News & Community eLanka

eLanka

Monday, 25 May 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ගුවන්විදුලිය එකළු කළ – නන්දා ජයමාන්නයන් දිවියෙන් සමු ගනී. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ගුවන්විදුලිය එකළු කළ – නන්දා ජයමාන්නයන් දිවියෙන් සමු ගනී. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: January 30, 2024 5:55 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
6 Min Read
SHARE
Views: 8

ගුවන්විදුලිය එකළු කළ – නන්දා ජයමාන්නයන් දිවියෙන් සමු ගනී. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

nanda jayamanna

Image Source : silumina                  

නන්දා ජයමාන්න නොහොත් රීටා නන්දා එගොඩගේ ,  ශ්‍රී ලංකා ගුවන් විදුලියේ දෙවැනි සිංහල නිවේදිකාව ලෙසින් මෙන් ම ,ස්වාධීන රුපවාහිනිය බිහිකර ලන්නට තේවිස් ගුරුගේ මහතාගේ සෙවනැල්ල ලෙසින් කටයුතු කළ කුළුණුබර මාධ්‍යවේදිනියකි.මෙරට සහසක් ශ්‍රාවකයින්ගේ  ගෞරවයට,ආදරයට පාත්‍රවූ ,  නන්දාවන් ,  සිය දිවි සැරිය  ජනවාරි 26 වන දින මැදියම් රැයේ   ,නිම කළ බව අසන්නට ලැබුණු මොහොතේ, ඇයගේ  ජීවනය සබැදි මෙවන් සටහනක් තැබීමට මා සිත් පෙළැඹිණි. 

දකුණු පළාතේ  අම්බලන්ගොඩ  හීනැටියන ග්‍රාමය ඇය  උපත ලබන් 1930  ජනවාරි 11 වැනිදාය. රාගල සිංහල විද්‍යාලයෙන් සිය  ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කරන ඇය  උසස් අධ්‍යාපන කටයුතු  සදහා  නුවරඑළිය යහපත් එඩේරාගේ කන්‍යාරාමයට පිවිසෙන්නීය.දොන් ඇලෝෂියස් ජයමාන්න හා යුගදිවි ප්‍රාප්ත නන්දාවන්,ප්‍රියන්ත සහ පණ්ඩුක යන  සෙනෙහෙබර පුතනුවන්  දෙදෙනාගේ  ගේ දයාබර මෑණියන්ය.

          

දැනට වයෝවෘද්ධව සිටින ගුවන්විදුලි මහගෙදර ඇත්තන් ගේ සුවදුක් බැලීමට,ඉදහිට හෝ   යොමු වන කෘතවේදීමය  සිරිතක් මගේ ජීවිතයට නිතැතින් ම   හුරුව පවතී. එවන් ඇබ්බැහියකට මා හුරු වුයේ,  ගුවන්විදුලි මහගෙදරින්,මම  ශබ්ද  පරිපාලකයෙක් ලෙසින්  මගේ මුල් ම වෘත්තීය දිවිය ආරම්භ කළ නිසාවෙන් යැයි  හැගේ.

 මා   පසුගිය වසරේ  දිනෙක  ,නන්දා ජයමාන්නයන්ගේ සුව දුක් බලන්නට ,ඇය ජීවත් වන කෝට්ටේ එපිටමුල්ල පාරේ පිහිටි නිවස වෙත ගියේ ,තත් ඇබ්බැහියෙන් මෙහෙයවනු ලැබීමෙන් විය හැකිය.  එහිදී  ඇය සමග  බොහෝ වේලා අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් ,ඇය මාධ්‍ය ක්ෂේස්ත්‍රයට ඉටුකළ මහගු මෙහෙවර පිළිබදව තොරතුරු ග්‍රහණය කර ගැනීමට,මවෙත  අවකාශයක් සැළසිණි. ඇය වියපත් වුවද  , එදා මෙන් ම ඇයගේ හඩේ පවත්නේ තුරුණු ස්වභාවයකි. ලෙන්ගතු බවකි. 

