News & Community eLanka

eLanka

Thursday, 30 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ගීතයේ සහ නර්තනයේ නිපුනතාව එකාත්මික වූ ජපන් කබුකි නාට්‍ය කලාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ගීතයේ සහ නර්තනයේ නිපුනතාව එකාත්මික වූ ජපන් කබුකි නාට්‍ය කලාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: January 11, 2024 3:32 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
11 Min Read
SHARE
Views: 89

ගීතයේ සහ නර්තනයේ නිපුනතාව එකාත්මික වූ ජපන් කබුකි නාට්‍ය කලාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්.japan

Image Source : kimonoonlinelesson

ජපානයේ අති පෞරාණික නගරය  සේ සැලකෙන කියෝතෝ පුරවරයේ උතුරු දෙස සජිකිගතාකේ කදු වැටියේ සිට දේශය සශ්‍රීකත්වයට පත් කරමින් කමෝ නදිය ගලා බසියි. චෙරි සහ සකුරා තුරු අතරින් ගලා බස්නා මෙම නදියේ  මංතලාව  වංගු සහිත වීම නිසා ගග ගලා බසින්නේ  හැඩකාර රිද්මයානුකුල ස්වභාවයකිනි. මේ නිසා දුරාතීතයේ සිට  දේශීය ජනතාව මෙම  ගංගා දේහිනිය තාරා නදිය ලෙසින් ද හදුන්වනු ලැබුහ.

japan

japan

japan

Image Source : commons

ඉසුමෝ දෙවොල 

ජපන් කබුකි රංග කලාවේ නිර්මාතෘ , නෝ ඔකුණි,ඉසුමෝ දේවාලයේ දේව කන්‍යාවියක  ලෙසින් තේවාවේ නිරතව සිටි නිසා , පසු කාලයේ  ඉසුමෝ දේවතාවියගේ නම ද ඇගේ නමේ කොටසකට එක්වූ බවට ජන  විශ්වාසයක් පවතී. ඉසුමෝ දෙවියන් සාම්ප්‍රදායිකව විවාහය, වාසනාව සහ කෘෂිකර්මාන්තයේ දිව්‍යාංගනාව ලෙස,එරට ජනතා ගෞරවාදරයට පාත්‍රවේ.

