News & Community eLanka

eLanka

Tuesday, 6 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ගීත සාහිත්‍ය ප්‍රභාශ්වර කළ සෞන්දර්යවේදියාණෝ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

ගීත සාහිත්‍ය ප්‍රභාශ්වර කළ සෞන්දර්යවේදියාණෝ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: December 7, 2023 8:43 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
9 Min Read
SHARE
Views: 56

ගීත සාහිත්‍ය ප්‍රභාශ්වර කළ සෞන්දර්යවේදියාණෝ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.dolton Alwis

සසර වසන තුරු, රන් දහදිය බිංදු බිංදු , නිවහල් සිතුවිලි, උඩගු ලියන් ගොතා බදින, නීල  වරල නිල් චාමර පවන් සලන්නී, එගොඩහ යන්නෝ, අවසන් ලියුමයි වන්, අර්ථ පුර්ණ ,අපුර්ව ගීත දාමයකින් සිංහල  සංගීත වංශය එකළු  කළ, ගීත නිබන්ධකයෙක් පන්හිද සදා නිහඩව ගොස්  අගෝස්තු 1 දිනට 35 වසරක්  සපිරිණි මෙම දෙසැම්බර් 07 වන දින ඔහුගේ 95 වන ජන්ම සංවත්සරය යෙදී ඇත. ගුවන්විදුලි මහගෙදර අපහා එකට සේවය කළ,එවකට අප කව්රුත් ඩෝලේ නමින් ඇමැතූ   හේ   ඩෝල්ටන් අල්විස් ශුරීන්ය.වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම  අවිහිංසක ,නිහතමානී මෙම සොදුරු මිනිසා පිළිබදව,මෙම ජන්ම සංවත්සර දිනයේදී  සැමරුම් සටහනක් තබමින් කෘතවීදීත්වය දැක්වීම අප සතු පරම යුතුකමක්  සේ හැගේ.

දේවගේ දොන් රිචඩ් ඩෝල්ටන් අල්විස්, උපත ලබන්නේ වර්ෂ 1928 දෙසැම්බර් 07 වනදා බෙන්තර පිටිසර ගම් පියසකය. පසුව සිදාදියට එන හෙතෙම, දෙමටගොඩ අනුරුද්ධ විදුහලෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හදාරයි. අනතුරුව රජයේ ලලිත කලායතනයදී චිත්‍ර කර්මය හැදෑරීමට ඔහු යොමු වෙයි.ඒ අතර බොරැල්ල තරුණ බෞද්ධ සමිති පුස්‌තකාලයේ පුස්‌තකාලයාධිපති ලෙස  ද කලක්‌ සේවහි යෙදෙන්නට ඔහුට අවස්ථාවක් හිමිවේ.   දැනුමෙන් මුහුකුරා යන ඩෝලේ ,  දරුවන්ගේ මනස සෞන්දර්යයෙන් පෝෂණය කිරීමේ අධ්‍යාශයෙන්  චිත්‍ර කලා  ගුරු වෘත්තීය තෝරා ගනී.

ගුරු වෘත්තියට සමු දෙන ඔහු,ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස  පත්වීම් ලබයි. ඉතාමත් සරළ  දිවිපෙවෙතකට හුරුව සිටි  ඩොල්ටන් අල්විස්,නිරන්තරයෙන් බුලත් විට රස විදීමට හුරුව සිටියේය.ඒ ඔහුගේ ගැමි ජීවන රටාව අප සිහි ගැන්වීය.

dolton Alwis

දහසය වසරක්  ගුවන්විදුලි මහගෙදර  සේවය  කළ ඔහු එවකට ශ්‍රාවකයින්  අතිශයින් ම ලෝලනය කළ  විජය ගීත,   රසබිංදු,  පංච මදුර,වැනි වැඩසටහන් රැසක් නිෂ්පාදනය කළේය..එම ගුවන්විදුලි වැඩසටහන්හී නිර්මාණාත්මක පිටපත ලීවේද ඔහුය.එපමණක් නොව ,තත් වැඩසටහන්හී  වදන් වියමන ද , ඩෝල්ටන් ගේ භාවාත්මක කටහඩින් ම ඉදිරිපත් කිරීම සුවිශේෂී සිදුවීමකි.ගුවන්විදුලියේ වැඩසටහන් ශබ්ද පරිපාලක යන තනතුරු නාමය සදහා, සිංහල වහරට බෙහෙවින්  අනුහුරු ” නාද ශික්‍ෂක  “යන වදන හදුන්වාදීමේ ගෞරවයද නිතැතින් ම ඔහු වෙත හිමිවේ.

