නීති රෙගුලාසි අතික්‍රමණයට යොමුවන , ශ්‍රීලංකා රාජ්‍ය නායක පිළිවෙත පිටු දකිමු. – By Gamini Kariyawasam තමන් විසින්  වාචිකව දෙනු ලබන නියෝග, රටේ පවත්නා ලිඛිත නීතිය හා චක්‍රලේඛන සැළකිල්ලට නොගෙන ,  රාජ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ යුතුය යන  අමනෝඥ ප්‍රතිපත්තියක් ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවත්නා බැව් පැහැදිලිව ම විද්‍යාමානවේ.එම අහිතකර ප්‍රවණතාව , වර්තමානයේ මාධ්‍ය ඔස්සේ කියවන්නට,අසන්නට, දැකගන්නට ලැබේ.   දේශයේ යහ රාජ්‍ය පාලනයක් ස්ථාපිත කිරීම උදෙසා,රාජ්‍ය නායකයින්, පක්ෂ නායකයින් මෙන් ම, රාජ්‍ය නිලධාරීන් ද දැනුවත් කිරීමෙහිලා  මෙවන් මාතෘකාවක් යටතේ ශාස්ත්‍රීය ලිපියක් ලිවීම කෙරෙහි  මසිත් පෙළෙඹිණි. “ගම සමග පිළිසඳරක්” නැමැති වැඩසටහන ගෝඨාභය රාජපක්ෂ මහතා  ජනාධිපති වීමෙන් පසුව ආරම්භවූ අයුරු ඔබට මතක ඇතැයි  සිතමි.. එහි පළමු ප්‍රගති සමාලෝචනය 2021 අප්‍රේල් 26 වන දින හපුතලේ වෙලන්විට ග්‍රාමයේ දී පැවැත්වීය. එහි දී පැමිණ සිටි ගැමියෙක් වෙතින්  ජනාධිපතිට පැමිණිල්ලක් ඉදිරිපත් වෙයි. “සර් ඔබ තුමා ගිය වතාවේ  නිලධාරීන්ට නියෝග කලාට තාම හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් තුමා අපේ ඉඩම් වලට බලපත්‍ර දීල නෑ. කෑලේ සුද්ද කරන්ඩ ගිය ගමන් වන ජීවී මහත්තුරු ...

Read More →