News & Community eLanka

eLanka

Saturday, 5 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » මීරිගම මිහිරාවිය,සිය 85 වන ජන්ම දිනය සමරයි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

මීරිගම මිහිරාවිය,සිය 85 වන ජන්ම දිනය සමරයි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: July 28, 2023 2:53 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE
Views: 75

මීරිගම මිහිරාවිය,සිය 85 වන ජන්ම දිනය සමරයි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

punya heendeniya - elanka

Dr.Gamini Kariyawasam.හෙළ   ගැමි  ස්ත්‍රීත්වයේ ප්‍රතිමුර්තියක් ලෙසින් සැළකිය හැකි පුණ්‍යා හීන්දෙණිය ,ජූලි 31වන දින  සිය 85 වන ජන්ම දිනය සමරන්නීය. මෙම ‘ගැමි  යුවතිය ’ විදෙස් පරිසරයක ජීවත් වුවද ,ගැමි ලක්‍ෂණ සහ සුන්දරතාවය එලෙසින්ම රඳවා ගනිමින්, දිවියේ  වියපත් ඉසව්වට පිය නගන්නීය.පුණ්‍යාවන්  දිවි මං තලාවේ  දශක අටහාමාරක්  සම්පූර්ණ කර ඇතැයි, ඇය වත දිසි කිසිදු .රසිකයෙක්   අනුමාන නොකරනු නිසැකි. 

‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ  ප්‍රධාන නළු හෙන්රි ජයසේන ‘ඩේලි නිවුස්’ පත්‍රයට ලිපියක්  ලියමින් කළ හළි දරව්වකින් පුණ්‍යා හීන්දෙනිය පිලිබදව ලියවෙන  මෙම ලිපිය ආරම්භ කිරීම අර්ථවත්වේ. 

“මෙක්සිකෝවේ මුණ්ඩියල්  සිනිමා උළෙල 1965 නොවැම්බර් 21 සිට දෙසැම්බර් 4 දක්වා රටවල් 13 ක සහභාගීත්වයෙන්  පැවැත්විණි. නොවැම්බර් 26 වෙනිදා ,අවසන් උත්සවයට  කලින්  පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් කැදවීය. මෙම උළෙලේ පෙර සිට පැවතගෙන එන සම්ප්‍රදායක් ලෙසින්  පුණ්‍යා ට ද  නාන ඇඳුමකින් සැරසී වේදිකාවේ පෙනී සිටින ලෙස  සංවිධායකයින් වෙතින් ඉල්ලීමක්   ලැබිණි.ඇය එම ඉල්ලීම එකහෙළා තරයේ  ප්‍රතික්ෂේප කළාය.

මාධ්‍යවේදීන් තුෂ්නිම්භූත වුහ. ඔවුන්ට ඔවුන්ගේ දෑස් දෙකන්  අදහාගත නොහැකි විය. බොහෝ තරු, සිය සිරුරේ අඩ  නිරුවත ප්‍රදර්ශනය කර, සංවිධායකන් සහ ප්‍රේක්ෂකයින්ගේ   වැඩි අවධානයක් යොමුකරවා ගන්නට,එකිනෙකා පරයා වේදිකාවේ පෙළ ගැසෙද්දී , මෙසේ එක් නිළියක් පමණක් ස්ථිරව එම ඉල්වීම ප්‍රතික්ෂේප කිරීම ,ප්‍රේක්ෂකයින්ට අදහා ගත නොහැකි  විය.

