ගීතයේ සහ නර්තනයේ නිපුනතාව එකාත්මික වූ ජපන් කබුකි නාට්‍ය කලාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : kimonoonlinelesson ජපානයේ අති පෞරාණික නගරය  සේ සැලකෙන කියෝතෝ පුරවරයේ උතුරු දෙස සජිකිගතාකේ කදු වැටියේ සිට දේශය සශ්‍රීකත්වයට පත් කරමින් කමෝ නදිය ගලා බසියි. චෙරි සහ සකුරා තුරු අතරින් ගලා බස්නා මෙම නදියේ  මංතලාව  වංගු සහිත වීම නිසා ගග ගලා බසින්නේ  හැඩකාර රිද්මයානුකුල ස්වභාවයකිනි. මේ නිසා දුරාතීතයේ සිට  දේශීය ජනතාව මෙම  ගංගා දේහිනිය තාරා නදිය ලෙසින් ද හදුන්වනු ලැබුහ. Image Source : commons ඉසුමෝ දෙවොල  ජපන් කබුකි රංග කලාවේ නිර්මාතෘ , නෝ ඔකුණි,ඉසුමෝ දේවාලයේ දේව කන්‍යාවියක  ලෙසින් තේවාවේ නිරතව සිටි නිසා , පසු කාලයේ  ඉසුමෝ දේවතාවියගේ නම ද ඇගේ නමේ කොටසකට එක්වූ බවට ජන  විශ්වාසයක් පවතී. ඉසුමෝ දෙවියන් සාම්ප්‍රදායිකව විවාහය, වාසනාව සහ කෘෂිකර්මාන්තයේ දිව්‍යාංගනාව ලෙස,එරට ජනතා ගෞරවාදරයට පාත්‍රවේ. Image Source : pinterest 1603 වසරේ ගිම්හානයේ එක්තරා සැදෑ යාමයක කියෝතෝහී යථෝක්ත  කමෝ ගංගා තීරයේ ඉසුමෝ දෙවොල දෙසින් මන බන්දනීය සංගීත රාවයක්ගම් වැස්සන්ට අසන්නට ලැබිණි. ඒ ළදුන් සමුහයකගේ හැඟුම්බර ලයාන්විත  ගායන විලාශයකි. ගායනය  පසුබිමේ ජපන් බෙර රිද්මය  මුසු බටනළාවේ  ඉමිහිරි නාදය පිස ගත් ...

Read More →

අමරදේව ශුරීන්ගේ 96 වන ගුණානුස්මරණය දෙසැම්බර් 05 වන දිනට යෙදේ . – By ආචාර්ය ගාමිණී කාරියවසම්. දේශීයේ සංගීත ක්‍ෂේත්‍රය දිග් විජය කළ ,හෙළ ගීත අඹරේ සදා දිදුළන මහා පහන් ටැඹ පණ්ඩිත් අමරදේව ශුරින්ගේ 96 වන ජන්ම සංවත්සරය දෙසැම්බර් 05 වන දිනට යෙදේ . අඩ සියවසකට අධික කාලයක්  ගායන මාධුර්යයෙන් , වාද්‍ය  මිහිරියාවෙන්  මෙන්ම අරුත් බර , නිර්මාණශීලී පද සංයෝජනයෙන් රසික මනෝභාවයන් උද්දීපනය කළ ඔහු සිය සංගීත දිවිය ආරම්භ කලේ වයලීන් වාදකයෙකු ලෙසිණි . වඩු කාර්මිකයෙකු වූ වන්නකුවත්තවඩුගේ දොන්  ජිනෝරිස් පෙරේරා සහ ඔහුගේ භාර්යාව වූ බලපුවාවඩුගේ මැගී වෙස්ලියානා මෙන්ඩිස් දෙමහල්ලන්ගේ බාල පුතනුවන් ලෙසින් ,වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා   (අමරදේව )  ජන්ම ලාභය ලබන්නේ 1927 දෙසැම්බර් මස 05 වැනිදාය. ඒ මොරටුවේ කොරලවැල්ල නම්  ගම්පියසෙහිය.ඔහු හැදී වැඩුනේ   සහෝදරයන් හතර දෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු ගේ ඇසුරෙහිය.  ඇල්බට්ගේ වැඩිමහල් සහෝදරයා වූ ඩබ්ලිව්. ඩී. චාල්ස් පෙරේරා සංගීතය ප්‍රගුණ කළ අයෙකි..ඔහු ඇසුරින්,කුඩා ඇල්බට්සරිගම අත්පොත් තැබීය. ඔහුගේ පියා ,ජිනෝරිස්  වඩු බාස් උන්නැහේත් වයලින් වාදනයට සමතෙක්. මෙතෝදිස්ත බැතිමතියක් වු මව  මෙතෝදිස්ත පල්ලියේ ලයාන්විතව ගීතිකා ගායනා කළ කාන්තාවකි .මෙම සංකලනය ,කුඩා අවදියේ ...

