ජපන් කුලවමියක් ලියු – ලොව මුල්ම නවකතාව – ජෙන්ජි මොනොගටාරි – By ආචාර්‍ය ගාමිණී කාරියවසම් ජෙන්ජි මොනොගටාරි විශ්ව  සාහිත්‍යයේ ප්‍රථම , ශ්‍රේෂ්ඨ, සම්භාව්‍ය  නවකතාව ලෙස සම්මානිතය.එය නිර්මාණය කරන ලද්දේ , මුරසකි ෂිකිබු  නම්  ජපන් කුලවමියක විසිනි. නව කතාව ගෙතී  ඇත්තේ  ගද්‍ය වෘත්තාන්තයකට නැඹුරු වෙමින් ,   චිත්තජ රූප දල්වන සුළු   භාෂා ශෛලියකිනි. ලොව අපුර්වතම ගති,සිරිත් විරිත් සම්ප්‍රදායකට අනුගතවූ,ජපන්  රාජ වංශිකයින්ගේ දිවි  පෙවෙත අතිශයින්ම,සෞන්දර්යාත්මකව  ඉදිරිපත් කිරීමට  කතුවරිය දක්වා ඇත්තේ අනුපමේයවූ  කුසලතාවයකි.රජවාසල තත්‍ය සිදුවීම් ඉදිරිපත් කෙරෙන්නේ සජීවී   සංවාදමය  ස්වරුපයෙනි. මුරසකි ෂිකිබු  කුලවමිය. කථාව  විකාශනයේදී අතිශයින්ම  හද කම්පනීය සිදුවීම් , වකා නම්වූ ජපන්  සම්ප්‍රදායික  පද්‍ය ඛණ්ඩයන් මගින්  සැරසීමට කතුවරිය දක්වා ඇති සාමාර්ථය  ඉමහති.මෙහිදී අපට ශ්‍රීලංකාව ඇතුළු  පෙරදිග රටවල ප්‍රචලිත  ගද්‍ය , පද්‍ය සම්මිශ්‍රිත ‘චම්පු’ ශෛලිය සිහිපත්වේ.    ඕනෑම රාජ්‍යයක,දේශයක සම්භාව්‍ය කාව්‍ය, සාහිත්‍ය කෘති බිහිවන්නේ එහි සාමකාමී සංහිදියාවෙන් පිරිපුන් පරිසරයක්  පවත්නා යුගයන්හි බව ඉතිහාසය අපට සිහිගන්වයි. ජපානය විශ්ව සාහිත්‍යයට මුල්ම නවකතාව දායාද කරන්නේ එවන් හිතකර  රාජ්‍ය පසුබිමක් පැවති  යුගයකදීය.  අටවන සියවසේ අග භාගයේදී, අධිරාජ්‍යයා  මධ්‍යම ජපානයේ අගනුවර සඳහා නව ස්ථානයක් තෝරාගෙන    මනරම්  කඳු වළල්ලකින් වට වූ නගරයක් ඉදි කළහ. නව නගරය හැඳින්වූයේ “සන්සුන්කමේ අගනුවර” හියන්-කියෝ යනුවෙනි. (එය නූතනයේ කියෝතෝ නගරය බවට පත් වී ඇත.) ...

Read More →