News & Community eLanka

eLanka

Friday, 9 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » කඩොලාන පරිසර සංරක්ෂණ ජාත්‍යන්තර දිනය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

කඩොලාන පරිසර සංරක්ෂණ ජාත්‍යන්තර දිනය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: July 25, 2024 3:04 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
11 Min Read
SHARE
Views: 101

කඩොලාන පරිසර සංරක්ෂණ ජාත්‍යන්තර දිනය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

kadolana

kadolana

Image Source : dailynews

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) මගින් සෑම වසරකම ජුලි 26 දිනය කඩොලාන පරිසර සංරක්ෂණ ජාත්‍යන්තර දිනය ලෙසින්  ප්‍රකාශයට පත් කර ඇත.

kadolana

Image Source: weforum

මිහිතලයේ තිරසාර පැවැත්ම කෙරෙහි කඩොලාන පරිසර පද්ධතියෙන් ඉටුවන ප්‍රශස්ත මෙහෙවර සැලකිල්ලට ගෙන එය ආරක්ෂා කර ගැනීමෙහිලා සමස්ත ලෝකයේම ජනතාව පෙළ ගැස්වීම හා පෙලඹවීම, කඩොලාන පරිසර සංරක්ෂණ ජාත්‍යන්තර  දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධානතම අරමුණ ලෙසින් සැලකේ.

කඩොලාන තුරු පියස පාරිසරික යහ පැවැත්මට මෙන්ම ජනතාවගේ ආර්ථිකය කෙරෙහිද ප්‍රබල ලෙස බලපාන සාධකයකි. ගොඩබිම් හා ජලය එක්වන මායිම ලෙස සැලකෙන අන්තර් උදම් කලාපය ,කඩොලාන තුරුයායේ නිජ බිමය. ගංගා මෝය හා කලපුවල කිවුල් දිය ආශ්‍රිතව සැඳෑ යාමයේ සිදුවන වඩදියට යටවී උදෑසනේ බාදියට නිරාවරණය වන එම බිම් පෙත් හි වැඩෙන ආශ්චර්යමත් ශාක විශේෂයක් ලෙසින් කඩොලාන ශාක පද්ධතිය හැඳින්විය හැකිය.එය සාමාන්‍ය ශාකවලට ඔරොත්තු දීමට, ජීවත් වීමට අසීරු, ලවන සහිත ශුෂ්ක පරිසර සාධක හමුවේ කටුක පරිසරයට අනුවර්තනය වෙමින් වර්ධනය වේ.

මිනිස් දිවියට, පරිසරයට අහිතකර කාබන් අවශෝෂණය කර, ගෝලීය උණුසුම් හා සබැඳි ස්වභාවික ව්‍යවසනයන් පිටු දකින, වෙරළ ඛාදනය වළකන මෙතෙක් බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයට යොමු නොවූ පරිසර සාධකයක් ලෙස කඩොලාන තුරු යායට උද්භිද ලොවේ අද්විතීය ස්ථානයක් හිමි වේ.

ජීවීන් රැසකගේ උපත සිදුවන්නේත්, එම ජීවීන් ආරක්ෂා වන්නේත් ඔවුනට ආහාර සැපයෙන්නේත් මෙම පරිසරය ආශ්‍රිතවය. විවිධ කඩොලාන පරිසරය තුළින් මිනිසාගේ ආර්ථික ප්‍රගමනය සඳහා ලබාදෙන දායකත්වයද සුළු පටු නොවේ.

2004දී මෙරට සුනාමි ව්‍යවසනයට ගොදුරු වූ අවස්ථාවේ දකුණේ පැරෑලිය හරහා ප්‍රචණ්ඩ සමුදුර රළ ගොඩබිමට ගලාවිත් කළ මහත්ම විපත, එහි වෙරළ තීරයේ කඩොලාන පරිසර පද්ධතියක් පැවතියේ නම් කිසිවිටක සිදු නොවන බව පරිසරවේදීන්ගේ නිගමනයයි. අම්පාර පොතුවිල් සුනාමියෙන් විපතට පත් විය.එම  අවස්ථාවේ ඒ ආසන්නයේම පිහිටි පානම සුනාමි විපතින්මිඳුණේ එම වෙරළ තීරයේ පැවති කඩොලාන ශාඛයන්ගේ ශක්තිමත් මුල් හේතුවෙනි. සුනාමි රළ පහර,රට අභ්‍යන්තරයට ගැලිය  නොහැකි පවුරක් ලෙසින්,කඩොලාන ශාඛයන් අභීතව ,නොසැළී රළ පහර පලවා හැරියේය.

