News & Community eLanka

eLanka

Tuesday, 19 May 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » දැයෙන් සමුගත් ලයනල් ප්‍රනාන්දු – නිර්මාණශීලී පරිපාලන වේදියා. – ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

දැයෙන් සමුගත් ලයනල් ප්‍රනාන්දු – නිර්මාණශීලී පරිපාලන වේදියා. – ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: July 8, 2024 4:32 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE
Views: 8

දැයෙන් සමුගත් ලයනල් ප්‍රනාන්දු – නිර්මාණශීලී පරිපාලන වේදියා. – ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.

ලයනල් ප්‍රනාන්දු
නිර්මාණශීලී නොවන පුද්ගලයාට ලෝකයේ සිදුවීම් දිස්වන්නේ ඒකාකාරීවය.හේ ලොව විචිත්‍රත්වය නොදකී. සුන්දරත්වයට සංවේදී නොවේ. එවැන්නන් සිය පෞද්ගලික ජීවිතයේදී මෙන් ම , වෙසෙසින් ම වෘත්තීය ජීවිතයේදී ද කිසියම් තෘප්තියක් නොලබත්. එහෙත් නැණ නුවණ දල්වා , හෘදයාංගමව දැයේ මෙහෙවර වෙනුවෙන් කැපවන්නාවූ , විශිෂ්ටතර පුද්ගලයා , නිරායාසයෙන්ම, බුහුමනට බඳුන්වන පුද්ගලයෙක් වේ. ඔහුගේ භාවමය දිවිය මිහිරි කාව්‍යයක් වෙයි.එය අපූර්ව, ආශ්වාදනීය, පොදු ජනතාව හා සබැඳුණු දිවියක් වේ. භාවාත්මකව වර්ධනය වූ සෞන්දර්යයීය දැක්ම, ඔහුගේ මනසට වඩා හදවත පුළුල් කරවන සුළුය. සෞන්දර්යකාමී හදවතක් ඇති එබදු මිනිසුන් යළි යළිත් බිහිවනු දැකීම මුළු මහත් ජනතාවගේ ඒකායන ප්‍රාර්ථනයයි.

මෙවන් ගති ලක්ෂණවලින් හෙබි, උදාර පරිපාලන වෘත්තීය වේදියෙක්, පෙර දින දැයෙ න් සමුගති. නම දුටු සැණින් මුළු රටම හඳුණන ඒ උත්තරීතර විද්වතා ලයනල් ප්‍රනාන්දු ශ්‍රීමතුන්ය.

1936 පෙබරවාරි 17 දින , මද්දුමගේ ඩික්මන් ප්‍රනාන්දු සහ ඇඩ්ලින් ෆොන්සේකා දෙමහල්ලන්ගේ පුත්‍රයෙක් ලෙසින් ලයනල් ප්‍රනාන්දු ශූරීන් උපත ලබන්නේ මහනුවරදීය. මහනුවර අම්පිටිය රෝමානු කතෝලික විදුහලෙන් මූලික අධ්‍යාපනය ලත් ලයනල් ප්‍රනාන්දු මානවකයා,උසස් අධ්‍යාපනය සදහා පිවිසෙන්නේ, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල වෙතය.තම ළමා විය දරිද්‍රතාවයේ කටුක අත්දැකීම් වලින් ගහනව පැවැති බව,සමන් ආතාවූද කලා ශිල්පියා සමඟ පැවැති සාකච්ඡාවකදී ,ලනල් ශුරීන් අනාවරණය කලේ, සිය නිහතමානීත්වය මැනවින් ප්‍රදර්ශනය කරමිනි.

සිල්වෙස්ටර් ශිල්පායතනයෙන් උසස් පෙළ,උසස් ලෙස සමත්ව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ 1956 ජූලි මාසයෙදීය. ඔහුගේ අනාගත සහකාරිය සෝමලතා සුබසිංහයන්,1958 වසරේදී පේරාදෙණි සරසවි වරම් ලබන්නේ දෛවෝපගත සිදුවීමක්,ඔවුනගේ ජීවන චාරිකාවේ සනිටුහන් කරමිනි. කවදා හෝ තමා විවාහ වීමට අපේක්ෂිත තරුණියගේ හැඩරුව,එදා ඇය වෙතින් දුටු බව,අවස්ථා කිහිපයකදීම ඔහු ප්‍රකාශ කර තිබිණි.