පණ්ඩිත් අමරදේවයන් ගයන,ඩෝල්ටන් අල්විස් ලියූ   “රන් දහදිය බිංදු බිංදු” යන  මියුරු ගීතය , ගීත සාහිත්‍යයට එක්වන්නේ ,රජය කෘෂිකාර්මික නවෝදයක් දැයට හදුන්වා දුන්  යුගයේදීය. මෙම  ගීතය එම අවදියේ  තරුණ පරම්පරාව කෙතට බසින්නට,මෙහෙයවන සුළු ගීතයක් ලෙස සැළකේ .කෙතේ නෙළන ළඳුන් ගේ රූ සිරියේ චමත්කාරය, චිත්තජ රූ මවන අන්දමේ  පද සංයෝජනයකින් ඉදිරිපත් කිරීමෙහිලා   ඔහු දක්වා ඇති නිර්මාණශීලීත්වය ප්‍රශස්තය.

“රන්වන් කෙත නෙළන ලියේ”

පාලි, සංස්‌කෘත පෙර දිග  භාෂාවන් පිළිබදව  හසළ දැනුමෙන් පිරිපුන් ඔහුගේ එම භාෂා  නිපුණතාව , පණ්‌ඩිත් අමරදේවයන් වෙනුවෙන්  නිර්මාණය කළ  බුද්ධ වන්දනා ගීතයෙන් මනාව   පිළිබිඹු වේ.

අභිසම්බෝධි ඥණයෙන්

පංච මාර සේනා පැරදූ

ලෝක නාථ පා පංකජ වන්දේ

මෝහ මාන භව තණ්‌හා

ජාති ජරා මරණ ශෝක කඳුළින්

එතෙර වැඩිය මුනි වන්දේ වන්දේ

ලෝක තිවංකර ගෞතම මහමුණි වන්දේ

අභිසම්බෝධි ඥණයෙන්

පංචමාර සේනා පැරදු

ලෝක දිවාකර

මහ මුණි වන්දේ

ඔහු සිය නිර්මාණ කෞශල්‍ය පිළිබදව මෙවන් අදහසක්  පළ කළේය.

“මගේ පෑනෙන් සිත්තම් කළ සිතුවිලි නාදමය ලෝකයට පිවිසවා ශ්‍රොත විඥනය ඔස්සේ ගලා යැමට සැලැස්‌වීම මැනැවයි මට සිතුනු බැවින්, කවීත්වයේ ආභාෂය තුළින් ගීත රචනා නිර්මාණය කෙරෙහි මසිත් යොමු විය…..”

ඩෝල්ටන් අල්විස් අතින් නිර්මාණිත යුග යුග යශෝ රාවය නංවන    ගුවන්විදුලි  ගී පලසෙහි විසුළ මල් පෙති රැසකි.  සසර වසන තුරු, නිවහල් සිතුවිලි, කුණ්‌ඩලකේෂි, උඩඟුලියන්, රන්දහදිය, නිසංසල රෑ, තාරකා ඇස්‌, ඈත නීල ආකාසේ,වන්  ගීත සමුදාය යුගයෙන් යුගය  රසිකයන් සන්තානය සුවදවත් කරවන සුළුය. එම පද වැල් ඩෝල්ටන් නිර්මානනීය මුතු හරේ නිබදව ම  සුදිලෙන  මුතු ඇට සමුහයක් ලෙසින් උවම් කරනු රිසියෙමි.