Read More →

හෘද රෝගීන්ට ,ශල්‍යකර්ම වලින් බැහැර වූ නව්‍ය වෛද්‍ය චිකිත්සාවක්. – By ආචාර්‍ය ගාමිණී කාරියවසම්. රෝහල් ගිලන් යහනේ වැතිර සිටි ජය රාමන් දෙනෙතග එම මොහොතේ  කදුළු  ගලා ගියේ නිරුත්සාහයෙනි. ඔහු අසළ රැදී ඔහු බිරිද හදවතින් හඩා වැටුණු සෙයකි. අසල දරු දෙදෙනා තුෂ්නිම් භුතව සිය පියා දෙස දෑස් දල්වා බලාහිදී.ජය රාමන් පරික්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයා යළි සිය කටහඩ  අවදි කළේය. ඔබගේ හාට් එකේ වැල්ව්හ තරක්ම සම්පුර්ණයෙන් බ්ලොක්වෙලා. ඔයාට ලොකු ඔපරේෂන් එකකට යන්න වෙනවා. ඒත්එක දැන්ම කරන්න විදියක් නැහැ,ඔබේ බොඩි කන්ඩිෂන්  බොහොම වීක්…….” ජයරාමන් රෝහලින් තම නිවස වෙත පැමිණියේ සිය ජීවිතය පිළිබදවවූ සියලු අපේක්ෂාවන් අත්හැර දමමිණි.ගිලන්ව සිටි ඔහු බැලීමට පැමිණි මිතුරෙක්,ඔහු ජීවත්වීමේ බලාපොරොත්තු අලුත් කළේය. තීව්‍ර බාහිර ප්‍රතිස්පන්දනය නම්වූ  පටු හෝ අවහිර වූ ධමනි වටා ස්වාභාවික බයිපාස් මාර්ගයක් නිර්මාණයට  රුධිර නාල වල කුඩා අතු  විවෘත  කරවීමේ නවීන ප්‍රතිකාර ක්‍රමයක් ඉන්දියාවේ. මහා රාෂ්ට ප්‍රදේශයේ පුනානි රෝහලේ සිදු කෙරෙන බව  ඔහු පවසයි.ඒ සදහා වැය වන්නේ රුපියල්  හතලිස් දහසක පමණ මුදලක් බවත් මිතුරාගෙන් ඔහුට දැනගන්නට ලැබිණි.ජය රාමන් කඩිනමින් එම ප්‍රතිකාර ක්‍රමයට යොමුවී  සති  කිහිපයකින් සම්පූර්ණ සුවය ලබයි. මෙම විශ්මිත පුවත, ...