                                                   

නන්දා ජයමාන්න මාධ්‍යවේදිනිය අවසන් වතාවට හමුවූ විරාමය 

 · 

 “මම ගුවන් විදුලියට පා තබන්නේ 1951 අවුරුද්දේ.අප්‍රේල් 11 වන දින   මම ගුවන් විදුලියට සම්බන්ධ වෙනකොට මට වයස අවුරුදු විස්සයි.  මම කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල ඩිප්ලෝමා පාඨමාලාව අවසන් කරන්න ආසන්න දවස්වල පත්තරේ තිබුණු දැන්වීමකට ඉල්ලුම්පතක් දාලා තමයි ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.. සම්මුඛ පරීක්ෂණයේදී විශේෂයෙන් බැලුවෙ පරිවර්තන කටයුතුවලට තිබුණු හැකියාව. මොකද අපට පැවරිලා තිබුණු මූලික රාජකාරිය තමයි ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදනය, සිංහලට පරිවර්තනය කරගෙන ඉදිරිපත් කරන එක.ඒ කාලේ අපේ ගෙදරවත්,අවට ගම් ප්‍රදේශයේ වත්  ගුවන් විදුලි යන්ත්‍රයක් තිබුණෙත් නෑ. එකල ගුවන්විදුලිය ආශ්චර්යමත්,මිල අධික මෙවලමක්.

    මම ගුවන් විදුලියට සම්බන්ධ වෙනකොට සිංහල සේවා සංවිධායක විදියට හිටියේ තේවිස් ගුරුගේ මහත්තයා. කොළඹගේ මහත්තයත් මුලින් ම මෙහෙදී මට හමුවුණා. මා ගුවන්විදුලි කාර්යාලට එනකොට , සිංහල සේවය පටන් අරගෙන අවුරුදු දෙක තුනක් විතර ඇති. මම සම්බන්ධවෙන කාලේ සිංහල සේවයයි, දෙමළ සේවයයි හවස් වරුවේ එකම නාළිකාවක විකාශනය වුණේ.ඒ කාලේ නිවේදක නිවේදිකාවො කීප දෙනයි හිටියේ. මුල්ම එක්කෙනා කරුණාරත්න අබේසේකර, දෙවැනියා ප්‍රභා රණතුංග, තුන්වෙනියා එච්.එම්. ගුණසේකර, හතරවෙනියා මම, පස්වෙනියා සරත් විමලවීර. අපි පස්දෙනා තමයි මුල්ම සිංහල සේවයේ නිවේදක නිවේදිකාවො පස්දෙනා. ඊට පස්සේ ඇල්ෆ්‍රඞ් පෙරේරා. සුදර්මන් සිල්වා වගේ කීප දෙනෙක් ආවා. අපිත් එක්කම වැඩ කළා  එම්.ඩී. ගුණපාල කියලා කෙනෙක්. එයා නිවේදන කටයුතු කළත් පස්සේ අපේ තැටි පටි ගබඩාව බාර දුන්නේ එයාට. ප්‍රභා රණතුංගයි  මමයි තමයි මුල්ම කාන්තා නිවේදිකාවො දෙන්නා. ප්‍රභා මට වඩා මාස කීපයකට කලින් සිංහල සේවයට සම්බන්ධවෙලා තිබුණෙ.”

ගුවන්විදුලියේ  මෙන් ම ස්වාධීන රුපවාහිනී සේවයේත් ඉතිහාසය පිලිබදව, දෑසින් ස්පර්ශීත  පුළුල් දැනුම් සම්භාරයක් දරා සිටි    ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදිනියක ලෙසින් නන්දා ජයමාන්නයන්  ට ප්‍රම්ඛ ස්ථානයක් හිමිය.ළමා රංගපීඨය , ටිකිරි සිනහ රැලි, ලමා සංගීත සන්ධ්‍යාව වැනි වැඩසටහන් රැසක්  ඇය නිෂ්පාදනය කළාය.එවකට අතිශයින් පුළුල්   ශ්‍රාවක ප්‍රතිචාරයක් ලද සන්ධ්‍යා සේවය පස්වරු විකාශනය ආරම්භ කිරීමට පුරෝගාමී වුයේ ද නන්දාවන්ය.