හේ වසර කිහිපයකට පෙර පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වෙමින් , මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් වෙතින් 1956 වසරේ ”මනමේ” නාටකය බිහිවූ ලීලාව,හෘදයාංගම ලෙසින් පැහැදිලි කළේය.
“ අපි පළමු වසරේ ශිෂ්‍යයන් ලෙස විවිධ කලා කටයුතු ඉෂ්ඨ සිද්ධ කළා. අපට විවිධ වැඩ කොටස් පැවරුණා.ඒ අනුව ගීත ගායනයට, රංගනයට, නර්තනයට දක්ෂ අය පේරාදෙණිය සරසවියෙන් සොයා ගැනීමට දැන්වීමක් ඇලෙව්වා. කලා පීඨයේ උඩ තට්ටුවේ කුඩා කාමරයක සම්මුඛ පරීක්ෂණ පවත්වන්න සූදානමින් සරච්චන්ද්‍රයන් වාඩිවී සිටියා. දැන්වීමට අනුව තුරුණු වියේ ගැහැනු පිරිමි උපාධි අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණයට පෙනී හිටියා. එතැන හිටිය සමහරු තම තමන්ගෙ විවිධ හැකියා පෙන්නුම් කළා. ඒ අයගෙ දක්ෂතා බලල සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍යයට නළු නිළියන් තෝරාගත්තා.”

“මොරටුවේ සිට පේරාදෙණිය සරසවියට පැමිණි බෙන් සිරිමාන්න මනමේ කුමාරයාට තෝරාගත්තා. මටත් ගීත ගැයීමේ හැකියාවක් තිබුණා. මම අමරදේවයන්ගේ ”-පිලේ පැදුර” -”දොඩම් කපාලා” ගීත දෙක ගායනා කළා. පසුව වැදි රජුගේ අමාත්‍යවරයාට මාව තේරුණා. ටි‍්‍රලිෂියා අබේකෝන් පසුව එයා ටි‍්‍රලිෂියා ගුණවර්ධන වුණා. එයත් හේමමාලි ගුණසේකරත් ඉතා හොඳින් ගී ගැයුවා. ඒ දෙදෙනාම මනමේ කුමරියගේ චරිතයට තේරුණා.”

”මනමේ” නාට්‍යයේ පුහුණුවීම් කෙරුණේ,මහාචාර්යතුමාගේ නිවෙස අසල පිහිටි සරසවියේ සංඝමිත්තා නේවාසිකාගාරයේ. ඒ භූමියේ බෙරගහනවා, නටනවා. මේ සියල්ල සරච්චන්ද්‍රයන් ඉතා අවධානයෙන් බලා ඉඳලා ගුරුහරුකම් දුන්නා.දේශයේ සංස්කෘතික උද්දීපනයක් මනමේ නාට්‍ය මගින් නිර්මාණය වුණා. ..” එම පුවත් සාකච්චාවේදී ලයනල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

1962 දී ලයනල් ප්‍රනාන්දු ශුරීන් තම දෙමාපියන් දෙදෙනාගේම ආශිර්වාදයෙන් විවාහ දිවියට එළඹියේය.

