙම දේශය හදුන්වන  “සනයි” යන ස්ථාන නාමය සමඟ ගැලපෙන  ස්වභාවය  මෙහිදී සංසන්දනය  කර බැලීම යෝග්‍යවේ.

භාග්‍යවතුන් වහන්සේ වෙතින්  පැවිද්ද ලද  පුණ්ණ හිමියෝ සුණාපරන්ත ජනපදය ට අයත් වර්තමානයේ ‘පූනාන්‘ නමින් හැඳින්වෙන ග්‍රාමයේ වෙළඳ නායක පවුලක  දෙටු පුත් ලෙසින් උපත ලද්දෙකි . ජන්මය ලද ගමේ නමින් හෙතෙම ‘පුණ්ණ‘  නම් විය. ඔහුගේ බාල සොහොයුරා ‘චූල පුණ්ණ‘ යනුවෙන් හැදින්විණි. වියපත් දෙසොහොයුරෝ ගැල්වර පන්සීයක් පුරා  වෙළඳ ද්‍රව්‍ය පුරවා ගෙන ,ඉන්දියාවට සැපත්ව කොසොල් රට අගනුවර වූ ‘සැවැත්නුවර‘ ට පැමිණ වාඩිලාගෙන වෙළඳාමෙහි නිරතවුහ . ඒ අවදියෙහි අප භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසනා බැව් සැළවී ,පුණ්ණ වෙළද කෙළෙඹියා උන්වහන්සේ වෙත එළැඹ ,බුදු දහම කෙරෙහි පැහැදී පැවිද්ද ලබා ගති.

තමන්වහන්සේගේ  ජන්ම භූමිය වන යෝනක  දේශයට ගොස් මහණදම් පුරා ලොව්තුරා සැප උපදවාගෙන එරට වෙසෙන  යෝනක ජාතිකයන් අතර සම්බුදු දහම පැතිරවීමේ  සත් සිතිවිල්ලක්  පුණ්ණ තෙරණු සිත්හි පිළිසිදිනි.  පුණ්ණ තෙරණුවන් සමග පැවති සදහම් සාකච්චාවකින් අනතුරුව ,උන්වහන්සේට සිය රට බලා වැඩමවීමට භාග්‍යවතුන් වහන්සේගේ ආශීර්වාදය හිමිවිය.

සිය රට පැමිණි පුණ්ණ මහ තෙරපාණෝ  තම උපන් ගමට ආසන්නයේ පිහිටි අම්බට්ඨ නැමැති පර්වතයේ විහාරයක් ඉදිකරවීය. එය  යෝනක දේශයෙහි ඉදිකරන ලද ප්‍රථම බෞද්ධ විහාරය ලෙස සැලකේ. බුදු දහම සිය දේශය තුළ ව්‍යාප්ත කිරීමේ අරමුණෙන්  පුණ්ණ තෙරුන්වහන්සේ විසින්  මළ මුහුද අසබඩ සමුද්දගිරි විහාරය , මාතුලගිරි විහාරය සහ  මකුලකාරාම  විහාරය යන විහාර ත්‍රීත්වය ද ඉදි කළේය. භාවනා යෝගීව  විදසුන් වඩා රහත් පලය ලද  පුණ්ණ රහතන් වහන්සේගේ ආරාධනය පරිදි , භාග්‍යවතුන් වහන්සේ , සැරියුත් – මුගලන් දෑගසව්වන් ඇතුළු පන්සියයක් රහතන් වහහන්සේලා පිරිවරා  සුණාපරන්ත ජනපදයෙහි මකුලකාරාම විහාරස්ථානයට වැඩම කළහ. එම දේශයෙහි බොදුනුවන් බවට පත්වූ යෝනක ජනතාව හමුවේ  දහම් දෙසුමක් පවත්වා, මතු එරට සැදැහැතියනට වන්දනය පිණිස ,වර්තමානයේ මක්කම ලෙස ප්‍රකට ස්ථානයෙහි භාග්‍යවතුන් වහන්සේ තම සිරි පතුල පිහිටුවනු ලැබිණි. ක්‍රි.පු. 5 වන  සියවසේ බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් ලියන ලද පපංචසුදණිය ග්‍රන්ථයෙහි යථෝක්ත සිදුවීම් මාලාව   සවිස්තරව සදහන්වේ.

.බුද්ධඝෝෂ තෙරුන් විසින් පපඤ්චසුදනිය  රචනා කරනු ලැබුවේ මහම්මත් තුමා ලොව උපත ලැබීමට සියවස් එකහමාරකට  ට පෙර බව ද ,මහමද්තුමා මක්කම උපත ලබන්නේ භාග්‍යවතුන්  වහන්සේ මකුලකාරමයට වැඩීමෙන්   වසර 1100 ට පසුව බව ද මෙහිදී අපගේ සුවිශේෂී අවධානය යොමු කිරීම වැදගත්වේ. ත්‍රිපිටකයේ මජ්ඣිම නිකාය, පපංචසුදණිය වන් අති පෞරාණික බෞද්ධ ග්‍රන්ථ තුළින්   පමණක් නොව, මැද පෙරදිග  කුම්රාන් ගුහාවලින් හමුවූ ඓතිහාසික ලේඛණයන්හී  ද මක්කම ආශ්‍රිතව බුදු සමය පැතිර තිබු බැව් සනාථ කෙරෙන තොරතුරු සදහන්ව  ඇත.