නිවහල් සිතිවිලි 

ගුවන්විදුලි ගීතයේ ගමන්මඟ හෙළි පෙහෙළි කළ හෙතෙම  සකුවට, පාලියට මෙන්ම හුදු හෙළයට වුවද අනිසි ලෙස ගැති නොවී ගැමි වහරත්, පුර වහරත් ඇසුරෙන් තමාටම ආවේණික සුගම  භාෂා ශෛලියකින් ගී පබැදීම ,ඩෝල්ටන් ගී ආර සුරැසු වෙසෙසේ ගුණය ලෙසින් මා දකින්නෙමි යයි වරක් අමරදේව ශුරීන් ප්‍රකාශ කරන්නට යෙදිණි.

උඩගු ලියන් ගොතා….

ගීත නිබන්ධකයෙක් පමණක් නොව, හේ සිත්තරෙක් හා කවීන්ද්‍රයෙකි.

අරලියා මලේ මල මුදුනින් එන ළඳු නේ

අරලිය සුවඳ ළමැදේ මුමුණන ළඳු නේ

යන කල ළිඳට මගෙ ළය මිදුලෙන් ළඳු නේ

යටි පතුලෙන් කවි ලියලා යන ළඳු නේ

“අරලිය මලේ කවිය”නම්   සෞන්දර්යාත්මක කාව්‍යයයේ   ඇතුළත් යථෝක්ත පැදිය පමණක් විමසීමෙන් වුවද , ඩොල්ටන් අල්විස් කවියා රසික මනෝභාවයන්,රසඥතාවයෙන් උද්දීපනය කරවීමෙහිලා දක්වන  නිපුණතාව  මැනවින් පසක් කිරීමට සමත්වේ.

පෙම්වතිය පෙම්වතාගේ  ගෙමිදුලෙන් පියමන් කරන්නී  , මිදුලේ සුමුදු වැල්ලේ  ඇඳෙන ඇය යටි පතුලේ සළකුණ පෙම්වතා මනසේ  කවි සංකල්පනා පුබුදුවන අයුරු ,කවියා  මෙම සරළ ,සුගම පද්‍ය මගින් සියුම් ලෙස සහෘද සන්තානයෙහි චිත්‍රණය කරයි.

“යටි පතුලෙන් කවි ලියලා යන ළඳුනේ”

කෙතරම් අපූර්ව ව්‍යංගාර්ථයක්  දනවන සුළු යෙදුමක් ද?

තම සිත් බැඳි යුවතිය , කලය උකුල දරා ,දිය ගෙනෙන්නට ළිද  වෙත,සිය නිවස අද්දරින්  පිය නගනා අපුර්ව දසුනක් සහෘදයා  සිත්හී සිත්තම් කිරීමට ඩෝල්ටන් අල්විස් ශුරීන් දක්වා ඇති ප්‍රතිහාර්යාත්මක සාමාර්ථය ඉමහති.එපමණක් ද නොව ,සහෘදයා  නැහැයට අරලිය මලේ සුගන්ධය හා මුසු ඇය  ළමැදේ  මුමුණන මතකයේ සුගන්ධය ද “අරලිය සුවඳ ළමැදේ මුමුණන ළඳු නේ”යන වදන් සංකලනයෙන් ද්වනිත කරවන්නේ කවියාගේ තීව්ර ප්‍රතිභාන ශක්තියයි.

ප්‍රවීන ගුවන්විදුලි නිවේදක අශෝක තිලකරත්න ,ඩෝල්ටන් අල්විස් පිළිබදව සිය මතකය අවදි කරමින්

අප මදක් ඩෝල්ටන් අල්විස් ශුරීන්ගේ පව්ලේ තොරතුරු විමසා බැලීම යෙහෙකි.බොරැල්ලේ  තරුණ බෞද්ධ සම්මේලන  පුස්තකාලයේ පුස්තකාලයාධිපති ලෙසින් සේවයෙහි නියුතුව සිටියදී  රැකියාවට අමතරව ඉංග්‍රීසි ටියුෂන්  දීමෙන් ඔහු අමතර මුදලක් උපයා ගැනීමට වෙහෙසිණි.  එම  ඉංග්‍රීසි ටියුෂන් පතියේ ශිල්ප හදාළ යුවතියක් ඔහු සිත් දිනා ගත් බව පැවසේ. ඇය  නමින් ආරියවතී සේනානායකය.දිගු කාලීන පෙම් සබදතාවයකින් අනතුරුව ඔවුහු යුග දිවියට පිවිසියහ.

