News & Community eLanka

eLanka

Tuesday, 6 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » හෘද රෝගීන්ට ,ශල්‍යකර්ම වලින් බැහැර වූ නව්‍ය වෛද්‍ය චිකිත්සාවක්. – By ආචාර්‍ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

හෘද රෝගීන්ට ,ශල්‍යකර්ම වලින් බැහැර වූ නව්‍ය වෛද්‍ය චිකිත්සාවක්. – By ආචාර්‍ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: November 25, 2023 6:10 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE
Views: 39

හෘද රෝගීන්ට ,ශල්‍යකර්ම වලින් බැහැර වූ නව්‍ය වෛද්‍ය චිකිත්සාවක්. – By ආචාර්‍ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

හෘද රෝගීන්ට ,ශල්‍යකර්ම වලින් බැහැර වූ නව්‍ය වෛද්‍ය චිකිත්සාවක්. - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්.

හෘද රෝගීන්ට ,ශල්‍යකර්ම වලින් බැහැර වූ නව්‍ය වෛද්‍ය චිකිත්සාවක්. - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්.

රෝහල් ගිලන් යහනේ වැතිර සිටි ජය රාමන් දෙනෙතග එම මොහොතේ  කදුළු  ගලා ගියේ නිරුත්සාහයෙනි. ඔහු අසළ රැදී ඔහු බිරිද හදවතින් හඩා වැටුණු සෙයකි. අසල දරු දෙදෙනා තුෂ්නිම් භුතව සිය පියා දෙස දෑස් දල්වා බලාහිදී.ජය රාමන් පරික්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයා යළි සිය කටහඩ  අවදි කළේය.

ඔබගේ හාට් එකේ වැල්ව්හ තරක්ම සම්පුර්ණයෙන් බ්ලොක්වෙලා. ඔයාට ලොකු ඔපරේෂන් එකකට යන්න වෙනවා. ඒත්එක දැන්ම කරන්න විදියක් නැහැ,ඔබේ බොඩි කන්ඩිෂන්  බොහොම වීක්…….”

ජයරාමන් රෝහලින් තම නිවස වෙත පැමිණියේ සිය ජීවිතය පිළිබදවවූ සියලු අපේක්ෂාවන් අත්හැර දමමිණි.ගිලන්ව සිටි ඔහු බැලීමට පැමිණි මිතුරෙක්,ඔහු ජීවත්වීමේ බලාපොරොත්තු අලුත් කළේය. තීව්‍ර බාහිර ප්‍රතිස්පන්දනය නම්වූ  පටු හෝ අවහිර වූ ධමනි වටා ස්වාභාවික බයිපාස් මාර්ගයක් නිර්මාණයට  රුධිර නාල වල කුඩා අතු  විවෘත  කරවීමේ නවීන ප්‍රතිකාර ක්‍රමයක් ඉන්දියාවේ.

මහා රාෂ්ට ප්‍රදේශයේ පුනානි රෝහලේ සිදු කෙරෙන බව  ඔහු පවසයි.ඒ සදහා වැය වන්නේ රුපියල්  හතලිස් දහසක පමණ මුදලක් බවත් මිතුරාගෙන් ඔහුට දැනගන්නට ලැබිණි.ජය රාමන් කඩිනමින් එම ප්‍රතිකාර ක්‍රමයට යොමුවී  සති  කිහිපයකින් සම්පූර්ණ සුවය ලබයි. මෙම විශ්මිත පුවත, කලකට පෙර  මා සවන් වැකුණේ මගේ මිත්‍රයෙක්වූ උදය සෙනවිරත්න මහතා වෙතිනි.

වැඩි දෙනෙක් නොදන්නා, අසා හුරුපුරුදු නැති EECPනම්වූ හදවතෙහි  ශල්‍යකර්මයකින් තොරව සිදු කෙරෙන අවහිර වූ  හෘද නාලිකා, ප්‍රති ස්පන්දන උත්තේජන වෛද්‍ය ක්‍රමය  භාවිතයෙන්   සුව කිරීම පළිබදව  තොරතුරු ගවේෂණය  කෙරෙහි මා සිත් යොමු වූයේ නිතැතිනි. මෙහිදී  “Cardiovascular Nursing “ , “Health Cafe“ වන් ජාත්‍යන්තර වෛද්‍ය  සගරාවන්හි වාර්තා සහ EECP in Pubmed, EECP Cochrane  Library යන වෙබ් අඩවි පරිශීලනයෙන් මෙම සුවිශේෂී ලිපිය සකසන්නට අවැසි  විද්‍යාත්මක තොරතුරු උකහා ගැනීමට වඅකාශයක් සැලසිණි .ඊට අමතරව  ප්‍රවීන වෛද්‍ය ජයම්පති බණ්ඩාර රත්නායක මහතා  මෙම ලිපිය සැකසීමට  බාදුන් මගපෙන්වීම අතිශයින් වැදගත් විය.

