News & Community eLanka

eLanka

Saturday, 29 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: June 6, 2024 3:17 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
11 Min Read
SHARE
Views: 107

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

ITN

Image Source : media.gov.lk

ITN

Image Source : dailynews

Dr.Gamini Kariyawasam.මෙරට ස්ථාපිත ප්‍රථම රුපවාහිනී නාලිකාව ලෙසින් අබිසෙස්  ලද ස්වාධීන රුපවාහිනී සේවයේ 45 වන ජන්ම සංවත්සරය  2024 ජුනි 05 වන දිනට යෙදී තිබිණි. ඒ නිමිති කර ගෙන  ස්වාධීන රූපවාහිනී සේවය මහ ඉහලින් සැමරුම් උත්සවයක් ද පැවැත්වූ අයුරු අප එම රුපවාහිනී නාලිකාව තුළින් ම දුටිමු. එම මොහොතේ , ස්වාධීන රුපවාහිනිය ගොඩ නැංවීම පිණිස මුල්ම යුගයේ  ,අවම පහසුකම් යටතේ ,මහත් දුෂ්කරතා විදිමින් ,මහත් කැපවීමකින්  තම ශ්‍රම දායකත්වය ලබාදුන් කාර්ය මණ්ඩලය පිළිබදව අතීතාවර්ජනයකට මසිත් යොමුවූයේ නිතැතිනි.  කෘතවේදීත්වය මුලිකව නිපන් එම සිතුවිලි සමුදාය , මෙනයින් සුවිශේෂී සටහනක්  ලෙසින්  ඔබ වෙත ඉදිරිපත් කරමි.

ස්වාධීන රුපවාහිනී සේවයේ තිඹිරි ගෙය වුයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ස්වාධීන රූපවාහිනිය බිහිවීමට ආසන්න කාල වකවානුවේ, 1979 වසරේ මා ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථා කාර්ය මණ්ඩලයේ ශබ්ද පරිපාලක වරයෙක් ලෙසින් සේවයෙහි නිරතව සිටියෙමි. එම යුගයේ  මට අසන්නට, දකින්නට ලැබුණු  සත්‍ය,අප්‍රකට තොරතුරු මෙම ලිපිය සැකසීම පිණිස බෙහෙවින්ම  උපස්තම්භක විය.

ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල රූපවාහිනිය  ආරම්භවී වසර කිහිපයක් යාමට මත්තෙන්, කිසිවෙක්  නොසිතූ  වස්ථාවක,1979 දී  ශ්‍රී ලංකාවේ හාපුරා කියා රූපවාහිනී  සේවාවක් ඇරඹීමේ ගෞරවය ශාන් වික්‍රමසිංහ , අනිල් විජේවර්දන,සහ බොබ් ක්‍රිස්ට් යන ව්ද්වතුන් ත්‍රීත්වයට හිමිවේ. පන්නිපිටිය මහල්වරාව පිහිටි කුඩා ගොඩනැගිල්ලක මෙම සේවාව ආරම්භ වුයේ ටී වී ශ්‍රීලංකා නමිනි.

ITN

 ශාන් වික්‍රමසිංහ

Image Source : alchetron

මුලින්ම වර්ණ රූපවාහිනී සේවාවක් ඇරඹූ දකුණු ආසියාකරයේ රටවල් අතරින් ප්‍රථම රට වශයෙන් ශ්‍රී ලංකාව විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයට. එක්වේ 1979 අප්‍රේල් 13 වන දින පස්වරු 6.35 ට ශ්‍රී ලංකාවේ ප්‍රථම රුපවාහිනී වැඩසටහන ගුවන් ගතවුයේ විද්‍යුත් මාධ්‍ය  ක්ෂේස්ත්‍රයේ නැවුම් මාවතකට දොර විවර කරමිණි.

කිලෝ වොට් එකක ධාරිතාවයකින් යුතු,ට්‍රාන්ස්මීටරයක් උපයෝගී කරගනිමින්  අඩි 65  ක උස විකාශන කුලුනක් උපයෝගී කර ගනිමින් අත්හදා බැලීමේ මට්ටමින් මෙය ක්‍රියාත්මක විය. විකාශනය කිලෝ මීටර 15 ක වපසරියකින් යුත් කොළඹ ප්‍රදේශයට පමණක් සීමා විය.