dolton Alwis

dolton Alwis

රණදේව , කාංචනා , චූලභද්‍රා . වජිරවංශ ,සේනාධීර ,ගයා රම්‍ය යන දූ දරුවන් හය දෙනා ඩෝල්ටන් අල්විස් ශුරීන්ගේ පිය සෙනෙහස ලබන්නට භාග්‍යමත් වූහ.  ඒ අතරින් ,බාල පුත් ගයා රම්‍ය අල්විස් සිය පිය,පිය මග ඔස්සේ යමින් සාහිත්‍ය ක්ෂේස්ත්‍රයට සුවිසල් දායකත්වයක්  ලබා දුනි.මෑතකදී ඔහුට  අකාලයේ දිවියෙන් සමු ගැනීමට සිදු විය.

dolton Alwis

ඩෝල්ටන් බාල පුත් ,මෑතකදී දිවියෙන් සමුගත් ගයා රම්‍ය  අල්විස්.

මා ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ යුගයෙහි, ගුවන්විදුලියේ තනතුරු පුරප්පාඩු පිරවීමේදී ,ප්‍රමුඛත්වය ලබාදුන්නේ , කාර්ය මණ්ඩලයේ සේවය කළ පුද්ගලයින්ගේ දු දරුවන් බදවා ගැනීම කෙරෙහිය. එම ප්‍රතිපත්තිමය තීරණය මත ගුවන්විදුලි කාර්ය මණ්ඩලයේ සිට නැසීගිය, ඩෝල්ටන් අල්විස් ශුරීන්ගේ පුත්   ගයා රම්‍ය ගුවන්විදුලියේ සේවයට බදවා ගැනීමට හැකිවීම පිලිබදව මා තුළ  පවත්නේ නිරාමිෂ සතුටකි. පසු කාලයේ සුනිල් සරත් පෙරේරා රුපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් ලෙසින් සිටියදී  ,ඩෝල්ටන් පුතු ගයා රම්‍ය  රුපවාහිනී ආයතනයට බදවා ගැනීමට මුල් විය.

ඩෝල්ටන් ගුවන්විදුලියේ සේවය කළ සමයේ  බෙහෙවින් ම, මත්  පැනට ලොල් විය. බොහෝ අවස්ථාවන්හී ගුවන්විදුලි කාර්යාලයේ සේවයට වාර්තා කලේ ප්‍රමාදවය. ඒ හේතුවෙන් ,එවක ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල්  රිජ්වේ තිලකරත්න මහතා විසින් ඩෝල්ටන් අල්විස් වැඩතහනමට ලක් කරනු ලැබිණි.එවකට සිටි සිංහල සේවා අධ්‍යක්ෂ  එච්. එම්. ගුණසේකර මහතා මෙම සිදුවීමෙන් මහත් කම්පාවට පත්  විය. වැඩ තහනමෙන් දෙසතියකට පමණ පසුව , එච්.එම් .ගුනසේකරයන් ,ඩෝල්ටන් අල්විස්  කැදවාගෙන ගුවන්විදුලි අධ්‍යක්ෂ නිල කුටියට පිවිසිණි.

“ සර්, මෙයා තමයි   සසර වසන තුරු ගීතය ලිව්ව ඩෝල්ටන් අල්විස්. …”

අධ්‍යක්ෂ ජනරාල් රිජ්වේ  තිලකරත්නයන්  සිය අසුනෙන් වහා  නැගී සිටියේය. හේ සැනෙකින් ඩෝල්ටන් අල්විස් වෙත සමීපව,ඔහු   වැළද ගත්තේ මහත් ළෙන්ගතු ස්වරූපයෙනි.