Read More →

පොලිස් පති ධුරයෙන් සමුගන්නා – දේශයේ ප්‍රෞඩ පුරාවෘත්ත ගවේශකයා. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පති,චන්දන දීපාල් වික්‍රමරත්න මහතා , නොවැම්බර් මස අවසන් සතියේ විශ්‍රාම දිවියේ වරම් හිමිකර ගැනීමට නියමිතය. එතුමා විසින්  ඉටුකළ අනුපමේය ජාතික මෙහෙවර පිළිබදව කෘතවේදිත්වය දැක්වීමේ  ප්‍රයත්නයක් ලෙසින්, මේ මොහොතේ, මෙවන් සටහනක් තැබීමට මා සිත් පෙළඹිණි. පොලිස්පති ධුරයට සමු දෙන , චන්දන දීපාල් වික්‍රමරත්න මහතා පිළිබදව ලියැවෙන මෙම ලිපියේ මාතෘකාව ලෙසින්  “දේශයේ ප්‍රෞඩ පුරාවෘත්ත ගවේශකයා”ලෙසින් ඔහු හදුන්වා දීම පිළිබදව,පාඨක ඔබ සිත්හී කිසියම් කුහුලක් ඇතිවූවා නිසැකි.ඒ මන්ද යත්,ඔහු ගේ රාජකාරී ක්ෂේස්ත්‍රය අපරාධ ගවේෂණයන් හා පරීක්ෂණයන් සදහා පොලිසිය මෙහෙය වමින් රටේ සාමය ස්ථාපිත කිරීම විනා ,පුරාවෘත්ත ගවේෂණය හඹා යාම නොවන බැවිනි. අනෙක් අතින් ඔහු  කොළඹ විශ්ව විද්‍යාලයෙන් සන්නද්ධව  ඇත්තේ සමාජ විද්‍යා හෝ පුරාවිද්‍යා විෂයයන්  හා සබැදි උපාධියකින්නොව ඊට හාත්පසින් ම වෙනස්  B.Sc (භෞතික විද්‍යාව)පිළිබදවවූ උපාධියක් වීම ද අපගේ විමතියට හේතුවේ. එතුමා  වසර ගණනාවකට පෙර මට ජීවිතයේ මුල්වරට හමුවන්නේ ,දේශයේ ප්‍රෞඩ පුරාවෘත්තයක් පිලිබදව වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට ,මා හමුවීමට මගේ නිවසට පැමිණි ...

Read More →

සිවු සරකට පෙර සදා නිහඩවු රන් සර – By ආචාර්ය ගාමිණී කාරියවසම් (ඉන්ද්‍රානි සේනාරත්න දිවියෙන් සමු ගෙන , ගෙවී ගිය ජුනි 23 දිනට සිව් වසරක් සපිරේ. ඒ නිමිත්තෙන්,පමා  වී හෝ  තැබෙන සමරු සටහනකි.) ඇය දිවියෙන් සමු ගෙන  ඉකුත්  ජුනි 23 දිනට  සිව් වසරක් සපිරිණි.සිය මධුර සරින් යුගයක් මහත්අ මන්දානන්දයට පත් කළ ඇය ,ඉන්ද්‍රානි සේනාරත්නයන්ය. බාල වියේ සිට යොවුන් විය පසු කරමින් වියපත් බවේ එළිපත්තට පියමන් කරන නිමේෂයේ  පවා,ඇය සුගායනය කළ ,  ප්‍රේමයේ විරහව ද්වනිත කෙරෙන ගී පද වැල්, සදාතනිකව අපේ  සන්තානයේ නින්නාද වෙමින් පවතී. වියෝගයේ  සැගවුණු හුදකලා   සෞන්දර්ය ද්වනිත කෙරෙන , “ගයා ගීතයන් ගමේ වෙල් එළියේ …” ගීතය සවනත වැකෙද්දී,   මැකී ගිය  නිර්මල ප්‍රේමයේ  රම්‍යතාවය හා සබැදි වියෝගයේ තීව්‍ර රස භාවයන් උද්දීපනය වන්නේ ඉන්ද්‍රානි සිසිර රූපකාය ද අප මනසෙහි සිතුවම් කරමිනි.  මෙම අමරණීය ගීතයේ පද මාලාව සහ සංගීතය නිර්මාණය වුයේ  ද සිසිර සේනාරත්නයන් අතිනි. ඔබටත්  අමරණීය විරහ ගීතය පහත යොමුවට පිවිසීමෙන් ,ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ,මෙම ලිපිය කියවීමට නෙත්යො මු කිරීම  වඩාත් යෝග්‍ය වනු නිසැකි. “ගයා ගීතයන් ගමේ වෙල් එලියේ……. දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ ඈ සමගින් එදා ඒ මා තමා අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ…//”   එම්.එම්.ඩබ්ලිව්.විජයබණ්ඩාර සහ ලිලියන් විජයබණ්ඩාර දම්පතීන්ගේ පවුලේ වැඩිමල් ...