ITN

itn

මෙම වසරේම ගුවන් විදුලි සංස්ථා ඉංජිනේරුවරයෙකු වූ ටියුඩර් පෙරේරා මහතා විසින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ප්‍රදර්ශනයකදී කෙටි දුර සුදු කලු රූපවාහිනී විකාශනයක් නරඹන්නන්ට දැකබලා ගැනීමට සලසනු ලැබිණි. එය ශ්‍රී  ලංකා රූපවාහිනී මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම භාහිර විකාශනය ලෙස සැළකේ.  වී . ටී ලංකා පසු කලෙක ස්වාධීන රූපවාහිනීය බවට පත්විය. එය ද අහඹු සිදුවීමකි.

ශ්‍රී ලංකාවේ හාපුරා කියා ඇරඹි රූපවාහිනී විකාශනයේ ආයු කාලය දින 52 ක්   වැනි සුළු කාලයකට සීමා විය.1979 ජුනි මාසයේදී එවකට රාජ්‍ය නායකයාව සිටි ජේ ආර් ජයවර්දන මහතාගේ කතාවක් කාර්මික දෝෂයක් නිසා.   ප්‍රචාරය අතර මග ඇන හිටියේය. එම සිදුවීම  පදනම් කරගෙන 1979 ජුනි 05 වන දින ටී.වී. ශ්‍රී ලංකා සමාගම රජයට  පවරා ගෙන එහි පාලනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට භාර කළේය. එහි නිසි බලධාරීන් ලෙස, එවකට ගුවන් විදුලි අධ්‍යක්‍ෂ ජනරාල් තේවිස් ගුරුගේ මහතා සහ ඉංජිනේරු සුනිල් අබේසුන්දර මහතා පත්කරනු ලැබිණි. ටී.වී ශ්‍රී ලංකා නාමය වෙනුවට ස්වාධීන රූපවාහිනී සේවාව ස්ථාපනය විය.

Itn

රජයට පවරාගත් “TV ශ්‍රී ලංකා” සේවාව ඉක්මනින්ම “ස්වාධීන රූපවාහිනිය” නොහොත් ITN ලෙස වර්ධනය විය. මෙම ආයතනය රජයට පවරා ගැනීම සිදුවූයේ 1979 ජුනි මස 05 දින නිකුත් කරන ලද අංක 39/5 දරන අති වි‍ශේෂ ගැසට් නිවේදනයෙන්, 1971 අංක 35 දරන ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත යටතෙහිය. කෙටි කාලයක් ඇතුලත සුනිල්අ බේසුන්දර මහතා සම නිසි බලධාරී ධුරයෙන් ඉවත්ව ගියේය. එවක් පටන් 1989 ජූලි 23 වන දින දක්වා තේවිස් ගුරුගේ මහතා ස්වාධීන රූපවාහිනී සේවයෙහි නිසි බලධරයා වශයෙන් මහත් කාර්යභාර්යයක් ඉටුකළේය.අවශ්‍ය රාජකාරිය සඳහා සුදුසු පුද්ගලයින් හඳුනා ගෙන ඒ ඒ අංශ වලට ඔවුන් යොමු කිරීමේ තීක්‍ෂණ ඥානයක් ගුරුගේ මහතා සතුවිය. එවකට ආයතනයේ සේවය කළ අතලොස්සක් පමණ වූ කාර්ය මණ්ඩලය විසින් දිවා රෑ නොබලා ආයතනට ලැදිකමින් ඉටු කරනු ලැබුවා වූ සේවයද මෙහිදී අපගේ ඇගයීමට බඳුන් විය යුතුය. සේවාව දියුණු කිරීම පිණිස ඔවුන් විසින්ම සොයා ගන්නා ලද සම්පත්උ පයෝගී කර ගනු ලැබිණි.

ITN

         නන්දා ජයමාන්න,සී.ආර්,ද සිල්වා ,තේවිස් ගුරුගේ ,

ස්වාධීන රුපවාහිනියේ පුරෝගාමියෝ.