වෛද්‍ය ජයම්පති බණ්ඩාර රත්නායක මහතා.

වෛද්‍ය ජයම්පති බණ්ඩාර  රත්නායක මහතා.

හෘද වාහිනී අවහිරවීමේ රෝගය අද ලොව අංක එකේ ඝාතකයා බවට පත්ව ඇත.ලෝක හෘද සම්මේලනයේ වාර්තාවන්ට  අනුව,එය ලොව පුරා වසරකට මිලියන 17.5 ක ජනතාවක් මරණය කරා කැදවාගෙන යන  අතර 2030 වන විට මෙය මිලියන 23කට ආසන්න වනු ඇතැයි පුරෝකථනය කර ඇත.මෙම සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වන්නේ හෘද රෝග හමුවේ ලෝක ජනගහනයෙන් මිලියන සංඛ්‍යාත ප්‍රමාණයකගේ දිවි අහිමිවන ශෝචනීය ස්වභාවයයි.

සැත්කමකට භාජනය වීමේ හැකියාව නොමැති,වෙනත් නිදන්ගත රෝග වලින් පෙලෙන,ඉතා දුර්වල සෞඛ්‍යය තත්වයක පසුවෙන රෝගීන්ට ,සැත්කමකින්  තොරව හෘදය නාලිකාහී ඇතිවන  අවහිරතා ඉවත් කිරීමේ EECP කම්පන ක්‍රම වේදය පිලිබදව තොරතුරු මෙතෙක්  ශ්‍රී ලංකාවේ නිසි පරිදි ජනගතවී නොමැති සෙයකි.

මෙම පුවත විද්‍යාත්මක දියුණුවේ ප්‍රාතිහාර්යයකි.පටු වූ හෝ අවහිර වූ ධමනි වටා ස්වාභාවික බයිපාස් සෑදීම සඳහා ඊඊසීපී මඟින් රුධිර වාහිනී විවෘත කිරීම හෝ කුඩා අතු සෑදිම උත්තේජනය කිරීමට අදාළ වෛද්‍ය පර්යේෂණයන් ආරම්භ වූයේ මෙයට දශක කීපයකට පෙරය.

හෘද රෝගීන්ට ,ශල්‍යකර්ම වලින් බැහැර වූ නව්‍ය වෛද්‍ය චිකිත්සාවක්. - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්.ජෝන් හූයි නම් වූ ඉතා දක්ෂ චීන කායික වෛද්‍ය විද්‍යාඥයා එම තාක්‍ෂණ සංකල්පය ඇමරිකාවට හදුන්වා දුන්නේ 1990වසරේදීය.

හෘද රෝගීන්ට ,ශල්‍යකර්ම වලින් බැහැර වූ නව්‍ය වෛද්‍ය චිකිත්සාවක්. - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්.

ජෝන් හූයි නම්  චීන වෛද්‍ය කායික විද්‍යාඥයා

නිව්යෝර්ක්හි ස්ටෝනි රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්  විසින් මෙම මුලිඛ සංකල්පය පිලිබදව වසර ගණනාවක් අඛණ්ඩව  පර්යේෂණ  පවත්වාගෙන යනු ලැබිණි. අඛණ්ඩ පර්යේෂණ ගණනාවකින් අනතුරුව ,දශක දෙකහමාරකට පමණ පසුව EECP වෛද්‍ය ප්‍රති ස්පන්දන තාක්ෂනය ලොව රටවල් ගණනාවක ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම ඇරැඹිණි.