 ඇය  ඉතා සන්සුන්ව,චතුර ලෙස ඉංග්‍රීසි බස හසුරුවමින් ,“එය මගේ ප්‍රතිපත්තිවලට පටහැනියි. ඊටත් වඩා එවැනි අඩ නිරුවත්  ඇදුමින් සැරසීම   ,ශ්‍රී ලංකාවේ  සම්ප්‍රදායන්ට සහ සිංහල  සංස්කෘතියට නොගැලපේ,” යනුවෙන් සිනාමුසු මුහුණින්  ප්‍රකාශ කළාය . අලංකාර චීත්තයකින්  සහ හැට්ටයකින්  සැරසී වේදිකාවට පිවිසි පුණ්‍යාගේ වත දෙස  ඡායාරූප ශිල්පීන් සියල්ලන්ගේ කැමරා කාච යොමු විය.පසුදා උදෑසන සියලුම  පත්‍ර මුල් පිටු ,පුණ්‍යාගේ චාම් පිංතුර වලින් අලංකෘත විය.  රංග ධාරිනියකට  වැදගත් වන්නේ රංගනයෙන් තම චරිතය තුළ  ජීවත්වීම මිස  නිරුවත  ප්‍රදර්ශනය කිරීම නොවේ ය යන්න ඇයගේ පරමාදර්ශය විය.

නමේ අරුත්  හා  සැසදෙන  පුණ්‍ය මහිමයෙන් පිරිපුන් පුණ්‍යා හීන්දෙණිය  ,ඕනෑම ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමේ  නිපුනතාවය  සහජයෙන් ම උරුම කර ගත් රංග ධාරිනියකි.. මෙනයින් පුන්‍යා හීන්දෙනිය සිංහල ස්ත්‍රීත්වයේ  පමණක් නොව   සිංහල සිනිමාවේ ද  ජාතික සලකුණ ලෙසින් සැළකිය හැකිය.

මීරිගම මිහිරිතම  සොදුරු පරිසරයක් සිය නිජ ගම්පෙත කර ගැනීමට  ඇය භාග්‍යමත්වූ  සෙයකි. හීන්දෙණිය විදානරාලලාගේ පුණ්‍යා  හීන්දෙණිය ජන්ම ලාභය ලබන්නේ 1938 ජූලි 31 වැනි දිනය. ඇය සහෝදර  සහෝදරියන් හත් දෙනකුගෙන් යුත් පවුලක පස්වැනි දරුවා විය. ඇයගේ  දයා, ශීලා, රම්‍යා, යන  වැඩිමහල් සහෝදරියන් තිදෙනා  සහ  සංගීත උපදේශකයකුව සිටි වැඩිමහල් අයියා වීරවර්ධන  දැනට ජීවතුන් අතර නොමැත.  පුණ්‍යාගේ බාල සොහොයුරු  කරුණසිංහ , විශ්‍රාමික  විදුලි ඉංජිනේරුවරයෙකි.

එම්.ඒ.හීන්දෙණිය පුන්‍යාවන්ගේ  පියානන්ය. හේ  මීරිගම ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලිකරුවෙකි. ඇ ගේ මව, පානදුර නිජබිම කර ගත් ඩී.එල්.කහවිටගේ මහත්මියයි.පුණ්‍යාවන් හැදුණු වැඩුණු නිවසේ පරිසරය  නිතැතින් ම ඇය කලාවට යොමු  කරවන සුළු විය.  සර්පිනා, වයලීනය වාදනයෙහි නිපුනයකුවූ තම පියා, තත් සංගීත මෙවලම් සත්සර සුසර කරමින් , පැරණි ගීත ගායනයෙහි නියැලෙද්දී ඇය ඒවා ශ්‍රවණයෙන් නොමද සතුටක් ලද බව පැවසේ. මෙලෙසින් ,ඇය රංගන වෘත්තිය වෙත යොමු කෙරෙන අපුර්ව  සෞන්දර්යකාමී පරිසරයක් නිවසේ නිර්මාණිතව පැවතිණි. ඇය අත්පොත් තැබුවේ , වත්මන්  ඩඩ්ලි සේනානායක විද්‍යාලය ලෙස හඳුන්වන,එවකට  මීරිගම ප්‍රාථමික විද්‍යාලය ලෙසින් හැදින්වුණු සිප් පියසෙහිය. මීරිගම මහා විද්‍යාලය ඇයගේ දෙවන පාසල් මව වුවාය.ඇයගේ පාසල් නැටුම් ගුරුවරයා වන්නේ  සුප්‍රසිද්ධ පණිභාරත මහතාය. 1954- දී සිරිසේන විමලවීර විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘අශෝකා’ චිත්‍රපටයේ පණිභාරත මාස්ටර් විසින් පුහුණු කරන ලද  නර්තනයකට සහභාගීවීමේ භාග්‍ය ඇයට හිමි විය. ඒ ඇය දිවියේ මුල්වරට රිදී තිරයට පියමන් කළ අවස්ථාවය.