“සසර  වසන තුරු …ඒ සිංදුව තමයි මම ගුවන් විදුලියේ අහන්න ආස,වැඩියෙන්ම කැමති ගුවන්විදුලි ගීතය.…” තිලකරත්න මහතා මුවින් පැවසේ.

එච්. එම්. ගුනසේකරයන් සිය හඩ  අවදි කළේය.

“ඒත් ඒ ගීතය ලියූ ඩෝල්ටන්ගෙ වැඩ තහනම්  කරපු  ලියුමට අත්සන් කරලා තියෙන්නේ  ඔබතුමානෙ? …”

ඉමහත්  කම්පාවට පත්වූ රිජ්වේ තිලකරත්න මහතා ,

“සසරණ වසන තුරු මට මෙවන් ලිපියක් නිකුත් කරන්න නොලැබේවා යැයි , පවසමින් ,ඩෝල්ටන්   යළි ගුවන් විදුලියේ රැකියාවට කැදවීය.

dolton Alwis

සසර වසනතුරු

 

ඩෝල්ටන් අල්විස් ශුරීන් පන්හිද තුඩගින් සිත්තම්වූ  කවියක දෙපදයක් ,ඔහු මියැදුන ද ,ඔහුගේ නිර්මාණයන් අප සන්තානයේ සජීවීමත්ව සිටිනා බැව් ව්‍යංගයෙන් මුමුණන සෙයකි.

“රන් වන් තුඩින් කවි ලියැවෙන මගෙ පෑනේ
අවසන් කවිය අවසන් නැත  අවසානේ

ඩෝල්ටන් අල්විස් ශුරීන් ගේ අවසන් ප්‍රාර්ථනය,” සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා …”  අප හදවත්හී නින්නාද වන සෙයක්  හැගෙන සුළුය . දැනෙන සුළුය.

ආචාර්ය   ගාමිණී කාරියවසම්. gaminee@gmail.com

ඩෝල්ටන් අල්විස් පැබදුමක් සජීවීමත් කරන නන්දා මාලිනිය.

ඩෝල්ටන් අල්විස් ආවර්ජනා 

TAGGED:Dolton Alwisආචාර්ය ගාමිණී කාරියවසම්
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Daulette Guneratne R.I.P.
Next Article ලෝක සාම සම්මේලනයේ නියෝජිතයෝ, අගමැති හමුවෙති ලෝක සාම සම්මේලනයේ නියෝජිතයෝ, අගමැති හමුවෙති
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
LSR Colombo Marathon 2026

LSR Colombo Marathon Marks Its 20th Edition with 1,400 Runners from 33 Countries

Child Action Lanka 20th anniversary

Child Action Lanka Marks 20 Years of Serving Children in Sri Lanka

Lellama-eLanka

“Lellama” Fish Market in Negombo-by Harold Gunatillake

Is it possible to attract and retain estate women employees with Empowerment through Socio economic and Technology-eLanka

Is it possible to attract and retain estate women employees with Empowerment through Socio economic and Technology? By Nisal Rukshan

Sinhala eBook Edition of FUTURE READY™️ Released Globally Through Google Play Books and IngramSpark

Related News
Sri Lankan athlete Ayomal Akalanka finishes fifth in the 400m hurdles at the 2026 Asian Games after setting a national record and winning Asian U23 silver.
Articles

Ayomal Akalanka Finishes 5th in Asia in the 400m Hurdles at the Asian Games 2026

SriLankan Airlines Riyadh office
Articles

SriLankan Airlines Opens Relocated Office in Riyadh to Strengthen Sri Lanka–Saudi Connectivity

Dr Janey Lowes Dog Jog Sri Lanka
Articles

British Vet Dr Janey Lowes to Run 620 km Across Sri Lanka for a New Veterinary Hospital for Street Dogs

LankaPropertyWeb National AI Awards 2026
Articles

LankaPropertyWeb Becomes Sri Lanka’s First Property Company to Win at the National AI Awards 2026

Bhavithra Gananathan Sita
Articles

Bhavithra Gananathan Takes Centre Stage as Sita in ‘Diwali Story: The Journey of Ram’ at Wembley Arena

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.