News & Community eLanka

eLanka

Thursday, 23 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » නීති රෙගුලාසි අතික්‍රමණයට යොමුවන , ශ්‍රීලංකා රාජ්‍ය නායක පිළිවෙත පිටු දකිමු. – By Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

නීති රෙගුලාසි අතික්‍රමණයට යොමුවන , ශ්‍රීලංකා රාජ්‍ය නායක පිළිවෙත පිටු දකිමු. – By Gamini Kariyawasam

eLanka admin
Last updated: November 11, 2023 4:29 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
10 Min Read
SHARE
Views: 29

නීති රෙගුලාසි අතික්‍රමණයට යොමුවන , ශ්‍රීලංකා රාජ්‍ය නායක පිළිවෙත පිටු දකිමු. – By Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

ශ්_රීලංකා රාජ්_ය නායක පිළිවෙත පිටු දකිමු

තමන් විසින්  වාචිකව දෙනු ලබන නියෝග, රටේ පවත්නා ලිඛිත නීතිය හා චක්‍රලේඛන සැළකිල්ලට නොගෙන ,  රාජ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ යුතුය යන  අමනෝඥ ප්‍රතිපත්තියක් ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවත්නා බැව් පැහැදිලිව ම විද්‍යාමානවේ.එම අහිතකර ප්‍රවණතාව , වර්තමානයේ මාධ්‍ය ඔස්සේ කියවන්නට,අසන්නට, දැකගන්නට ලැබේ.   දේශයේ යහ රාජ්‍ය පාලනයක් ස්ථාපිත කිරීම උදෙසා,රාජ්‍ය නායකයින්, පක්ෂ නායකයින් මෙන් ම, රාජ්‍ය නිලධාරීන් ද දැනුවත් කිරීමෙහිලා  මෙවන් මාතෘකාවක් යටතේ ශාස්ත්‍රීය ලිපියක් ලිවීම කෙරෙහි  මසිත් පෙළෙඹිණි.

ශ්_රීලංකා රාජ්_ය නායක පිළිවෙත පිටු දකිමු

ශ්_රීලංකා රාජ්_ය නායක පිළිවෙත පිටු දකිමු 1

“ගම සමග පිළිසඳරක්” නැමැති වැඩසටහන ගෝඨාභය රාජපක්ෂ මහතා  ජනාධිපති වීමෙන් පසුව ආරම්භවූ අයුරු ඔබට මතක ඇතැයි  සිතමි..

එහි පළමු ප්‍රගති සමාලෝචනය 2021 අප්‍රේල් 26 වන දින හපුතලේ වෙලන්විට ග්‍රාමයේ දී පැවැත්වීය. එහි දී පැමිණ සිටි ගැමියෙක් වෙතින්  ජනාධිපතිට පැමිණිල්ලක් ඉදිරිපත් වෙයි.

“සර් ඔබ තුමා ගිය වතාවේ  නිලධාරීන්ට නියෝග කලාට තාම හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් තුමා අපේ ඉඩම් වලට බලපත්‍ර දීල නෑ. කෑලේ සුද්ද කරන්ඩ ගිය ගමන් වන ජීවී මහත්තුරු අපි අල්ලලා නඩු දානව.” ගැමියා ජනාධිපති ඉදිරියේ ප්‍රාදේශීය ලේකම්වරයාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Image 1 - The Agency Team accepting the award at Dragons of Asia

ජනාධිපති ගෝඨාභය, ප්‍රාදේශීය ලේකම් ගෙන් මෙසේ විමසයි. ” ඇයි මේ මිනිස්සුන්ගේ ඉඩම් වලට බලපත්‍ර නොදෙන්නේ?”

“සර්, ඒ සඳහා ඉහළින් ප්‍රතිපත්තිමය  තීරණයක් ගෙන සර්කියුලර් එකක් (චක්‍රලේඛයක්) මගින් එවනවා නම්, මට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්.” යැයි ප්‍රාදේශීය ලේකම් නිවැරැදි ක්‍රමය පැහැදිලි කරයි.

ජනාධිපති ගෝඨාභය ප්‍රකෝපයට පත්ව   මෙසේ කියයි.