කඩොලාන මඟින් මානව වර්ගයාට,මිහිතල පරිසර පද්ධතියට ලබාදෙන ප්‍රතිලාභ රාශියකි.කාබන් රහිත හිතකර  දේශගුණයක් පවත්වාගෙන යාම සඳහා කඩොලාන පරිසරය ලබා දෙන්නේ ආකර්ෂණීය දායකත්වයකි.

වායුගෝලයට නිකුත් කරන ලද අහිතකර කාබන්ඩයොක්සයිඩ් නැවත උරාගෙන කාලගුණය නැවත ස්ථාවර කළ හැකි  හොඳම හා කාර්යක්ෂම ක්‍රමය ලෝකයේ ශාක ප්‍රමාණය ඉහළ නැංවීමයි.

කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීමට ඇති හැකියාව එක් එක් වනාන්තර වර්ග අනුව වෙනස් වන අතර පස ජලයෙන් වැසී ඇති ගොහොරුමය වනාන්තර වර්ගවලට ඉතා විශාල වශයෙන් වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් උරාගැනීමට හැකියාව ඇත. ලෝකයේ ඇති මෙවැනි එකම ස්ථාවර ගොහොරු වනාන්තර වර්ගය කඩොලාන වන ගහනයන්ය. මේ වනාන්තර වල ගොහොරු පස මත ප්‍රමුඛව ඇති නිර්වායු බැක්ටීරියා පස මතට වැටෙන ශාක පත්‍ර මල් බීජ හා කඳන් කොටස් අර්ධව ජීර්ණය කරන අතර මේ ආකාරයට නිපදවන අර්ධව ජීර්ණය වූ කාබනික කොටස් පස තුළට ගැඹුරු ස්ථර ලෙස තැම්පත් කිරීම සිදු කරයි.

කඩොලාන ශාක මඟින් නිතැතින්ම ජල සංරක්ෂණයද සිදු වේ. මෙම ශාකය ජලයේ දියවී ඇති ද්‍රව්‍ය ප්‍රේෂණය කිරීම තුළින් හා ජලයේ දියවී ඇති පෝෂක හා විෂ කාරක අවශෝෂණය කර ජලය පවිත්‍රව තබා ගැනීමට උපකාරීවේ. සංවර්ධන කටයුතු සහ  පාරිසරික දූෂණය නිසා ඇති වන අහිතකර බලපෑම මෙමඟින් අවම කෙ‍රේ.

කඩොලාන පරිසර පද්ධතිය මසුන් , ඉස්සන් , කකුළුවන් වැනි විවිධ සත්ත්ව කොට්ඨාශ වර්ග 400 ක ප්‍රජනනය හා වර්ධනය පිණිස ආරක්ෂක වැස්මක් ලෙසින් ක්‍රියා කරයි. කඩොලාන මුල් සමූහය කුඩා සතුනට විලෝපිකයන්ගෙන් ආරක්ෂාව සඳහා  සැඟවී සිටීමට හා අවශ්‍ය ආහාර සපයා ගැනීමටද කදිම ක්ෂේම භූමියකි. කඩොලාන පත්‍ර සහ මුල් ජීර්ණය වීමෙන් ගංමෝය හා කළපු ආශ්‍රිත පතුලේ තැම්පත් වන කුඩා කාබනික අංශු මත්ස්‍යප්‍රජාවගේ පෝෂණය සලසා දේ.

