සිවු සරකට පෙර සදා නිහඩවු රන් සර – By ආචාර්ය ගාමිණී කාරියවසම් (ඉන්ද්‍රානි සේනාරත්න දිවියෙන් සමු ගෙන , ගෙවී ගිය ජුනි 23 දිනට සිව් වසරක් සපිරේ. ඒ නිමිත්තෙන්,පමා  වී හෝ  තැබෙන සමරු සටහනකි.) ඇය දිවියෙන් සමු ගෙන  ඉකුත්  ජුනි 23 දිනට  සිව් වසරක් සපිරිණි.සිය මධුර සරින් යුගයක් මහත්අ මන්දානන්දයට පත් කළ ඇය ,ඉන්ද්‍රානි සේනාරත්නයන්ය. බාල වියේ සිට යොවුන් විය පසු කරමින් වියපත් බවේ එළිපත්තට පියමන් කරන නිමේෂයේ  පවා,ඇය සුගායනය කළ ,  ප්‍රේමයේ විරහව ද්වනිත කෙරෙන ගී පද වැල්, සදාතනිකව අපේ  සන්තානයේ නින්නාද වෙමින් පවතී. වියෝගයේ  සැගවුණු හුදකලා   සෞන්දර්ය ද්වනිත කෙරෙන , “ගයා ගීතයන් ගමේ වෙල් එළියේ …” ගීතය සවනත වැකෙද්දී,   මැකී ගිය  නිර්මල ප්‍රේමයේ  රම්‍යතාවය හා සබැදි වියෝගයේ තීව්‍ර රස භාවයන් උද්දීපනය වන්නේ ඉන්ද්‍රානි සිසිර රූපකාය ද අප මනසෙහි සිතුවම් කරමිනි.  මෙම අමරණීය ගීතයේ පද මාලාව සහ සංගීතය නිර්මාණය වුයේ  ද සිසිර සේනාරත්නයන් අතිනි. ඔබටත්  අමරණීය විරහ ගීතය පහත යොමුවට පිවිසීමෙන් ,ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ,මෙම ලිපිය කියවීමට නෙත්යො මු කිරීම  වඩාත් යෝග්‍ය වනු නිසැකි. “ගයා ගීතයන් ගමේ වෙල් එලියේ……. දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ ඈ සමගින් එදා ඒ මා තමා අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ…//”   එම්.එම්.ඩබ්ලිව්.විජයබණ්ඩාර සහ ලිලියන් විජයබණ්ඩාර දම්පතීන්ගේ පවුලේ වැඩිමල් ...

Read More →