“මේ කියන්නේ රටේ ජනාධිපති. ආයි මොන සර්කියුලර්ද ඉල්ලන්නේ ? ලියා ගන්නවා. ඒක තමයි සර්කියුලර් එක. රටේ නීතිය වෙන්නේ ජනාධිපති කියන ඒකයි.” ( සර් කියූ ලෝ හෙවත් සර්කියූලර් – Circular ? )

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් වැඩි දවසක් එම පුටුවේ නොසිට ස්ථාන මාරුවක් ලබා ගෙන ගිය බව පසුව ආරංචි විය. එතැන් පටන් චක්‍ර ලේඛනයන්ට හාස්‍යාත්මක  පර්යාය නාමයක් ලෙසින්   “සර් කිවූ ලෝ” (Circular – “සර්කියුලර්” ) යන්න ජන වහරට එක්ව ඇත.

ඉඩම් නීති , පරිපාලන නීති , මුදල් නීති, අපරාධ හා සිවිල් නීති, භාෂා ඇතුළු විවිධ විෂය කරුණු වලට අමතරව ක්ෂේත්‍ර පුහුණුව  ලබා,ශ්‍රීලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන්   ( SLIDA ) ක්ෂේත්‍රයේ සේවය සඳහා පිවිසෙන  පරිපාලන හා සමාන්තර සේවයේ නිලධාරීන්ට තාවකාලිකව බලයට එන දේශපාලකයන් කරන බලපෑම් කෙතරම් අනීතිකද? ඒවා ප්‍රතික්ෂේප කිරීමට රාජ්‍ය නිලධාරීන්ට  පරම අයිතියක් පවත්නා බව ඔවුන් අවබෝධ කරගත යුතුය.
Nuwara Eliya Post Office

වත්මන් ශ්‍රීලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද, ගෝඨාභය රාජපක්ෂ මහතා  මෙන් දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට නුවරඑළියේදී එවැනි තර්ජනයක් කළ  අයුරු , 2023 නොවැම්බර් මුල් සතියේ වාර්තා විය.

. නුවර එළියේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් බවට පත්කිරීම සඳහා භාර දෙන ලෙස මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා  තැපැල් පතිට නියෝග කොට තිබිණි . එහෙත් එය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව එම රැස්වීමේදී අනාවරණය විය.

S.R.W.M.R.P. Sathkumara  Postmaster General

එස්.ආර්.ඩබ්.එම් .ආර් .පී.සත්කුමාර. තැපැල්පති.

“ජනාධිපති දෙන නියෝග පිළිපදින්න බැරි  නම් වෙනත් තැනකට යන්න  වෙයි.” රනිල් වික්‍රමසිංහ ජනාධිපති තැපැල්පති ට කියයි.

මම ජනාධිපති. ඒක ජනාධිපති නියෝගයක්. හ්ම්… දැන් යන්න කලින් ඒක භාර දෙන්න.” ජනාධිපති නියෝග කරයි.

මාධ්‍ය විශාල ප්‍රසිද්ධියක් දෙයි. ජනාධිපතිගේ බලාපොරොත්තුව සපල  වෙයි.

නුවර එළියේ මෙම ගොඩනැගිල්ල පමණක් නොව ජනාධිපති මන්දිරය ඇතුළුව තවත් විශාල දේපළ සංඛ්‍යාවක් යටත් විජිත යුගයේ ගොඩ නැගූ ඒවාය. ඒවා බොහෝමයක්  පුරාවිද්‍යාත්මක ගොඩනැගිලි වන අතර ඒවා සඳහා බලපැවත්වෙන නීති අනුව ජනාධිපති නොව වෙනත් කිසිවෙකුට වුවත් සිතැඟි සේ පරිහරණය කල නොහැක. එසේ අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධන කොට රාජ්‍ය නිළධාරීන්ට බලය පැවරිය යුතුය. එසේ නොමැතිව , කටට ආ පලියට ජනයා සහ මාධ්‍ය ඉදිරියේ නිලධාරීන්ට බලපෑම් කිරීමට යෑමෙන්  ලාභ ප්‍රසිද්ධියක්  (Cheap Popularity ) ලැබුණද යමක් කමක් තේරෙන ජනයා ඉදිරියේ පාලකයන් තව තවත් පිරිහීමට ලක් වනු නියතය.