Image Source : dinamina

පූර්ව අත්දැකීමක් නොමැති වුවද ආරම්භක රූපවාහිනී සේවය මෙහෙය වූවෝ තමන් වෙත පැවරූ අභියෝගය මහත් ආඩම්බරයෙන් බාර ගත්හ. ගුවන් විදුලියේ TR 1 මැදිරිය රූපවාහිනී වැඩසටහන් පටිගත කිරීමට යෝග්‍ය අන්දමින්ප්‍ රතිසංස්කරණය කර ගනු ලැබිණි. එවකට කාර්ය මණ්ඩලය 07 දෙනෙකුගෙන් සමන්විත විය.

ITN

   නිහාල් අබේසුරිය මයා .

නිහාල් අබේසූරිය, වින්සි පෙරේරා, රොහාන් පෙරේරා, පාලිත ප්‍රනාන්දු,  තුසිත මුනින්ද්‍රදාස, හාට්ලි ප්‍රනාන්දු, ශාන්ති ෆොන්සේකා යන ජ්‍යෙෂ්‍ඨ කාර්මික නිලධාරීන් ස්වාධීන රූපවාහිනිය ගොඩනැංවීම සඳහා පුරෝගාමීව ක්‍රියා කළහ. කේ. එන් ගුණවර්ධන, ඉංජිනේරු අධ්‍යක්‍ෂ ආනන්ද වෙත්තසිංහ, රුක්මන් විජේමාන්න යන මහතුන් ඔවුන්ට නිසි මග පෙන්වීම් ලබා දෙනු ලැබිණි. චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් කිහිපදෙනෙකුගේද සේවය ලබා ගැනිණි. චිත්‍රපට සංස්ථාවේ සනත් ලියනගේ සහ විමල් පෙරේරා යන මහතුන් එම පිරිස අතරින් සුවිශේෂී සේවාවක් ඉටු කළ දෙදෙනෙකි.

ITN

කේ. එන් ගුණවර්ධන මහතා 

Image Source :  sripalee.srilk

ගුවන් විදුලි සංස්ථාවේ මහව විකාශනාගාරය ආශ්‍රිත භූමි භාගය, සංස්ථා සභාපති ඒමන් කාරියකරවන මහතා විසින් බණ්ඩක්කා වගාව සඳහා ජපන් සමාගමකට පවරනු ලැබිණි. එහි ගිවිසුම් අත්සන් කරන දිනයේදී එම සමාගමෙන් V.K.S. වර්ගයේ කුඩා රූපවාහිනී කැමරාවක් හා රෙකෝඩරයක් ගුවන් විදුලි සංස්ථාව වෙත පරිත්‍යාග වශයෙන් ලැබිණි. ස්වාධීන රූපවාහිනිය මූලාරම්භය පිළිබඳව බොහෝ දෙනෙක් නොදන්නා බැවින් විදුලි ආලෝකය, වේදිකා නිර්මාණය, පසු තල නිර්මාණය හා සංගීත මෙහෙයවීම කළ ආකාරය සිහිපත් කරන විට මුල් නිලධාරීන් කෙරෙහි අනුපමේය භක්තියක් මතුවේ.

ITN

දයානන්ද ගුණවර්ධන ශූරීන්

Image Source : alchetron

සේවා ආරම්භ කර මාස 04 කින් පමණ පසුව, නවීන තාක්‍ෂණයෙන් පිරිපුන් කැමරාවක් ආයතනයට ඕස්ට්‍රේලියාවේ AIDB  ආයතනයෙන් පරිත්‍යාග වශයෙන් ලැබිණි. ස්වාධීන රූපවාහිනී නිෂ්පාදිත ප්‍රථම ටෙලි නාට්‍ය දයානන්ද ගුණවර්ධන ශූරීන්ගේ  රන්මලී ගුණසේකර ප්‍රධාන චරිතය රඟ දැක්වූ ගජමන් පුවත නාට්‍යයයි. සුදර්ශී ශාලාවේදී රූපවාහිනී ගත කළ මෙම නාට්‍ය සංස්කරණයේ කරන ලද්දේ ගුවන් විදුලියේ 05   වන  මැදිරිය තුළය. ගජමන් පුවත හඩකවන ලද ප්‍රථම රූපවාහිනී නාට්‍ය ලෙසද සැලකේ. එය කෙතරම් දුරට සාර්ථක වීද යත් ජාත්‍යන්තර ප්‍රශංසා දිනා ගැනීමටද සමත් විය.