Read More →

මහා විජයබාහු නිරිදුන් සිහසුනෙහි රැන්දූ – බුදල්නා සෙනවි – By ආචාර්ය ගාමිණී කාරියවසම්. සිය ජන්ම භූමියට  දිවි දෙවෙනි කොට ඇළුම් කළ, ඔටුන්න හිමි කිත්ති කුමරුවා කුඩා කල, ඔහු පසුපස නිරතුරු   සෙවණැල්ලක් ලෙස රැදෙමින්  රැකවරණ සැලසු, බුදල්නා වන්   රණ ශූර සෙනෙවියෙක් පහළ නොවන්නට, චෝලයන්ගේ ග්‍රහණයට නතුවූ  පොළොන්නරු  රාජධානිය  සිංහල නිරිදෙක් යටතේ  මුදා ගන්නට අවස්ථාවක් යළි කිසි දින නොඑළඹෙනු නිසැක.    ඓතිහාසික මූලාශ්‍රවලට අනුව,පණ්ඩුකාභය රජු විසින් ක්‍රි.පූ. 474 වසරේදී  ස්ථාපනය කෙරෙන අනුරාධපුර රාජධානිය     .එවක් පටන්  සිංහල රජවරුන් 17 දෙනෙක් යටතේ දැහැමින්  පාලනය විය. 5 වන මිහිඳු  රජ දවස අනුරාධපුර මහා රාජධානියේ  පිරිහීම ආරම්භ විය. ඔහුගේ පාලන ව්‍යුහයේ දුර්වලතා මධ්‍යයේ අභ්‍යන්තර ගැටුම්නිර්මාණය වේ.. මේ අතර චෝල අධිරාජ්‍යයා වූ රාජරාජ ක්‍රි. ව. 993 දී  දිවයිනේ  උතුරු ප්‍රදේශය යටත් කර ගැනීමට සමත්වේ.. ක්‍රි. ව. 1017 දී උතුරේ රාජරාජගේ පුත් රාජේන්ද්‍ර, සිංහල  රාජධානියේ අභ්‍යන්තරික වියවුල් පවතිද්දී, අනුරපුරවරයට  ප්‍රහාරයක් එල්ල කළේය.  චෝල සහ සිංහල රජවරුන් අතර ඇති වූ කුරිරු සටනේ ප්‍රතිඵලයක් ලෙස අනුරාධපුර රාජධානිය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වේ. චෝළයන් විසින්අ නුරාධපුර රාජධානියේ අවසන් රජු වූ  v වන මහින්ද රජු ඉන්දියාවට රැගෙන යන්නේ වහලෙකු ලෙසනි.  .චෝල රජු ...