 

එංගලන්තයෙන් අප ලද වටිනා  පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති  මෙම නුවරඑලිය ගුරු  පැහැ  තැපැල් කාර්යාලය දැක බලා ගැනීමට  .විදේශිකයෝ ඉමහත් ආශාවක් දක්වති.1894 දී ඉදිකරන ලද,නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි  මෙම රතු ගඩොල් ගොඩනැගිල්ල බ්‍රිතාන්‍යයන් විසින්  ඔවුනගේ ටියුඩර් ශෛලියට අනුව ඉදිකරන ලද අතර එය ඔරලෝසු කණුවක් සහිත දෙමහල් ගොඩනැගිල්ලකි

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී  නොවැම්බර් 04 දින පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ,තැපැල්පතිවරයා තනතුරෙන් ඉවත් කරනවා යනුවෙන් බිය වද්දා නුවරඑළිය තැපැල් කාර්යාලය ඉන්දියන් සමාගමකට ලබා දීමට එකඟතාවය ලබාගැනීමට එරෙහිවූ තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සංගම් නියෝජිතයින්  විරෝධතා  දක්වමින්.

 

මේ අතර   නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටල් ව්‍යාපෘතියක් ලෙස ටාජ් සමුද්‍රා හෝටලයට පැවරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිවේදනය කළේය.

ශ්‍රීලංකා රාජ්‍ය නායකයින්ගේ මේවන් අමනෝඥ නියෝග නිකුත් කිරීමේ පිළිවෙත මතු   වෙනස් කරවීමට යෝග්‍ය කාල පරිච්චේදයක් අප හමුවේ එළඹෙමින් පවතී. එනම් මහා මැතිවරණයකට මුහුණ දීමට ශ්‍රීලංකාව අපේක්ෂාවන්  දල්වා ගෙන සිටින කාල වකවානුවකි.ඔවුනට  පවත්නා නීති රෙගුලාසිවලට අනුගත වීමේ අවශ්‍යතාව අවබෝධ කරදීම  උදෙසා,  ශ්‍රීලංකා පරිපාලන සේවය  ප්‍රමුඛ සියලුම රාජ්‍ය සේවාවන්හී නිලධාරීන් ඒකාබද්ධව ,රාජ්‍ය නායකයින් සහ සියලු පක්ෂ නායකයින් දැනුවත් කිරීමේ යෝධ ප්‍රයත්නයක යෙදීම කෙරෙහි උත්සුක විය යුතුය.

මෙහිදී රාජ්‍ය නීති රෙගුලාසි සහ චක්‍ර ලේඛනයන්හී ප්‍රායෝගික වැදගත්කම පිලිබදව සමාලෝචනයක් කිරීම කෙරෙහි ද මගේ අවධානය යොමුවූයේ නිතැතිණි.

රජයේ චක්‍රලේඛනයන්හී  කාර්යභාරය සහ ඒවා පිළිපැදීමේදී නිලධාරීන්ගේ වගකීම

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ක්‍රියාකාරීත්වය සඳහා රජයේ චක්‍රලේඛ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ඒවා රාජ්‍ය නිලධාරීන්ට, සේවකයින්ට සහ අදාළ පාර්ශවකරුවන්ට වැදගත් තොරතුරු, උපදෙස්, ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ ලබා දෙන නිල ලේඛනයන්ය. මෙම චක්‍රලේඛ ස්ථාවරත්වය සහ ඵලදායී පාලනයක් පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. මෙම ලිපිය මගින්   රජයේ චක්‍රලේඛ නිකුත් කිරීම පසුබිමේ පවත්නා හේතු සාධක ගවේෂණය කරමින් , ඒවා පිළිපැදීමේදී නිලධාරීන්ගේත් , විශේෂයෙන් දේශපාලනඥයන්ගේ සදාචාරාත්මක හා නීතිමය බැඳීම් සාකච්ඡා කිරීමට අදහස් කළෙමි

රජයේ චක්‍රලේඛවල අරමුණ

සන්නිවේදනය: රජයේ චක්‍රලේඛ යනු රජයේ විවිධ මට්ටම් සහ ශාඛා අතර සන්නිවේදන මාධ්‍යයකි. සියලුම රජයේ ආයතන නවතම වර්ධනයන් පිළිබඳව දැනුවත් බව සහතික කිරීම සඳහා නව නීති, රෙගුලාසි, ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි වෙනස්කම් වැනි වැදගත් තොරතුරු ලබා දීමට ඒවා භාවිතා කෙරේ.

