නිළි රැජින සිනිමාලිනිය දිවි සිනිමාවෙන් සදහටම සමු ගනී.- ආචාර්ය ගාමිණී කාරියවසම්. Image source : mirrorarts මීට ස්වල්ප මොහොතකට පෙර, මාලනී ෆොන්සේකා සිය දිවි සැරියට සමු දුන් පුවත , මා සවන් වැකිණි.එම මොහොතේ ,මම  බෙහෙවින් ම  කම්පනයට පත්වුවෙමි.මසිත්  දැඩි ශෝකයෙන්  ඇළලිණි . ඒ, මා මාලිනියගේ  සිනිමා රඟ සොබා ආස්වාදනය කළ රසිකයෙක් වීම නිසාම නොවේ. ඊට හේතුව  ඇය මගේ සමකාලීන සමීප  පාසල් මිතුරියක් වීම නිසා විය හැකිය.60 දශකයේ මුල් භාගයේ, කැලණිය ගුරුකුල විද්‍යාලයේ අප  එකට අධ්‍යාපනය ලබමින් සිටි යුගය කරා මසිත් විහඟා සරා යන්නේ මා නොදැනුවත්වමය. එවකට ගුරුකුල විදුහල් පරිශ්‍රයේ සල්ගස් සෙවනේ ,මලල් ගුරු පියාණන් නැටුම් පුහුණුව සිදුකළ අයුරු ,මසිත්හි සිත්තම්වේ.සෙසු දරු දැරියන් අභිබවමින්,ලාලිත්‍යයෙන් බඳ ලෙලවමින් රංගනය පුහුණුවූ , සුදු  කෙසඟ සිසුවිය මතු සිංහල සිනමාවේ අභිසෙස් ලබනු ඇතැයි කිසිවෙක් අනුමාන නොකළා නිසැකි. Image Source : facebook මා හද පමණක් නොව, සහසක්  සිරි ලක් දන හද  සසළ කළ,ළබැදි මාලනී සෙනෙහෙලතා සෙනෙහෙබර කලාකාරිය පියවි ලොවින් සමුගත් නිමේෂයේ ,ඇය මෙතෙක් පැමිණි ගමන් මග  අසිරිය විමංසනය  කෙරෙහි මගේ ...

Read More →

චිරං ජයතු , සින-මාලිනියේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image source : mirrorarts හෙළ සිනමාවේ නිළි රැජිණිය ලෙසින් අබිසෙස් ලද, මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා, මෙම  අප්‍රේල් 30 වන දින , සිය දිවි මංතලාවේ 78 වන වියට පා තබන්නීය. ඒ නිමිත්තෙන්,මෙවන් සමරු සටහනක් තබන්නට උදක්ම මා සිත් යොමු වන්නට  සුවිශේෂී හේතුවක් විය.ඒ,ඇය කැලණිය  ගුරුකුළ විද්‍යාලයේ මගේ  සමකාලීන සමීප  පාසල් මිතුරියක් වීම නිසාය.පාසල් වියේ සිට වත්මන දක්වා  ඇයගේ දිවි පෙවෙත ,බාධක,වැට කඩොලු බිඳගෙන ඉදිරියට ගලනා ගංගාවකට සම කළ හැකිය. මාලනිය ගුරුකුල විදුහලේ ත්‍යාගය ප්‍රදාන උත්සවයකට සහභාගීවූ අවස්තාවක්. මාළිනිය  සිය රංගන ජීවිතය ආරම්භ කළේ වේදිකා නාට්‍යයන්ට  සිය රංගන දායකත්වය ලබා දෙමිනි. 1963 දී ඇය ගුරුකුල විද්‍යාලයේ සිසුවියක් ලෙසින් සිටි අවධියේ  වේදිකාවට පිවිසියේ  “නොරත රත ” නාට්‍යයේ ප්‍රධාන චරිතයට ජීවය දෙමිනි. එතැන් සිට ඇය වේදිකා නාට්‍ය 14 ක ප්‍රධාන චරිතය නිරූපණයෙහි යෙදෙමින්  රසික  නෙත රසදුන් ගැල්වුවාය. ඇය මුල් වරට  රිදී තිරය අතික්‍රමණය කරන්නේ  1968 වසරේදී පුංචි  බබා චිත්‍රපටයේ කථා නායිකාව  ලෙසිනි. 1968 වසරේ, පුංචි  බබා චිත්‍රපටයේ ...

Read More →