අප සමඟ කතාබස් කරන්න හෘද රෝග සඳහා ශල්‍යකර්ම නොවන ප්‍රතිකාරයක් වන ඊඊසීපී යනු හෘදයට රුධිර ප්‍රවාහ වැඩි කිරීම සදහා බාහිර ප්‍රතිස්පන්දනය  මගින් සිහින් රුධිර නාලිකා උත්තේජනය කරවන සුළු ප්‍රතිකාර විධියකි.හදවතට ප්‍රමාණවත් ලෙස රුධිර සැපයුම නොලැබීම,හදවතට ඔක්සිජන් ඉල්ලුම වැඩි වීම හෝ ඒ දෙකේම එකතුවක් හේතුවෙන් පපුවේ වේදනව ඇති වේ. ඇන්ජිනා යනු කිරීටක ධමනි රෝගයේ ප්‍රධාන රෝග ලක්‍ෂණයක් වන අතර සමහර විට එය  හෘදයාබාධ ගැන පුරෝකථනය කිරීමක් ලෙස සැලකිය හැකිය. හදවතට ප්‍රමාණවත් රුධිර ප්‍රවාහයක් ලබා නොදෙන පටු හෝ අවහිර වූ ධමනි වටා පැතිරී සිහින් නාලිකා ඔස්සේ  රුධිරය හදවතට යොමු කිරීමට ඊඊසීපී උපකාරී වේ.

හෘද රෝගීන්ට ,ශල්‍යකර්ම වලින් බැහැර වූ නව්‍ය වෛද්‍ය චිකිත්සාවක්. - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්.

ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කෙරෙන්නේ  සිරුරට බැහැරින්,පහළ සහ ඉහළ කලවා ඇතුළු  රෝගියාගේ එක් එක් කකුලට වායු කෆ් කට්ටල තුනක් සම්බන්ධ කිරීමෙනි.මෙම කෆ්හි මුඛය වායු පොම්ප කෙරෙන  හෝස් වලට සම්බන්ධ කර ඇත. ඒ ඔස්සේ ගලා එන  වායු ධාරාවන් මගින්  පාදයේ රුධිර වාහිනී මෘදු ලෙස තදින්ස ම්පීඩනය කරවයි.  හදවතට රුධිර ප්‍රවාහය වැඩි කිරීම සඳහා එම තෙරපීම සිදු කෙරෙන්නේ  රෝගියාගේ හෘද ස්පන්දනයේ වේගයට  සමගාමීවය. හදවතට රුධිර සංසරණය වැඩි කිරීම සඳහා යළි යළිත්  දෙ කකුල්හී  රුධිර නාල  තෙරපනු ලබයි. හදවතට රුධිර ප්‍රවාහය  වැඩි කිරීම සහ ඇන්ජිනා රෝග ලක්‍ෂණ ඉවත් කිරීම සඳහා “ස්වාභාවික අතුරු මාර්ග” ලෙස ක්‍රියා කළ හැකි කුඩා රුධිර වාහිනී ජාල පුළුල් කිරීම  මෙමගින් මෙහෙයවනු ලබයි.

හෘද රෝගීන්ට ,ශල්‍යකර්ම වලින් බැහැර වූ නව්‍ය වෛද්‍ය චිකිත්සාවක්. - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්.

වැඩිදියුණු කරන ලද බාහිර කවුන්ටර ස්පන්දන(EECP)චිකිත්සක ක්‍රියා පටිපාටිය

  • රුධිර පීඩන මාංචු ඔබේ පාදය,කලවා සහ තට්ටම් වටායොදා(Clip )ඇත.
  • මෙමගින් හෘද ස්පන්දනය සමඟ සමමුහුර්තව පිම්බීමට සලස්වයි.හෘදයේ විවේක අවධියේදී,ශරීරයට රුධිර සැපයුම ලැබෙන විට,කෆ්ස් පුම්බා,ඔක්සිජන් බහුල රුධිරය ඔබේ හදවත දෙසට තල්ලු කරයි.
  • ඔබේ හදවත නැවත පොම්ප කිරීමට පටන් ගන්නා විට, ඔබේ හදවත සාමාන්‍ය පරිදි  පොම්ප කිරීමට ඉඩ සලසන කෆ්ස් පිම්බේ.

හෘද රෝගීන්ට ,ශල්‍යකර්ම වලින් බැහැර වූ නව්‍ය වෛද්‍ය චිකිත්සාවක්. - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්.

ඩයස්ටොලික් උද්ධමනය සිස්ටලික් අවධමනය

කෆ්ස්වලින් සිදුවන තෙරපීම(උද්ධමනය) පරිගණක තිරයක් මගින් වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට යොමුවේ.EECP ප්‍රතිකාරයසඳහා, එක දිගට අඛණ්ඩව නොවන පැය 35 ක කාලයක් වැයවේ. පැය 35 ක කාලය වෙන් කෙරෙන්නේ  දිනකට පැය සිට දක්වා,සති හතක්  තුළ කාලයක් පුරාවටය.ඒ අනුව ජීවිත අවදානමේ පසුවන,හදිසි සැත්කමක් හෝ රුධිර නාලිකා බද්ධයක් සිදු කලයුතු රෝගියෙකුට,සුව වීමට දීර්ඝ කාලයක් ගතවන (සති හතක් ගතවන) EECP ප්‍රතිකාරය  සිදු කළ නොහැකි බව ද අවබෝධ කර ගතයුතුවේ.