japan

Image Source : pinterest

1603 වසරේ ගිම්හානයේ එක්තරා සැදෑ යාමයක කියෝතෝහී යථෝක්ත  කමෝ ගංගා තීරයේ ඉසුමෝ දෙවොල දෙසින් මන බන්දනීය සංගීත රාවයක්ගම් වැස්සන්ට අසන්නට ලැබිණි. ඒ ළදුන් සමුහයකගේ හැඟුම්බර ලයාන්විත  ගායන විලාශයකි. ගායනය  පසුබිමේ ජපන් බෙර රිද්මය  මුසු බටනළාවේ  ඉමිහිරි නාදය පිස ගත් නදී තීරයෙන් හැමූ සුළග ගම්වාසීන් තුළ ඇතිකළේ රස වින්දනාත්මක කුහුලකි.ගම්වැස්සෝ යුහු යුහුව  කමෝ ගං ඉවුර වෙත පිය නැගුවේ කුහුල් සිතිණි. ඔවුනට සිය දෑස් මෙන් ම සවන් පත් ද ඇදහිය නොහැකිව ගිය  සෙයකි. ඉපැරණි ඉසුමෝ දෙවොලේ දේව කන්‍යාවියක  ලෙසින් තේවාවේ නිරතව සිටි තම යෙහෙළිය ඉසුමෝනෝ ඔකුණි නම් තරුණිය පෙරටු  කොට ගත්  වර්ණවත් කිමෝනාවන් ගෙන් සැරසී ජපන් ළදුන් සමුහයක් ගඟ වැලි තලාවෙහි   විචිත්‍රවත් රංගනයක නියැළී සිටුනු  ඔව්හු දුටහ. රංගනය,ගායනය සහ සංගීතයෙන් ඔවුහු කෙතරම් මෝහනයට පත්වීද යත් ඇදිරි වැටෙන තුරා එහි රැදී සිටිමින්   ඉමහත්  වින්දනයක් ලදහ. ඉසුමෝ නො ඔකිණි ප්‍රධාන රංග ධාරීනියන් ගේ රංගනය පිලිබදව ජපානය පුරා පුවත් පැතිර යන්නට විය.ජපානයේ දස දෙසින්  කලා ලෝලී ජනතාව දස දහස් ගණනින්  කමෝ ගංගා අසබඩ වැලි තලාවේ, චෙරි තුරු සෙවනේ  පැවතී මෙම නව්‍ය රංගන විලාශය සහ එහා සබැදි සංගීතාත්මක ගායන  වෘන්දයෙන්  තම නෙත් සිත් පිනවා ගන්නට වැල නොකැඩී පැමිණෙන්නට වුහ. ඉසුමෝ නෝ ඔකිණි විසින් ජපානයට දායාද කළ , ජපානයේ කබුකි නාට්‍ය කලාවේ ආරම්භය ජපන් ඉතිහාසයේ සනිටුහන් වන්නේ  එලෙසිනි.ජපන් භාෂාවේ  අක්ෂර තුනක් පාදක කරගෙන කබුකි යන වදන ව්‍යුත්පන්න වී ඇත. ක අක්ෂරයෙන්  “ගීතය” යන අරුත  සංකේතවත් කෙරේ ; බු අක්ෂරයෙන්  “නර්තනය” යන අරුත ද කි අක්ෂරයෙන්  “නිපුණතාවය” යන අරුත ද  ගම්‍යවේ.ඒ අනුව ගීතයේ  සහ නර්තනයේ නිපුනතාව එකාත්මිකව  කබුකි රංගන කලාව බිහි විය. ඊට පෙර යුගයන්හී ජපානයේ නාට්‍ය සම්ප්‍රදායන්කි හිපයක් දේශයේ ජනතාවගේ රසඥතාව පුබුදා ලීම පිණිස සුවිශේෂී මෙහෙවරක් ඉටු  කරනු ලැබිණි  නෝ ජපානයේ පැරණිතම සංගීතමය නාට්‍ය ප්‍රවාහය සේ සැළකේ.එය වංශවතුන්ගේ රසාස්වාදනය පිණිස වෙන්වූ නාට්‍ය සම්ප්‍රදායක්ව පැවතිනි. කබුකි නාට්‍ය කලාව බිහිවුයේ  පොදු ජනයා සඳහා වෙන් වූ නාට්‍ය සම්ප්‍රදායක්‌ ලෙසණි . “නෝ” නාට්‍ය රසවිඳීමට අපොහොසත්  පොදු ප්‍රේක්‍ෂකයා ප්‍රබල ලෙසින් ඇද බැද ගැනීමට  “කබුකි” නාට්‍යය සම්ප්‍රදාය  සමත් විය.

කබුකි නාට්‍යහි  මුඛ්‍ය අරමුණ වුයේ පොදු  ජනතාවගේ රස භාව උද්දීපනය කිරීම  හා ශිල්පීන්ගේ  විශිෂ්ට නිපුනතා  රසිකයින් හමුවේ  ප්‍රදර්ශනය කිරීමය. එම අරමුණෙන්  එහා ගිය සුවිශේෂී අපේක්ෂාවක් ද කබුකි නාට්‍ය නිර්මාපකයින් තුළ පැවතිණි .එනම්  සදුපදේශයක්  සිය රසිකයන් සිත්හී සන්තානගත කිරීමය.නකමුරා සනෙමන් නම්වූ කම්මල් කරුවකුගේ දියණියක ලෙසින් .1578 දී ඉසුමෝ නො ඔකුණි, ඉසුමෝ දේවස්ථානය අසල  උපත ලැබුවාය. කුඩා වියේ පටන් ඇය නර්ථනයෙහි  හා රංගනහි දක්වන ලද දක්ෂතාව නිසාම ඇයට ඉසුමෝ දෙවොලෙහි දේව දාසියක් ලෙසින් ආවතේව කටයුතුවල නියැලෙන්නට අවස්ථාවක් ලැබිණි. ඔකිණි ට සිය කලා නිපුණතාවන් වර්ධනය කර ගැනීමෙහිලා ඇගේ පෙම්වතාවූ  උජිසටෝ සැන්සාබුරෝ වෙතින් ලද අනුපමේය අනුග්‍රහය ඕ  වරක් සදහන් කළාය. ඇය   තුළ ඉසුමෝ දෙවගන කෙරෙහි පැවතියේ අසීමිත භක්තියකි.  ඔකිණි කබුකි රංග ශෛලිය බිහිකර නාට්‍ය සංදර්ශන  පැවැත්වීමෙන් ඇය වෙත ගලා ආ ධනය ඇය නිරන්තරයෙන් ම  ඉසුමෝ දෙවොල වෙත පරිත්‍යාග කළාය.

