හඬ පෞරුෂයෙන් ,නිර්මාණශීලීත්වයෙන් සහ මනුෂ්‍යත්වයෙන් සපිරි – බණ්ඩාර කේ.විජේතුංග – By ආචාර්ය ගාමිණී කාරියවසම්. 2024 ජනවාරි 03 දිනට, බණ්ඩාර කේ.විජේතුංග කෘතහස්ථ ගීත නිබන්ධකයා  දැයෙන් සමු ගෙන වසර 34 ක් සපිරේ.ගුවන්විදුලි මහගෙදර ,අපේ සමකාලීනයෙක්වූ  ඔහු අනුස්මරණය උදෙසා, ඔහු නිර්මාණ රසාස්වාදනය කරමින් මෙවන් සමරු සටහනක් තබන්නට මා සිත් පෙළැඹිණි. පුංචි බණ්ඩා විජයතුංගය සහ බණ්ඩාර මැණිකේ හේරත් දෙමහල්ලන් 1939 ක් වූ ජනවාරි මස 28වැනි දින පුත් රුවනක් ලදහ.ඔහු ජන්ම ලාභය ලද්දේ  කුරුණෑගල පල්ලේගම වැලිගන්වත්ත ග්‍රාමහිය.දෙමාපියන්  සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක විජයතුංග නමින් දරු උපත ලියා පදිංචිකරනු ලැබිණි.පියා වෘත්තීයෙන් ගුරුවරයෙකි. චින්තා පද්මිණීය,මෙම දරුවා ගේ එකම සොහොයුරිය වුවාය. පසු කාලයේ ‘බණ්ඩාර කේ. විජයතුංග  නමින් කලා ක්ෂේස්ත්‍රයේ දිදුලන්නේ මෙම දරුවා  බව දන්නේ සමාජයේ අතලොස්සකි. බණ්ඩාර විජයතුංග මූලික අධ්‍යාපනය ලබන්නේ ,බදුල්ල සාන්ත බීඩ් විද්‍යාලයෙනි.1953 වසරේ මොහු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනීම ආරම්භ කරන්නේ  ඉංග්‍රීසි මාධ්‍යයෙනි. 1964 වසරේ ආනන්ද විදුහලේ සිසුන් අතර පැවැත්වූ සාහිත්‍ය තරගාවලියේ කෙටිකථා,නාට්‍ය,ගීත සහ පද්‍ය යන තරග ඉසව් හතරෙන් ම හේ ප්‍රමුකයා වුයේ ඔහු සහජයෙන් ලද නිපුනතා මැනවින්ප්‍රකට කරවමිනි.මහාචාර්ය ජේ. බී.දිසානායක ,ඩී. බී. නිහාල්සිංහ, මහාචාර්ය සුනන්ද ...

Read More →