ග්‍රීක දෙවගනකගේ දෙවොලේ අනුරුවක් ආශ්‍රයෙන් කොළොම්පුර ඉදිකළ අභිමානවත් ගොඩනැගිල්ල. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. ගාලුමුවදොර, කොළඹ කොටුව දෙසට වන්නට පිහිටි,  අභිමානවත් ගොඩනැගිල්ල  , ඇතැන්ස්හි ඇක්‍රොපොලිස් කඳුකරයේ,යුද්ධයට අධිපති   ග්‍රීක දෙවගන ඇතීනාගේ ප්‍රධාන දේවාලයේ ආකෘතියට අනුකූලව ඉදිකරන ලද්දක් බව අප්‍රකට පුවතකි. එනමුදු ,එය පුර්ණ සත්‍යයක් බව ඉපැරණි ලේඛන මගින් මැනවින්  සනාථ කෙරේ . ඇතීනා යනු ප්‍රඥාවේ සහ යුද්ධයේ ඔලිම්පික් දේවතාවිය වන අතර ඇය ගේ  නම නිර්මාණයවී ඇත්තේ ඇතන්ස් නගරය මුල් කර ගෙනය.  තේජාන්විත සහ නිර්භීත පෙනුමක් ඇය කෙරෙන් දිස්වේ . සියලුම ග්‍රීක වීරයන් ඇයගෙන් උපකාර සහ උපදෙස් ලබා ,විශිෂ්ඨ ජයග්‍රහණයන් ලබා ඇති බැව්පැ වසේ.ඇතීනාගේ නිරූපණය සහ සංකේතවාදය තුළින් මතුවන්නේ  බලය සහ අධිකාරය විකාශනය කරන තේජාන්විත දෙවගනකගේ  ස්වරූපයයි. ඇය සෑම විටම සම්පූර්ණ සන්නාහයකින් සැරසී , එක් අතකින් දිගු හෙල්ලයක් සහ අනෙක් අතින් පලිහක් දරා සිටී .ඇතීනාගේ පලිහට ඇගේ සතුරන් ගල් බවට පත් කළ හැකි බව ග්‍රීක ජාතිකයින්ගේ විශ්වාසයයි. ප්‍රඥාවේ සංකේතයක් ලෙස,බකමුණු පක්ෂියෙක්  ඇතීනාගේ උරහිස මත දිස්වේ. යුද්ධයට අධිපති ඇතීනා ග්‍රීක දෙවගන, ලිපිය ආරම්භයේ ...

Read More →