කඩොලාන ආශ්‍රිතව මසුන් බහුලව ගැවසෙන බැවින් ධීවර කාර්මිකයිනට වඩාත් පහසුවෙන් සිය ජීවනෝපාය සිදු කර ගැනීමට අවස්ථාව සැලසේ. එහි ගිංපොල් ශාකයෙහි වියලි අතු වලින් පැදුරු, මලු, තොප්පි වියා ආදායම් සරු කර ගැනීමටද ජනතාව  පුරුදු වී සිටිති. ආහාරය සඳහා කැරන්කොකු ද කඩොලාන පරිසරය ආශ්‍රයෙන් ලබා ගැනේ. කඩොලාන විශේෂයක් වූ කිරළ ‍ සේ ගෙඩි වලින් කළපු තීරයේ ජීවත් වන ජනතාව ප්‍රණීත පානයක් සකසා වෙළඳපොළට ඉදිරිපත් කර කිසියම් ආදායමක්උ පයා ගැනීමටද නැඹුරුව සිටිති.

Image Source : lankamangrovemuseum

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක කුරුල්ලන් සිය දිගු ගමනේ විඩාව නිවා ගන්නේද කඩොලාන පරිසරයෙහි ලැගුම් ගැනීමෙනි. විවිධ උරගයින්, වල් බළලා, දිය බල්ලා, මුහුදු ඌරා වැනි කඩොලාන ආශ්‍රිතව දිවි ගෙවන සතුන් එහි පරිසරයට ලබා දෙන්නේ උත්කෘෂ්ට සුන්දරත්වයකි. කඩොලාන මිනිස් මනසට ලබාදෙන සුවදායක බව අතිමහත්ය. ඒ අනුව වෙරළ තීරයේ සංචාරක ව්‍යාපාරිකයින්, කඩොලාන සංරක්ෂණයට සහ නැවත වගාවට සහභාගී කර ගැනීමට නිසි ක්‍රමවේදයක් සැකසීම වැදගත්ය.

Image Source : lankamangrovemuseum

පරිසර විද්‍යාඥ ටොමිලින්සන් මහතා විසින් 1986දී කරන ලද විශේෂ අධ්‍යයනයකදී කඩොලාන ශාක පරපුර දළ වශයෙන්  කුල 16 – 24 ක් ලෙසද ඒවායේ විශේෂ 54 – 75 පමණ වන බවත් සඳහන් කර ඇත.

සත්‍ය කඩොලාන ශාක 21 සහ ආශ්‍රිත කඩොලාන වර්ග 50ට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණික කලාප වලදී දැකිය හැකිය. ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා රජය ප්‍රජාව සහ විවිධ සංවිධාන මඟින් ගෙනයනු ලබන ක්‍රියාදාමයන් අගය කළ යුතු වේ. ශ්‍රී ලංකාව තුළ කළපු සහ මෝයයන් 44 වැඩි ප්‍රමාණයක් ඇති අතර මේ සෑම කළපුවක් හා මොයක්ම කඩොලාන පරිසර පද්ධතියකි. දැනට හඳුනාගෙන ඇති හෙක්ටයාර් 12700 ආසන්න ප්‍රමාණයක් වූ කඩොලාන පරිසරය (මිනුම් ගත කිරීම මඟින් මෙම ප්‍රමාණයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ) අනවබෝධය නිසා ක්‍රමක්‍රමයෙන් හීනවෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ කඩොලාන  සංරක්ෂණ ව්‍යාපෘතිය.

kadolana

ප්‍රකට පරිසර වෙදියෙක්වූ ආචාර්ය  අනුරාධ වික්‍රමසිංහ  මහතා විසින්  මීට දශක ගණනාවකට පෙර,හලාවත  කාක්කපල්ලියේ,පම්බල කලපුව ආශ්‍රිත  බිම් තීරුවක, ශ්‍රීලංකාවට ආවේනික කඩොලාන වර්ග සියල්ල රෝපණය කර,සුධීස නමින් කඩලාන සංරක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබිණි. ඒ සීකොලොජි ජාත්‍යන්තර ආයතනයේ පුර්ණ  අනුග්‍රහයෙනි. එහි ස්ථාපිත කඩොලාන පර්යේෂණාගාරය තුළින් පාසල් දරුවන්ට  විපුල  දැනුම් සම්භාරයක් ලබාදීමට හැකි විය.

kadolana

kadolana

2016 වසරේ ජුලි 26 වන දින ට යේදී තිබු  ජාත්‍යන්තර කඩොලාන දිනය නිමිති කර ගෙන ඉදි කළ, ලොව ප්‍රථම කඩොලාන කෞතුකාගාරය , පම්බල කලපු තාවුල්ලේ සුධීස කාර්යාල සංකීර්ණයේදී   ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මැතිදුන්වි සින්  දැයේ  මතු පරපුර වෙත දායාද කරනු ලැබිණි.

kadolana

kadolana

ලොව ප්‍රථම කඩොලාන කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාව.