ලයනල් ප්‍රනාන්දු
සෝමලතා සුබසිංහයන් හා විවාහප්‍රාප්තවූ දින ගත් මංගල සේයාව

එතුමා වේදිකා නළුවෙක් පමණක් නොව,සිනමා රංගන ශිල්පියෙක් ලෙසද, ‘මහ ගෙදර’, ‘තිලක හා තිලකා ‘, ‘පරසතුරෝ’, රම්‍යලතා ඇතුළු චිත්‍රපට කිහිපයකම පෙනී සිටිමින් සිය කලා කුසලතා ප්‍රකට කර ඇත

රම්‍යලතා චිත්‍රපටයේ ලයනල් ප්‍රනාන්දු ශුරීන් පෙනී සිටි රූප රාමුවක් >

පරිපාලන සේවයේ ඉහළම තනතුරු හෙබවූ,ලයනල් ප්‍රනාන්දු ශූරීන් පිළිබඳව ලියැවෙන මෙම අනුස්මරණීය ලිපිය, එතුමාගේ කලා කෞශල්‍ය පිළිබඳව තොරතුරු සමුදායකයින් ආරම්භ කළේ මන්ද යන කුහුල පාඨකයන් සිත්හි නිරායාසයෙන් ම මතුවුණු නිසැකි.මානව භක්තියෙන් පිරිපුන්, සෞන්දර්යකාමී අධ්‍යාත්මයක්, එතුමන්ට උරුම වන්නට උපස්ථම්භක වූයේ, ඔහුගේ යථෝක්ත කලාකාමී අත්දැකීම්ය. කලාකාමී අත්දැකීම් වලින් පෝෂිත වීම, ඔහු නිර්මාණශිලී පරිපාලකයෙක් වීමට පදනම විය.

1959 වසරෙහි පැවති සිවිල් සේවා තරග විභාගයෙන් එතුමා, මුළු දිවයිනෙන් ම ප්‍රථමයා ලෙස සමත් වී, ලංකා සිවිල් සේවයට පිවිසීමට වරම් ලද්දේය.සිවිල් සේවයේ ඔහු මුලින්ම පත්වීම් ලබන්නේ,1960 ජනවාරි 08 වන දිනදී, ගාල්ලේ තල්පේ පත්තුව ප්‍රදේශය වෙතය. ඒ ප්‍රාදේශීය ආදායම් පාලකවරයෙක් (ඩී.ආර්.ඕ) ලෙසිනි. පසු කාලයේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම තවත් අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.ඔහු ලංකා නැව් සංස්ථාව, ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම , ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර ජාතික රක්ෂණ සංස්ථාවේ ආරම්භක සභාපතිවරයාද විය.මීට අමතරව, ඔහු රසායනික අවි අහෝසි කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (OPCW) සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

නෙදර්ලන්තය, ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤය යන රටවල ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත් මැලේසියාවේ මහ කොමසාරිස්වරයා ලෙසත් , විදේශීයන්හි ශ්‍රී ලංකාවේ යශෝරාවය පැතිරූ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙසින් .ලයනල් ප්‍රනාන්දු මහතා බුහුමන් ලබයි. හෙතෙම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙක් හා නීතිඥ වරයෙක් ද වේ..

ලයනල් ප්‍රනාන්දු

යාපනයේ දිසාපතිවරයා ලෙස සහ උතුරු – නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස එතුමා  කළ සේවය බොහෝ දෙනාගේ මහත් පැසසුමට බඳුන්වේ. යාපනයේ  ජනතාව අතර ඔහු කෙතරම් ආදරයට ගෞරවයට පාත්‍රවී ද යත්, එහි  ජනතාවගේ පෙරැත්තය මත ඔහුගේ මව ඇඩ්ලින් ෆොන්සේකා මැතිනියගේ  අවමඟුල පවා යාපනය නගරයේ කරන්නට සිදුවිය.ඇය අවසන් ගමන් ගොස් ඇත්තේ සැතපුම් එකහමාරක තරම් දුරක් යාපන තරුණයින් ගේ උර මතින් බව පැවසේ.

ලයනල් ප්‍රනාන්දු

යාපාපටුනේ ජනතා බුහුමන ලද අවස්තාවක්.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිල සඟරාව වන,” සාසා “සඟරාවේ, 2003 වසරේ සංස්කාරක ලෙසින් කටයුතු කළ ම විසින් ,ලයනල් ප්‍රනාන්දු ශුරීන් පිලිබදව උපහාර දක්වමින් විශේෂ ලිපියක් පළ කළ අවස්ථාව මෙහිදී මගේ මතකයට නැගේ.