ඔකිණි සිය කබුකි නාට්‍ය සදහා පාත්‍ර වර්ගයා තෝරා ගැනීමේදී ප්‍රමුඛත්වය ලබාදී ඇත්තේ කොමෝ ගංගා මිටියාවතේ සිය ජීවනෝපාය සලසා ගැනීම පිණිස අභිසරු ලියන්   ලෙස මාවත්හි සරමින් සිටි යොවුන් තරුණියන්ය. නිසි පුහුණුවක් ලැබීමෙන් පසු ඔවුහු කබුකි නාට්‍ය කලාවේ  ජනප්‍රියතාව වර්ධනය පිණිස  විපුළ දායකත්වයක් ලබා දුන් බැව් පැවසේ. ඔකිණි ගත්  මෙම නව පියවර ජපන් සමාජය කිසියම් කැළඹීමකට පත් කරවන සුළු  විය. මෙතෙක් ජපානයේ නාට්‍ය සහ ප්‍රසිද්ධ රංගන සදහා කාන්තාවන් යොදවා ගැනීමේ සම්ප්‍රදායක් නොපැවතීම එවන් කැලඹීමක්ඇති වීමට මුලිඛ හේතුව වුව සේ සැලකේ. මින් පෙර රංගනයේදී කාන්තා චරිත නිරුපනය කරනු ලැබුවේ   ගැහැණු ඇඳුම්වලින් සැරසුණු තරුණ පිරිමින් විසිනි.කබුකි ඉතා ශීග්‍රයෙන් සමාජයේ අතිශයින් ජනප්‍රිය වීමට  ද නාරි ලාලිත්‍යයෙන් පිරිපුන් කාන්තාවන් කබුකි  වේදිකාවට සපැමිණීම සුවිශේෂී හේතුවක්  විය.කබුකි වේදිකාවේ ඔකිණි ගේ සමහර සරාගී නැටුම්  පැරණි ජන නැටුම් වලට අනුවර්තනයක් සේ සැළකේ.

මෙහිදී වසර ගණනාවකට පෙර ( පුහුණු වැඩමුළුවක් සඳහා ජපානයේ කියොතෝ පුරවරයට ගිය අවස්ථාවක)කබුකි නාට්‍යයක් සියැසින්  දැකගැනීමට ලැබුණු දුර්ලභ අවස්ථාවක් මගේ සිහියට නැගේ.

එදවස කබුකි නාට්‍ය නැරඹීම  පිණිස අපට යාමට අවස්ථාව ලැබුණේ   කියොතෝ හිපැරණිතම  කබුකි රංග ශාලාවවූ මිනාමිසා රංග ශාලාව වෙතය.

japan

කමෝ  ගංගාව අසබඩ ,මිනාමිසා කබුකි රංග ශාලාව

Image Source : kabukiweb

japan

මිනාමිසා කබුකි  රංග ශාලාව ඇතුළත

Image Source : gltjp

රංග ශාලාවට දකුණින්  කමෝ ගංගාව  මන බන්දනීය ලෙසින් ගලා බස්නා  අයුරු අප  දුටිමු. ගඟ අසබඩ සකුරා රුක් සෙවනේ පියකරු ජපන් යුවතියකගේ පිළිරුවකි.

කබුකි නාට්‍ය කලාවේ නිර්මාතෘ ඉසුමෝ නෝ ඔකිණි පිළිරුව

Image Source : jw-webmagazine

අප සමග මෙම චාරිකාවට සහභාගීවූ  පුහුණු වැඩමුළුවේ සම්බන්ධීකාරිකා තොමොකෝ නම් ජපන් තරුණිය ගෙන් පිළිරුව පිලිබදව තොරතුරු විමසීමු. ජපන් කබුකි නාට්‍ය කලාවේ නිර්මාතෘ ඉසුමෝ නෝ ඔකිණි සමරනු වස් එය ඉදිකර ඇති බවත් ,ඇය  සිය කබුකි රංග කලාව  ආරම්භ කළේ කමෝ ගංගාව අසබඩ මෙම ස්ථානයෙහි බවත්  ඕ වැඩිදුරටත් පැවසුවාය. අප එදින නැරඹුවේ යොෂිට්සුන්සෙන්බන්සකුරා ( යොෂිට්සුන් සහ චෙරි ගස් දහසක් )නම්වූ ඉපැරණි කබුකි නාට්‍ය බව මගේ පැරණි දිනපොතක සනිටුහන්ව තිබණි.  තොමොකෝ  නම් ජපන්  ළද  ද අප අසළ සිටීම නිසා , කබුකි නාට්‍ය සම්ප්‍රදාය පිලිබදව බොහෝ අප්‍රකට තොරතුරු අපට දැනගැනීමට හැකි විය.