ජේරුසලමට සැතපුම් 20 පමණ දුරින් , මළ මුහුද ආසන්නයේ   පිහිටි කුම්රාන් කඳුවැටි ආශ්‍රිත ගුහා තුළ සංරක්ෂණය කර තිබු, ක්‍රි.පූර්ව 1 වන සිය වසට අයත් ලේඛන ඛණ්ඩයන්.

Adam's Peak

Adam's Peak

Adam's Peak

දැනට පවත්නා පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව විද්වතුන් ගේ පිළිගැනීම වන්නේ මෙදියත සිරිපා ලාංජනයෙන් පාරිශුද්ධත්වයට පත්වුයේ,සැවැත් නුවර නර්මදා ගං තෙර ,සච්චබද්ධ කදු සිරස , යෝනක දේශය සහ  සිරි ලක සමනළ මුහුලස පමණි. නර්මදා නදී තෙර සිරි පදලස අදෘශ්‍යමානිතය.සච්චබද්ධ කදු සිරස එකළු කළ සිරිපදලස හින්දු භක්තිකයින්ගේ ග්‍රහණහිය.  යෝනක පුරේ පිහිටුවාලූ බුදු  සිරි පද පතුළ ඉස්ලාම් භක්තිකයන් උරුම කරගෙන ඇත්තේ ,එය තම අල්ලා දෙවිදුන් පිහිටවනු ලැබූ ශුද්ධවූ සංකේතයක් ලෙස සලකමිණි.මෙවන් පසුබිමක,බොදුනුවන්ට නළලත තබා වන්දනය පිණිස, සමනළ ගිරිකුළ මත  සිරිපා පද්මය ජීවමානිතව පැවතීම ,අප ජන්ම භුමිය,අප ජාතිය   ලද  දුර්ලභ පරම භාග්‍යයක් සේ සැළකිය හැකිය.

ආචාර්ය ගාමිණී කාරියවසම්

gaminee @gmail .com

දෙයියන්ගේ රටේ චිත්‍රපටයේ ,සිරිපා පියුමේ ගීතයට අදාළ රූපරාමු

TAGGED:ADAMS PEAK
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Are you someone’s perfect match Are you someone’s perfect match?
Next Article Elanka newsletter eLanka Newsletter – 22nd November 2023 – 7th Edition – Sri Lankans In Australia
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
What's New at the Foundation of Goodness

What’s New at the Foundation of Goodness

Our Foreign Minister who molded us-by Admiral Ravindra C Wijegunaratne

Darwin Test Match-A Concise Summary of Day Two from an English Aficianado

Darwin Test Match: A Concise Summary of Day Two from an English Aficianado

Kandy Perahera

Dalada Perahara-by Gamini Kariyawasam

Sri Lankan scientist develops an ultra-high magnification digital microscope By Arundathie Abeysinghe

Sri Lankan scientist develops an ultra-high magnification digital microscope By Arundathie Abeysinghe

Related News
A Festival in Hill-Country Lanka Celebrating Malaiyaha Tamil Resilience-eLanka
Articles Michael Roberts

A Festival in Hill-Country Lanka Celebrating Malaiyaha Tamil Resilience

Sri Lanka Cambodia relations, Sri Lanka Cambodia diplomatic relations, Sri Lankan Embassy Cambodia, Sri Lanka Honorary Consulate Phnom Penh, Honorary Consulate Sri Lanka Cambodia, Pily Wong Honorary Consul, E.A.S. Wijayanthi Edirisinghe, Sri Lankan community in Cambodia, Sri Lankans in Cambodia, Sri Lanka Cambodia trade, Sri Lanka Cambodia investment, Sri Lanka Cambodia tourism, Sri Lanka Cambodia bilateral relations, Sri Lanka Cambodia diplomatic cooperation, Sri Lankan nationals abroad, Phnom Penh Sri Lanka, Sri Lanka Cambodia business opportunities, Sri Lanka Cambodia cultural cooperation, Sri Lanka Cambodia tourism cooperation, Sri Lanka Cambodia bilateral consultations
Articles

Sri Lanka and Cambodia Deepen Ties, Strengthening Support for Sri Lankans Abroad

Shukri Salman, Youth Ecosystem Builder, Youth Top 40 New Generation Awards 2026, Youth Top 40 Awards Sri Lanka, Sri Lankan entrepreneur, Sri Lankan educator, youth development Sri Lanka, youth leadership Sri Lanka, youth empowerment, youth entrepreneurship, Teen Business Summit, Accelerate Holdings, Hyve Pvt Ltd, young Sri Lankan leaders, Sri Lanka youth development, entrepreneurship education Sri Lanka, professional qualifications lecturer, youth ecosystem, Sri Lankan youth, youth leadership awards
Articles

Sri Lankan Youth Leader Shukri Salman Honoured as ‘Youth Ecosystem Builder’ at Youth Top 40 Awards

HUTCH Sri Lanka
Articles

HUTCH Bridges Sri Lanka’s Digital Divide, Bringing Connectivity to More Rural Communities

Sri Lanka poultry industry sustainability
Articles

Sri Lankan Poultry Producers Honoured as Global Sustainability Leaders at Soy Connext 2026

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Tamil Movies

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.