punya heendeniya - elanka

punya heendeniya - elanka

punya heendeniya - elanka

punya heendeniya - elanka

 

ඇය ළමා විය ගත කළ , පාරම්පරික  මීරිගම මහගෙදර පිහිටියේ  නිල්වන් වෙල් යායක් සහ ශාසන වර්ධන  බෞද්ධ විහාරස්ථානයට යාබදවය. එහි එකල විහාරාධිපතිව වැඩ විසූ මේධංකර නායක හිමි  සැදැහැවත්  බෞද්ධයකු වූ පුණ්‍යයාගේ පියාගේ සමීපතම ඥාතියෙකි. ඇය සැදැහැශීලී  බොදු පිළිවෙතකට  යොමු වන්නට එම සබැදියාව බෙහෙවින් ඉවහල්  විය. 

කුරුළු බැද්ද චිත්‍රපටියේ,පුණ්‍යාවන් සිය සොහොයුරිය රම්‍යා සමග එකට රගපෑවාය.පුණ්‍යාගේ වැඩමහල් පුතු අනුපමා කුඩා කාලයේ දී 1982 දී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ආරාධනයෙන් ලංකාවට පැමිණ ‘කලියුගය චිත්‍රපටයේ නන්දා සහ පියල්ගේ පුත්‍රයා ලෙසින්  රඟපෑවේය.

ගාල්ලේ දිස්ත්‍රික් වෛද්‍ය  මිල්රෝයි  නානායක්කාර ,පුණ්‍යාගේ සිනිමා රංගනය කෙරෙහි අකර්ශන වූ ,සිනිමා රසිකයෙක් විය. අවසානයේදී රිදී තිරයේ මෙම අද්විතීය නිළිය සමග විවාහ වීමේ භාග්‍ය  මෙම රසිකයා  හිමිකර ගත්තේය.

punya heendeniya - elanka

විවාහයෙන් පසුව ඔවුහු පදිංචිය  සදහා  එංගලන්තයට සංක්‍රමණය වුහ.විදෙස් ගතවීමෙන් පසුව ඇය රඟපෑවේ චිත්‍රපට අතලොස්සක පමණි .

පුන්‍යාගේ පුත් අනුපමා සහ  දියණිය පූර්ණමි වෛද්‍ය වෘත්තිකයින්ය.පුණ්‍යා තම පුතු හා දියණියගේ  දරුවන් හය දෙනාගේ දයාබර මිත්තනිය බවට පත්ව ඇත.

විශේෂයෙන් ඇගේ සරල බව, ගැමිකම හා සබැදි හැදිච්චකම , ලලනා ලාලිත්‍ය,දක්ෂ නර්තන ශිල්පී න පුණතාව, ප්‍රසන්නතාව , සිංහල සහ ඉංග්‍රීසි දෙබසින් ම ඉතා ව්‍යක්තව තම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව,සාහිත්‍ය කලා  නෛපුණ්‍ය ,  පුණ්‍යා සිංහල සිනිමවේ අද්විතීය නිළිය බවට පත්වීමට හේතු සාධක වුවා සේ හැගේ. පුණ්‍යා “දිට්ඨි මංගලිකා මුද්‍රා නාට්‍ය ” ට    ගීත ගායනයෙන් සිය දායකත්වය ලබා දුන්නාය.ඇය “ BRNDA “නමින්  සාහිත්‍ය කෘතියක් ද නිර්මාණය කරමින් ,ජාත්‍යන්තරව සිය නිර්මාණශීලීත්වය ප්‍රකට කළාය. 