එම කාල වකවානුවේ ,යථෝක්ත  ව්‍යාපෘතියෙහි උපදේශකයෙක් වශයෙන් මම කටයුතු කළෙමි. කඩොලාන පිළිබදව  ජනතාවට  පුළුල් අවබෝධයක් ලබා දීම පිණිස ,භාව පුර්ණ , රසාස්වාදනීය  ගීතයක් නිර්මාණහි ලා ,ප්‍රබුද්ධ කලා ශිල්පීන් ද දෙනකුගේ සහ ගුවන් විදුලි වාදක මණ්ඩලයේ නුග්‍රහය ලබාදීමට මම මැදිහත් වූවෙමි.ප්‍රබුද්ධ ගීත නිබන්දක,මගේ සමීපතම  මිතුරෙක් වු  සුනිල් සරත් පෙරේරා සුරීන් වෙතින් කඩොලාන තේමා ගීතය නිර්මාණය කරවා ගතිමි. ඊට යෝග්‍යතම තනුවක් යොදා, ගායන දායකත්වය ලබා දුන්නේ අමරසිරි පීරිස් සහෘදයානන්  විසිනි.දුටුගැමුණු නිරිඳුන්ගේ ඇතුට,කඩොල් ඇතු යන නම ව්‍යවහාරයට පත්වූයේ, එම ඇතුගේ නිජබිම,  මාගම්පුර කඩොල් වන පෙතක්  වීම නිසා බැව් ,සුනිල් සරත් මෙම ගීතයේ පද වැලකින් අපුර්ව  ලෙස මතුකොට දක්වයි.

කඩොලාන තේමා ගීතය

 උත්සව අවස්ථාවකදී  වාදනය කළ මෙම කඩොලාන  සිංහල තේමා ගීතය ශ්‍රවණය කළ,කඩොලාන පරිසර සංරක්ෂණ සීකොලජී ජාත්‍යන්තර ආයතනයේ විධායක අධ්‍යක්ෂ ඩුවාන් සිල්වෙස්ටර් මහතා මහත් ප්‍රසාදයට පත්ව,එම ගීතයෙහි ඉංග්‍රීසි  අනුවාදනයක් ලබා දෙන ලෙසට අපගෙන්  ඉල්වීමක් කරනු ලැබිණි.ඒ අනුව අප විසින් සැකසූ ඉංග්‍රීසි තේමා ගීතය , සීකොලජී ජාත්‍යන්තර ආයතනය ද ,තම තේමා ගීතය ලෙසින් භාවිතා කරන බැව් වාර්තා වේ. පහත යොමුවෙන් ඔබට එම ගීතය  ශ්‍රවණය කළ හැකිය.

 

මෙම ව්‍යාපෘතිය මඟින් මානව වර්ගයාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශ වෙමින් පවතින කඩොලාන, ජාතික සම්පතක් ලෙස සලකා සුරක්ෂිත කිරීම පිණිස උපාය මාර්ග රාශියක් ක්‍රියාත්මකය. කඩොලාන කලාප සංරක්ෂිත ප්‍රදේශ බවට ගැසට් කර එම පරිසර පද්ධතියෙහි සුරක්ෂිතතාව සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු කිරීම, විනාශයට පත් කඩොලාන තිබු මුල් බිම් වල නැවත කඩොලාන රෝපනය, තවාන් ආරම්භ කිරීම, කඩොලාන පරිසර පද්ධතිය ආශ්‍රිත ගම්මානවල ජනතාවට කඩොලාන රැක ගැනිම හා ඒ ඇසුරෙන් විකල්ප ආදායම් මාර්ග සලසා ගැනීම පිණිස දැනුවත්කි රීම හා අවශ්‍ය අනුග්‍රහය ලබාදීම, මෙම  ව්‍යාපෘතිය මඟින් ක්‍රියාවට නැංවේ. කඩොලාන පරිසර පද්ධතිය පිළිබඳව පාසල් ප්‍රජාව සහ වැඩිහිටි ජනතාව දැනුවත් කිරීම පිණිස සුධීස ආයතනයේ මෙහෙය‍වීමෙන් හලාවත පම්බල කළපුව ආශ්‍රිත බිම් තීරුවක ශ්‍රී ලංකාවට ආවේණික කඩොලාන වර්ග රාශියක් රෝපණය කර ඇත. එහි පිහිටි කඩොලාන පිළිබඳ නිබඳවම පිරික්සුම් සිදු කෙරෙන පර්යේෂණාගාරය තුළින් පාසල් දරුවන්ට විපුල දැනුම් සම්භාරයක් ලද හැකි බවද මෙහිදී අවධාරණය  කරනු රිසියෙමි. 