මෙම නාට්‍ය රුසියාවේ සග්ග්‍රේඩ්හි ජාත්‍යන්තර නොබැඳි සමුළුවේ ආරාධිතයින්ට නැරඹීම පිණිස ද ඉදිරිපත් කරනු ලැබිණි.  දේශීය රූපවාහිනියක් අරඹා 06 මාසයක් වැනි කෙටි කාලයක් තුළ මෙවන් නිර්මාණයක් කිරීම පිළිබඳව මෙම උළලේදී ශ්‍රී  ලංකාව විශේෂ ඇගයීමයට බදුන්  විය.

අවශ්‍ය නිසි උපකරණ ආයතනය සතුව නොපැවතුනද 80 මොස්කව් ඔලිම්පික් උළෙල ආවරණය කර ප්‍රචාරයට සැලසීමට  තරම් අපේ ඉංජිනේරු කාර්ය මණ්ඩලය අති දක්‍ෂ විය.

ගුවන් විදුලි ප්‍රවෘත්ති අංශයෙහි චන්ද්‍රා මුණසිංහ හා ලෝරන්ස් ජයසේකර මුල් යුගයේ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ  ප්‍රධානීන් වශයෙන් කටයුතු කළහ. වෙළඳ දැන්වීම් ලබා ගැනීමේ කාර්යය ෂර්ලි පෙරේරා මහතා අතින් සිදුවිය. එච්.එම්.  ගුණසේකර මහතා වැඩසටහන් අංශය භාරව ක්‍රියා කළේය. ඉංග්‍රීසි ප්‍රවෘත්ති ගුවන් විදුලියේ TR 1 මැදිරියේ  පටිගත කර, විනාඩි 15ක් ඇතුලත පන්නිපිටිය විකාශනාගාරයට ග‍ෙන යාමේ රාජකාරිය කාර්යක්‍ෂමව ඉටු කරනු ලැබුවේ ගුවන් විදුලි රියදුරු රුද්‍රගු මහතා විසිනි.

ITN

Image Source : divaina

itn

කේ.ඩී.කේ. ධර්මවර්ධන හා සුමනා නෙල්ලම්පිටිය

කේ.ඩී.කේ. ධර්මවර්ධන හා සුමනා නෙල්ලම්පිටිය මුල්ම රූපවාහිනී සිංහල නිවේදකයින් වූ අතර, එරික් ප්‍රනාන්දු,  නොයෙලින් හොන්ටර්, මාටිත් ස්ටයින් මුල්ම ඉංග්‍රීසි නිවේදකවරු වූහ. එවකට ප්‍රචලිත වැඩසටහන් අතර සෙසම් ස්ටීට්  වැඩසටහන නරඹන්නන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබිණි. දේශීය නිර්මාණ බිහිකිරීමට තරම් 1982 දක්වාම  වාතාවරණයක් නොවීය. ගොඩනැගිලි පහසුකම් නොමැතිවීම ඉන් ප්‍රධානතම බාධකය විය. 1982 වසර වන විට තලවතුගොඩ වික්‍රමසිංහපුර උස් බිමක ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි වීම ආරම්භ විය. මෙතෙක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි ආශ්‍රීතව, ගුවන් විදුලි කාර්ය මණ්ඩලය මගින් පෝෂණය වෙමින් පැවති ස්වාධීන රූපවාහිනිය 1983 ජූනි 05 වන දින වික්‍රමසිංහ පුර නව ගොඩනැගිලි සංකීර්ණයට ගෙන එනු ලැබිණි.