1955 වසරේ අශෝකා චිත්‍රපටියේ නෘත්‍ය අංගයක් ඉදිරිපත් කරමින් රිදී තිරයට පිවිසි පුණ්‍යා හීන්දෙණ ය දෙයියන්ගේ රටේ ,සුනීතා, ශ්‍රී 296,කුරුළු බැද්ද ,සිකුරු තරුව,ගම්පෙරළිය ,පරසතු මල්,රන් සළු,හිත ගිය තැන,කලි යුගය යන චිත්‍රපට 11 ක ප්‍රධාන චරිත නිරුපනයෙහි  නියැළී  ඇත

මෙපරිද්දෙන් ,පුණ්‍යා හීන්දෙණිය සිය  රංගන දිවිය තුළ  රඟපා ඇත්තේ අඩු චිත්‍රපට සංඛ්‍යාවක වුවද ඇය චරිත නිරූපණය කළ චිත්‍රපට සංඛ්‍යාවට වඩා වැඩි සම්මාන ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වුවාය.

punya heendeniya - elanka

පුණ්‍යා හීන්දෙනිය විසින්  අසීමිත ලෙසින් හිමිකර ගන්නා ලද සම්මාන රාශිය අතරින්  කිහිපයක් මෙහි සදහන් කරනු රිසියෙමි. 1964. සරසවිය චිත්‍රපට සම්මානය.ගම්පෙරළිය හොඳම නිළිය ලෙසින්  ,  1965 ගම්පෙරළිය සදහාම ,ඉන්දියාහි ග්‍රෑන්ඩ් ප්‍රීක්ස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ස්වර්ණ මයුර (ගෝල්ඩන් පීකොක්) සම්මානය ”, 1966 ස්වරණ සංඛ සම්මානය,පරසතුමල් චිත්‍රපටයේ හොදම නිළිය ලෙසින් 1968-සරසවිය චිත්‍රපට සම්මානය, රන් සළු චිත්‍රපටය වෙනුවෙන් 1985- ජනාධිපති සම්මානය පුණ්‍යා හීන්දෙණිය ලෝක මානව හිමිකම් දිනයේදී නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළාය. එහිදී  ඇයට ජීවිතයේ ප්‍රථම වතාවට මහගම සේකර ශුරීන් හමුවූ අවස්ථාව පිලිබදව ඇය විසින් තබන ලද සටහනකින් මෙම ලිපිය නිමා කිරීමට අදහස්ක ළෙමි. 

“ හිමෙන් වැසුණු ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපළට අපි සවස් වරුවේ ගොඩ බැස්සෙමු. ලංකා දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් අපව උණුසුම් ලෙස පිළිගත්තා.

ඒ අතර  මා පින්තූරවලින් පමණක් දැක ඇති නමුත් කිසි දිනෙක හැබැහින් හමු  නොවූ   උස්, කාල වර්ණ , කඩවසම් රුවක් දිටිමි. ඒ වෙන කවුරුත් නෙවෙයි අපේම මහගම සේකර. එහි හාස්‍යජනක පැත්ත වූයේ ඔහු සියනෑ කෝරළයේ සහ මම යාබද හාපිටිගම් කෝරළයේය. අපි දෙන්නා මීරිගම සහ රදාවාන පිටිසර ගමයන්.  