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම: රජයේ ප්‍රතිපත්ති ඵලදායි ලෙස ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ සවිස්තරාත්මක මාර්ගෝපදේශ චක්‍රලේඛ මගින් සපයයි. අදාළ රාජ්‍ය නිලධාරීන්ට අනුගමනය කළ හැකි සංයුක්ත ක්‍රියා සහ ක්‍රියා පටිපාටි බවට පුළුල් ප්‍රතිපත්ති පරිවර්තනය කිරීමට ඒවා උපකාරී වේ.

ප්‍රමිතිකරණය: විවිධ රජයේ දෙපාර්තමේන්තු හරහා ක්‍රියා පටිපාටි සහ භාවිතයන් ප්‍රමිතිකරණය කිරීමේදී චක්‍රලේඛ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මෙමගින් රාජ්‍ය ආයතන අඛණ්ඩව සහ ඒකාකාරව ක්‍රියාත්මක වන බව සහතික කරන අතර, නොගැලපීම් සහ දෝෂ ඇතිවීමේ අවදානම අඩු කරයි.

වගවීම: වගවීම තහවුරු කිරීමටද  චක්‍රලේඛ  උපකාරී වේ. නිල උපදෙස් සහ මාර්ගෝපදේශ ලේඛනගත කිරීමෙන්, ඒවා  රජයේ නිලධාරීන් සඳහා අපේක්ෂාවන් සහ වගකීම් පිළිබඳ පැහැදිලි වාර්තාවක් නිර්මාණය කරයි,එය  ඔවුන්ගේ කාර්ය සාධනය තක්සේරු කිරීම සහ ස්ථාපිත නීතිවලට අනුකූල වීම පහසු කරයි.

නිලධාරීන්ගේ සහ  විශේෂයෙන්ම දේශපාලනඥයන්ගේ වගකීම-

හේතු කිහිපයක් නිසා රජයේ චක්‍රලේඛවලට අවනත වීමට දේශපාලනඥයන් ඇතුළු රජයේ නිලධාරීන්ට සදාචාරාත්මක සහ නෛතික බැඳීමක් පවතී.

නීතියේ ආධිපත්‍යය: ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නීතියේ ආධිපත්‍යය මූලික මූලධර්මයකි. රජයේ චක්‍රලේඛ බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් හරහා ස්ථාපිත නීති, රෙගුලාසි සහ ප්‍රතිපත්ති පිළිබිඹු කරයි. ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයන් ලෙස දේශපාලනඥයන්ට මෙම නීති සහ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට විශේෂ වගකීමක් තිබේ.

මහජන විශ්වාසය: මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා රජයේ චක්‍රලේඛ පිළිපැදීම අත්‍යවශ්‍ය වේ. දේශපාලනඥයන් ජනතා  සේවකයන් වන අතර ඔවුන් ආදර්ශමත් විය යුතුය. නිල මාර්ගෝපදේශ අනුගමනය කිරීමට අපොහොසත් වීමෙන් ඔවුන්ගේ නායකත්වය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය පළුදු විය හැකිය.

කාර්යක්ෂම පාලනය: පහත දැක්වෙන රජයේ චක්‍රලේඛ කාර්යක්ෂම පාලනයක් සහතික කරයි. දේශපාලඥයන් ඇතුළු නිලධාරීන් ස්ථාපිත ක්‍රියාපටිපාටි හා ප්‍රතිපත්තිවලට අනුකූල නොවන විට එය ව්‍යාකූලත්වයට, අකාර්යක්ෂමතාවට සහ රාජ්‍ය සම්පත් අවභාවිතයට හේතු විය හැක.