ආයතනය නව සංකීර්ණයකට පිවිසීමත් සමඟම විකාශන කලාපය පුළුල් කිරීමේ අවශ්‍යතාවයද නිතැතින් මතු විය. එවකට  නිසි බලධාරී ලෙස කටයුත කළ තේවිස් ගුරුගේ මහතා විකාශන කලාපය පුළුල් කිරීම කෙරෙහිත්, නව රූපවාහිනී වැඩසටහන්සැළසුම් කිරීම කෙරෙහිත් ඉටු කළ මෙහෙවර මෙහිදී කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කළ යුතුමය.

itn

එච්.එම් .ගුණසේකර මයා 

Image Source : slbc95

ITN

Image Source : ft

ස්වාධීන රූපවාහිනියේ ළදරු අවධියේ වැඩසටහන් නිශ්පාදන අංශයෙන් සේවා දායකත්වය ලබා දුන්, දැනට විදේශ සේවාවේ කෘතහස්ත නිලධාරියෙක් වන රවීනාත් ආරියසිංහ මෙන්ම ධම්ම ජාගොඩ, බන්දුල විතානගේ, ලූෂන් බුලත්සිංහල මහතුන් සහ නන්දා ජයමාන්න මහත්මියගෙන් ඉටු වූ සේවාවන් ද අපට අමතක කළ නොහැකිය. වික්‍රමසිංහපුර නව මැදිරි සංකීර්ණය විවෘත කිරීම නිමිතිකරගෙන, එහි එළිමහන් වේදිකාවක පැවැත්වූ සංගීත සන්ධ්‍යාව ස්වාධීන රූපවාහිනියේ ක්‍රමවත් ප්‍රථම සජීවී විකාශය ලෙස ඉතිහාස ගත වේ. ඉංජිනේරු ශාන්තිලාල් නානායක්කාර මහතා මෙම කාර්යයේදී පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. මයිකල් පීරිස්, ගුණරත්න යන මහතුන් ද වැඩසටහන් නිශ්පාදනයෙහිලා සහය වූහ. ආයතනයෙහි කාර්යාල කටයුතු ඉටු වූයේ කාන්ති ගුණසේකර මහත්මියගේ මූලිකත්වයෙනි.

ITN

පී එල්.ඒ .සෝමපාල මයා 

Image Source : youtube

පී.එල්.ඒ. සෝමපාල මහතා නිශ්පාදනය කළ මධුරසාංග සංගීත වැඩසටහන මුල් යුගයේ ශ්‍රාවක පිරිස අතර අතිශයින්ම  ජනප්‍රියත්වයට පාත්‍ර වූ වැඩසටහනකි. අමරදේව, වික්ටර් රත්නායක, ජෝතිපාල, මිල්ටන් පෙරේරා, ලතා වල්පොල, මොහිදීන්බෙග්, ජී.එස්.බී. රාණි පෙරේරා වැනි ශිල්පීන්ගේ ගායනා ඔවුන්ගේ රූපකායද සමඟ මුල් වරට ශ්‍රාවක පිරිසට සියැසින් දැක ගැනීමේ භාග්‍ය උදාවූයේ මධුරසාංග වැඩසටහන තුළිනි. ආරියසිරි විතානගේ සහ ඉදුනිල් දිසානායක අඛණ්ඩව වසර ගණනාවක් මෙම වැඩසටහනෙහි නිවේදන කටයුතු ප්‍රශස්ත ලෙස ඉටු කළ අයුරු අපට මෙහිදී සිහිපත් වේ.

itn

ඉදුනිල් දිසානායක                            

Image Source : dailymirror

itn

ආරියසිරි විතානගේ

Image Source : facebook

මුල් යුගයේ ස්වාධීන රූපවාහිනී විකාශන කාලය පැය 05 ට සීමා වී තිබිණි. රුහුණට රූපවාහිනී විකාශය සම්ප්‍රේණය කරනු  පිණිස දෙනියායේ එන්සල් වත්තේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් භූමිභාගය ද, කොළඹ දිස්ත්‍රික්කයේ  ප්‍රේක්‍ෂකයන් සඳහා යටියන්තොට හල්ගොල්ල වතුයායේ වැව්යතලා කඳු ශිකරයේ 1942 යුධ සමයේ රේඩාර් විදුලි සංඥා  යැවීම පිණිස භාවිතා කළ ඉඩම ද තෝරා ගනු ලැබිණි.