අපට පළමු වරට හමුවීමට සිදු වූයේ නිව් යෝර්ක්හි ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපළේදීය.එදින රා ත්‍රී භෝජන සංග්‍රහයට පූර්වගාමීව ගීත ගායනා වැඩසටහනක් විය. එක් අවස්ථාවක හෝටලයේ 42වන මහලේ සිට අප,මහගම සේකර ශුරීන් පැබදු“මේ සිංහල අපේ රටයි, මුළු ලොව ඒ රටට යටයි ” ගායනය කලේ,අප සිත් සතන්හී උතුරා ගිය දේශාභිමානී හැගීමකිනි.රාත්‍රී භෝජනයෙන් පසුව අපි අපේ නවාතැනට යමින් සිටියා.එය ශීත ඍතුවේ මනස්කාන්ත රාත්‍රියක් විය.අසාමාන්‍ය ලෙස,පුන්  සඳ  අහසේ දීප්තිමත්ව බබලමින් පැවතිණි. එය අප කාටත් ඉතා හුරුපුරුදු දසුනක් වූ අතර අප අතර සිටි  මහගම සේකර “ගමේ අඳුරන කෙනෙක් හමුවුනා වගේ“යැයි මුමුණනු අපට ඇසිණි.

පුණ්‍යා හීන්දෙනියගේ සමීප ඥාතිවරියක වූ, මීරිගම මහා රෝහලෙහි සුදර්ශිකා සිරිවර්ධන,මෙම ලිපිය සම්පාදනයෙහිලා වැදගත් තොරතුරු රාශියක් සපයා දුන් බව කෘතවේදීත්වයෙන් යුතුව සදහන් කරමි.85 වන විය සපුරන පුන්‍යා හීන්දෙනිය අග්‍රගන්‍ය නිළියට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්නා කරමු.     

ආචාර්ය ගාමිණී කාරියවසම්.

 gaminee@gmail.com 

ගම්පෙරලියෙහි සජීවී රූප රාමු කිහිපයක් ,මෙහි දැක්වෙන යොමුව click කිරීමෙන් දර්ශනයවේ.

punya heendeniya - elanka

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්.කලියුගයකුරුළු බැද්දගම්පෙරළියපුණ්‍යා හීන්දෙනියමීරිගමලෙස්ටර් ජේම්ස් පීරිස්ගේවෛද්‍ය මිල්රෝයි නානායක්කාරහෙන්රි ජයසේන
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Health & Views - July 2nd issue 2023 - By Dr harold Gunatillake - eLanka Health & Views – July 2nd issue 2023 – By Dr harold Gunatillake
Next Article Puppetry Museum (Dehiwala). - By Prashanth Sentilkumar Puppetry Museum (Dehiwala). – By Prashanth Sentilkumar
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
The SLANSW Community Mentoring Network

The SLANSW Community Mentoring Network

Band & Kiara

The Brad & Kiara Show

HCA 1

HCA Newsletter

Bureau of Meteorology

Community Engagement Newsletter – 4 September 2026

Thomian Ball 2026 - eLanka

Thomian Ball 2026 – Another magnificent event proudly organised by STC OBA AUSTRALIA on their 175th Anniversary Celebrations.

Related News
Understanding Hindu Funerals
Articles

Understanding Hindu Funerals: Traditions, Rituals & the Final Journey – By Vin Govindan | Moksha Funerals – Specialist Hindu Funeral Director

Skipper's sensational spell puts Sri Lanka on course in the Asia Cup
Articles Trevine Rodrigo

A hat-trick and 7 for 5 puts Chamari Athapaththu in the record books against Indonesia. Skipper’s sensational spell puts Sri Lanka on course in the Asia Cup. BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor).

Colombo Port under threat with proposed Galathea Bay Transshipment Port-By Arundathie Abeysinghe
Articles Arundathie Abeysinghe

Colombo Port under threat with proposed Galathea Bay Transshipment Port-By Arundathie Abeysinghe

Fine Food Australia
Articles

Consulate General of Sri Lanka in Melbourne – Pleased to visit “Franklands Foods stall” @ Fine Food Australia

Articles

Consulate General of Sri Lanka, Melbourne facilitated the participation of “The Auburn”, an Australian wellness brand offering premium Alba-grade Ceylon Cinnamon @ Fine Food Australia 2026.

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.