වගවීම: රජයේ චක්‍රලේඛ බොහෝ විට නිලධාරීන්ගේ වගකීම් ගෙනහැර දක්වයි. මෙම චක්‍රලේඛවලට අනුකූල නොවීම නීතිමය ප්‍රතිවිපාක හෝ විනය ක්‍රියාමාර්ගවලට හේතු විය හැකි බැවින්, වගවීම සහතික කිරීමට උපකාරී වේ.

සමානාත්මතාවය සහ සාධාරණත්වය: රජයේ චක්‍රලේඛ පුරවැසියන්ට සැලකීමේදී සමානාත්මතාවය සහ සාධාරණත්වය ප්‍රවර්ධනය කරයි. මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන්, නිලධාරීන්, විශේෂයෙන් දේශපාලනඥයන්, නීතිය යටතේ සියලු පුද්ගලයන්ට සමානව සලකන බව සහතික කිරීමට උපකාරී වේ.

රජයේ චක්‍රලේඛ යනු ප්‍රජාතන්ත්‍රවාදී රජයක ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍ය මෙවලම් වේ. ඔවුන් සන්නිවේදනය, ප්‍රමිතිකරණය, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ වගවීම සඳහා පහසුකම් සපයයි. දේශපාලනඥයන් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ට මෙම චක්‍රලේඛ පිළිපැදීමට සදාචාරාත්මක සහ නෛතික බැඳීමක් ඇත. එසේ කිරීමෙන් නීතියේ ආධිපත්‍යය තහවුරු කරයි, මහජන විශ්වාසය පවත්වාගෙන යයි, කාර්යක්ෂම පාලනයක් සහතික කරයි, සමානාත්මතාවය සහ සාධාරණත්වය ප්‍රවර්ධනය කරයි. මහජනතාවට තම යුතුකම් ඉටු කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල අඛණ්ඩතාව පවත්වා ගැනීමට රජයේ චක්‍රලේඛවලට අනුකූලව කටයුතු කිරීමේ වගකීම නිලධාරීන් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.

The Influence of Political Leaders-eLanka 08
වත්මන් ඇතැම් රාජ්‍ය නායකයින්, පවත්නා නීති රීති ඉක්මවා ගොස්,රාජ්‍ය නිලධාරීන් භීතියට පත්කර තම තීරණ අන්තනෝමතිකව ඉටුකර ගැනීමට උත්සුක වීමේ ප්‍රවණතාවක් උද්ගත වෙමින් පවතී.එම උත්සාහය වැලැක්වීමට,පරිපාලනසේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල ,ලේකම් කාලින්ද්‍ර ජයවීර ප්‍රනාන්දු මහතුන් ප්‍රධාන ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ විධායක කමිටුව, කඩිනමින් අවශ්‍ය ප්‍රායෝගික පියවරක් ගනු ඇතැයි අපි ඉතා උනන්දුවෙන් උපේක්ෂා ශීලීව බලා සිටිමු.

ආචාර්ය ගාමිණී කාරියවසම්.-gaminee@gmail.com

TAGGED:Administrative autonomyAdministrative service officersBureaucratic influence in Sri LankaCivil service dynamicsCivil service professionalismGamini KariyawasamGovernance in Sri LankaGovernment officials and politicsPolicy implementation challengesPolitical influence on bureaucracyPolitical leaders and civil servicePolitical-administrative relationsPublic administration in Sri LankaPublic service integritySri Lanka administrative serviceSri Lanka political landscape
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Star gooseberry 01 Exploring the Wonders of Star Gooseberry: A Nutrient-Packed Superfood-by Kalani-eLanka
Next Article Aukana Exploring Aukana: Sri Lanka’s Timeless Treasure – By Bhanuka – eLanka
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read

Soul Sounds Captivates Audiences with a Spectacular Journey Through “The Pop Era” at the Lionel Wendt!

Aryan Sharma

India-born Jerrssis Wadia named in CA XI, Aryan Sharma selected in Australia’s Development Squad

ALT X 1

ALT X Certified Great Place to Work® for the Second Consecutive Year with One of Sri Lanka’s Highest Employee Trust Scores

Today – Abandoned & adopted-eLanka

Today – Abandoned & adopted, economic updates & more!