Read More →

ජපන් කුලවමියක් ලියු – ලොව මුල්ම නවකතාව – ජෙන්ජි මොනොගටාරි – By ආචාර්‍ය ගාමිණී කාරියවසම් ජෙන්ජි මොනොගටාරි විශ්ව  සාහිත්‍යයේ ප්‍රථම , ශ්‍රේෂ්ඨ, සම්භාව්‍ය  නවකතාව ලෙස සම්මානිතය.එය නිර්මාණය කරන ලද්දේ , මුරසකි ෂිකිබු  නම්  ජපන් කුලවමියක විසිනි. නව කතාව ගෙතී  ඇත්තේ  ගද්‍ය වෘත්තාන්තයකට නැඹුරු වෙමින් ,   චිත්තජ රූප දල්වන සුළු   භාෂා ශෛලියකිනි. ලොව අපුර්වතම ගති,සිරිත් විරිත් සම්ප්‍රදායකට අනුගතවූ,ජපන්  රාජ වංශිකයින්ගේ දිවි  පෙවෙත අතිශයින්ම,සෞන්දර්යාත්මකව  ඉදිරිපත් කිරීමට  කතුවරිය දක්වා ඇත්තේ අනුපමේයවූ  කුසලතාවයකි.රජවාසල තත්‍ය සිදුවීම් ඉදිරිපත් කෙරෙන්නේ සජීවී   සංවාදමය  ස්වරුපයෙනි. මුරසකි ෂිකිබු  කුලවමිය. කථාව  විකාශනයේදී අතිශයින්ම  හද කම්පනීය සිදුවීම් , වකා නම්වූ ජපන්  සම්ප්‍රදායික  පද්‍ය ඛණ්ඩයන් මගින්  සැරසීමට කතුවරිය දක්වා ඇති සාමාර්ථය  ඉමහති.මෙහිදී අපට ශ්‍රීලංකාව ඇතුළු  පෙරදිග රටවල ප්‍රචලිත  ගද්‍ය , පද්‍ය සම්මිශ්‍රිත ‘චම්පු’ ශෛලිය සිහිපත්වේ.    ඕනෑම රාජ්‍යයක,දේශයක සම්භාව්‍ය කාව්‍ය, සාහිත්‍ය කෘති බිහිවන්නේ එහි සාමකාමී සංහිදියාවෙන් පිරිපුන් පරිසරයක්  පවත්නා යුගයන්හි බව ඉතිහාසය අපට සිහිගන්වයි. ජපානය විශ්ව සාහිත්‍යයට මුල්ම නවකතාව දායාද කරන්නේ එවන් හිතකර  රාජ්‍ය පසුබිමක් පැවති  යුගයකදීය.  අටවන සියවසේ අග භාගයේදී, අධිරාජ්‍යයා  මධ්‍යම ජපානයේ අගනුවර සඳහා නව ස්ථානයක් තෝරාගෙන    මනරම්  කඳු වළල්ලකින් වට වූ නගරයක් ඉදි කළහ. නව නගරය හැඳින්වූයේ “සන්සුන්කමේ අගනුවර” හියන්-කියෝ යනුවෙනි. (එය නූතනයේ කියෝතෝ නගරය බවට පත් වී ඇත.) ...