japan

Image Source : kcjapanfestival

japan

කබුකි රංගනයක්

Image Source : scmp

මිනාමිසා රංග ශාලාවේ  රංග  මණ්ඩපය  සම්ප්‍රදායික මෝස්‌තර වලින් සරසා තිබිණි. වේදිකාව ජපන් බසින් හැදින්වෙන්නේ  මචාරී බුතායි නමිනි. එහි අරුත  කබුකි නාට්‍යයේ  ඒ ඒ  දර්ශනයන්ට අනුගත වන පරිදි වේදිකාව උස් පහත කිරීම මෙන්ම වේදිකාවේ  ප්‍රමාණය අවශ්‍ය පරිදි  පුළුල් හෝ පටු කිරීමට හැකි පරිදි නිර්මාණය කර තිබීමයි. කබුකි රංග මණ්ඩපයේ  කැපී පෙනෙන අංගයක් වුයේ  මල් පටු මග යන අර්ථ ගත් හනමිචි නම්වූ තීරයයි. මෙම තීරුව  ශාලාවේ දිග අතට ප්‍රේක්ෂක අසුන්  අතුරෙන් විහිදී ගොස්  මණ්ඩපයේ  වම් පසට වන්නට නැඹුරු වෙයි. ප්‍රධාන රංග ධරයන් ප්‍රධාන වේදිකාවට ඇතුලුවීම හා පිට වී යාම සිදුවන්නේ බුමුතුරුණු එලා අලංකාර ලෙස සරසා තිබු මෙම මල් මග හරහාය. ශාලාවේ වේදිකාව ආසන්නයේ සිටින ප්‍රේක්ෂකයින්ට මෙන්ම ශාලාවේ පසුපස පේළිවල අසුන් ගෙන සිටින සහෘදයන්ට ද නළුවන්ගේ ඉතා සමීප දර්ශන නෙත් පුරා විද ගන්නට මෙම ක්‍රම වේදයෙන් අවස්ථාව සැලසේ.

japan

Image Source : pinterest

කබුකි නෘත්‍ය විලාශයක්

කබුකි නාට්‍ය රංගන ශිල්පීන්ගේ ලාලිත්‍යමය වූ ඉරියවු , කතා විලාශය ,නෙත් සිත් ඇදගන්නා සුළුය. පාරම්පරික ඇඳුම් ආයිත්තම් හා රූපලාවන්‍ය උපක්‍රම සහෘදයන් ඔවුන් වෙත දැඩි ලෙස ආකර්ෂණය කර ගැනීමට සමත්වේ.එපමණක් ද නොව .ශිල්පීන් හැඩගන්වන රූපලාවන්‍ය ක්‍රම නිසා ඔවුන්ගේ චරිත මෙන්ම මනෝභාවයන් ද තීව්ර ලෙස  උද්දීපනය වන සෙයක් දිසේ. රංග ධාරීන්ගේ මුහුණු ආලේපන තැවරීමේ සියුම් කර්තව්‍ය ජපන් වේශ නිරූපකයින් හදුන්වන්නේ කුමදෝරි කිරීම ලෙසිණි . ඔවුන් මුහුණු සඳහා වර්ණ භාවිත කරන්නේ චරිතයේ ලක්ෂණ හා ගති සොබා මැනවින් මතු වී පෙනෙන ආකාරයෙනි .වේශ නිරූපන ශිල්පීන්  කිසියම්චරිතයක  යහපත්කම සංකේතවත් කිරීමට මුහුණේ රතු පැහැය ද ඊර්ෂ්‍යාව හා භීතියෙන් පසුවන චරිත දැක්වීමට තද නිල පැහැය ද  භාව්තා කරති. ප්‍රේමය, විරහව , කරුණාව , භීතිය , ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ආදී මානවීය හැගීම්  සමුදාය ඉස්මතු වන අයුරින්  රඟපෑම සදහා ආංගිකාභිනය  උපයෝගී කර ගැනීම, කබුකි නාට්‍ය කලාවටම උරුමවූ සුවිශේෂී  සම්ප්‍රදායකි.කබුකි සංගීතය කබුකි නාට්‍ය පසුබිමේ , ප්‍රධාන සංගීත කාණ්ඩ තුනක් භාවිතවේ. geza, shoso ongagku සහ ki/tsuke එම සුසර සංගීත මෙවලම්ය.