හෘද රෝගීන්ට ,ශල්‍යකර්ම වලින් බැහැර වූ නව්‍ය වෛද්‍ය චිකිත්සාවක්. - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්.

බටහිර විශේෂඥ වෛද්‍ය වාර්තාවන්ට අනුව EECP වෛද්‍ය චිකිත්සාව  වයසට යෑම ප්‍රමාද කිරීමේ ප්‍රතිකාරයක් ලෙසින් ද ඇගයුමට බදුන්වේ.මෙමගින් තවත් ප්‍රතිලාභ රාශියක් ද සැලසෙන බැව් ඔවුහු  හදුනාගෙන ඇත..ඊඊසීපී යනු හදවත  යෞවනත්වයට පත් කිරීමක් වැනිය. මොළයේ ,වකුගඩු වල බඩවැල්වල සහ ශරීරයේ අනෙකුත් සියලුම කොටස් වල රුධිර ප්‍රවාහයෙහි ක්‍රමවත් බවක් ඇතිවේ. සංකීර්ණ හෝමෝන අන්තර් ක්‍රියාකාරිත්වය උත්තේජනය වන අතර එමඟින් වකුගඩු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වීම,රුධිර පීඩනය අඩු  වීම යනාදී අතුරු ප්‍රතිලාභ ද සැලසෙන බැව් වෛද්‍ය විශේෂඥයින්ගේ නගමනයයි. ආඝාතයෙන් පෙළෙන රෝගීන් වෙනත් ආකාරයකින් සිදු කරන ප්‍රතිකාර වලට  වඩා ඉක්මන් සුවයක්  මෙමගින්   අත්විඳ ඇති බව ද වාර්තාවේ.

EECP මලල ක්‍රීඩා කාර්ය සාධනය ඉහළ නැංවීම, හෘදය  සඳහා සම්පූර්ණ ව්‍යායාමයක් ලබා දීම,ලැක්ටික්අම්ලය සෑදීම අඩු කිරීම සහ මාංශ පේශිවල රුධිර ප්‍රවාහය  වැඩි කිරීම සඳහා ද ඵලදායී වේ.

EECP පීඩන චිකිත්සාව  එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ නියාමන ආයතනය (FDA – Food  & Drug Administration) අනුමත කළ ප්‍රතිකාර චිකිත්සාවක්ලෙස සැළකේ.ඒ අනුව  ඇමරිකාව,යුරෝපය,චීනය,රුසියාව,මැද පෙරදිග,ඉන්දියාව,සිංගප්පූරුව සහ පකිස්ථානය වැනි ජාත්‍යන්තර රටවල්  බොහොමයක්  සැත්කමකට භාජනය කළ නොහැකිඅසාධ්‍ය හදවත් රෝගීන්සදහා EECP චිකිත්සාව සාර්ථකව,බහුල ලෙස හෘද රෝග නිවාරණ සඳහා යොදා ගන්නා බැව්  වාර්තා වේ.මෙම විෂය පිලිබදව ග්‍රන්ථ ගණනාවක් ලියැවී ඇත.

හෘද රෝගීන්ට ,ශල්‍යකර්ම වලින් බැහැර වූ නව්‍ය වෛද්‍ය චිකිත්සාවක්. - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්.