kadolana

කඩොලාන  ශාක විශේෂයක  පිළිකා කාරක විනාශ කිරීමේ ප්‍රබල ශක්තියක් අන්තර්ගතව ඇති බව මේ වන විට හෙළිවී ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන විද්‍යා අණුක ජීව විද්‍යා හා ජෛව තාක්‍ෂණ ආයතනයේ මහාචාර්ය  සමීර සමරකෝන් ප්‍රමුඛ තරුණ විද්‍යාඥයන් පිරිසක් විසින් කඩොලාන ශාඛ විශේෂයක  අඩංගු පිළිකා නාශක ගුණය පිළිබඳ පර්යේෂණයක නිරත වීමෙන් අනතුරුව මෙම හෙළිදරව්ව කර ඇත. (මහාචාර්ය සමීර සමරකෝන් කඩොලාන කෞතුකාගාරයේ විද්‍යාත්මක සංසදයේ උපදේශකයෙකි.) මෙම විද්වතුන් කණ්ඩායම තෝරාගත් කඩොලාන විශේෂ 15ක් යොදා ගනිමින් සිය පර්යේෂණ සිදු කරන ලදී. මෙම ප්‍රයත්නයේදී (Black Mangrove) scyphiphora hydrophyllacea ශාකයේ පිළිකා නාශක ගුණ ඇති ප්‍රධාන රසායනික සංයුති හතරක් (Ursolic acid, olfanolic acid, Eichlerianic acid සහ Hopenone one) අඩංගු බව හඳුනා ගැනීමට ඔවුන්ට හැකි විය. මෙය ලොව පළමු සොයා ගැනීම ලෙස සැලකේ.

බටහිර වෛද්‍ය පර්යේෂණවලට අමතරව බණ්ඩනායක අනුස්මරණ පර්යේෂණ ආයතනයේ ආයුර්වේද වෛද්‍යවරයකු වන ඒ. ෂහාන් අජ්මීර් මහතා විසින් කරන ලද පර්යේෂණයකදී, දියවැඩියා සහ වකුගඩු රෝග සුව කිරීමේ රසායනික සංයුතියක්, කඩ ලාන ශාඛයන්හි  අඩංගු බව  අනාවරණය කර ඇත.  

ඒ අනුව කඩොලා,  පරිසර සංරක්ෂණයෙහි ලා පමණක් නොව, මතු ඔසු නිෂ්පාදනය තුළින් ජාතියේ ආර්ථිකය නගා ලීමට ද මහෝපකාරී වන වැදගත් සාධකයක් වනු නිසැකි.

kadolana

ශ්‍රීලංකාවේ සුධීස කඩොලාන  සංරක්ෂණ ව්‍යාපෘතියෙහි වත්මන් සභාපති ලෙසින් කටයුතු කරන්නේ, පරිසර අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයෙහි හිටපු ලේකම්,බී. එම්.යූ . ඩී . බස්නායක මහතාය.

කඩොලාන පරිසර සංරක්ෂණ සීකොලජී ජාත්‍යන්තර ආයතනය.