Image Source : cif.uni-koeln.de

japan

Image Source : bonhams

කබුකි සජීවී වාද්‍ය  වෘන්දයක්

රංගනය සජීවීමත්  කිරීමට යොදා ගන්නා අති සියුම්  කාර්මික ශිල්පීය  ක්‍රමෝපායන් රාශියකි.. අප කබුකි නාට්‍ය නරඹමින් සිටි එක් විරාමයක ,දේවතාවෙකුගේ වෙස් ගත්  ශිල්පියෙක් වේදිකාව ඉදිරිපිට අහසේ සිට ඓශ්චර්යමත් ලෙස වේදිකාව මතට පාත්වුයේ නරඹන්නන්වි ශ්මයට  පත්කරමිනි.” සෙන්සේ, ශාලාවේ වේදිකාවට ඉහළින් පියවි ඇසට නොපෙනෙන සුළු සිහින් ශක්තිමත් රැහැන් රාශියක් ඇද තියෙනවා.රංගන ශිල්පීන් අහසේ සිට වේදිකාවට පාත් වන්නේ මේ රැහැන්වල එල්ලී….”යනුවෙන් පවසමින් අප අසල සිටි ජපන් යුවතිය අප ගේ විමතිය පහ කිරීමට සමත් වුවාය.

ජපන් යුවතිය අප ගේ විමතිය පහ කිරීමට සමත් වුවාය.

japan

අප නැරඹූ නාට්‍යයේ ප්‍රධාන චරිතය සජීවීමත් කළ ජපන් ශිල්පිනිය ,කතාවේ විකාශනය සදහා  රංගනයේදී දැක්වූ  ප්‍රතිභා පුර්ණ දායකත්වය ප්‍රේක්ෂක සිත් සතන් මහත් අමන්දානන්දනයට පත් කිරීමට සමත් විය.ජපන් සංස්කෘතියෙහි කාන්තාව සුවිශේෂී භූමිකාවක් සපුරාලන අයුරු මෙම කබුකි නාට්‍යයෙන් ප්‍රේක්ෂකයින් සිත් කාවදින අයුරින් තහවුරු කෙරිණි.

”ජපානයේ පාරම්පරික ශිෂ්ටාචාරයේ බර එදා මෙදා තුර  උසුලාගෙන යන්නේ කාන්තාවන්ය.. පැරණි කවීන්  වර්ණිත පරිදි  සියුමැලි යනගි අත්ත මෙන් නැවී ඔව්හු කෙතරම් ලාලිත්‍යයකින් ඒ බර උසුලත්ද?ඔවුන් කතාබහ කරන ලීලාවෙහි, තේ කෝප්පයක්, බත් බඳුනක් අතට ගන්නා සැටියෙහි, මේ ශිෂ්ටාචාරය පිළිබිඹු වී පෙනේ. ගෙදොර දොර බලා ගන්නා ගෘහණිය ගේ ද නානා වර්ණ කූරුවලින් අලංකාරකරන ලද උස් කොණ්ඩයකින් හා පිටෙහි වැහූ විශාල සමනලයෙකුගේ හැඩයට ඉඟ  බඳනයකින් ද සැරසී අමුත්තන්ට සංග‍්‍රහ කරන ගේෂා ලලනාවකගේ ම, සෑම ඉරියව්වකම පාරම්පරික අභ්‍යාසයක  කුණු කැපී පෙනෙයි. සෑම ඉරියව්වකම පරමාර්ථය අක්ෂිගෝචර හැඩයක් මවා පෑමයි.” යනුවෙන් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශුරීන්  සිය මළ ගිය ඇත්තෝ කෘතියෙහි වදනින් කළ සිත්තම  කබුකි නාට්‍ය නරඹා මිනාමිසා රංග ශාලාවෙන් පිටතට පැමිණි අපට සිහිපත් වුයේ නිරායාසයෙනි.
 මහාචාර්ය සරත්චන්ද්‍ර ශුරීන්  ජපානයේ කබුකි නාට්‍ය කලාව ගැඹුරින් හදාරා,එතුළින් ගම්‍යවූ නාට්‍යධර්මී ශෛලිය පිළිගෙන ඒ අනුව  නාට්‍ය කීපයක්ම ලියා නිෂ්පාදනය කළේය. “මනමේ” නාට්‍යයෙන් ඇරඹූ මේ නව්‍ය ගවේෂණය  “කදා වළලු”, “රත්තරං”, “සිංහබාහු” යන නාට්‍ය දක්වා විහිද ගියේය.