මවිසින්  මෙම ලිපිය සකසනු ලැබුවේ හදවත් රෝග සුවපත් කිරීමේ නව චිකිත්සාව පිළිබදව  පොදු ජනතාවගේ දැනුම් නිම් වළලු පුළුල් කිරීමේ අධ්‍යාශයෙනි. එයින් ඔබ්බට ගිය උත්තරීතර  අපේක්ෂාවක් ද විය . එනම් වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් සහ සෞඛ්‍යය අංශයේ බලධාරීන් අතර EECP චිකිත්සාව පිළිබදව  නිසි කතිකාවතක් ඇතිකර එය ජනගත කරවීමේ කාලීන අවශ්‍යතාව ද මතුකරලීමේ අභිලාෂයයි. විෂය ක්ෂේස්ත්‍රය පිළිබදව හසළ දැනුමක් සහිත  විද්වතුන් ගේ නිසි නිර්දේශ ලබා ගෙන,EECP චිකිත්සාව දිවයිනේ ප්‍රධාන රජයේ රෝහල්හී ආරම්භ කිරීමට නව සෞඛ්‍ය අමාත්‍ය රොමේෂ් පතිරණ මහතාගේ අවධානය යොමු වන්නේ නම් යෙහෙකි.එම පියවර රෝගීන්ගේ හිත සුව පිණිස සිදු කෙරෙන මෙහෙයක් පමණක්  නොව මහගු පුන්‍යකර්මයක් ද  වනු නිසැක. වෛද්‍ය විද්‍යාව  පිළිබදව ප්‍රමාණික දැනුමකින් තොර මා,මෙම පුවත ඉදිරිපත් කරන්නේ ලේඛකයෙකුගේ දෘෂ්ටිකෝණයෙනි.මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන් විසින් EECP ප්‍රතිකාර ක්‍රමය පිළිබදව,පිළිගත් ජාත්‍යන්තර වෛද්‍ය සගරාවන්හි පළ කර ඇති ලිපි ආශ්‍රයෙන් මෙම ලිපිය සකසා ඇති බව යළිදු  ද අවධාරණය කරනු රිසියෙමි.

අතිශයින්ම සුළු මුල්‍ය  පිරිවැයකින් ඉටුකරගත හැකි ,ශල්‍යකර්මයකින්,කිසිදු වේදනාවකින් තොරව ඉටුකරගත හැකි EECP චිකිත්සාවරෝහල්හී භාවිතා  නොවන්නේ මන්ද? පහත වීඩියෝවෙන් ප්‍රවීණ විශේෂඥ වෛද්‍යවරයෙක්  ඊට නිසි පිළිතුරු දෙන අන්දම ඔබට නැඹිය හැකිය.

ආචාර්‍ය  ගාමිණී කාරියවසම්.         

 gaminee@gmail.com

 

වැඩිදුර අධ්‍යයනයට 

TAGGED:EECPEECP Cochrane LibraryEECP in PubmedEnhanced External CounterpulsationHealth CafeHeart Teatmentsආචාර්ය ගාමිණී කාරියවසම්.
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Chamari Athapaththu - eLanka Chamari Athapaththu visited a local cricket club in Sydney 24.11.2023
Next Article FULL FILM | DHADAYAM BAMBARA (දඩයම් බඹරා) FULL FILM | DHADAYAM BAMBARA (දඩයම් බඹරා)
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Shukri Salman, Youth Ecosystem Builder, Youth Top 40 New Generation Awards 2026, Youth Top 40 Awards Sri Lanka, Sri Lankan entrepreneur, Sri Lankan educator, youth development Sri Lanka, youth leadership Sri Lanka, youth empowerment, youth entrepreneurship, Teen Business Summit, Accelerate Holdings, Hyve Pvt Ltd, young Sri Lankan leaders, Sri Lanka youth development, entrepreneurship education Sri Lanka, professional qualifications lecturer, youth ecosystem, Sri Lankan youth, youth leadership awards

Expolanka Leisure Cluster Wins Seven Awards at the National ICT Awards NBQSA 2026

President’s Fund to Recognise Nearly 3,000 Top A/L Students with Rs. 100,000 Each

Arpico Insurance Funds the Education of Grade 5 Scholarship Island First Danoj Theekshana Weerasekara

Rumesh Tharanga World Athlete of the Year

Rumesh Tharanga Becomes First Sri Lankan Nominated for World Athlete of the Year

Saudi Arabia Urged to Spare Sri Lankan Sentenced to Death over Facebook post By Dinuk Hettiarachhi and Julianna Khan/BBC

British Vet to Run 620km Across Sri Lanka For New Animal Hospital By Jim Scott/BBC

Related News
Sri Lanka Smart Boards
Articles

Sri Lanka to Teach Entrepreneurship and Financial Literacy to Grade 6 Students from 2027

25 Years of Connecting Sri Lankan and Australian Businesses 01
Articles

25 Years of Connecting Sri Lankan and Australian Businesses

LSR Colombo Marathon 2026
Articles

LSR Colombo Marathon Marks Its 20th Edition with 1,400 Runners from 33 Countries

Child Action Lanka 20th anniversary
Articles

Child Action Lanka Marks 20 Years of Serving Children in Sri Lanka

Lellama-eLanka
Articles Dr Harold Gunatillake

“Lellama” Fish Market in Negombo-by Harold Gunatillake

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.