කඩොලාන පරිසර පද්ධතිය රැක ගැනීම සඳහා 1991 වසරේදී පෝල් ඇලන් කොක්ස් විසින් සමෝන්ස් දුපත්හි  ආරම්භ කළ  සීකොලජී  ජාත්‍යන්තර ආයතනය,දුපත් වෙරළ තීරයන් ආශ්‍රිත ශාඛ හා සත්ව ප්‍රජාව සංරක්ෂණය උදෙසා සුවිසල්මෙ හෙවරක නියැලී සංවිධානයකි. සීකොලොජී ජාත්‍යන්තර  ආයතනය ලෝකයේ රටවල් 200 ක, වෙරළ ආශ්‍රිත ශාඛ සංරක්ෂණය උදෙසා ක්‍රියාත්මක  විවිධ ව්‍යාපෘති පවත්වාගෙන යාමට අවශ්‍ය අනුග්‍රහය ලබාදී ඈත. වෙරළාශ්‍රිත ශාඛ සංරක්ෂණය වෙනුවෙන් නිහඩ සුවිසල්  මෙහෙවරක නිරත පුද්ගලයකු තෝරා,එම පුද්ගලයාට  ඩොලර් 10000  වටිනා “ සීකොලජී ජාත්‍යන්තර තාග්‍යක් “වාර්ෂිකව පිරිනැමීම මෙම ආයතනය මගින් සිදු කෙරේ.වරක්  මෙම ත්‍යාගය  හිමිවුයේ ශ්‍රීලංකාවේ කඩොලාන  පරිසර වේදී  ආචාර්ය  අනුරාධ වික්‍රමසිංහ  මහතා වෙතය. 

ආචාර්ය ගාමිණී කාරියවසම්.  

gaminee@gmail.com    

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:UNESCOකඩොලානකඩොලාන පරිසර සංරක්ෂණ ජාත්‍යන්තර දිනය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Symptoms of liver disease Decoding Liver Enzymes: What You Need to Know – By Dr Harold Gunatillake
Next Article Kaleidoscope with Savithri Rodrigo 220 Kaleidoscope with Savithri Rodrigo 220 25 07 2024
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Sri Lanka university hostels

Sri Lanka Approves 55 New University Hostels to Ease Student Accommodation Shortage

JUST A CLOSER WALK WITH THEE-LIVING ETERNITY ON THIS EARTH-by Lakshman Navaratne

FLH Mapiya Kapakaru

FL Foundation Launches ‘Mapiya Kapakaru’ to Fund the Education of 100 Children from Low-Income Families

Shukri Salman, Youth Ecosystem Builder, Youth Top 40 New Generation Awards 2026, Youth Top 40 Awards Sri Lanka, Sri Lankan entrepreneur, Sri Lankan educator, youth development Sri Lanka, youth leadership Sri Lanka, youth empowerment, youth entrepreneurship, Teen Business Summit, Accelerate Holdings, Hyve Pvt Ltd, young Sri Lankan leaders, Sri Lanka youth development, entrepreneurship education Sri Lanka, professional qualifications lecturer, youth ecosystem, Sri Lankan youth, youth leadership awards

Indeewari Chandrasekara Wins the Global Star of WiLAT Award 2026 in Hong Kong

Circul8 Becomes Sri Lanka Tourism’s First Australian Creative Agency for a Six-Month Campaign

Related News
City of Dreams Sri Lanka World Travel Awards 2026
Articles

City of Dreams Sri Lanka Wins Asia’s Leading New Resort and Sri Lanka’s Leading Luxury Resort at the World Travel Awards 2026

Articles

Arimac CEO Chamira Jayasinghe Named Sri Lanka’s AI Leader of the Year as Company Takes Three National Honours

A snapshot of Basil D 'Oliveira
Articles

A snapshot of Basil D ‘Oliveira

Sri Lanka Targets US$5 Billion in Digital Exports by 2030 as It Positions for Regional AI and Data Centre Hub Status
Articles

Sri Lanka Targets US$5 Billion in Digital Exports by 2030 as It Positions for Regional AI and Data Centre Hub Status

2FORTY2 PADURA attracted around 1,000 music lovers to Crystal Grand in Slough, celebrating Sri Lankan music, culture and community in the UK.
Articles

2FORTY2 – PADURA Draws 1,000 Music Lovers for a Night of Sri Lankan Hits in Slough

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.