ලයනල් ප්‍රනාන්දු

අද අප අතරේ කාර්යක්ෂම නිලධාරීන්, වෘත්තිකයින් සෑහෙන ප්‍රමාණයක් නිරන්තරයෙන් මුණ ගැසේ. එනමුදු මානව භක්තියෙන් පිරිපුන්, නිර්මාණීය කෞශල්‍යයෙන් හෙබි නිලධාරීන් හා වෘත්තිකයින් හමු වන්නේ දෑතේ ඇඟිලි සංඛ්‍යාවට ද අඩුවෙන් බැව් තත් ලිපියෙන් අවධාරණය කරනු ලැබිණි..

ඔහුගේ සමීපතමයන් අතර කෞශල්‍යා ප්‍රනාන්දු සහ ශ්‍යාමලිකා නානායක්කාර යන දියණියන් ද, මහාචාර්ය චන්දන අලුත්ගේ සහ ප්‍රියංකා නානායක්කාර යන බෑනාවරුන් ද,සංජය හෙට්ටිආරච්චි සහ අභාවප්‍රාප්ත දයා තෙන්නකෝන් මහතා ද වන බව මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුව ඇත.

වසර අසූ අටක් ආයු වළඳා ,දැයෙන් සමුගන්නා ලයනල් ප්‍රනාන්දු ශුරීන් ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

ලයනල් ප්‍රනාන්දු

(චායාරුප අනුග්‍රහය youTube සහ සංජය හෙට්ටිආරච්චි මහතා ගේ අනුග්‍රහයෙනි.)

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:Gamini Kariyawasamජාත්‍යන්තර සංවිධානයේ සභාපතිපේරාදෙණිය විශ්වවිද්‍යාලයලයනල් ප්‍රනාන්දුවිදේශ කටයුතු අමාත්‍යාංශයශ්‍රී ලංකා කලාකරුවන්ශ්‍රී ලංකා තානාපතිශ්‍රී ලංකා සිවිල් සේවයසිවිල් සේවා විභාග
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Kaleidoscope-eLanka Kaleidoscope Let’s Talk with Beverley Pinder OAM 27th June 2024
Next Article Another successful Eighty Club luncheon and a sellout crowd responded to make it a great afternoon at the Grand on Princes By Trevine Rodrigo Another successful Eighty Club luncheon and a sellout crowd responded to make it a great afternoon at the Grand on Princes By Trevine Rodrigo
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read

Sapphires 12 ready for FIBA U17 World Cup

Vale DBS Jeyaraj-eLanka

Vale DBS Jeyaraj …..

Sri Lanka Cricket World Cup 1996 - 30th Anniversary Celebrations in KL Malaysia Exhibition game played at Royal Selangor Cricket Club Date: Saturday 16th May 2026

Sri Lanka Cricket World Cup 1996 – 30th Anniversary Celebrations in KL Malaysia Exhibition game played at Royal Selangor Cricket Club Date: Saturday 16th May 2026

Philomena Mather's 70th 01

Philomena Mather’s 70th was a spectacular night befitting the occasion BY TREVINE RODRIGO IN MELBOURNE

VETERAN JOURNALIST D.B.S. JEYARAJ PASSES AWAY BY DIRK TISSERA

VETERAN JOURNALIST D.B.S. JEYARAJ PASSES AWAY BY DIRK TISSERA

Related News
Bridal Factory Australia
Articles

Bridal Factory Australia – Exquisite Wedding Dresses & Custom Tailoring in Wetherill Park

Aria Wedding Venue Sydney1
Articles

Aria Wedding Venue Sydney – Premier Wedding & Event Space in Wetherill Park

excellent jewellers
Articles

Excellent Jewellers – Jeweller in Wentworthville – Sydney – New South Wales

Talking to Professor Bruce Kapferer-eLanka
Articles

Talking to Professor Bruce Kapferer ….

Matheesha Pathirana
Articles

Pathirana Hamstrung and OUT of the IPL

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.