japan

මනමේ

Image Source : sundaytimes

“මනමේ”  නාට්‍යයේදී   සිය ප්‍රතිභා ශක්තිය මෙහෙයවා නිර්මාණය කළ කාව්‍යමය ශෛලිගත සජීවී දෙබස්ඔහු ජපන් කබුකි නාට්‍ය තුළින් ලද කිසියම්   ආභාසයක ප්‍රතිපලයක් ලෙසින් දිසේ.. එමෙන්ම කබුකි නාට්‍යයේ පාත්‍ර වර්ගයා රගමඩලට පිවිසෙන්නේ තමන් ප්‍රේක්ෂකයින්ට හදුන්වා  දෙන ගීතයක්ගායනය කරමිණි.එම සුවිශේෂී අංගය මනමේ නාට්‍ය තුළින් ද විද්‍යාමානවේ.  වේදිකාවේ  වම් පස වාද්‍ය  වෘන්ධයත් ,දකුණු පස අත්වැල් ගයන ශිල්පීන් පිරිසත්  ස්ථාන ගත කිරීමේ ශිල්පීය ක්‍රමවේදය ද  ජපන් කබුකි නාට්‍ය කලාව අනුසරින් ,  සරත් චන්ද්‍රයන් සිය නාට්‍යවලට හදුන්වා දුන්  අයුරු  නිරීක්ෂනයවේ.

අතීතය වර්තමානය මෙන් ම අනාගතය යන තුන් කල්හීම කප් සහස් ගණනක්  කබුකි නාට්‍යය කලාව ජපානයෙහි සජීවීමත් ලෙසින් ,ජනතා ආකර්ෂණය දිනා ගනිමින් විකාශනය වනු නියති. චිත්‍රපට ,රුපවාහිනී වන්  නව්‍ය සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ජනතාව හමුවට ගෙනෙන  සංගීත සහ නාට්‍යමය ප්‍රසංගයන්  පවා කබුකි නාට්‍ය සම්ප්‍රදාය හමුවේ පසුබා ඇති බව ජපානයේ මෑතකදී පවත්වන ලද සමීක්ෂණයකින් තහවුරුවේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්.   

gaminee@gmail.com   

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්.කබුකි නාට්‍ය කලාව
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Kaleidoscope with Savithri Rodrigo Kaleidoscope with Savithri Rodrigo 192 11 01 2024
Next Article Chamari Athapaththu New Zealand Women’s Super-Smash competition – Chamari Athapaththu Scores her first 50 for Northern Northern Brave (match vs Auckland Women – Hearts)
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Kaleidoscope 325

Today – Nilly de Silva @ the UN | Markets & Numbers | Kebabs & Biryani | Bar @ 50th | Bathtub Races | Markets | Chess & more

Sir Christopher Ondaatje-eLanka

A Tribute to Sir Christopher Ondaatje – A Diagonal Journey across Sri Lanka-by Lalith Seneviratne

Books

Story of a Signalman in the Royal Ceylon Navy (2026) – “He joined the Navy to see the world. He spent the rest of his life giving it back “ – by Quintus Andradi

Will Barton

World renowned didgeridoo player joins CASM to mentor next generation of musicians

The Life & Times of Sir Philip Christopher Ondaatje CBE OC

The Life & Times of Sir Philip Christopher Ondaatje CBE OC-By: Upali Obeyesekere

Related News
Tribute to Sir Garfield Sobers – widely celebrated as the greatest all 03
Articles

Tribute to Sir Garfield Sobers – widely celebrated as the greatest all-rounder in cricket history-by By: Upali Obeyesekere

Sri Lanka FIA road safety initiative
Articles

Sri Lanka Joins 14 Nations in FIA-Backed Road Safety Initiative to Protect Pedestrians at High-Risk Crossings

Sun Siyam Pasikudah
Articles

Discover Sri Lanka’s Hidden East Coast Paradise: Sun Siyam Pasikudah Joins the Prestigious Privé Collection

Sri Lanka vs Nepal Volleyball
Articles

Sri Lanka Battles Past Nepal in Thrilling 3–2 Victory to Secure Back-to-Back Wins at Central Asian Volleyball Championship

DFCC Bank
Articles

DFCC Bank Launches Sri Lanka’s First 8-Language ATMs , Making Banking Easier for Tourists and Locals

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.