Read More →

මීරිගම මිහිරාවිය,සිය 85 වන ජන්ම දිනය සමරයි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. හෙළ   ගැමි  ස්ත්‍රීත්වයේ ප්‍රතිමුර්තියක් ලෙසින් සැළකිය හැකි පුණ්‍යා හීන්දෙණිය ,ජූලි 31වන දින  සිය 85 වන ජන්ම දිනය සමරන්නීය. මෙම ‘ගැමි  යුවතිය ’ විදෙස් පරිසරයක ජීවත් වුවද ,ගැමි ලක්‍ෂණ සහ සුන්දරතාවය එලෙසින්ම රඳවා ගනිමින්, දිවියේ  වියපත් ඉසව්වට පිය නගන්නීය.පුණ්‍යාවන්  දිවි මං තලාවේ  දශක අටහාමාරක්  සම්පූර්ණ කර ඇතැයි, ඇය වත දිසි කිසිදු .රසිකයෙක්   අනුමාන නොකරනු නිසැකි.  ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ  ප්‍රධාන නළු හෙන්රි ජයසේන ‘ඩේලි නිවුස්’ පත්‍රයට ලිපියක්  ලියමින් කළ හළි දරව්වකින් පුණ්‍යා හීන්දෙනිය පිලිබදව ලියවෙන  මෙම ලිපිය ආරම්භ කිරීම අර්ථවත්වේ.  “මෙක්සිකෝවේ මුණ්ඩියල්  සිනිමා උළෙල 1965 නොවැම්බර් 21 සිට දෙසැම්බර් 4 දක්වා රටවල් 13 ක සහභාගීත්වයෙන්  පැවැත්විණි. නොවැම්බර් 26 වෙනිදා ,අවසන් උත්සවයට  කලින්  පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් කැදවීය. මෙම උළෙලේ පෙර සිට පැවතගෙන එන සම්ප්‍රදායක් ලෙසින්  පුණ්‍යා ට ද  නාන ඇඳුමකින් සැරසී වේදිකාවේ පෙනී සිටින ලෙස  සංවිධායකයින් වෙතින් ඉල්ලීමක්   ලැබිණි.ඇය එම ඉල්ලීම එකහෙළා තරයේ  ප්‍රතික්ෂේප කළාය. මාධ්‍යවේදීන් තුෂ්නිම්භූත වුහ. ඔවුන්ට ඔවුන්ගේ දෑස් දෙකන්  අදහාගත නොහැකි විය. බොහෝ තරු, සිය සිරුරේ අඩ  නිරුවත ප්‍රදර්ශනය කර, සංවිධායකන් සහ ප්‍රේක්ෂකයින්ගේ   වැඩි අවධානයක් යොමුකරවා ගන්නට,එකිනෙකා පරයා වේදිකාවේ පෙළ ගැසෙද්දී , ...

Read More →

දේශජ අභිමානයේ ජාතික සලකුණ ‘ අංගම්පොර ශිල්පය ‘ – By ආචාර්ය ගාමිණී කාරියවසම්   1818 ඔක්තෝබර් මස 05 වන දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් හෙලයේ සාම්ප්‍රදායික සටන් ශිල්පය අංගම්පොර විශේෂ ගැසට් නිවේදනයක් මගින් තහනම් ක්‍රීඩාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. නවීන ආයුධ වලින් සන්නද්ධ ඉංග්‍රීසි හමුදාවත්, අංගම් පොර සටන් ශිල්පීන්ගෙන් සැදුම්ලත් දේශීය සටන්කාමීන් ඉදිරියේ භීතියෙන් මුසපත් වූහ අංගම්පොර සටන් කලාව තහනම් කිරීමට ඉංග්‍රීසින් පොළඹවාලනු ලැබුවේ 18 වන සියවසේ මුල් භාගයේ නිදහස් සටනේදී ඔවුන් ලත් බිහිසණු අත්දැකීම් ය. දේශයේ අභිමානවත් චින්තනයෙත් , අයුක්තිය ඉදිරියේ නැගී සිටීමේ අනුපමේය ශක්තියත් අඩපණ කිරීමේ අපේක්ෂාවෙන්, ඉංග්‍රීසීන් අංගම් පොර සටන් කලාව තහනම් කර මේ වන විට වසර දෙසීයකට ආසන්න කාලයක් සපිරේ. දැයේ නිවහල් භාවය, ස්වාධීනත්වය අභිමානය තහවුරු කරමින් සම්ප්‍රදායික අංගම්පොර සටන් කලාව නිදහසේ ප්‍රගුණ කිරීමට නීතිමය අවකාශය 2018 වසරේදී  අපේ දේශයට උදා විය. එවන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට,එවකට පැවති  රජය මෙහෙයවූ  සජිත් ප්‍රේමදාස මැතිඳුන්ට දැයේ නොමද ප්‍රණාමය හිමිවේ. මෙම ප්‍රතිපත්තිමය තීරණය මත අංගම්පොර සටන් ශිල්පය සංරක්ෂණය කර ප්‍රවර්ධනයට මංපෙත් විවර කිරීම පාලිත ...

Read More →