ගුවන්විදුලිය එකළු කළ – නන්දා ජයමාන්නයන් දිවියෙන් සමු ගනී. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : silumina                   නන්දා ජයමාන්න නොහොත් රීටා නන්දා එගොඩගේ ,  ශ්‍රී ලංකා ගුවන් විදුලියේ දෙවැනි සිංහල නිවේදිකාව ලෙසින් මෙන් ම ,ස්වාධීන රුපවාහිනිය බිහිකර ලන්නට තේවිස් ගුරුගේ මහතාගේ සෙවනැල්ල ලෙසින් කටයුතු කළ කුළුණුබර මාධ්‍යවේදිනියකි.මෙරට සහසක් ශ්‍රාවකයින්ගේ  ගෞරවයට,ආදරයට පාත්‍රවූ ,  නන්දාවන් ,  සිය දිවි සැරිය  ජනවාරි 26 වන දින මැදියම් රැයේ   ,නිම කළ බව අසන්නට ලැබුණු මොහොතේ, ඇයගේ  ජීවනය සබැදි මෙවන් සටහනක් තැබීමට මා සිත් පෙළැඹිණි.  දකුණු පළාතේ  අම්බලන්ගොඩ  හීනැටියන ග්‍රාමය ඇය  උපත ලබන් 1930  ජනවාරි 11 වැනිදාය. රාගල සිංහල විද්‍යාලයෙන් සිය  ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කරන ඇය  උසස් අධ්‍යාපන කටයුතු  සදහා  නුවරඑළිය යහපත් එඩේරාගේ කන්‍යාරාමයට පිවිසෙන්නීය.දොන් ඇලෝෂියස් ජයමාන්න හා යුගදිවි ප්‍රාප්ත නන්දාවන්,ප්‍රියන්ත සහ පණ්ඩුක යන  සෙනෙහෙබර පුතනුවන්  දෙදෙනාගේ  ගේ දයාබර මෑණියන්ය.            දැනට වයෝවෘද්ධව සිටින ගුවන්විදුලි මහගෙදර ඇත්තන් ගේ සුවදුක් බැලීමට,ඉදහිට හෝ   යොමු වන කෘතවේදීමය  සිරිතක් මගේ ...

Read More →