කාන්තා වැඩසටහන්හී ,වර්තමාන ආකෘතියේ  නිර්මාතෘවරිය ලෙසින් ද ඇය  ඇගයුමට බදුන්වේ.

නන්දාවන්  වැඩිදුරටත් සිය හඬ අවදි කරමින් ,”මං   ඉදිරිපත් කරපු ජනප්‍රිය නාට්‍යයක් තමයි “හේන් යාය” ඒ වගේම “කුරුලු බැද්ද” නාට්‍යයත් ගොඩක් ජනප්‍රිය වුණා. ගුවන් විදුලියේ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ විදියට තමයි අන්තිමට මම  ගුවන්විදුලියේ රාජකාරි  කළේ.

 1982 අවුරුද්දේ  මම ගුවන් විදුලි මාධ්‍යට පොඩි විරාමයක් දීල, රූපවාහිනිය පැත්තට ගියා. තේවිස් ගුරුගේ මහත්තයා  ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වෙන්න  මට කතා කළා. තේවිස් ගුරුගේ මහත්තයා වැඩසටහන්වලට මාවයි, ඉංජිනේරු අංශයට වෙත්තසිංහ කියලා ඉන්ජිනේරුවරයෙකුයි තමයි මුලින් ම  ගත්තේ. අපි තුන්දෙනා තමයි ස්වාධීන රූපවාහිනියේ මුලින්ම වැඩ කළේ. මේ රූපාවාහිනිය ලංකාවට ආපු කාලේ. කාටවත් ලොකු දැනීමක්  තිබුණේ නෑ. රූපවාහිනිය   ගැන. එච්.එම්. ගුණසේකරත් පස්සේ කාලයේ  අපිත් එක්ක සම්බන්ධ වුණා.

 nanda jayamanna  

Image Source : dinamina

අවුරුදු හයක් විතර ස්වාධීන රූපවාහිනියේ වැඩ කරලා මම විශ්‍රාම ගත්ත. 1964 මාර්තු 12  දින මුල් වරට ගුවන්විදුලියෙන් ප්‍රචාරයවූ ,  “මුවන් පැලැස්ස” නාට්‍යයේ ආරම්භක නිෂ්පාදිකාව මම.විශ්‍රාම සුවයෙන් සිටිද්දී මෑතක් වන තුරුම  “මුවන් පැලැස්ස” ගුවන් විදුලි වැඩසටහන නිෂ්පාදනය කළා.ගුවන්විදුලි හා  රූපවාහිනී මාධ්‍ය දෙකටම සම්බන්ධව මේ තරම් දිගු  කාලයක් වැඩ කරපු  එකම කාන්තාව මම වෙන්න ඇති කියල මට මා ගැන පොඩි ආඩම්බරයක් නැතුවාම නොවෙයි,” ඇය සොදුරු සිනහවක් පාමින් මා  හා පැවසුවාය.

ඉහත , ගුවන්විදුලියේ මුවන්පැලැස්ස තේමා වාදනය  සවන්පත් සිප ගන්නා ඇසිල්ලේ, නිබදව ම ඇය මගේ මතකයට නැගේ.ඒ , එදවස මුවන්පැලැස්ස ශිල්පීන් පිරිවරා, නාට්‍ය පිටපත්  ගොනුවක් දෑත දරා,,මුවග රැදී සිනා රැල්ලෙන් සිය  සුහදතාව ප්‍රකට කරවමින් , පටිගත කිරීමේ මැදිරියට   පිවිසෙන  නන්දා ජයමාන්නයන් ය.