Sri Lanka Women’s Cricket, Sri Lanka Women ODI Squad 2026, Chamari Athapaththu, Pakistan Women’s Tour of Sri Lanka 2026, Sri Lanka vs Pakistan Women ODI Series, ICC Women’s Championship 2025-2029, Rashmika Sewwandi Maiden ODI Call-up, Sri Lanka Cricket News, Women’s Cricket Sri Lanka, Mahinda Rajapaksa International Cricket Stadium Hambantota, Sri Lanka Lionesses, Women’s ODI Cricket, Sri Lanka Cricket Team, Pakistan Women Cricket Team, ICC Women’s Cricket World Cup Qualification, Chamari Athapaththu Captain, Sri Lankan Sports News, International Women’s Cricket, eLanka Cricket News, Sri Lankan Community News

Sri Lanka Women’s ODI Squad Announced for Home Series Against Pakistan

Related News
Sri Lanka community health service, Sri Lanka healthcare centenary, 100 years of community health, Sri Lanka public health system, Sri Lanka Ministry of Health, community healthcare Sri Lanka, Medical Officer of Health Sri Lanka, MOH health services, primary healthcare Sri Lanka, Sri Lanka health development, Rs 45 billion healthcare investment, Arogya health and wellness centres, preventive healthcare Sri Lanka, public health professionals Sri Lanka, College of Community Physicians Sri Lanka, Sri Lanka healthcare reforms, patients rights charter Sri Lanka, healthcare workers Sri Lanka, Sri Lanka medical history, South Asia healthcare model, rural healthcare Sri Lanka, maternal and child health Sri Lanka, Sri Lanka health sector development, President Anura Kumara Dissanayake, Dr Nalinda Jayatissa, BMICH Colombo healthcare event, Sri Lankan community news, eLanka Sri Lanka news
Articles

Sri Lanka Celebrates 100 Years of Community Health Service , Rs. 45 Billion Committed to Healthcare

Kandy Esala Perahera, Sri Lanka cultural heritage, Dalada Perahera, Kandy Perahera IP protection, Kandy Esala Perahera 2026, Sri Lankan traditions, World Intellectual Property Organization WIPO, Sri Lanka cultural tourism, Sacred Tooth Relic Sri Lanka, Buddhist festivals Sri Lanka, Sri Lanka heritage preservation, traditional cultural expressions, Sri Lankan festivals, Kandy tourism, Sri Lanka tourism news, cultural identity protection, intellectual property rights Sri Lanka, WIPO festival tourism project, Sri Lankan artisans, Sri Lankan diaspora news, eLanka Sri Lanka news, Sri Lankan culture Australia, global Sri Lankan community, heritage conservation Sri Lanka
Articles

Cabinet Approves Move to Protect Intellectual Property Rights of the Kandy Esala Perahera

Sri Lanka Transport Board, SLTB deluxe buses, Sri Lanka public transport upgrade, 600 air conditioned buses Sri Lanka, Sri Lanka bus fleet modernization, Road Safety Plan 2025 2026, Sri Lanka Cabinet bus procurement, intercity bus service Sri Lanka, luxury buses Sri Lanka, air conditioned buses Sri Lanka, Rs 14.4 billion transport investment, Sri Lanka transport infrastructure, SLTB new buses, public transport development Sri Lanka, Sri Lanka government projects 2026, modern buses in Sri Lanka, safe travel Sri Lanka, comfortable intercity travel, Sri Lankan transport news,
Articles

Sri Lanka to Procure 600 Air-Conditioned Deluxe Buses for Intercity Transport

Sri Lanka RMIT water infrastructure partnership
Articles

Sri Lanka Partners with Australia’s RMIT University to Strengthen Water Security and Infrastructure

Sri Lanka fishing industry reforms , ILO Work in Fishing Convention 2007 , ILO Convention C188 Sri Lanka , fishing community welfare Sri Lanka , maritime labour standards Sri Lanka
Articles

Sri Lanka Cabinet Approves ILO Fishing Convention to Protect 315,000 Fisherfolk

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.