ජාතික රූපවාහිනිය බිහි කිරීමේ ගෞරවය හිමි වන්නේ එවකට ගුවන් විදුලි අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස හා ස්වාධීන රූපවාහිනියේ නිසි බලධාරියා ලෙස ක්‍රියාකළ තේවිස් ගුරුගේ මහතා වෙතය.

මෙවන් 45 වසරක  අභිමානවත් ඉතිහාසයකට උරුමකම් හිමි,ශ්‍රීලංකාවේ ප්‍රථම රුපවාහිනී නාලිකාව පිලිබදව අනාගත පරපුර දැනුවත් කිරීම පිණිස ,” ස්වාධීන රුපවාහිනී කෞතුකාගාරයක්” ස්ථාපනය කිරීමේ යෝග්‍යතාව පිලිබදව,  මෙම අවස්ථාවේදී අදාල බලධාරීන්ගේ  වධානය යොමු කරවනු රිසියෙමි.මෙම ආයතනය බිහි කිරීමට පුරෝගාමීවූ,උරදුන් පුද්ගලයින් පිලිබදව චායාරූප,වීඩියෝ දර්ශන සහ කට හඩ  සහිත තොරතුරු,මුලින්ම භාවිතා කළ උපකරණ, ගොඩනැගිලි ,වැඩසටහන්හී ක්‍රමික විකාශනය ආදී තොරතුරු ,යෝජිත කෞතුකාගාරයට ඇතුලත් කිරීම යෝග්‍යවේ. 

මෙම ලිපිය සැකසීමේදී   ස්වාධීන රූපවාහිනියේ, කාර්මික ශිල්පීන්, නිවේදකයින් හා අන් සියලු නිලධාරීන්  හා සහායකයින්  පිළිබඳව සටහන් තැබූවේ ඔවුන්ගේ සේවා දායකත්වය ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශයට හා රූපවාහිනී ප්‍රගමනයට අතිශය දායක වූ බැව් මාධ්‍ය ඉතිහාසයට එක් කිරීමේ අභිලාෂයෙනි.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com 

(ස්වාධීන රුපවාහිනියේ හිටපු සාමාන්‍යාධිකාරී )

TAGGED:ස්වාධීන රුපවාහිනී සේවය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Kaleidoscope , Savithri Rodrigo , World Environment Day , economy Kaleidoscope with Savithri Rodrigo 213 06 06 2024
Next Article Happiness is Near You Happiness is Near You: A Journey to Discover Joy in Everyday Moments – By Nadeeka – eLanka
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
The Brad & Kiara Show

The Brad & Kiara Show

Events and Festivals form Liverpool’s identity

Culture, Events and Festivals form Liverpool’s identity

Books

Editorial Review for Veterinary Hospital- by Noel Nadesan

HCA Newsletter

First Impressions Are Critical-eLanka

First Impressions Are Critical: Addressing Service Gaps at BIA to Safeguard Sri Lanka’s Reputation One Arrival at a Time, Colombo -by Harold Gunatillake

Related News
Rhythms of Sri Lanka - Sydney Opera House - Showcasing the best Sri Lankan musical talent across a generation - 23 August 2026 - eLanka
Articles Aubrey Joachim

Rhythms of Lanka…. Showcasing the best Sri Lankan musical talent across a generation – By Aubrey Joachim

Revival of Colombo’s neglected floating market – a challenge-By Arundathie Abeysinghe
Articles Arundathie Abeysinghe

Revival of Colombo’s neglected floating market – a challenge-By Arundathie Abeysinghe

Articles

Sri Lanka vs India – Watch highlights – 2nd Test, Colombo (SSC), August 23 – 27, 2026,

Anuradhapura Anthem composed-eLanka
Articles

“Anuradhapura Anthem” composed by RW Ievers, c.1890

Sonal Dinusha-eLanka
Articles Michael Roberts

Sonal Dinusha: A Rising Cricket-Star For Sri Lanka

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.