ඇය පිළිබදව  ස්වාධීන රුපවාහින්යේ සැමරුම් සටහනක් 

අභාවප්‍රාප්ත නන්දා ජයමාන්න මැතිනියගේ අවසන් කටයුතු ජනවරි 28 වන දින, පස්වරු 5 ට ,කොළඹ කනත්තෙදි සිදු කිරීමට නියමිතය. ජාතික ගුවන්විදුලියේ ප්‍රගමනය වෙනුවෙන් සුවිසල් කාර්යභාරයක් ඉටුකළ නන්දා ජයමාන්න මාධ්‍යවෙදිනියනි ,ඔබට අමා මහා නිවනින් සැනසීම ලබාන්නට හේතු  වාසනා ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

මෙම අනුස්මරණ සටහන සජීවීමත් කරන්නට තොරතුරු සහ සේයාරූ ලබාදුන් ,ජයමාන්න මැතිනියගේ සමීප ඥාතීන් වන,චන්දි  ජයමාන්න, සීතා එගොඩගේ මහත්මීන් ට හා ජනක මහතාට  අපගේ නොමද කෘතවේදීත්වය හිමිවේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

TAGGED:නන්දා ජයමාන්නය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article DEMISE OF PAULINE THAMBINAYAGAM IN UNITED KINGDOM SISTER OF NIRMALA CHERBIM DEMISE OF PAULINE THAMBINAYAGAM IN UNITED KINGDOM SISTER OF NIRMALA CHERBIM
Next Article Machan karate Machan karate | මචං කරාටේ
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read
Free ETA , Sri Lanka Tourism , Tourist Visa , Travel Update

Sri Lanka Officially Opens Free 30-Day ETA Access to 40 Countries from May 25

Beach Clean-Up , British School Colombo, Dehiwala Beach

Young Eco-Warriors: British School Colombo Leads Dehiwala Beach Clean-Up

Ahmedabad , FitsAir launches , MICE

FitsAir Connects Ahmedabad and Colombo with New Direct Flights

Shelley Nitschke signs contact extension

Shelley Nitschke signs contact extension

Vesak 2026 Melbourne, Millennium Imports Australia, Vesak Bath Dansala Melbourne, Drive-Thru Vesak Dansala, Sri Lankan community Australia, Buddhist celebrations Melbourne, Vesak Sri Lanka Australia, Dandenong South Vesak event, Dana tradition Buddhism, Vesak almsgiving Australia, Sri Lankan Australians, Melbourne Sri Lankan events, Vesak lanterns Melbourne, Buddhist community Australia, Sri Lankan culture in Australia, Vesak Full Moon Poya Day, Sannasa Digital, community service Melbourne, Sri Lankan diaspora Australia, Buddhist charity event, Vesak rice dansala, Melbourne Buddhist events, Sri Lankan heritage Australia, eLanka news, Australian Sri Lankan community, cultural events Melbourne, Buddhist generosity tradition, Vesak food donation, Millennium Imports Dandenong, Sri Lankan Vesak celebration

Millennium Imports Serves Over 5,000 in Successful 3rd Annual Drive-Thru Vesak Almsgiving

Related News
Artificial Intelligence (AI)
Articles

Artificial Intelligence and workforce vulnerability-by Dr. Chandrika Subramaniyan

Articles Charles Schokman

Pentecost Global Day of Prayer-by Charles Schokman

The Ghosts of Mount Mary-A Forgotten Railway Legacy
Articles

The Ghosts of Mount Mary: A Forgotten Railway Legacy

Concerns regarding the occurrence of foamy urine-eLanka
Articles Dr Harold Gunatillake

Concerns regarding the occurrence of foamy urine, its causes, and Remedies-by Harold Gunatillake

The annals of Sri Lankan sporting history are punctuated by moments of profound triumph, yet few resonate with as much enduring power as the victory in the 1996 Cricket World Cup. On Saturday, 16 May 2026, the global cricket community gathered at the historic Royal Selangor
Articles

Legends Reunite: chaTax® Accountants Sponsors Sri Lanka’s 1996 World Cup 30th Anniversary Celebration in KL

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.